සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2018


පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීම -

අප්‍රියෙල් මස 12 වන බ්‍රහස්පතින්දා දින බෝපත් යුෂ  මිශ්‍ර  නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව -

අප්‍රියෙල් මස 14 වන සෙනසුරාදා පූර්වභාග 8 - 13 ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.

පුණ්‍ය කාලය - 

අප්‍රියෙල් මස 14 වන සෙනසුරාදා පූර්වභාග 1 - 49 සිට අප්‍රියෙල් මස 14 වන සෙනසුරාදා අපරභාග 2.37 දක්වා පුණ්‍ය කාලය බැවින් , අප්‍රියෙල් මස 14 වන සෙනසුරාදා පූර්වභාග 1.49 ට පළමුව  ( 13 වන සිකුරාදා ගෙවී 14 වන සෙනසුරාදාට එළිවෙන පාන්දර 1.49 සිට පසුදා එනම් 14 වන සෙනසුරාදා අපරභාග 2.37 දක්වා ) ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද , පුණ්‍ය කාලයේ අපර කොටස තුල , එනම් 14 වන සෙනසුරාදා දින පූර්වභාග 8.13 සිට අපරභාග 2.37 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම , ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටුකිරීමද මැනවි.

ආහාර පිසීම -

අප්‍රියෙල් මස 14 වන සෙනසුරාදා පූර්වභාග 10.40 ට නිලි පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප්බැද ගිණිමොළවා හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙලකරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය -

අප්‍රියෙල් මස 14 වන සෙනසුරාදා පූර්වභාග 11.53 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම -

අප්‍රියෙල් මස 16 වන සදුදා දින පූර්වභාග 10.16 ට උතුරු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ දිවුල් පත් මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සදහා පිටත්ව යාම -

අප්‍රියෙල් මස 19 වන බ්‍රහස්පතින්දා දින කහ / රන්වන් පැහැ සහිත වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර පූර්වභාග 6.03 ට නැගණහිර දිශාව බලා පිටත්වීම මැනවි.

සැ.යු - ඉහත නැකැත් වේලාවන් සකස්කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්මේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි.

Post a Comment

0 Comments