සරාගී මනෝභාවය ඇති / නැති කරන ආහාර


මිනිසාගේ සරාගි මනෝභාවය ඇතිකරන හා කාමය උත්පාදනය    කිරීමෙහිලා අනිකුත් සියළු දේ අභිබවා අප ගන්නා ආහාර ඉදිරියෙන් සිටී. කාමය සූන්‍යකරන අහාරද අතර වෙයි. දෙදෙනා තනිවී රාත්‍රී භෝජනය ගැනීම යම් සරාගී මනෝභාවයක් ඇති කළත් එම ආහාර වේල සපයා ගන්නා අහාර වට්ටෝරුව එය තව වැඩි කර දීමක් හෝ නොසිතූ ලෙස එය උඩු යටිකුරු කිරීමටද සමත් වෙයි.  එනිසා සංසර්ග සතුට උපරිමව විඳින්න බලාපොරොත්තුවන අපි සැමවිට අප ගන්නා ආහරයන් ගැන සැළකිලිමත් විය යුතුයි.

සරාගී මනෝභාවය ඇතිකරන ආහාර


කොට්ටම්බා  'Almonds'

අයිතිහාසිකව කොට්ටඅම්බා සාරවත් ආහාරයක සළකුනක් වන අතර එය සෞක්‍යමව ප්‍රෝටීන් බහුල ආහාරයක්. සියල්ලටම එහා ස්වභාවික වාජිකරනයක්. එහි ඇති සුවඳ ස්ත්‍රීන් ආකර්ශනය කරයි.

හාතාවාරිය​ 'Asparagus' 

මෙය ඉතා අගනා අනුරාග උත්තේජකයක් වන අතර එහි විටමින් ඊ බහුලව අඩංගුයි. මෙය කාමුක හෝමෝන නිපදවීමට සහාය වෙයි. මෙය එක්තරා වාජිකරනයක් ලෙස හඳුනා ගැනීමෙන් පසු බොහෝ ආශ්‍රමවල මෙය ආහරයක් ලෙස තහනම් කරන ලදී. දින තුනක් නොකඩවා හාතවාරිය ආහාරයට ගැනීමෙන් අතිශයින් වෙනස් ප්‍රතිපළ දැක ගත හැකි බව සඳහන්.


අලිගැටපේර 'Avocado' 

නිවර්තන කලාපීය පලතුරක් වන අලිගැටපේරවල අඩංගු හරිත පදාර්තය විටමින් බී සහ පොටෑසියම් සමන්විත නිසා පුරුෂ හෝමෝන වැඩිකරයි. ස්ත්‍රීන්ගේ ථයිරොයිඩ් ග්‍රන්තයද සමබර කර කාම ශක්තිය වර්ධනය කරයි. ඇzටෙක්වරු අලිපේර ගස අන්ඩ ගස ලෙස නම් කිරීම විමතියක් නොවෙයි. එය එහි අඩංගු වාජිකරන ගුනය නිසාය.


ඇම්බන් කෙසෙල් 'Bananas' 


මෙම පළතුරුවල අඩංගු බ්‍රෝමලෙයින් සහ එන්ස​zයිම නිසා පුරුෂ ශක්තිය වර්ධනය කරයි. මෙයට අමතරව​ මෙය තුල අඩංගු පොටැසියම්, විටමින් බී සහ රිබෝෆ්ලේවින් සාමාන්‍ය​ ශරීර ශක්තියද වර්ධනය කරයි.

සැල්දිරි 'Celery'

සැල්දිරි රාගය උපදවන ආහාරයන් අතර සැළැකිය යුතු තැනක් නොගන්නා නමුත් කැලරි අඩු මෙම එළවලුවල අඩංගු දුර්ගන්දයින් තොර හෝමෝනයක් මෙය අනුබව කළ​ පුරුශයාගෙන් නිකුත්වීම නිසා ස්ත්‍රීයගේ රාගය මතුවීමක් ඇති කරයි.

මිරිස් 'Chillis'

සැර​ මිරිස්වල කැපැසයින් නැමැති රසානය අඩංගු හෙයින් එමගින් නිකුත්කරන එන්ඩෝපින් මගින් සතුට සහ සම්හෝගය ඇතිකරයි. මිරිස් රුදිර ගලනය වේගවත් කරන අතර හර්ද ස්පන්දනයද ඉහළ දමයි. නහර අවසානයන් උත්තෙජනය කරන නිසා රාගීය අවශයතාවයන් මතුවෙයි.

චොකොලට් 'Chocolate'

ආදර රසායනය නමින් හැඳින්වූ චොකොලට්, සන්සර්ගයේ උපරිම ප්‍රතිපලයක් ලබන්නට නම් විශාල ප්‍රමානයක් චොකොලට් ආහාරයට ගෙන පසුව තම අන්තපුරයට ඇතුලුවන ලෙස ඇzටෙක් අගරජ මොන්ටෙzඕ හට උපදෙස් ලැබී තිබුනි. නවක යුගයේද එම චොකොලට්වල ඇති රාගය උපදවන ගති ගැන සඳහන්.

අත්තික්කා 'Figs'

සිරියාව නිජබිබ කරගෙන ඇති අත්තික්කා පැරනි මාංශ සපිරි සරාගී පළතුර, ස්ත්‍රී ලිංගය පෙර තිබූ ඒ ආකාරයේම ප්‍රතිවලිත කරන්න සමත්. අත්තික්කාවල ඇමයිනෝ අම්ලය බහුලව ඇති නිසා සරාගීය ඉහල දමා සවිබලයද වැඩිකරයි.

ඉඟුරු 'Ginger'

විටමින් සී, සිzන්ක් හා මැග්නීසියම් අඩංගු ඉඟුරු රුදිර සංසරන පද්දතිය උත්තේජනය කර රහස් අවයවයන් වෙත රුදිරය ගැලීමට සලසයි. එමගින් කාමරාගය ඉහල දමනයි. කාමසූත්‍රයේද මේ ගැන සඳහන්.

බෙල්ලා' Oysters'

මෙය ස්ත්‍රී රහස් අංගයන්වල ශක්තිමත් අනුහාරයක් වෙන අතර අදිබලගතු වාජිකරනයක් ලෙසද නම් දරා ඇත​. මෙහි අඩංගු සිzන්ක් ඛනිජය ටෙස්ටොටෙරොන් නිපදවීමට සහාය වන අතර මෙහි තවත් අම්ලයක් වන ඇස්zපාටික් රාගීය හෝමෝන නිකුත් කරවන රසායනයේ ක්‍රියාරම්බකයකි.


සරාගී මනෝභාවය නැතිකරන ආහාර

අසුරන ලද ආහාර 'Caned foods'

අසුරන ලද ආහාර​, බොහෝ අසුරන ලද ආහාරවල සෝඩියම් බහුලව හා පොටෑසියම් අවමවද අඩංගු වෙයි. එය අප ශරීරයේ රහස් අවයවන්වලට රුදිරය ගමන් කිරීම අවම කර එවායේ ක්‍රියාකාරිත්වය අඩාල කරයි. එමගින් අප කාමරාගයද  අවමවෙයි.

මද්‍යසාරය 'Alcohol'

අදික ලෙස මත් පැන් භාවිතය පුරුෂ හෝමෝන බලහීන කරන අතර​ මද්‍යසාරය එක්තරා අවපීඩකයක් වන අතර කායික ශක්තියද හීන කරයි. නමුත් වයින් ස්වල්පයක් ගැනීමෙන් මනෝභාවය තරමක් ඉහල දමන බවත් සඳහන් කළ යුතුයි. 

චීස් 'Chees'

වෙළඳපොලේ ඇති බොහෝ චීස් වර්ග නිපදවා ඇත්තේ එළකිරිවලින් නමුත් එය නිපදවීමේදී එකතුකරන ලද කෲත්‍රීම හෝමෝන හා ප්‍රතිජීවකාරක තරමට වඩා එස්ට්‍රෝජන නිකුත් කිරීමෙන් රහස් අංගයන්ගේ ක්‍රියාකාරිත්වය අඩාල වෙයි. එයින් කාම දුෂ්කෘතිය ඇතිවීමටද පවා ඉඩකඩ ඇත​. එනිසා සැමවිටම පිළියම් නොකළ චීස් බාවිතයට ගන්න වග බලා ගත යුතුයි.

කෝපි 'Coffee'

අදික ලෙස කෝපි බීම අධිවෘක්ක ග්‍රන්ථින්ට හානිකරයි. අපගේ ආයාසය ඇතිකරන මෙම ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය ආඩාල වීම නිසා කාම හා තයිරොයිඩ් ග්‍රන්ථියේ සමතුලිනතාවය සූන්‍ය වන්නට අවකාශ ඇත​.
වෙළඳපොලේ බහුලව ඇති සෝයා වර්ග අදික ලෙස පිළියම් කර ඇති අතර ඒවායේ ඇති සෞක්‍ය හිතකර අංෂු ඉවත් කර ඇත. සෝයාවල ඇති සංයෝගය සමහරවිට ස්ත්‍රී පුරුෂ දෙපක්ශයේ හෝමෝන සමතුලිනතාවයට හානිකර වෙන්න පුළුවන්. ලොව පුරා සිටින බික්‍ෂු බික්‍ෂුනියන් තම කාමාශාවන් අඩාල කර ගැනීම සඳහා සොයා බහුලව ආහරයට ගන්නා බවට රාවයක් ඇති නමුත් එහි සත්‍යතාවය සොයා බැලිය යුතුයි.

මින්චි'Mint'

මුකයේ දුගඳය නැතිකරන්න සපන මින්චි කොළ හෝ මින්චි අඩංගු කෑම වර්ග මුකයේ දුගඳය නැති කරන තරමට අප ශරීරයේ කාමරාගයේ උන්නතියට​ සෙතක් කරන්නේ නැත​. මින්චිවල අඩංගු මෙන්තොල් ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අවම කරන බවට සඳහන්. එය අප ශරීරය මෙන්ම කාමයත් සීත කරයි. අනෙක් වතාවේ මිංචි වෙනුවට ඉංගුරු කැල්ලක් සපන්න වෙනස වටහා ගත හැක​.

විජලනය, ශරීරය මහත්වීම​, දත්වලට හානිකරවීමට අමතරව සෝඩා සංසර්ගයටත් බෙහෙවින් බලපායි. සෝඩා අප කාමය, කාමරාගය බිඳලන නරකම ආහරයකි.

සෝඩා 'Soda'

කෘතිම රසකාරක හා එවා අඩංගු අහාර ගැනීමෙන් අප ශරීරයේ 'serotonin' නැමති භෂ්මය නිකුත් කිරීම අඩාල කරයි. එය සතුට, මනෝභාවය පාලනය කර කාමරාගය ඉහල දමන රසායනයකි. තවද එම රසායනය අවම වීමෙන් හිසරදය​, ආතතිය හා උද්දීපතය වැනි අසහන ඇතිවන්නට පුළුවන​.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

Post a Comment

0 Comments