කොරෝනා වළක්වන බලගතු දේශීය ප‍්‍රතිකාරයක්

Horoscope reading in Sri Lanka, Online horoscope , Sri Lanka, sri lankan astrology, Horoscope reading, Porondam, Horoscope Match Making, Horoscope,astrology, Sri Lanka ,astrology, lanka astro, gurukam, mathara manthara, marriage compatibility,  jyothisha, proposals, horoscope prediction,Horoscope, Jyotisha, Sri Lanka Jyotisha,Sri Lanka Horoscope,Sinhala Horoscope,Best Astrologers in Srilanka, Astrologists,astrologers, Horoscope Srilanka, Jyothisha in Srilanka, Vedic Astrology, Fortune, Feture life, Sinhala lagna palapala, Handahana, Horoscope, Porondam, Nakath, Sethkavi, Seth kavi, Vasthu vidyawa, Vedic, Ceylon, kendara, kendaraya, readings, mesha , wrushaba , mithuna,kataka,sinha,kanya,thula,wrushchika,danu,makara,kumba,meenagraha yoga, grha maru

කොරෝනා රෝගය බෝවීම වළක්වන දේශීය ඖෂධයක් ගැන අපූරු හෙළිදරව්වක් කිරීමට සුප‍්‍රකට දේශීය වෛද්‍යවරියක් වන චාන්දනී වික‍්‍රමාරච්චි මහත්මියට හැකිව තිබෙනවා. පසුගිය දා අප ඇය හමුවී මේ ගැන ප‍්‍රශ්න කළා.

ප‍්‍රශ්නය - මොකද්ද මේ ඔබේ අලූ‍ත් සොයාගැනීම ?

 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - වියලි ඉඟු‍රු සහ කොත්තමල්ලි ආශ‍්‍රයෙන් නිපදවන මේ ඖෂධය  මගින් පළමුකොට කොරෝනා රෝගය බෝවීම වැලක්වෙනවා. ඒ එක්කම කොරෝනා රෝගය වැළඳුනු අයගේ ප‍්‍රතිශක්තිකරණය පාලනය කර ආසාදන නැති කිරීමට මේ ඖෂධයට පුළුවන්. වියලි ඉඟු‍රු ග‍්‍රෑම් 100 ක් සහ කොත්තමල්ලි ග‍්‍රෑම් 250 ක් ගන්න. මෙය කබලේ දමා මද වශයෙන් බැද ගන්න. ඉන්පසු එය පිටිවන සේ ඉතා තුනීයට කුඩු කරගන්න. බ්ලෙන්ඩරය මගින් මෙය කළ හැකියි. දැන් මෙයින් මේස හැන්දක් කෝප්පයකට දමා එයට උතුරන වතුර වත්කර පීරිසියකින් වසා විනාඩි පහක් තබන්න. අනතුරුව සීනි යොදා හෝ නැතුව මෙය පානය කරන්න. මෙය කෝප්පය බැගින් උදේ සහ සවස පානය කළ යුතුයි. වෛරස් වසංගත පවත්නා කාල වලදී දිනපතාම සති කිහිපයක් මෙය පානය කලත් ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙය ඕනෑම වයස් මට්ටමක කෙනෙකුට සුදුසුයි. වයස අවුරුදු දොළහෙන් පහළ කුඩා දරුවන්ට නිර්දේශ කරන ප‍්‍රමාණය මේ කුඩු මේස හැඳි භාගයක් සහ වතුර කෝප්ප භාගයයි.

 ප‍්‍රශ්නය - ඉඟු‍රුවල ගුණ අගුණ අපට කියන්න.

 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - වියළි ඉඟු‍රු වලින් සෙම වියළනවා. කටුක රසැති වියළි දැඩි ගුණ දෙන මධුර විපාක සහිත උෂ්ණ වීර්යයෙන් යුතු ඉඟු‍රු ත‍්‍රිදෝෂ සමනය කරනවා. ඉඟු‍රු මගින් අහාර රුචිය වැඩිවෙනවා. වාජීකරණයක් වන මෙය ආහාර ජීර්ණයට උදව් වන අතර මළ බද්ධය දුරුකර වාත දෝෂය සහ කඵ දෝෂය තුලනය කරනවා.

 ප‍්‍රශ්නය - කොත්තමල්ලිවල ගුණ අගුණ මොනවාද?

 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - කොත්තමල්ලිවල විටමින්, ඇසිඞ් වර්ග, කැරොටීන් ඇතුළු ද්‍රව්‍යය විස්සකට වඩා තිබෙනවා. තිත්ත රස දෙන සැහැල්ලූ‍ ගුණදෙන උණුසුම් වීර්යය දෙන මධුර විපාකදෙන කොත්තමල්ලි වාත, පිත්ත, කඵ යන ත‍්‍රිදෝෂ සමහන් කරනවා. උණ රෝගයට ඉතා හොඳ ඖෂධයක් වන මෙය ඇනොරෙක්සියාව, හෘද රෝග,දාහය, වමනය, ඇදුම, පපුවේ මහන්සිය, කැස්ස ඇතුළු රෝග සියයකට පමණ මහත් ගුණ ලබා දෙනවා.

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි
www.divaina.com