රෝග නසන්න කස්‌තුරි නාන්න

වර්තමානයේදී බහුලව දක්‌නට ලැබෙන මධුමේහය, කොලෙස්‌ටරෝල්, හදවත් රෝග මෙන්ම ආතරයිටීස්‌, වැළඳීමට බොහෝ සෙයින් හේතු වන්නේ වැරදි ආහාර පිළිවෙත බව බටහිර හා දේශීය වෛද්‍ය මතය බව අමුතුවෙන් පෙන්වා දිය යුත්තක්‌ නොවේ.

එහෙත් බෝ නොවන රෝග ගණයෙහිලා සැලකෙන මෙවැනි රෝග සියල්ලම හෝ ඉන් කිහිපයක්‌ නොවැළඳුන වැඩිහිටියකු සිsටින්නේ නම් ඒ ඉතාමත් අඩු සියයට ගණනක්‌ බව කිව යුතුය.

මේ සම්බන්ධයෙන් වැඩි යමක්‌ කතා කිරීමේදී දේශීය ප්‍රතිකාර තුළින්ද මේ බෝ නොවන රෝග ලෙස ගණන් ගන්නා දියවැඩියාව, මධුමේහය, හෘදයාබාධ වැනි අනතුරුදායක රෝගවලට මනා ප්‍රතිඵල ගෙන දෙන්නේය.බටහිර වෛද්‍ය විද්‍යාවේදී පාවිච්චි කරන ඖෂධ වර්ග තුළින් නොයෙක්‌ අතුරු අබාධ පැමිණෙන්නේ යෑයි කීවත් දේශීය ප්‍රතිකාර තුළින් එසේ සිදු නොවන බව සනාථ කර ඇති අවස්‌ථා අනන්තය, අප්‍රමාණය.

මේ දේශීය ශාකසාර යොදා ගනිමින් කරන ප්‍රතිකාරයන්ට අමතරව කස්‌තුරි, ගෝරෝචන, කුංකුම වැනි දුර්ලභ දේ සංයෝගයෙන් තනාගන්නා ඖෂධ තුළින් සෑම රෝගයකටම ප්‍රතිකාර කරනා ඉන්දියානු සම්ප්‍රදායික ආයුර්වේද වෙදකමෙහි නිරතවන වෛද්‍යවරයකු පසුගියදා අපට හමුවිය. ඔහු කඩුවෙල, කොතලාවල, වෙල්ටේර මාවතේ පදිංචි වෛද්‍ය පී. බාලසුබ්‍රමනියම්ය.

හිමිදිරි උදැසන නින්දෙන් පිබිදී තමන්ගේ සියලු ආගමික වතාවත්වල නිරතවන මෙම වෙදදුරු ආගම දහමට දක්‌වන උනන්දුව හා භක්‌තිය කෙතෙරම්ද යන්න ඔහුගේ නිවස තුළ විශේෂිත කුටියක පිහිටි දේව මන්දිරය තුළින් අපට මනාව පිළිබිඹු විය. 

පළමුවෙන්ම මම ඔහුගෙන් ප්‍රශ්නයක්‌ අසමින් කස්‌තුරි පිළිබඳ පැහැදිලි යමක්‌ ප්‍රකාශ කරන්නැයි ඉල්ලීමි.

කස්‌තුරි කියන්නෙ ගොඩක්‌ වටින දෙයක්‌. ඒ වගේම ඖෂධයක්‌. රෝග සුවකර ගැනීමට මේවායින් ඇති හැකියාව අනන්තයි. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ බොහෝ ආසියාතික රටවල පාරම්පරික වෛද්‍ය ක්‍රම සඳහා කස්‌තුරි යොදාගෙන තියන බව ඉතිහාසය ඉතාමත් හොඳට පෙන්වල දීල තියෙනවා.

මේ කස්‌තුරි කියන ඖෂධය රතු මිශ්‍ර කහ පැහැයෙන් යුක්‌තයි. වැටෙකයිය මලකින් නික්‌මෙන සුවඳට සමාන සුවඳක්‌ තමයි මෙයින් පිටවෙන්නේ. ඒ වගේම සැහැල්ලුයි. තුන්දොස්‌ සමනයට ඉතාමත් ප්‍රත්‍යක්‍ෂයි. ඒ වගේම වා, සෙම්, විෂ, වමනය, අර්සස්‌, මුඛ රෝග, කිලාස, දුර්ගන්ධ, දද, කුෂ්ඨ, සීත කාස, නසනවා වගේම ඇස්‌වලටද හිතකරයි. ශුක්‍ර වර්ධනයට වගේම වීර්යය වඩවනවා. 

මේ ගැන වැඩි විස්‌තර නැතිව කෙටියෙන් යමක්‌ කියනවා නම් මරණාසන්න රෝගියකු ජීවත් කරවීමට, බෙලහීන පුද්ගලයන් බලසම්පන්න කරවීමට අපෙන් ගිලිහී යන තාරුණ්‍ය දිගු කලක්‌ රඳවා ගැනීමට වගේ දේවලට කස්‌තුරිවලින් සපයන දායකත්වය ඉමහත්. කොටින්ම කියනවා නම් අපෙන් ගිලිහී යන ශක්‌තිය යළි ඇතිකර සිරුර නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ විශේෂ හැකියාවක්‌ ගුණයක්‌ මේ කස්‌තුරිවල අන්තර්ගත වෙලා තියෙනවා."

මෙතන්දී මම තවත් යමක්‌ පැහැදිළි කළ යුතුයි. මේ කස්‌තුරි කියන ඖෂධය තමන්ගේ නිවසේ කොතනක හෝ තියල තියෙනවා නම් හරියට ශ්‍රියා කාන්තාව නිවසේ වැඩ ඉන්නවා වගෙයි. බොහෝ සැප සම්පත් ළඟාකර දීමට හේතු වෙනවා. ඒ තරමටම මෙහි ගුණාත්මකභාවය වැඩියි.

කස්‌තුරිවල ගුණාගුණ පැහැදිලි කළ බාලසුබ්‍රමනියම් වෛද්‍යවරයා මෙම වටිනා කස්‌තුරි ලබාගන්නා අයුරු ද පැහැදිලි කළේය.

කස්‌තුරි ලබා ගන්නේ මුවන්ගෙන්. ඒත් හැම මුවකුගෙන්ම මේවා ලබා ගන්න බැහැ. දළ දෙකක්‌ ඇති මේ මුව විශේෂය කාබන්ඩයින්, වෙරිගෝස්‌ටර්, හස්‌කස්‌, ටුයින්කුයින්, සයිබීරියන් ආදී වර්ගවලින් ලෝකෙ හැම තැනම වගේ ඉන්නවා.

මේ කස්‌තුරි කියල අපි හඳුන්වන්නෙ මුවන්ගෙ ශූක්‍රාණුවලින් වෙන්ව නාභිය වෙත රැස්‌වන කොටසකින් ඇතිවන කැටි විශේෂයක්‌. මේ අනුව කස්‌තුරි හට ගන්නෙ පිරිමි මුවන්ගෙන් විතරයි."

බාලසුබ්‍රමනියම් වෙදැදුරුගේ කතාවට සවන් දී සිටි මට දැනුනේ සැබෑ කස්‌තුරි හඳුනාගන්නේ කෙසේද යන්නය.

වෙළෙඳපොළේදී අපට කස්‌තුරි මිලදී ගැනීමට හැකියාවක්‌ තිබෙනවා. මේ කස්‌තුරි සැබෑ ඒවා කියල අප කොහොමද හඳුනාගන්නේ.

"කතාව හරි. දැනට වෙළෙඳපොළේ ව්‍යාජ කස්‌තුරි ඕන තරම් අපට දැක ගන්න ලැබෙනවා. මොකද හේතුව මේවා මිල වැඩි නිසා අපේ අය අඩුවට විකුණාගන්න නොයෙක්‌ ප්‍රොaඩාකාරී දේවල් නිපදවන එක අමුතු දෙයක්‌ නොවෙයි. එහෙම නම් නියම කස්‌තුරි කෝෂය අපේ අතට අරගෙන ඔබලා බැලුවාම දැනෙන්නේ තද ගතියක්‌. මේ කෝෂය දෙකට වෙන් කළාම ඇතුළෙ තියෙන කස්‌තුරි හමට ඇලිල තමයි තියෙන්නේ."

"මේ කස්‌තුරි කුඩා කැබැල්ලක්‌ පිරිසිදු වතුර වීදුරුවකට දැම්මාම දුඹුරු පාටට හුරු නූලක්‌ වගේ වීදුරුව පතුලට ඇදී යනවා. මේක තමයි නියම කස්‌තුරිවල ස්‌වභාවය. අනික තමයි මේ කස්‌තුරි කැබැල්ල සහිත වතුර වීදුරුවට අපි හාල් ඇටයක්‌ වගේ දෙයක්‌ දැම්මා කියලා හිතමු. ටික වෙලාවකින් ඒ හාල් ඇටය කස්‌තුරි කැබැල්ල මගින් අල්ලා ගන්නවා.

"ව්‍යාජ කස්‌තුරි හැටියට බොහෝ අය කරන්නේ මොනව හෝ ඇට වර්ගයක්‌ කෝපි පාටට බැඳගෙන සැබෑ කස්‌තුරි ටිකක්‌ මිශ්‍ර කරල මුවාගේ සම් කැබැල්ලක දාල පොට්‌ටනියක්‌ වගේ බැඳල තියන එක. මේක හොඳින් වේළුනාම ඉවත්කර ගන්නවා. ඒත් ටික දවසක්‌ යනකොට කස්‌තුරි වගේ එකට නැතිව කුඩු කුඩු ගැලවිලා යනවා. මෙහෙම තමයි අපේ අය ගොඩක්‌ කස්‌තුරි කියල ව්‍යාජ ලෙස විකුණන්නෙ. ඉතිං මේව ගෝනියක්‌ අරගෙන භාවිතා කළත් රෝග සනීප වෙන්නෙ නැහැනේ."

බාලසුබ්‍රමනියම් වෙදැදුරු මඳ සිනාවක්‌ පාමින් සැබෑ කස්‌තුරි කෙසේ වියහැකි දැයි කිසියම් පාර්සලයකින් ගත් කස්‌තුරි කැබැල්ලක්‌ පෙන්වමින් කීවේය.

ඔබගේ මේ කස්‌තුරි යොදාගෙන කරන ප්‍රතිකාර ගැන කිව්වොත් 

මම හැම වෙලාවෙදිම මගේ ආගම සිහිපත් කරලා පුද පූජා පවත්වලා වැඩ ආරම්භ කරන කෙනෙක්‌. මේ කස්‌තුරු ගෝරෝචන, කුංකුමක්‌කු ආරක්‍ෂාකාරීව තියල තියෙන්නේ මගේ පූජා කුටියේ. මම මෙයින් අපේක්‍ෂා කරන්නේ මෙහි ඇති ගුණාත්මක භාවය වර්ධනය කිරීමක්‌. ඊට පස්‌සේ මමම නිපදවා ගත්ත තෙල් වර්ග මිශ්‍ර කරවලා ඒ ආලේප ශරීරය පුරා ගල්වලා කස්‌තුරි මිශ්‍ර ජලයෙන් නාවනවා. 

"ඔබගේ මේ කස්‌තුරි ස්‌නානයෙන් සුවකළ හැකි රෝග ගැන පැහැදිලි යමක්‌ කිව්වොත්?"

"සුව කළ හැකි රෝග ගැන කතා කරන්න පෙර රෝග ඇති වීමට හේතු වගේම රෝගවලට ගොදුරු වෙන හේතු කිව්වොත් හොඳයි.බොහෝ වේලාවට බෝ නොවන රෝගවලට විශේෂ හේතුවක්‌ තමයි මේදය වගේම අධික සීනි භාවිතය, ලුණු භාවිතය, අපිරිසිදු ජලය භාවිතය."

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments