භූත විද්‍යාඥයන් මහා මන්ත්‍රවේදීන් අබිමාන යකුගෙන් විවිධ මන්තර ගුරුකම් කරති. අපේ රටේ ඇතමුන් දෙවියකු වශයෙන්ද ඇතැමුන් යක්ෂයකු වශයෙන්ද සලකා මොහුට පුද පූජා පවත්වති. පැරැණි මන්තර ඇතුළත් පුස්තක ආදියේ කඩවර දෙවියන් ලෙස මොහු හැඳින්වෙන අතර දොළහ දෙවියන් අතරටද ඇතුළත් වේ. මොහුගේ පිහිට පතන්නන්ට යහපත සැලසෙන අතර අයහපත් වූ විට බිහිසුණු වැඩ කරන අතර මොහුට බිලි පූජා ද දිය යුතුයි.
මොහු ගැන කතාවන් මෙසේ සඳහන් වේ. ඉන්දියාවේ දඹදිව බරනැස්පුරයේ විසූ ආඬි නම් මවකට ආහාර ගොඩක් ගිල දමන පුතකු සිටියේය. මොහු රා කංසා බීමට ඇබ්බැහි වූවෙකි. මෙය පවුලේ අනකුත් අයට මහත් පීඩාවක් විය. සමාජයටද කරදරයක් විය. පසු කලෙක මොහු බරනැස සිට ලක්දිවට පැමිණ ප්‍රදේශ ගණනාවක සංචාරය කර ස්ථිර වාසය සඳහා කදිර පුරය තෝරා ගත්තේය. මෙහෙදී ද ඔහුගේ විශාල ප්‍රමාණයේ කෑම ගිල දැමීමේ සිරිත ද අත්නොහැරිය නිසා දිනක් ආහාර අධිකව ගැනීමේදී දිරවා ගත නොහැකිව මැරී යක්ෂයකු ලෙස ඉපදුණේය. මෙය අභිමාන යාදින කියවන විට මෙසේ සඳහන් වේ.
කදිරා පුර දැකලායින් - අබිං කා මත්වෙමින් - එවිට පණ චුත වෙමින් අබිමාන යකු උපන් -
මෙහි තේරුම ඔහු අධික ලෙස අබිං කා මත්වී මියගොස් අබිමන නමින් යක්ෂයකු ලෙස ඉපදුනු බවයි.
තවත් කථාවක මෙසේ සඳහන්ව ඇත. දකුණු දඹදිව ඔඩ්ඩිස දේශයේ කසී රටේ රජ කළ රාජගුරු නම් රජකුට ආඬි නම් බිසවක් සිටියාය. ඇයට රූමත් බලසම්පන්න පුත් රුවනක් සිටියේය. මේ කුමාරයා දිනෙන් දින හැදී වැඩී ලොකු මහත් ශරීරයක් ඇති අයකු විය. මොහුට ගිනිකඳ හා රටකඳ කියා යහළුවන්, දෙදෙනකු සිටියේය. නිර්භීත මේ කුමරු හිතුවක්කාරව යහළුවන් දෙදෙනා සමග නැව් නැග ලංකාවේ කළුගල් තොට නමැති ස්ථානයට ගොඩබැස එතැන් සිට කඩවත තොටට ගොස් වාසය කර එහි ජනී ජනයාගේ යහපත උදෙසා වැඩකටයුතු කරමින් කලකදී ප්‍රදේශයේ අධිපතියා විය. ජන ගෞරවයට ද පාත්‍ර වී මිය ගිය පසු දේවත්වයට පත්විය.
මොහු අභිමාන ලෙසින් හැඳින්වූ අතර චණ්ඩ සැර පරුෂ තේජ බලයෙන් යුත් යකෙක් විය. කුඩා බිලිඳුන් ඇතුළු තරුණ, මහලු කාටත් ලෙඩ රෝග ඇතිකරමින් මහත් දුකක් ඇතිකරන්නට විය. එහෙත් මොහු කතරගම දෙවියන්ට පමණක් මෙල්ල වන්නේය. එමෙන්ම මොහු වධ බන්ධන ක්‍රියාවන් හා දඬුවම් දීමට මහා ප්‍රසිද්ධියක් දැරීය. දිනක් මොහු පත්තිනි දේවිය ළඟට ගොස් වරමක් ඉල්ලුවේය. එහෙත් හුදී ජනතාවට නිතරම හිරිහැර පීඩා කරන රුදුරු යක්ෂයකු නිසා පත්තිනි දේවිය ඔහුට වරම් දෙන්ට අකැමැති විය. ඊට උදහස් වූ අභිමාන යකු පත්තිනිගේ සළඹ කඩාගෙන තම තේජ බල පෙන්නුවේය. ඉන්පසු ඔහුට අවශ්‍ය පරිදි පත්තිනි වරම ලබා ගත්තේය.
ඉතා කාමුක චරිතයකින් හෙබි අභිමානයා ස්ත්රීන්ට බැල්ම හෙලන ගැහැනු සොඬෙකි. දකින දකින රූමත් කාන්තාවන්ට බැල්ම හෙළා ලෙඩ කරවයි. කාන්තාවන් තම ස්වාමි පුරුෂයා සමග සේවනය කිරීමෙහි යෙදීමට මොහු අකැමැතියි. දරුවන් ලැබීම රුස්සන්නේ නැත. බිලිඳුන්ට වෛර කරයි. කාන්තාවන් සමග රති ක්‍රීඩාවේ යෙදෙයි. එසේ හැසිරෙන විට රාත්‍රි ඇඳිවත තෙත් වී ඇත. පියයුරුවලින් කිරි වැගිරේ. එසේ වීමෙන් ශරීරය කෘෂවීම යටි බඩේ අමාරු, ක්ලාන්තය, හන්දි රුදාව ආදී රෝග හැදේ. මොහු ගැවසෙන්නේ වැඩි වශයෙන්ම උඩරට ප්‍රදේශයේ බව සඳහන් වන අතර හැටහතරක් පෙළපාලි ද කරයි.
අබිමානා රට තොට අල්ලන්නේ
දුටු දුටු ලිය හට ලෙඩ කරවන්නේ
කැටුවම උඩරට වාස කරන්නේ
හැට හතරක් පෙළපාලි කරන්නේ
මොහු ගැහැනු සොඬෙකු වුවද ගැමි ජනයාගේ කෙත් වතු වගාවන් ආරක්ෂා කරදීම ද කරයි. වී කරල් ආදිය විනාශ කරන කෘමීන් හා පණු වර්ග තුරන් කිරීමට මොහුට පුද පූජාද පවත්වති. නමුත් වර්තමාන සමාජය අද එය කොන්කර ඇත. මොහුට දොළ පිදේනි තටු ගොටු පුළුටු, ලේ, කංසා, අබිං පිදීමෙන් ස්ත්රීන්ට වැළඳෙන අමනුෂ්‍ය උපද්‍රවයන් දුරු කිරීමද කෘෂි වගාවලට හානි කරන පැල මැක්කන් ගොයම් මැස්සන්ගෙන් සිදුවන උවදුරු වළක්වාලීමට කුඹුරු හේන් මැද ගොක්කොළ වලින් පූජාසන හදා බෙර දවුල්, හක්ගෙඩි නාද පතුරවමින් අභිමාන දෙවිට පුදයි. එයින් ඔවුනට හොඳ ප්රතිඵලයන් ගෙනදෙන බවට විශ්වාසයක්ද ඇත.
තවද තමන්ට සතුරුකම් කරන දුර්ජන දුෂ්ටයන් විනාශ කිරීමට ගම් ප්‍රදේශයෙන් එලවා දැමීමට හා විවිධාකාරයේ දඬුවම් දීමට, නඩුවලින් ජය ගැනීමට, වාද විවාදයෙන් ජය ලැබුමට භූමි, පට්ටි, ව්‍යාපාර, නිවාස පාළු ආදී හානිකරන අයහපත් දේ වැනි වින කිරීමට අබිමාන දෙවියන්ට පඬුරු බැඳීමට අදත් ඉහත දැක්වූ ප්‍රදේශවල ගැමියන් පුරුදුව සිටී. විශේෂයෙන්ම මිනිසාට අයහපත් දරුණු වධ හිංසා පමුණුවන වැඩවලට මේ බලගතු අභිමානගේ පිහිට ලබාගත හැක.
මෙයින් පස්ලෝ ඇත් රූප 8 ක් හා මූදු වැලි නොපැගුනු ගල්, යබොර, යකඩ, කුඹුරු ඇට, ගඩොල් කැට, තිරිවානා ගල් මුට්ටිවල අසුරා 324 වරක් ජපකර භූමියේ අට කොන වළලන්න, කම්මල් වතුර, රසදිය, හඳුන්තෙල්, තැඹිලි තෙල් අබතෙල්, තලතෙල්, දුම්මලතෙල් මුසු කොට කුප්පි අටක දමා නිවස තුළ අට කොන එල්ලීමෙන් ද කවඩි, පොල්ගෙඩි ජපකර එල්ලීමෙන් ගෙවතු නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාවට හා භූමියේ වට සීමා බැඳීමට ඉතා බලගතුයි. වින නොවදී. වින කළොත් කරවන්නන් මරුමුවට පත්වේ. යක්ෂ උපද්‍රවයන්ගෙන් ඇතිවූ ලෙඩ රෝගවලට වතුර පහ සමග ජපකර සුරයක බහා කරේ බඳිනු. සියලු යකුන් වැඳ නමස්කාර කර පැන දුවයි.
ජප මන්තරය.
ඕං හි්රං ගී්රං තර්ක මුප්ප අභිමාන යකු අතිං යක්ෂ විමානය උණුකරවා ගිනි වැදී යක්ෂයින් ඉඩහැර සූනියන් ත්රිංචි ඕඩු ඕඩු එලේන්ද්ර පොලෝ සත් කට්ටු අභිමාන යක්ෂ දිෂ්ඨ§ කරවා බන්ධන පුපුරවා සූනියන් බන්දන ගිනි වැදී ආපිට පෙරලී මගේ භූමිය ඉඩහැර අභිමාන අරු අරු මිනි බිල්ල අත හැරැ විනකළ අයත් ඇදුරාගේත් ලේ රීරි බීගත් බොටු කඩාගං කටින් නාසිං ලේ දමාගන් රූබර බිල්ල කැපගන් දහසක් ඇදුරන්ගේ යන්තර මන්තර නාසා විනකළ ඔහු බලාගන් ඕඩු ඕඩු කරංචි අල්ලං අභිමාන කිඩ කිඩ සිංහ ලක්දිපේ සතරවරම් දෙවියන් ඇතුළු කතරගම එක්දාස් හාරසිය හැත්තෑවක් දේව සමයං බන්ද සිද්ධ පත්තිනි සත් කට්ටුව බන්ද දෙවොල් සත් තට්ටුව බන්ද අභිමාන යක්ෂයා බන්ද සළු වරං ගෙඡ්ජිවරං අදුං වරං සළු වරං මල් වරං ගොපළු වරං චJද්රමණ්ඩලේ බන්ද සූරිය මණ්ඩල බන්ද වත්ත අටකොන සතර කොන බන්ද වීදි කඩුළු දොරටු බන්ධ වරං දහඅටට ගිනි දෙවොල් තෙලවට අභිමාන අල්ලා අප්පොච්චි නාරායනේ කිඩ කිඩ... මෙය මහා බලගතු ආරක්ෂාවකි.
රඹුක්කන ජිනදාස එදිරිසිංහ
0 Comments