දෙනිපිටියේ වෙද පරපුරට නව ජවයක්‌

"ඔබේ රටේ ප්‍රතිකාර හරි ප්‍රබලයි. මා සමගින් මගේ රටේ අය ඊට දැඩි ගෞරවයක්‌ දක්‌වනවා. එනිසා ඔවැනි වෛද්‍යවරුන්ට කළ යුතු ආගන්තුක සත්කාර ඉහළින් දැක්‌වීමට අපට අවස්‌ථාවක්‌ සලසා දෙන්න. එනිසා එම වෛද්‍යවරයා අපේ රටට එවන්න. ඔහුට සියලු වියහියදම් අපේ සංවිධාන හරහා එම වෛද්‍යවරයාට නොමිලයේම සැපයේවි."

සූවෙන්නර් හරහා වැලිගම පැලෑනේ ග්‍රීන්සිප්a හෝටලයෙ කළමනාකාරවරයාට ලිතව මේ පණිවුඩය මගින් දැනුම් දී තිබිණි.

තම හෝටලටය මෙන්ම රටටත් මෙවැනි ආරාධනා ලැබීම මහත් ගෞරවයක්‌ සේ සැලකූ කළමනාකාරවරයා මේ බව උපුල් වෛද්‍යවරයාට දැනුම් දෙමින් කීවේ මෙවැනි ආරාධනා ඉතා කලාතුරකින් ලැබෙන හෙයින් කෙසේ හෝ ඊට සහභාගි වීම කෙරෙහි අවධාන යොමු කරන ලෙසය.

දුරදක්‌නා නුවණින් ක්‍රියා කළ උපුල් වෛද්‍යවරයා මේ ගැන සතුටට පත් වූයේ නැත. මීට පෙර ශ්‍රී ලාංකිකයන් මෙවැනි ප්‍රයෝගකාරී උගුල්වලට හසු වී ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වී ඇති බවක්‌ ඔහුට සිහිපත් විය. එනිසාම එම ආරාධනාව ප්‍රතික්‍ෂේප කළ ඔහු රෝගියකුට ප්‍රතිකාර කිරීමෙන් ලබන සතුටට වඩා විදේශ සංචාරවලින් මට ඇති වැඩක්‌ නැහැ යන්න පැවැසීය.


ෂේප කළ ඔහු රෝගියකුට ප්‍රතිකාර කිරීමෙන් ලබන සතුටට වඩා විදේශ සංචාරවලින් මට ඇති වැඩක්‌ නැහැ යන්න පැවැසීය.

ඓතිහාසික දෙනිපිටිය ගමෙහි මුහන්දිරම් පෙදෙසේ වෙද නිවසෙහි උපන් උපුල් ජයවර්ධන වැලිගමින් පාසල් අධ්‍යාපනය ලබා පසුව ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය දිනා ගත්තේය. ඉන් පසු තම පරම්පරාවේ වෙදකමට ද මුල් තැන දෙමින් ප්‍රතිකාර කරන ඔහු මිනිස්‌ සිරුරට වැළඳෙන රෝග ගණනාවකට විශේෂ බවක්‌ දක්‌වන්නේය.

"සාමාන්‍යයෙන් සිංහල වෛද්‍යවරයෙක්‌ සර්වාංග රෝග ප්‍රතිකාර නොදැන යම් රෝගයකට විශේෂ බවක්‌ දක්‌වන්න අපහසුයි. අපි වුණත් සියලු රෝග පිළිබඳ හොඳ පුහුණුවක්‌ ලබා ගෙන ඊට අමතරව යම් යම් රෝග කෙරෙහි විශේෂ බවක්‌ දක්‌වනවා. මේ ප්‍රතිකාරවලදී ආයුර්වේද ක්‍රම සහ පාරම්පරික ක්‍රම උපයෝගී කරගෙන තමයි අපි ප්‍රතිකාර කරන්නේ.

"ඔබේ පරපුර සෙංගමාල රෝගය හෙවත් කහ උණ රෝගය ප්‍රසිද්ධියක්‌ උසුලනවා. මේ ගැන යමක්‌ කියනව නම්" මම උපුල් වෛද්‍යවරයාගෙන් ප්‍රශ්නයක්‌ ඇසීමි.

"මීට දශක කිහිපයකට පෙර සෙංගමාල රෝගය බහුලව තිබුණා. අපේ සිංහල ප්‍රතිකාරවලදී මේකට බෙහෙත් කැඳ වේල් දෙක තුනයි දෙන්න ඕන. ඒක එතැනින්ම තුරන් වෙලා යනවා. හැබැයි නිසි ප්‍රතිකාරයක්‌ නොලැබුණොත් ජීවිත අවදානමක්‌ වෙන්නත් බැරි නැහැ."

"මේ රෝගයෙහි තිබෙන විශේෂ ලක්‍ෂණ තමයි උණ ඇතිවීම, වමනය, කෑම අරුචිය, කැරකිල්ල, ඇඟපත වේදනාව, ඇස්‌ කහවීම, නියපොතු කහවීම, කෙටියෙන් කියනවා නම් ශරීරය පුරාම කහ පැහැ ගැන්වීම මේ රෝගයේ තියෙන ලක්‍ෂණයි.

"මේ රෝගය ආසාධිත හා අවරෝධිත කියන ක්‍රම දෙකකට වැළඳෙන්න ඉඩ තිබෙනවා. මෙයින් ආසාධිත කියල කියන්නෙ වෛරස මගින් බෝවන සෙංගමාලයට. අවරෝධිත කියන්නේ පණු ගුලිවලින් වගේම පිත්තාශයේ නාලිකා අවහිර වීමෙන් හටගන්නා සෙංගමාලයටයි. කොහොම වැළඳුනත් ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්."

"දැනට මේ රෝගය වැළඳුන අය ප්‍රතිකාර ගන්න එනවා අඩුයි. හේතුව ඉංග්‍රීසි ප්‍රතිකාරවලට ඇතැම් අය මුල්තැන දෙන නිසා."

තම පියා මෙන් උපුල් ජයවර්ධන වෛද්‍යවරයා ස්‌ත්‍රී රෝග පිළිබඳවද විශේෂ බවක්‌ දක්‌වන්නේය. ආයුර්වේද වෛද්‍ය දැනුමෙන් ප්‍රයෝජන ගැනීමට වඩාත් මූලිකත්වය දුන් උපුල් වෛද්‍යවරයාට පාරම්පරික වෙදකමෙහි ගැඹුරු බව වටහා ගැනීමට හැකි වූයේ තම පියා ඔහු ඉදිරියේම කළ ප්‍රතිකාරයක මහිමය තදින් සිතට දැනී තිබූ හෙයිනි.

එදින ගාල්ලේ ප්‍රධාන රෝහලකට ගැබිනි මාතාවක්‌ ඇතුළු වී ඇත්තේ දරු ප්‍රසූතියක්‌ සඳහාය. එහෙත් වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබුණේ ඒ වන විටත් දරුවා කුස තුළම මියගොස්‌ ඇති බවකි. මින් සෑහීමකට පත් නොවූ රෝගියාගේ ඥාතීහු බලෙන්ම ගැබිනි මාතාව රෝහලෙන් නිවසට ගෙන ආවේ සිංහල වෙදකමෙන්වත් පිළිසරණක්‌ අපේක්‍ෂාවෙනි.

"

ඒ වන විටත් උපුල් ජයවර්ධනගේ පියා එඩ්වින් සමරකෝන් ජයවර්ධන හෙවත් මෝදර වෙද මහතා ගැන නොදන්නා කෙනෙක්‌ නැති තරමට ප්‍රසිද්ධියක්‌ උසුලා තිබිණි.

කෙසේ වෙතත් ඥාතීන්ගේ තීරණය වූයේ මෝදර වෙද මහතාට මෙම රෝගියා පෙන්වීමෙන් යහපතක්‌ උදාකර ගත හැකි බවය.

අත්පිටින් රැගෙන ආ ගැබිනි මාතාවගේ නාඩි පරීක්‍ෂා කළ වෙදැදුරු "මවත් දරුවත් දෙදෙනාම යහතින් ජීවත් වෙනවා. හැකි ඉක්‌මනින් දරුවා බිහිකර ගැනීමට කටයුතු සලස්‌වන්න" යෑයි ඥාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අදහාගත නොහැකි ප්‍රකාශයත් සමඟ සියල්ලෝ විමතියෙන් බලා සිටියහ. මීට පැය කිහිපයකට පෙර දරුවා කුස තුළම මියගොස්‌ ඇති බවට වෛද්‍යවරු කළ ප්‍රකාශය මුළුමනින්ම මුසාවක්‌ වී තිබිණි.

තම පියාගේ දැනීම කොතරම් ද යන්න උපුල් වෛද්‍යවරයාට වැටහුනේ එවිටය. ඒ වන විටත් පාරම්පරික වෙදකමට වඩා තමා උගත් ආයුර්වේදයට මුල්තැන දෙමින් ක්‍රියා කළ ඔහුට මේ සිදුවීමත් සමඟ දැනුනේ සියුම් ලැඡ්ජාවකි.

"අප්පච්චි කොහොමද අර ලෙඩාගෙ දරුවා ජීවත්ව ඉන්න බව දැන ගත්තෙ"

උපුල්ට ඇති වූ විමතිය සිය පියාගෙන් විමසීය.

"පුතා උපුල් ඕනම ගැබිනි කාන්තාවකගේ නාඩි වැඩ කිරීමේ වෙනසක්‌ තිබෙනවා. මෙහිදී දරුවා වෙනුවෙන් එක විදියකටත් අම්මා වෙනුවෙන් තවත් විදියකටත් නාඩි වැඩ කරනවා. ඒ දේ නිවැරැදිව කියන්න පාරම්පරික වෛද්‍යවරයකුට හොඳ හැකියාවක්‌ තියෙනවා. අනික මේ ගැන කියද්දී අතෙහි යටි අතට වඩා උඩු අත පැත්තේ නාඩි පිරික්‌සීමෙන් සියල්ල නිවැරැදිව දැන ගැනීමට හැකියාවක්‌ ලැබෙනවා."

තවත් විනාඩි ගණනාවක්‌ ගතවිය. වෛද්‍යවරු මියගියා යෑයි කියන දරුවාගේ හඬ වෙද ගෙදරින් ඇසෙන්නට පටන් ගනිද්දී ඥාතීන්ට දැනුනේ දරාගත නොහැකි ප්‍රීතියකි.

මෙවැනි සිදුවීම්වලදී තම පියාගේ ප්‍රතිකාර ක්‍රම උපුල් සියෑසින් දැක තිබිණි. එහෙත් ඒවා ඔහුගේ සිතෙහි සටහන් වූයේ එහෙමත් දිනකය.

"අපේ අප්පච්චි ප්‍රතිකාර කරනවා මම කොච්චර දැකල තිබුණත්, එදා තමයි මට අදහා ගන්න බැරිව ගියේ එයාගෙ ප්‍රතිකාර ගැන. දරු ප්‍රසූතියකට ප්‍රසිද්ධ රෝහලකට ඇතුළු වුණ කාන්තාවකට දීපු වැරදි තීන්දුව නිසා තව ටිකකින් මෙලොවට බිහිවෙන්න තිබූ වටිනා සම්පතක්‌ අකාලයේම මිහිදන් වෙන්නට ඉඩ තිබුණා. නමුත් දරුවාගේ පෙර පින් මෝරපු නිසා සිදුවීමට ගිය අපරාධයක්‌ හෙළ වෙදකමේ මහිමයෙන් වැළකුණා.

විමලසිරි අගලකඩ
දිවයින පුවත්පත

Post a Comment

0 Comments