පක්ෂියා රජවූ අගමැතිවරයාගේ ජයග්‍රහණය


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , තමාට එල්ලවූ විස්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහනය කර තිබේ.මා මීට පෙර මෙම ලිපිය මගින් පෙන්වා දුන් ආකාරයට වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය හිමිකරගෙන සිටී....මෙයට හේතු සාධක වූ ජ්‍යෙතිෂයම තත්වයන් බොහෝ පෙන්වා දිය හැකිය.නමුත් කෙටි වැදගත් සාධකයක් පමණක් සදහන් කරමි....

මා සතුව ඇති උප්පත්ති ග්‍රහ තත්වය මත වික්‍රමසිංහ මහතා මීන ලග්නයේ වෙයි.ආත්මකාරකත්වය රාහුට හිමිව ඇත.නැකත රවි හිමි උත්‍රසල නැකතවේ.නැකත අනුව වික්‍රමසිංහ මහතාගේ පක්ෂියා වන්නේ කුක්කුට හෙවත් කුකුලාවේ..අද දිනය බදාදා දිනය වන අතර අවපක්ෂයේ දිනයක්වේ....මේ අනුව අද දිනයේ වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විස්වාසභංග යෝජනාවට පක්ෂ විපක්ෂ වශයෙන් ඡන්දය විමසනු ලැබූවේ ආසන්න වශයෙන් රාත්‍රී 9.30 ට වේ.මෙම යාමය තුල කුක්කුට පක්ෂියා රජවී සිටී.එනම් වික්‍රමසිංහ මහතාගේ පක්ෂියා රජවූ මොහොතයි....

පක්ෂියා රජවීම යනු තරග විභාගයන්ට මෙන්ම ඕනෑම අභියෝගාත්මක අවස්තාවකට මුහුණ දීමට සුදුසු කාලයයි.යහපත්ම කාලය.පරාජය නම් වන්නේම නැත.ස්තිරය.අත්දැකීමෙන් පවසමි...

අවසාන වශයෙන් වික්‍රමසිංහ මහතා ජයගත් අතර එය , එතුමන්ට නැවතත් මෙරටට යහපතක් කිරීමට අවසාන වශයෙන් ලබාදුන් පෙර පිනක් විය හැක..දේශපාළනික මත කුමක් හෝ වේවා .. වික්‍රමසිංහ මහතාට සුබපතමි........" නමුත් අනාගත වශයෙන් ස්තිරවම 2019 මාර්තුවෙන් ඉදිරියට මෙරට තුල නව දේශපාලණික වටපිටාවක් ගොඩනැගෙනවා ඇත.නව ආණ්ඩුවක් අගමැතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරයෙකුද ස්තිරවම බිහිවේ " ....

පෙර ලිපිය - විස්වාසභංගයට සිදුවනදේ ...





ඉදිරියේදී පඤ්ච පක්ෂී ක්‍රමය සහ එහි සුබ අසුබ , හදුනා ගැනීම් , ස්වයං කාල මැන දැන ගැනීම් සම්බන්ධව ලිපියක් සවිස්තරාත්මකව පළකරමි.පඤ්ච පක්ෂී ක්‍රමය සහ එහි ජය සහ පැරදුම සම්බන්ධව පවත්නා තත්වයන් මා විසින් අධ්‍යනය කර ඇති අතර පක්ෂියා රජවීම යනු ස්තිර ජයකි.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය
0712764440