සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර 2019


සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර 

නව සද බැලීම -

අභිනව චන්ද්‍ර වර්ෂය සදහා අප්‍රියෙල් මස 07 වන ඉරිදා දිනද , අභිනව සූර්‍ය වර්ෂය සදහා මැයි මස 09 වන බ්‍රහස්පතින්දා දිනද නව සද බැලීම මැනවි .

පරණ අවුරුද්ද සදහා ස්නානය -

අප්‍රියෙල් මස 13 වන සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ටදේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව -

අප්‍රියෙල් මස 14 වන ඉරිදා දින අපරභාග 2 . 09 ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.

පුණ්‍ය කාලය -

අප්‍රියෙල් මස 14 වන ඉරිදා , පූර්වභාග 7.45 සිට එදින අපරභාග 8.33 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රියෙල් මස 14 වන ඉරිදා පූර්වභාග 7.45 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද , පුණ්‍ය කාලයේ අපර කොටස තුල , එනම් අප්‍රියෙල් මස 14 වන ඉරිදා අපරභාග 2.09 සිට අපරභාග 8.33 දක්වා ආහාර පිසීම , වැඩ ඇල්ලීම , ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර ඉටුකිරීම මැනවි.

ආහාර පිසීම -

අප්‍රියෙල් මස 14 වන ඉරිදා අපරභාග 2.42 ට රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිණි අවුලා , හකුරු මිශ්‍ර කිරිබතක් ද , කැවිලි වර්ගද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම . ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය - 

අප්‍රියෙල් මස 14 වන ඉරිදා අපරභාග 3.54 ට රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම -

අප්‍රියෙල් මස 17 වන බදාදා දින පූර්වභාග 7.40 ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොබ පත් ද , පයට කොළොන් පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්ෂා සදහා පිටත්ව යාම -

අප්‍රියෙල් මස 18 වන බ්‍රහස්පතින්දා දින පූර්වභාග 4 . 52 ට පළාවන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරි බතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම මැනවි.

ලෝක වාසී ලංකාවාසී සියලු හදහන ලංකා පාඨක ඔබ සැමට ...
උදාවන සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට සෙත සෞභාග්‍ය පිරි සිරි සුබ නව වසරක්වේවා !!