සූර්ය වන්දනාවෙන් නිරෝගී සුවය ලබමු


අභිමානවත් සිංහල, හින්දු ජාතිකයෝ කළගුණ සැලකීම සඳහා හෙළ සිරිතට, විරිතට, චාරිත්‍ර, වාරිත්‍ර සම්පාදනයන්ට ගරු කරමින් එකම මොහොතක සිංහල අලුත් අවුරුද්ද සමරති. විශේෂයෙන්ම ඉන්දියාවේ උපත ලද හින්දු භක්‌තිකයන්ද සූර්යාට කළ ගුණ සලකමින් පරම පූජනීයවූ උතුම් ගුණාංග තව තවත් ඔප් නංවමින් ඉදිරියට ගෙන යන මොහොතක ලේඛකයා දන්නා තරමින් යම් අවබෝධයක්‌ මුළු මහත් නැකත පාඨක ජනතාවට තුටු පඬුරක්‌ වශයෙන් ලබාදීම සඳහාත් සිත සිතා සිටින මොහොතේ තුන්ලෝකාග්‍ර වූ සූර්යා මගේ මනසට ආරූඪ වුණෙමි.

මා මුළු සක්‌වලම ආත්මය ලෙස බුද්ධිමතුන් පිළිගනිති. ජගදාත්ම යනුවෙන් මා හඳුන්වන්නේ එම නිසාය. මහ පොළොව පමණක්‌ නොව සෞරග්‍රහ මණ්‌ඩලයේ සියලුම ග්‍රහ ලෝකයන් පවා මා ආත්මය කොට ගනිමින් පවතින බව පරාශර ඇතුළු මා මිත්‍ර සෘෂිවරුන්ට මීට වසර දහස්‌ ගණනකට පෙර පවසනු ලැබුවේ මා විසින්මය. මා නොමැති නම් මේ මිහිතලයේ පමණක්‌ නොව අන්‍ය සියලුම ග්‍රහ ලෝකවලටද පැවැත්මක්‌ නොමැත. වසරකට වරක්‌ හෝ මා සිහිකර අවුරුදු කෑම මට කළ ගුණ සැලකීමක්‌ බව බාල පරම්පරාව වැඩිහිටියන් විසින් දැනුවත් කළ යුතුමය. එම උදාර කළ ගුණ සැලකීමේ සංකල්පය ඔබේ මනසේ තැන්පත් කළේ මගේ බුදු පියාණන් වහන්සේය. මගේ පරම සතුරා වන රාහුට

තතාගතං අරහන්තං - සූරියො සරණං ගතෝ

රාහු සුරියං පමුඤචස්‌සු - බුද්ධා ලෝකානු කම්ප කාතී

රාහු අසුරේන්ද්‍රය සූර්ය දේව පුත්‍රයා බුදු සරණ ගියේය. (කරුණාකර සූර්ය පිරිත හොඳින් අවබෝධ කරගැනීමට උත්සාහ ගන්න) නමුත් හේතුඵල වාදීන් උගතුන් පමණි. ඔවුන් බුද්ධිමතුන් නම් විශ්ව ශාස්‌ත්‍රයට මඩ ගසන්නේ නැත. ඔවුන් සූරිය පිරිත අහලාවත් නැත. සියලු ආචාර්ය මහාචාර්යවරුන්ට ශක්‌තිය (නිවැරැදි දැනුම) ලබා දෙන්නේ මා විසිනි. මගේ ආලෝකයෙන් හා විශ්ව කිරණ ශක්‌තියෙන් උගත් ඇතැම් බහු භූත පඬියන් ගස්‌, ගල්, දේවාල වන්දනා කිරීම, මට නමස්‌කාර කිරීම එකම මොහොතේ අවුරුදු කෑම ඇතුළු සියලු ගුප්ත ශාස්‌ත්‍ර නොහොත් විශ්ව ශාස්‌ත්‍ර කටයුතු විද්‍යාත්මක පදනමක්‌ නැතැයි පුහු තර්ක විතර්ක ඉදිරිපත් කරන්නේ උගෙන් ඉගෙනගත් එකා නිසාය. ඔබ මෙතෙක්‌ අසා නැති නමුත් මගේද ගුරු පියාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේමය. අනිමිස ලෝචන පූජාව ශරීර ශක්‌ති වර්ධනය කර ගැනීම සඳහා කළ බවට ඇතැම් කුප්‍රකටයින් පැවසීම ගැන මට ඇතිවන්නේ දැඩි සංවේගයකි. පොරැනැදුරෝ (පුරාණ ආචාර්යවරු) බුජ පත්‍රයේ (තල් කොළයේ) සූර්ය භවනම් නොහොත් සූර්ය කේන්ද්‍රය යනුවෙන් සටහන් කර මට මුල් තැන දුනිමි. නමුත් දැන් සිටින කුප්‍රකටයින් කනාවැකි පවසන්නේ මට මුල් තැන නොදෙන නිසාය. නෛසර්ගික නොහොත් නිසග දිශාවේදී ඕනෑම ජන්මියෙකුගේ වයස අවු( 50-70 අතර පාලනය කරන්නේ මා විසින් බව දන්නේ ඉතාම අල්ප පිරිසකි. එක අතක ඇඟිලිවලට වඩා අඩු පිරිසකි.

චන්ද්‍රයා මගේ ප්‍රියම්භිකාව වශයෙන් හඳුන්වති. මගේ බාල පුතු වන බුධ තරගේ (සඳු) ගේ අවජාතක පුතෙකු වශයෙන් උළුප්පා පෙන්වීමට සමහර ඇඳුරන් විසින් උත්සාහ දරන්නේ පොට වරද්දා ගෙනය. මගේ බිරිඳ අම්භපාලිකාවක්‌ නොවේ. ගුප්ත ශාස්‌ත්‍රය ඉගැන්වීමේ පහසුව තකා එසේ කරනවා විය හැකිය. මගේ බිරිඳට කිසිදු ආලෝකයක්‌ නොමැති අතර ඇය ඔබේ රුව බලන කැඩපත (කන්නාඩිය) යෑයි මොහොතකට සිතන්න. මා විදුලි පන්දමක්‌ නම් සඳු නැමැති කන්නාඩියට පෘථිවිය වටේ කොතන සිටියත් මගේ ආලෝකය ලබා දෙමි. මට වඩා අංශක 180 දුරින් සිටි විට පසලොස්‌වක පෝය යනුවෙන්ද, අප දෙදෙනා එකම ස්‌ථානයේ සිටි විට මාසෙ පෝය යනුවෙන්ද ව්‍යවහාර කරති.

විශ්ව බුද්ධිමතුන්ගේ උපදෙස්‌ සලකා බලා ඔබේ පහසුව සඳහා විශ්වය ලංකාවේ මෙන් වරිග සභා (පළාත් සභා) නොහොත් ප්‍රාන්ත 12 කට බෙදන ලදී.

ඒ තුළ අස්‌විද නැකගේ සිට රේවතී නැකත දක්‌වා නැකත් 27 ක්‌ තාරකා රටාව අනුව කලාප වශයෙන් ඔබේ වැඩ ගැනීමේ පහසුව සඳහා වෙන්කර ඇත. එම තාරකා විසිහත එක්‌තරා රටාවක්‌ අනුව බෙදා නිවාස 12 ක්‌ තනා මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යනුවෙන් නම් තබන ලදී. එම නිවාස බෙදීම සඳහා අද මෙන් 60% කොමිස්‌ සෘෂිවරුන් ගත්තේ නැත. මෙම නිවාස 12 න් මේෂ, වෘශ්චික, රාශි දෙක අඟහරු නොහොත් කුජ ග්‍රහයාට වෙන් කර දුනිමි. වෘෂභ, තුලා, රාශි දෙක සිකුරු ග්‍රහයාට දුනිමි. මිථුන කන්‍යා රාශි දෙක බුධටද, ධනු මීන රාශි දෙක බ්‍රහස්‌පති නොහොත් ගුරුටද මකර කුම්භ යන වටිනා රාශි දෙක සෙනසුරු නොහොත් ශනිට භාර දී අප දෙදෙනා එක එක රාශිය බැගින් ලබා ගතිමි. මුළු විශ්වයටම මගේ අණසක පතුරුවා ලිය හැකි එඩිතර වූද ගම්භීර වුද, ලාංකීය රජයේ නිල ලාංඡනයට තබා ඇත්තාවූද සිංහයාට අයත් සිංහ රාශිය ලෝකායන කේන්ද්‍රයේ පස්‌ වැන්න වූ පූර්ව පුන්‍යස්‌ථානය වශයෙන් මම ලබා ගතිමි.

පෙර ආත්මීය කුසලතා කුසල පස්‌වැන්නෙන් බැලිය යුතුය. සියලු ජන්මීන්ගේ අස්‌ථි පංජරයට, හෘදය වස්‌තුවට, විශේෂයෙන්ම දරුඵල සඳහා මම වග කියමි. අඳ බාලයෝ පස්‌වැන්න පහ අධිපති, බ්‍රහස්‌පති, දරුවන් පිළිබඳ වග කිව යුතු යෑයි පුන පුනා ප්‍රකාශ කළත් ඔවුන්ගේ අඩ දැනුම මත මාව අමතක කරන කතෘවරුද නැත්තේ නොවේ.

පංචමං නවමං චෛව - විශේෂන් ධන මුච්ච්‍යතෙ

යනුවෙන් විශේෂ ධන භාවයන් වශයෙන් පස්‌වැන්න හා නව වැන්න හඳුන්වයි. විශ්වයේ පවතින ගුප්ත රහස්‌ සැමට දීමට මා අකමැතිය. එම නිවාස ආරූඪ පද ක්‍රමය ජ්‍යෙdතිෂ්‍ය කතුවරුන් 99% ලේඛකයන්ට උගන්වා නැත. පහ අධිපති සිටි රාශිය අනුව ගණනය කර ලබා ගන්නා පදය මන්ත්‍ර පදය යනුවෙන් හඳුන්වයි. මන්ත්‍ර පදය දරුවන් පිළිබඳ පමණක්‌ නොව ඔබේ ආත්මීය කුසල් අකුසල් විදහා දක්‌වයි. පෙර අකුසල් කර ඇත්නම් ඔබේ ජන්ම පත්‍රයේ මා දැඩියේ අබල දුබලව පිහිටන අතර ඔබට "හාට්‌ ඇටෑක්‌" නොහොත් හද බිඳුම රෝගය ප්‍රදානය කිරීමට මා පසු බට නොවෙමි.

තෛයි ලෝක දීපෝ රවිඃ

යනුවෙන් මුළු ලෝකයම ආලෝක කරන්නේ මා බව වටහා ගත යුතුය. එපමණක්‌ද නොව ලෝක සුන්දරත්වය බැලීමට උපකාර වන දෙ ඇස්‌වලට කාරකත්වය දරනු ලබන්නේ මා විසිනි. ලෝකයේ පවතින ඕනෑම භාෂාවක ස්‌වරවලට නොහොත් අක්‍ෂරවලට (අකුරු) වගකීම (වග කියන්නේ) නොහොත් කාරකත්වය දරන්නේ මා විසිනි. ස්‌වර නොමැතිව අක්‍ෂරවල ජීවයක්‌ නොමැත. අක්‍ෂරවලට ජීවය නොහොත් සම්පත් දායකත්වය සපයන්නෝ සමරයෝම වෙති. අප පරිභෝජනයට ගන්නා ආහාරවලට තුන පහ දමන්නා සේම අ, ඉ. උ. ඒ. ඹ ආදී පංච ස්‌වරයන් මගේ කාරකත්වය යටතේ පවතී. ඉංග්‍රීසි භාෂාවෙන් වුවද A E ෂ ධ ඹ (වවල්ස්‌) යනුවෙන් හඳුන්වන ඉංග්‍රීසි අකුරු පහද මගේ පාලනය යටතේ හසුරුවන බව බුද්ධිමත් ජ්‍යොතිෂය්‍වේදීන් පමණක්‌ දන්නා කරුණකි. ලෝකය විචිත්‍ර වර්ණයන්ගෙන් විවිත්‍ර පුෂ්පයන් ගෙන් ශෝභමාන කර වර්ණවත් කිරීමට මගේ රශ්මිය අඟහරුට තවරා ඔබ වෙත පරාවර්තනය කිරීමෙන් රතු පාට ලබා දෙමි. ඒ සැනින් ගුරුට තවරා නැවත ඔහු හරහා පරාවර්තනය කර කහපාට ලබා දෙමි. මගේ බිසව යෑයි හඳුන්වන සඳු හරහා ස්‌වේත වර්ණයෙන් මුළු ලෝකයේම ගණඳුර පහ කරමි. අනෙකුත් වර්ණයන්ද මෙසේ ග්‍රහ වස්‌තුවලට මගේ රශ්මිය තවරා පරාවර්තනය කර ඔබට ලබා දෙමි. ආත්ම කාරක වශයෙන්ද, පීතෘ කාරක වශයෙන්ද හඳුන්වන මා වටේ ලෝකය ගමන් කර දින 365, පැය හයයි, විනාඩි නවයක්‌ ගිය තැන හවුවන මේෂ රාශියට සපැමිණෙන මොහොත සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙස නොඑසේ නම් අලුත් අවුරුද්දේ ආරම්භක මොහොත යෑයි සැලකීමට පුරාතනයෝ පුරුදු වූහ. මා මීන රාශියේ අන්තිම අංශකයේ සිට මේෂ රාශියේ මුල් අංශකයට සපැමිණෙන අවස්‌ථාව මෙයයි. මා වඩ වඩාත් ප්‍රිය ජනක නිවහන මේෂ රාශියයි. එහි මගේ සිංහාසනය තිබෙන බැවින් මා මේෂ රාශියේදී උච්ච බලයෙන් සිටින බව හඳුන්වයි. එම නිසා මා සම්පූර්ණ ශක්‌තිය ලබා ගන්නා මේ මොහොත නව වසරේ ආරම්භය හෙවත් අලුත් අවුරුද්දක්‌ සේ සලකයි. ඇතැම් හීන බුද්ධිකයන් විසින් හිංදුන්ගේ අවුරුද්ද අපට වැඩක්‌ නැහැ. අනුන්ගේ අවුරුදු අපි කනවා. යනුවෙන් පුහු තර්ක ඉදිරිපත් කිරීමේ සාධාරණ අසාධාරණ බව බුද්ධිමත් පාඨකයාට මෙම ලිපිය බැලීමෙන් වැටහෙනු ඇත.

පුන්‍ය කාලය කුමක්‌ දැයි කුකුසක්‌ (කුතුහලයක්‌) ඔබට මතුවේ. එය ගණනය කරන්නේ මෙසේය. මාගේ සංක්‍රාන්තිය (පැමිණීම) සිදුවන මොහොතේ සිට සංක්‍රාන්තිය සිදුවීමට පෙර නාඩි 16 ක්‌ද, සංක්‍රාන්තියෙන් පසු නාඩි 16 ක්‌ද පුන්‍ය කාලය ලෙස වෙන් කිරිමට මාගේ අනුදැනුම ඇතිව සියලු සෘෂිවරුන් එකඟ වූහ. මෙහිදී නාඩි යනුවෙන් හඳුන්වනුයේ සිංහල පැය එකකි. දිනකට (පැය 24 කට) සිංහල පැය හැටක්‌ තිබෙන බව දන්නේ ජ්‍යොතිෂයවේදීන් හෝ පොත පත පුවත් පත් ඇසුරු කරන අය පමණි.

සිංහල පැය 60 - ඉංග්‍රීසි පැය 24

සිංහල පැය 1 - ඉංග්‍රීසි මිනිත්තු 24

නාඩි 16 ක්‌ යනු සිහල පැය 16 ක්‌ නම්

එය සරල කර ගැනීම සඳහා 16ං24-384 (විනාඩි) මෙය හැටෙන් බෙදීමෙන් ඉංග්‍රීසි පැය හා මිනිත්තු ලැබේ. 16ං24-384-60-6.24 පැය හයයි විනාඩි 24 ක්‌ එකතු කළ යුතුය. පුන්‍ය කාලයේ පූර්ව භාගය තුළ කිසිදු සුභ කටයුත්තක්‌ නොකළ යුතු අතර පුන්‍ය කටයුතු සඳහාම එම කාලය වෙන් කර ඇත.එසේ නම් මතක ශක්‌තිය දුර්වල දුවා දරුවන්ට මතක ශක්‌තිය ලබා දීමටද ඔබේ නිවැරැදි දැනුම ලබා ගැනීමටද, නිරෝගී සුවය සඳහාද, කරන කියන රැකී රක්‍ෂා, වෙළ හෙළදාම් දියුණු කර ගැනීම සඳහාද මා වන්දනා කළ යුතුමය ඉහත සඳහන් නෙත් රෝග, ශල්‍ය කර්ම උපැස්‌ පැළඳීම, හෘදයාබාධ, හිසරදය, දරුවන් පිළිසිඳ නොගැනීම ගර්භාෂ ඉවත් කිරීම වැන්දඹු වීම, ප්‍රේමවන්තයන් රවටා මානසික රෝගීන් කිරීම ආදී නොයෙකුත් කරදර මා විසින් ඇති කරනු ලැබුවද එය මාගේ පුතු වන සෙනසුරුගේ ගිණුමට බැර කර පොත්පත් ලියන, පුවත්පත් සඟරාවල ලියන කතෘවරුන්ද, ලේඛකයන්ද නැත්තේ නොවේ. එසේ කිරීමට හේතු මෙතනදී විග්‍රහ නොකරන අතර බුද්ධිමත් පාඨකයා එය වටහා ගන්නවා නොඅනුමානය. ජ්‍යෙdතිෂ්‍යවේදීන් වැඩි පිරිසක්‌ භාවිතා කරන්නේද දන්නේද වින්ශෝත්තරී දශාව පමණි. වින්ශෝත්තරි, යෝගිනි දශා සමග මගේ නෛසර්ගික දශාවද තුල්‍ය කොට පලාපල පවසන ජ්‍යොතිෂය්‍ය බුද්ධිමතුන් එක්‌ අතක ඇඟිලිවලට වඩා අඩුය. වයස 50 - 70 අතර බොහෝ දෙනෙකුට විවිධ රෝග අස්‌ථි බිඳීම්, ශල්‍යකර්ම රෝහල් ගත වීම, විශ්‍රාම ගැනීම, මිය යැම මගේ දුර්වල පිහිටීම අනුව සිදු වුවද, පෙර වැරදි නොමැති ජන්මීන්ට ජනපති, අගමැති විවිධ අමාත්‍ය ධුර ලබා දෙන්නේද මා විසිනි.

සිංහල රාශියේ සිට පෙරට එනම් සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, මගේ පාර්ශ්වයට අයත් රාශි ලෙසද ඉතිරිය මගේ බිසව වන සඳුට අයත් පාර්ශ්ව ලෙසද වෙන් කර තිබේ. පහ අධිපති බලවත්ව 2,11 සිටීම නිසා ඔබ ජ්‍යොතිෂ්‍යට ලැදි මෙම ලිපිය බැලීමෙන් පසුව හෝ සූර්ය වන්දනා කරන අයෙකු වීමට පුළුවන. ලග්නය කුමක්‌ හෝ වේවා පස්‌ වැන්නේ රවි සමඟ රාහු සිටී නම් කාන්තා ගර්භාෂය ඉවත් කිරීම ශල්‍යකර්ම, (බඩේ) වැන්දඹු වීම්, අනියම් ප්‍රේමය ඇතිවීමේ ප්‍රවණතා වැඩිය. අනෙකුත් වශී කේන්ද්‍ර විමසීමෙන් පමණක්‌ එම තත්ත්වයන් තේරුම් ගත යුතුමය. මා මගේම රාශියේ සිටීම ප්‍රශස්‌ථ කරුණක්‌ වශයෙන් ඔබ දුටුවද, නවාංශකයේ නීචව, අනෙකුත් පාප දෘෂ්ඨි ලැබේ නම් ඔබ අවුරුදු 50 - 70 අතර මගේ නෛසර්ගික දශාවේදී මාරක පල ලැබීමේ ප්‍රවනතාද වැඩිය. රාහු මගේ හතුරා බැවින් මා සිංහ රාශියේ සිටියදී මගේ කර්මයට ඔහුද මගේ භාවයේ සිටියොත් ඔබේ නිලතල, බලතල නැතිවීමට පමණක්‌ නොව මරණයටද හේතු විය හැකිය. 

මම නැගෙනහිරට අධිපතිත්වය දරමි. 1,9 තිථිවල අයිතිය මා සතුය සෑම තිථියක්‌ම සාදන්නේ මා සහ මගේ බිරිඳගේ දුර ප්‍රමාණය අනුවය. අප දෙදෙනා අතර දුර අංශක 12 බැගින් පුර පස තිථි 15 ක්‌ද අවපස තිථි 15 ක්‌ද ගණනය කර ඇත.

තුලා ලග්න හිමි සියලු දෙනාට බාධක ග්‍රහයා වශයෙන් ක්‍රියා කරන අතර තුලා ලග්නය වී තුලාවේ හෝ වෘෂභ රාශියේ රාහු සමග මා සිටී නම් ඔබට කිසියම් දඬුවමක්‌ වයස 12 - 32 අතර දෙන්නෙමි. මා ඔබේ ජන්ම පත්‍රයේ සිටි ස්‌ථානයට කේතු ගෝචර වශයෙන් පැමිණි විට විවිධ දොaෂාභියෝග එල්ල වේ. ශරීරය, තම පියා, භක්‌තිය, දෙඇස්‌, අස්‌ථි පංජරය හෘදය වස්‌තුව, රජවීම, කීර්ති ප්‍රශංසා, රත්‍රං මැණික්‌ ගින්දර, උණ, රාජ්‍ය සේවය, පිරිස්‌ බලය, රතු රෙදි කාලය, ආත්මය, දේවස්‌ථාන, කුළු රස, මහත් වෘක්‍ෂ, ඔබේ පර පුර බෝ කිරීම, තම පරපුර ඉදිරියට ගෙනෙයැම, අධ්‍යාපනය, බන්ධනාගාර ගතවීම ආදී ආලෝකය ලැබෙන සියලු දෙසටද මම කාරකත්වය දරමි. ඔබ පුන්‍ය කාලයේ විහාරස්‌ථානයට යන විට පිරිසිදු රං තැඹිලි තෙල් සිඳින ලද පොල්තෙල්, කැවිලි පෙවිලි පලතුරු පූජාවක්‌ රැගෙන ගොස්‌ බුදුන් වැඳ බෝ මැඬ ළඟ පූජාව තබා මා සිටින දිසාවට (නැගෙනහිරට) යොමුව වාඩි වී මෙම පූජාව පටන් ගන්න. පූජා විධි විස්‌තර නොකරන්නේ ලිපිය දීර්ඝවන නිසාය.

පන්සිල් ගැනීමෙන් පසු පිරිත් සධායනය කරන්න. ඉන්පසු සූරිය පිරිත, මෝර පිරිත ගායනා කරන්න.

බුදු හිමියන් බෝධිසත්ව කාලයේ මොනරෙකු වී ඉපිද මෝර පිරිත මා දෙස බලා උදේ සවස ගායනා කළ බව ඔබ නොදන්නේය. ඒ නිසා බෝධි සත්ව මොනරා අවුරුදු හය සියයක්‌ ජීවත් විය. මෝර පිරිත මා වන්දනීය කිරීමකි. ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා නායක අත්තුඩාවේ රාහුල සමිදාණන් රචිත පිරුවානා පොත් වහන්සේ ගේ (2002) 134 පිට බැලීමෙන්ද ඔබට අවබෝධයක්‌ ලබා ගත හැකිය.

අවු( 20 ක්‌ පර්යේෂණ කරන ලද මා හැකි සූර්ය වන්දනාව දිවයින නැකත, අතිරේකයේ සියලු පාඨකයන්ට ධර්ම දානයක්‌ වශයෙන් තිළින කරන්නේ සම්බ දානං ධම්ම දානං ජිනාථි බුදු වදන පසක්‌ කරමිනි.



1 යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මෙ

තේ මේ නමෝතේච මං පාලයන්තු

නමත්තු බුද්ධානං නමත්තු බෝධියා

නමෝ විමුක්‌තානං නමෝ විමුක්‌තියා



2 ඕම් භූර් භුවඃ ස්‌වාහඃ තත් සවිතුර් වරේනායම්

භර්ගො දේවශ්‍ය ධී මහි ධීයෝ යෝනක්‌ ප්‍රචෝ (ඕ) දයාත්



3 මුර්තිර්වේ පරිකල් පිතඃ ශශී භෘකෝ වර්ත්මා

පුනර්ජන් මනායය මාත්මෙ ත්‍යාත්ම වීදාං කෘතුශ්ව

යජාතාං භර්තා මර ජ්‍යොතිෂ්‍යාම්

ලෝකානාත් ප්‍රලයෝද් සාවස්‌ථති විභූශ්වා

රත්කධා යඃ ශ්‍රැතෞ

මාචානඃ සදාත්ව නේක කිරරොස්‌
ෙත්‍රෙයි ලෝක දීපෝ රවිඃ



ඕම් ඕම් ඕම් රීං රීං රීං අංජන ගිරි කූට ධාරණී බඩ දිෂ්ඨි දිවෙස්‌ දිෂ්ඨි දිස්‌ඨි දිෂ්ඨි ස්‌වාහඃ



ඕම් හරීම් මිත්‍රය නමඃ

ඕම් හරීම් රාමේ නමඃ

ඕම් හරීම් සූර්යා නමඃ

ඕම් හරීම් භානවේ නමඃ

ඕම් හරීම් කාග්‍ය නමඃ

ඕම් හරීම් නිරන්‍ය නමඃ

ඕම් හරීම් ආදිත්‍ය නමඃ

ඕම් හරීම් සංවිතේ නමඃ

ඕම් හරීම් ආකයා නමඃ

ඕම් හරීම් බාස්‌කරායා නමඃ



ඕම් සේ ත්‍රි රත්‍ර විමයානේ අංසෙ සූර්යානේ

නමෝ ත්‍රි ස්‌ලෙන්ද්‍ර§ ජීව දත්තේ නමඃ

ඕම් හර හර විෂ්ණු ධාරණී ගංගාධාර සුලි

උං උං ඌරනි විෂ්ණු පංජර වේදනී යංකිං

කාරණී අෂ්ඨ ගුරු ධාරණී උං උං ඌරනී

උප්පු මාරන්දි උඩ සෙල්ලුම් කිං කිං

භද්‍රකාලි බිං බුං ගණපති හූම් සූර්ය

නමස්‌කාරයෙන් අල්ලං මා ජීවිත රක්‌ෂන්තු



ආදී දේව නස්‌තුභ්‍යං සත්ත සප්තෙ දිවාකර

ආයුරා රෝග්‍ය මේ දේහී කුරු ශාන්තිං සුභ පුදම්

සූරිය කල තෙද උතුමා

පෑවිය සක්‌වලට තමා

කාරිය සිතුවාම තමා

සූරිය දෙවි නමෝ නමා



බබලා උදය ගිරි මුදුනින් වඩින්නේ

නොවලා අඳුර බිඳ ලොව හෙළි කරන්නේ

දැකලා සියලුÊරෝ දුක්‌ දුරු කරන්නේ

මෙකලා සොඳින් හිරු දෙවි මා රකින්නේ



සූරිය කුල ඇති හිරු දෙවි යන්නේ

පෑවිය අණසක ලොව පවතින්නේ

කාරිය සිතුවා සාදා දෙන්නේ

සූරිය දෙවියනි මා රැක දෙන්නේ

ඕම් නමෝ භගවතේ සූර්යාය නමඃ (2-3 මන්ත්‍ර සමග මෙම මන්ත්‍රයද කටපාඩම් කරගන්න).

ජපා කුසුම සංකාශං කාශ්‍ය පේයං මහා ද්යුතිම්

නමෝ රිං සර්ව පාපග්නං ප්‍රාණ තොස්‌aමි දිවා කරම්

ජපා කුසුම මල් පාටට අයත් කාශ්‍යප කුලයට අයත් ලොව අඳුර දුරලන සූර්ය දෙවියන්ට මම නමස්‌කාර කරමි මෙම සිලෝවේ අර්ථය එයයි.

මම බුදු සරණ යමි. දහම් සරණ යමි අද දින සිට එම සතුරු උපද්‍රව නොම වේවා සුවසේ විසීමට අවස්‌ථාව ලබා දෙන සේක්‌වා පළමු ගාථාවේ කෙටි අර්ථයයි සූර්ය දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ලෝකයේ එකම පියා සහ මව ඔබ වහන්සේය. ලෝකයේ ඇතිවීම, පැවැත්ම, විනාශයකට පොහොසත්වූ අනේක විධ කිරණායන්ගෙන් බබළන මුළු ලෝකයටම පහනක්‌වූ (තෛලෝක දීපෝ රවිඃ)

සූර්ය දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේගේ දිව්‍යමය කිරණ ශක්‌තියෙන් මගේ විමර්ශන බුද්ධිය (ධී ශක්‌තිය) පුබුදුවාලනු මැනවී. යහපත් කාර්යන් කිරීමට මට ශක්‌තිය හා බුද්ධිය ලබා දෙනු මැනවි. මගේ ලෙඩ රෝග සුව කරනු මැනවි. මට එන සතුරු කරදර විපත් දුරු කරනු මැනවි සියලු ග්‍රහ කිරණ ශක්‌තීන් නිසා ඇති වන්නාවූ සියලු අගුන සියළු ආබාධ දුරු කරනු මැනවි. වළකාලනු මැනවි මට මතක ශක්‌තිය ලබා දෙනු මැනවි.

අංක 2-3 ගාථාවල කෙටි අදහස ඉහත සඳහන් කළෙමි

පෙරාගත් පැන් භාජනයක්‌ (මුට්‌ටියක්‌) එම පැන්ද දෙමාපිය වැඩි හිටියන්ට දෙන්නාවූ බෙහෙත් වර්ගද අඩු තරමින් දෙමාපියන්ට පරිත්‍යාග කිරීමට ගෙන යන දෂමූල අරිෂ්ඨ බෝතලය ඥතීන්ට බෙදා දීමට ගෙන යන බුලත් හුරුලු කැවිලි සියලු දැ බෝමළුවේ තැන්පත් කර එක සිතින් යුතුව එක සිලෝවක්‌, මන්ත්‍රයක්‌ අඩු තරමින් හත් වර බැගින් හෝ ගායනා කර අවසානයේ සූර්ය දෙවියන්ට පිං දෙන්න. පසුව සියල්ල ගෙනවිත් බෙදා හරින්න. සිඳගත් ජීවම් කරන ලද තෙල් නිවසේ පත්තු කරන්න.

අපගේ පැවැත්මට ආධාර උපකාර කළ දෙමාපිය වැඩිහිටි ගුරුවරුන්ට කළගුණ සලකන්නේ යම්සේද මුළු විශ්වයේ සිටින්නා වූ ජීව සංහතියේම පැවැත්මට ආධාරකය වූ සූර්යාට සැලකීමද ඒ හා සමාන කළගුණ සැලකීමක්‌ සේ අප අවබෝධ කරගත යුතුය. නමුත් අවංක යෑයි සිතා සිටින තමන්ගේ බසට අවනතව කීකරුව සිටී යෑයි සිතන ගුරුවරුන්ට අවවාද කර තව දුරටත් නීතිය මගින් දඬුවම් දීමට පොලිසිය ඉදිරියට යන ගෝලයන් දැන් බිහිවීම ජාතියේ අවාසනාවකි. එවැනි ගෝලයන්ට නැවතත් නිවැරදි ධී ශක්‌තිය ලැබ ගුරුවරුන්ගේ දෙපා නැමැද සමාව ගැනීමට මෙම ලිපිය නෙතු ගැටෙත්වා යනුවෙන් ප්‍රාර්ථනා කරමි.

සංවාදයට විවෘතයිකේ. එච්. සරත් මහින්ද