ලෙමන් යුෂ මිශ්‍ර ජලය පාන­යෙන් ලැබෙන වාසි


ජලය මඟින් අපේ සිරුරට ලැබෙන ප්‍රයෝජන බොහෝ ය. ජලය සිරුරට අවශ්‍ය ලෙස ලබා ගැනීම ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දකි. එසේ ම, ජලයට ලෙමන් එක්කර පානය කිරීමෙන්, ඔබට ප්‍රතිලාභ රැසක් ලැබේ.


බර අඩු කිරීම

ලෙමන් මගින්, සෞඛ්‍ය සුරැකේ. රුධිරයේ සීනි මට්ටම පාලනය කෙරෙයි. ලෙමන් අඩංගු ජලය තුළ අන්තර්ගත වන පෙක්ටීන් මඟින්, ආහාර පාලනය වේ.

ප්‍රතිශක්තීකරණය

ලෙමන්වල, ඉහළ ප්‍රතිශක්තිකරණ ගුණයක් ඇත. එහි අන්තර්ගත ප්‍රතිබැක්ටීරියාකාරක හා ප්‍රති වෛරස නිසා, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුරැකේ. කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවට සුව දායකයි.

කුරුලෑ

උදෑසනින් ම ලෙමන් යුෂ පානය කිරීමෙන් කුරුලෑ සුව කර ගත හැකිය.

මළබද්ධය පාලනය

ලෙමන් යුෂ පානය කිරීම බහිශ්‍රාවීය ක්‍රියාවලියට උපකාර වේ. ආහාර ජිර්ණය වේගවත් කරන අතර, මළබද්ධය වැනි රෝග තත්ත්ව සුවකර ගත හැකි ය.

වකුගඩුවල ගල් හා මුත්‍රාශ ගල් පාලනය

ලෙමන් තුළ අන්තර්ගත වන පොටෑසියම් ප්‍රමාණය මගින්, මුත්‍රාශයේ “citrates”ප්‍රමාණය වැඩිකර “oxalate” වළකා, වකුගඩුවල ගල් සෑදීම පාලනය කරයි. එසේ ම, ලෙමන් යුෂ පානය කිරීමෙන්, මුත්‍රාශයේ ගල් ද පාලනය වේ.

සන්ධි වේදනාව සහ ඉදිමුම

ලෙමන් පානයෙන්, සන්ධිවලින් යූරික් අම්ලය ඉවත් කර ගැනීමට උපකාර ලැබේ. ආතරයිටිස් රෝගය වැළදුණු පුද්ගලයන්ට පවා ලෙමන් පානය ඉතා සුදුසු ය.

ආසාදන

සමේ ආසාදනවලට, ලෙමන් මිශ්‍රිත ජලය පානයෙන් ඉක්මන් සුවය ලැබේ.

ආහාර විෂවීම හා ඇල්කොහොල් ආසාදන

ඇල්කොහොල් නිසා සිරුරට ඇති වන අපහසුතා අඩු කරන්නට ලෙමන් පානය සුදුසු ය. ආහාර විෂවීම මෙන්ම ආසාදන නිසා සුව වෙමින් සිටින රෝගීන්ට ද ලෙමන් පානයෙන් මනා සුවයක් ලැබේ.

Health සඟරාව ඇසුරිනි
යශෝදා ඉන්දීවරී