හඳහන ලංකා -10 වැනි සංවත්සරය

 

හඳහන ලංකා -10 වැනි සංවත්සරය

ආයුෂය බොහෝ වේවා ! යි අප ඔබ සැම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලබනව.

ඉතින් හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය - හඳහන ලංකා වෙබ් අඩවිය සහ ජීවිතය යූටියුබ් නාළිකාව වෙනුවෙන් මම ජනක් පී කුමාර


සසර සරණ මනුෂ්‍යය සත්ව කර්මයාගේ ක්‍රියාත්මක ප්‍රථිඵලය ග්‍රහ සඤ්ඤාරූපකය තුළින් පහදා හදුනාගනු පිණිස - අදින් සූර්‍යය වර්ෂ 2211849 ට ආදි පූර්වයෙහි ශාල්මලී දේශ වාසී මය නම් මුනි , සිය මනෝ බුද්ධි විඤ්ඤාණය තුළින් පහදා අවබෝධ කරගත්තා වූ විශ්වීය සත්‍යය " ශ්‍රී සූර්‍යය සිද්ධාන්තය " ලෙසින් දැනුම ලෙස පැවත - පසුකාලීනව දඹදිව් භාරතීය අසමසම වේද ශ්‍රාස්ත්‍රීය දැනුම තුළින් පෝෂිතව - මනුෂ්‍යය සත්ව සමස්ත ප්‍රජාවගේ හිතසුව පිණිස ලොවට දායාද කළ - ආලෝක කර්ම වේද ශ්‍රාස්ත්‍රය වූ - ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රය 


ලැබුවා වූ මේ මනුෂ්‍ය ජීවිත සීමා මානය තුළ සත්‍යය වූ අත්දැකීමක් තුළින් - බුද්ධිමය වූ ස්ව ශක්තියෙන් අවබෝධ කොටගෙන, දිව්‍යමය ආශිර්වාදයෙන් - මාතෘ - පීතෘ - සහෝදර මගපෙන්වීමෙන් - කළියුග සූර්‍යය වර්ෂ 5113 න් වැන්නේ හෙවත් , ක්‍රිස්තු වර්ෂයෙන් 2013 ක් වූ ජුලි මස " හඳහන ලංකා " නාමිකත්වයෙන් ආරම්භ කළා වූ ජ්‍යෙතිෂය සේවා ගමන් මග දින සති මාස වර්ෂ මතින්  එතෙක් මෙතෙක් ගෙවා පැමිණ  කළියුග සූර්‍යය වර්ෂ 5123 න් වැන්නේ හෙවත් ක්‍රිස්තු වර්ෂයෙන් 2023 ක් වූ ජුලි මස , සිය ප්‍රතම ජ්‍යෙතිෂය සේවා දශකය අභිමාණයෙන් යුතුව පසුකරන බව - සේවාදායක ප්‍රේක්ෂක පාඨක ඔබ සැම වෙත මෙයින් දන්වා සිටිමු.


එතෙක් මෙතෙක් ගෙවා ආ දශකයක් පුරාවට - ජාති කුළ ආගම් බේධ රහිත සම අවශ්‍යතාවයෙන් රට වටා ලොව පුරා නොයෙක් දෙසින් හඳහන ලංකා අප හා , මා හා සහ සම්බන්ධ වූ සේවාදායක පාඨක රස හිතවතුණි 


" ගෙවායන මනුෂ්‍යය දිවි ගමනේ - අනේකවිඳ වූ ලෞඛික සෞභාගයන් ගුණ බල ලෙස ඔබවෙත ලගාවේවා " යි 

" හඳහන ලංකා " අප - මෙලෙස - ඔබ සැම වෙනුවෙන් පාර්ථනා කරනු ලබනව.


ඉතින් ගෙවා ආ දශකයක සිමා මානය තුළ මා ලද ගම් පියසින් , රට වටින් , ලොව නන් දෙසින් , සාංසාරික ආත්මීය බැදීමෙන් පුද්ගලිකත්වයෙන් අප වෙත මා වෙත නොයෙක් ලෙසින් 


කාලයෙන් කාලයට    " හඳහන ලංකා "  ජ්‍යෙතිෂය සේවාව කළ එළි කරන්නට සවියක් වූ ආදරනීය හිතවතුනි හිතවතියනි -

මෙලෙසින් ලැබුවා වූ මනුෂ්‍ය ජීවිත සීමා මානය තුළ 

ආලෝකයෙන් ආනන්දයත් - ආනන්දයෙන් ප්‍රඤ්ඤාවත් " ඔබ සැම වෙත ලගාවේවා ! යි  - ස්තුති පූර්වකව -   සුහඳ සිතින් යුතුව මා මෙලෙස ඔබසැම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලබනව.


ඉතින් - මා විසින් එතෙක් මෙතෙක් පරිශීලණය කළා වූ සියලු දෙස් විදෙස් පොතපත රචනා කළා වූ , සෘෂි , මුණි ලෙසින් වූ භාරතීය සහ දේශීය කතෘ වරුන් වෙත ද 


එතෙක් මෙතෙක් මා විසින් පරිශීලණය කලා වූ අන්තර්ජාල ලිපි ලියා ප්‍රසිද්ධ කළ භාරතීය සහ දේශීය රචකයන් වෙතද , නොයෙක් වූ වෙබ් අඩවි හිමිකරුවන් වෙතද


මාගේ මාතෘ පීතෘ සහෝදර යන ත්‍රිත්වය මූලිකව , මාගේ සියලු ඤාතී සමූහයා වෙතද


මා ලද නාමල්දෙනිය ගම් පියසේ අසල්වැසි වූ ද , ගම්වැසි වූද වචනයක අල්ප මාත්‍රයකින් පවා මා වෙත . මාගේ වෘර්තීයමය ගමන් මගවෙත අවංක සිතින් සවියක් වූ සියලුම හිතවතුන් හිතවතියන් වෙතද


අසල්වැසි වූ ගම් තුළින් , රට වටා නොයෙක් පළාත් ප්‍රදේශ තුළින් , මා වෙත පැමිණෙමින් සහ අන්තර්ජාළය තුළින් මා හා සම්බන්ධ වෙමින් , මා වෙත නොයෙක් ලෙසින් සවියක් වූ සියලුම හිතවතුන් හිතවතියන් වෙතත්


විදෙස්ගත නොයෙක් රට රාජ්‍යයන් තුළින් අන්තර්ජාළය තුළින් මා හා සම්බන්ධ වෙමින් , සංකීර්ණ වූ නොයෙක් ලෙසින් මා වෙත සවියක් වූ සියලුම හිතවතුන් හිතවතියන් වෙතද


මා විසින් රචිත ජ්‍යෙතිෂය ලිපි , එහි වැඳගත්කම සළකා ,සිය පුවත් වෙබ් අඩවියෙහි ප්‍රසිද්ධ කරමින් , මා වෙත සවියක් වූ මව්බිම පුවත්පත් ආයතනය වෙතද


හඳහන ලංකා වෙබ් අඩවියෙහි මා විසින් ලියා ප්‍රකාශිත ජ්‍යෙතිෂය සහ ඒ හා සම්බන්ධ වූ නොයෙක් ළිපි , කතෘ හිමිකම සහිතව උපුටා , තම වෙබ් අඩවි තුළ ප්‍රසිද්ධ කළා වූ ලාංකීය සියලු වෙබ් අඩවි හිමිකරුවන් වෙතත්


මාගේ හදපිරි , කෘතගුණ පූර්වක ස්තූතිය ! ප්‍රණාමය ! මෙසේ , මෙලෙස පුදකර සිටිමි. 🙂🎉🎈


2️⃣0️⃣1️⃣3️⃣ ➖ 2️⃣0️⃣2️⃣3️⃣

#හඳහන_ලංකා_ජ්‍යෙතිෂය_සේවය

#ජීවිතය_YOUTUBE_නාළිකාව

Hadahanalanka.contact@gmail.com

0702872322 / 0760846977

whatsapp - imo

Post a Comment

0 Comments