රතන යන්ත්‍රය බලගැන්වෙන්නේ රතන සූත්‍රයෙනි. ඉහත කී පරිදි මිනිසාගේ ග්‍රහ අපල - ලෙඩ දුක් - නැති බැරිකම් දුරුවී සහනය ලැබීමට රතන යන්ත්‍රයෙන් අප්‍රමාණ බලයක් ලැබේ. එසේ නම් ලෙඩ දුක් දුරු කර ගැනීමට වෛද්‍යවරු පසුපස යන්නේ කුමකටද? නැති බැරිකම දුරුවී ලැබීම් ඇතිවී හාන්සි පුටුවේ දිගාවී සැප විඳීමට රතන යන්ත්‍රය කර පැළඳ ගත්තාම හැකිවේවි යනුවෙන් යමෙක් සිතන්නට පිළිවන. ඒ නිසා එහෙම සිතෙන අයට පළමුව කතා කළ යුතුය.
මනුෂ්‍යයා ජීවත්වන්නේ තම සිතට අනුවය. තම දැන උගත් කම අනුවය. ඒ නිසා අපට සිතෙන්නේ අපි අපේ දැන උගත්කමින්, අපේ හැකියාවෙන් අපි ජීවත් වන බවය. එහෙත් අපට නොපෙනෙන නොදැනෙන යම් දෙයක් විශ්ව ශක්‌තිය හරහා සිදුවන බව සිහිපත් කළ යුතුය. මනුෂ්‍යයා යනු නාම - රූප දෙකකි. නාම යනු සිතය. රූප යනු ශරීරයය. මේ දෙකටම මේ විශ්වයේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන්ගේ සම්බන්ධය පවතී.
එකී සතර මහ භූතයන්ට මේ ඉරහඳ තාරකා කෙරෙන් ඇදී එන තරංග ශක්‌තිය සම්බන්ධ වේ. නොසිතපු ලෙස එක්‌වරම මහා ශබ්දයක් පැමිණි විට මිනිස් සිත ගැස්‌සෙන්නේ එකී සතර මහා භූත සම්බන්ධය හෙවත් විශ්ව ශක්‌ති අපට සම්බන්ධ නිසාය. වැහි කාලයටත් තදින් පායන කාලයටත් මිනිස් සිරුරේ සෙම් කෝප වී සෙම්ප්‍රතිශ්‍යාව, උණ, හන්දිපත් අමාරු ආදිය දැනෙන ලෙස ඇති වන්නේත් එකී විශ්ව ශක්‌ති අපට සම්බන්ධ නිසාය. මෙකී විශ්ව ශක්‌තීන්ම අපේ ඥනය දුර්වල කිරීමටත්, අපේක්‍ෂා භංග කිරීමටත් නැති කරදර ඇතිවීමටත් ඉවහල් වේ.
එසේම සියල්ල ජයග්‍රහණය වීමටත්, සපලවීමටත් එම විශ්ව ශක්‌තීන් කර්මානුරූපව අපට සම්බන්ධ වේ. එසේ අසුබතා ඇතිවිට ඒවා සමනය කිරීමට සෘෂිවරු විවිධ යන්ත්‍ර හඳුන්වා තිබේ. කෙනෙක් ගතකරන මහ දශාව අන්තර් දශාව විදසාව තම ජන්ම කේන්ද්‍රයට අනුව අශුභ නම් ඔවුන්ගෙන් තමන් කරා ඇදී එන තරංග මාලා ප්‍රථම කොට මනෝ විඥන ධාතුවටත් දෙවනුව සිරුර පුරා ලේ සමග විසිරී ශෛලයක් ශෛලයක් පාසා තැන්පත්ව තමන්ට අපල ලෙස අසුබතා ආකර්ෂණය කර දෙයි.
යන්ත්‍රයක් මනාව ජීවම් කළ කල්හි ඒ ශබ්දය සමග යන්ත්‍රය ප්‍රස්‌ථාර වී ප්‍රබල කිරණ ජාලයක් විහිදුවන්නට ගනී. එය පැළඳ ගත් පසු එම කීරණය ද ශරීරය පුරා විසිරී යමින් විශ්ව ශක්‌ති ලෙස පැමිණි කිරණ ජාලා වෙනස් කර දමා යහපත උදා කරයි. මෙම යන්ත්‍රයක කිරණ ශක්‌තිය බලවත්ව පවතින්නේ මාස 03 වැනි කාලයකි. මාස 03 කින් එම යන්ත්‍රය නැවත අලුත් කරගත යුතුය. ලෙඩ රෝග, විවිධ ප්‍රශ්න, ඥන ශක්‌තිය, දියුණුව අඩාල වීම් ආදිය එකී විශ්ව ශක්‌ති යන්ත්‍රයකින් මර්දනය වේ.
ලෙඩ දුක් ඇති කරන විශ්ව ශක්‌ති මැඬලීමෙන් නැවත රෝග පවත්වාගෙන යැමේ ශක්‌තිය අඩුවේ. නමුත් හටගත් රෝග සම්පූර්ණ ලෙස සුව වීමට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. යන්ත්‍රයක අපට නොපෙනෙන ක්‍රියාකාරීත්වය එයයි.
දැන් රතන යන්ත්‍රය ගැන කතා කරමු. මෙම රතන යන්ත්‍රය වෙනත් යන්ත්‍රවලට වඩා වෙනස්‌ය. පුට කිරීම් ආදී කිසිවක් මෙම යන්ත්‍රයට නොමැත. මෙහි ඇත්තේ අධිෂ්ඨාන බලයකි. "ඒතේන සච්ෙච්න සුවත්ථි හෝතු" යනුවෙන් සෑම ගාථාවකටම ඇත්තේ එම අධිෂ්ඨාන බලයයි. ඒ නිසා රතන යන්ත්‍රය සකසන පුද්ගලයා නිත්‍ය වශයෙන්ම පංචශීලය රක්‍ෂා කරන, ධර්මය තුළ හැසිරෙන, සමථ විදර්ශනා වඩන චතුරා_ සත්‍යය පිළිබඳ අවබෝධය සහිත සත්‍ය ලෙස ධර්මයේ හැසිරෙන්නෙකුම විය යුතුය.
රතන සූත්‍රයේ 01 වන ගාථාවේ සිට 17 වැනි ගාථාව දක්‌වා සිංහල තේරුම මනාව අවබෝධ වී තිබිය යුතු අතර එම ගාථාවල ඇති තේරුම්වලට සමාන පැවැත්මක් තමා තුළ තිබිය යුතුය. විශේෂයෙන් මෛත්‍රී භාවනාව වඩන හැමවිටම සත්වයාට මෛත්‍රි - කරුණා - මුදිතා ගුණ තමා තුළ තිබිය යුතුය. එසේවූ ශීල භාවයක් පවතින කෙනක්‌ම මෙම යන්ත්‍රය මැතිරිය යුතුය. සෑම ගාථාවකම කෙළවර "ඒaතේන සච්ෙච්න සුවත්ථි හෝතු" හෙවත් ඒ සත්‍යයේ ආනුභාවයෙන් නුඹට සෙත්වේවා· යන ප්‍රාර්ථනය මනා ලෙස පළඳින යන්ත්‍රයෙන් ක්‍රියාත්මක වන්නේ එවිටය. මතුරනවිට එම ගාථාවල තේරුම තුළම මතුරන්නා සිටිය යුතුය.
එසේම යන්ත්‍රය පළඳින තැනැත්තාටද නීතිරීති පවතී, රතන යන්ත්‍රය කර පැළඳ පස්‌පව්වල යෙදේ නම් සිත ක්‍රියාව වචනය යන තුන්දොර අනිසි ලෙස පාප උපදින ලෙස හැසිර වීමෙන්ද රතන යන්ත්‍රයේ ගුණ ලබාගන්නට නොහැකි වේ. නැතහොත් නිසි ලෙසට නොලැබී යැම වේ. කිලි වැදීමක් නොමැත. ඇත්තේ පව් කිරීමෙන් ඇතිවන අනිටු ඵලයයි. එම යන්ත්‍රය කර පැළඳ අඩුතරමින් මත්පැන් බීමද ඉතාම අශුභ වේ.
ග්‍රහ අපල - ලෙඩදුක් දුරුවී දියුණුවද නිසිලෙස රතන යන්ත්‍රයෙන් ලබාගත හැක. ඉගෙනගන්නා අයට - විභාග ආදියට පෙනී සිටින අයට මහඟු ප්‍රතිඵල අත්වේ. එවැනි අයට පවතින අසුබ ග්‍රහ දශා - ඒරාෂ්ඨක හමුවේ අවබෝධතා ඥනය - ධාරණය - නිර්මාණශීලී බව දුර්වල වන බැවින් ඒ සඳහා ද රතන යන්ත්‍රය මහත් බලයක් ලබා දෙයි.
සුබනැකත් හෝරා තුළ යන්ත්‍රය නිසි පරිදි ඇඳ, රතු නෙළුම් දඬු කඩා ලබාගන්නා දුහුල් කෙඳිවලින් අඹරාගත් පහන් තිරය සහිත පිරිසිදු ගිතෙල් පහනක්, මල්වර්ග 21 සහිතව මනාලෙස පිරිත් කරගත යුතුය. මෙම යන්ත්‍රය ඉහත කී පරිදි නිසිලෙස සකසා පැළඳ නිසිලෙස ජීවත් වීමෙන් නපුරු ග්‍රහ දශා ජන්ම - ලග්න- අෂ්ඨම ඒරාෂ්ඨක - ලෙඩදුක් නසා අධ්‍යාපන කටයුතු - දියුණුව උදාකර ගත හැක. පළල මෙන් 3 න් ගුණයක් දිග තඹ පත්‍රයක සමාන කොටු 18 කින් සමන්විත විය යුතුය. ඉරි නොකැපෙන්නටත් බැඳි අකුරු හැර සෙසු අකුරු අනෙක් අකුරු හෝ ඉරිවල නොගෑවී තිබිය යුතුය.
යානීධ භූතානි යනුවෙන් ආරම්භ වන මුලට තමන්ගේ භාවිත නමට අයිති යෝනියට මිත්‍ර යෝනියකට අයත් යෝනියක්‌ද - තම නමේ මුල් අකුරට සුසිද්ධි වෙන අක්‍ෂරයක් සහිතව අර්ථය වෙනස් නොවන ලෙස වචනයක් හෝ දෙකක් යානීධ... යන්නට මුලට යොදා පිරිත් කිරීමෙන් යන්ත්‍රය බලගැන්වේ.
අගලවත්තේ බී හේරත්.

No comments:
Post a Comment