බාධක සහිත ජීවිතයට ජ්‍යෙතිෂය තුලින් විසදුමක්



" බාධක " යන වචනය සෑම සියලු දෙනාටම අමුතුවෙන් පැහැදිලි කලයුතු නැත.මෙය ජීවිත අත්දැකීම තුලින්ම හදුනාගැනීමට ඔබට මේවනවිට හැකිවන්නට ඇතැයි සිතමු.ජීවී ආත්මයන් ලෙස උපත ලබන සෑම සියලුදෙනාටම තම ජීවිත පැවැත්ම ස්තාවර කරගැනීම සදහා ගන්නා උත්සහයන්හීදී ඕනෑ තරම් බාධකයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.සාංසාරික ලෙස ගමන් ගන්නා ආත්මයේ එක් රැස් කරගත් කුසල් සහ අකුසල් සහිත වර්තමාන ජීවිතය තුලදී පෙර කුසලේ අකුසලයේ ප්‍රතිළාබයන්ට මුහුණ දීමට සිදුවන අතරම මතු ආත්මයන් සදහාද කුසල් අකුසල් දැනුවත්ව සහ නොදැනුවත්ව අප විසින් එක්  රැස් කරගනී.අපගේ අතීත කුසලයන් විදීමටත් අතීත අකුසලයන් ගෙවීමටත් වර්තමාණ ආත්මය තුලදී සිදුවේ.මෙයින් අපගේ අකුසලයන් බාධක ග්‍රහයා හරහා මතුවන අතරම එම අකුසලයන්ගේ ක්‍රියාත්මක බවට සාධක වන ලෙසම වර්තමාන ජීවිතය සැකසේ.

මෙම බාධක සංකල්පය අපගේ ජම්ම කේන්ද්‍රය හරහා මතුකරගත හැකි අතර අප ගෙවීමට තිබෙන නයෙහි ආකාරයන් එලෙස හදුනාගැනීමට අවස්තාව සැලසේ.මනුෂ්‍යා විසින් කරගත් සියලු අකුසල කර්මයන් කේන්ද්‍රයේ හයවැනි භාවය හරහා නිවේදනය කරයි.එම අකුසලයන්ගේ ක්‍රියාත්මක බව එයින් සත්වැන්න වූ ලග්නයෙන් එකොලොස්වැන්නෙන් තීරණයවේ.මේ අනුව එකොලොස්වැන්න විස්ව රාශි සටහනේ බාධක ස්තානය වේ.එයම සියලු ලැබීම් පෙන්වන ස්තානය වන අතරම අප කරගත් සියලු කුසලාකුසලයන්ගේ ලැබීම නිවේදනය කරයි.විස්ව රාශි සටහනේ එකොලොස්වැන්න කුම්භ රාශිය වන අතර මෙහි අයිතිය දෘෂ්‍යමාන ග්‍රහයෙකු වූ සෙනසුරුටත් අදෘශ්‍යමාන ග්‍රහයෙකු වූ රාහුටත් හිමිවේ.එමෙන්ම හය , අට , දොලහ යන ස්තානයන්ගේ සම්මත අයිතියද සෙනසුරුට හිමිවේ.කර්මයන් ගෙවා දැමීමට ජීවත්වීම හෙවත් ආයුෂය බලපාන අතර , ආයුෂ සදහා ද සෙනසුරුට කාරක අයිතිය හිමිවේ.නෛසර්ගික හෙවත් සම්මත වශයෙන් බාධක ස්තානය වූ එකොලොස්වැන්න හරහා රාහු බාධක සදහා ප්‍රබල වේ.මේ හේතුවෙන් රාහුගේ මහදසාවද අසුබ මහදසාවක් ලෙස සැලකේ.සෙනසුරුටද දෘශ්‍යමාන අයිතිය සහිත අතර සෙනසුරු මහදසා අතුරු දසා ද මෙලෙස අසුබදායක ලෙස නම්වේ.රාහු අදෘශ්‍යමාන ලෙස බාධක මතුකරන අතර හෙවත් අතීත අසුබ කර්මයන් ක්‍රියාත්මක වීමට මග සලසන අතර එම බාධකයන් හදුනාගැනීමටද අපහසුවේ.සෙනසුරු දෘශ්‍යමාන ලෙස බාධක බලපෑමට ජම්මියා යටත් කරවන අතර එම නිසා සෙනසුරු ජීවිතයට දෘශ්‍යමාන හෙවෙත් පෙනෙන්නට දැනෙන්නට අසුබ බලපෑම් ඇතිකරවයි.

ලග්නයට රවි කාරක වන අතර එකොලොස්වැන්නට ශනි සහ රාහු කාරකවේ.එමෙන්ම රවි ප්‍රඤ්ඤා ආලෝක ලබාදෙන අතර රාහු එම ආලෝකය අවහිර කරයි.මේ හෙතුවෙන් රවි රාහු අතර පරස්පරතාවයක් මතුවන අතර මෙය මූලික කරගනිමින් ඒ ඒ ලග්නයට බාධක ස්තානය හිමිවේ.චර , තිර , උභය ලෙස රාශි බෙදීම තුල මෙම බාධක ස්තානයේ පිහිටීමත් බාධක ග්‍රහයාත් තීරණයවේ.මේ අනුව ඒ ඒ ලග්නයන්ට බාධක රාශිය සහ බාධක ග්‍රහයා පහත පරිදිවේ.

බාධක ස්තානය සහ රාශිය - බාධක ග්‍රහයා

චර - මේෂ , කටක , තුලා , මකර = එකොලොස්වැන්න
තිර - වෘෂභ , සිංහ , වෘශ්චික , කුම්භ = නමවැන්න
උභය - මිතුන , කන්‍යා , ධනු , මීන - හත්වැන්න 

මේෂ - එකොලොස්වැන්න - ශණි , රාහු
වෘෂභ - නමවැන්න - ශනි
මිතුන - හත්වැන්න - ගුරු
කටක - එකොලොස්වැන්න - සිකුරු
සිංහ - නමවැන්න - කුජ
කන්‍යා - හත්වැන්න - ගුරු
තුලා - එකොලොස්වැන්න - රවි
වෘශ්චික - නමවැන්න - සදු
ධනු - හත්වැන්න - බුධ
මකර - එකොලොස්වැන්න - කුජ
කුම්භ - තුලා - සිකුරු
මීන - හත්වැන්න - බුධ

බාධක ග්‍රහයාගේ මූලික අරමුණ වන්නේ ජම්මිය කරන කියන ඕනෑම සුබ අසුබ කටයුත්තකට බාධා මතුකරවීමවේ.ජීවත්වීම යනු බාධක ජයගැනීම සදහා ලැබූ අවස්තාවක් නම් එයට බල දුබල , සුබ අසුබ වශයෙන් අප මුහුණ දෙමින් සිටී.බාධක ග්‍රහයා ජීවිතයේ පැවැත්මට අවශ්‍ය සාධක ගොඩනැගීමට අප ගන්නා උත්සහයට අභ්‍යන්තරික වශයෙන් බලපෑම් ඇතිකරවයි.මෙහිදී මූලික ලෙස මනසට සෘන බලපෑමක් ඇතිකරවයි.බාධක ග්‍රහයා බලවත්ව කේන්ද්‍රයේ සුබ ස්තානයක සුබ බලපෑම් සහිතව වේ නම් තම ජීවිත බාධකයන් යම් සරල ආයාසයකින් පමණක් ජයගැනීමට හැකිවන අතර බාධක ග්‍රහයාගේ පිහිටීම පාප පීඩිත නම් එම ජම්මියාගේ ජීවිතය මහත් ආයාසයක් සහිතව පවත්වාගැනීමට සිදුවේ.ශණි සහ රාහු ප්‍රබල බාධක නිවේදකයන් වන අතරම සුබ සම්මත ගුරු , බුධ , රවි , සිකුරු යන ග්‍රහයන්ටත් කුජ ග්‍රහයාටත් බාධක හිමිකම ලැබේ.මෙලෙස ඒ ඒ ග්‍රහයන් සහ රාශි බාධක මතුකරන විට එම බාධකයන්ට යම් බලපෑමක් ධනාත්මක අයුරින් කිරීමේ හැකියාව බාධක රාශියෙන් හත්වැන්නට හිමිවේ.එයම රාහුගේ පිහිටීමේන් හත්වැන්නේ ස්තිරිර පිහිටනා කේතු ග්‍රහයාටද හිමි බලයකි.කේතු ගණ දෙවියන් මෙන්ම මෝක්ෂ මාර්ගය නිවේදනය කරයි.ගණ දෙවියන් නුවන සහ ප්‍රඤාවට දායක වන අතර මේ හේතුවෙන් බාධක ග්‍රහයාගෙන් සහ රාශියෙන් ඇතිකරන බලපෑමට යම් සහනයක් කේතු ග්‍රහයාගේ පිහිටීම මත හෝ බාධක ග්‍රහයාගෙන් හත්වැන්න හරහා සලසා ගත හැකිය.

බාධක දමන මන්ත්‍ර -

මේෂ - චක්‍රතුණ්ඩාය හුම්
වෘෂභ - ඒකදන්තාය හුම්
මිතුන - ක්‍රිෂ්ණ පිංගක්ෂාය හුම්
කටක - ගජ වක්‍රාය හුම්
සිංහ - ලම්බෝධරාය හුම්
කන්‍යා - විකටාය හුම්
තුලා - විග්නරාජාය හුම්
වෘශ්චික - ධුම්,රවර්ණාය හුම් 
ධනු - බාලචන්ද්‍රාය හුම්
මකර - විනායකාය හුම්
කුම්භ - ගජපතාය හුම්
මීන - ගජානනාය හුම්

පහත උදාහරනය මගින් ඔබගේ බාධක ග්‍රහයාගේ පිහිටීම සහ එයට සුදුසු බාධක දමන මන්ත්‍රය සොයාගත හැකිවනු ඇත.මූලිකව කේතුගේ පිහිටීම හරහා එම රාශිය සම්බන්ධ ස්ත්‍රොත්‍ර ගායනය සුබ වන අතර තව දුරටත් තම කේන්ද්‍රයට බාධක වූ ග්‍රහයාගෙන් හත්වැන්න හිමි රාශියට අයත් පාඨය ගායනා කිසීමද සුබවේ.




නාරද ගනේෂ යන්ත්‍රය



බාධක දමනය පමණක් නොව අධ්‍යාපනය ලබනා දරුවන්ගේ ප්‍රඤ්ඥාවර්ධනයට මෙම නාරද ගනේෂ යන්ත්‍රය දායකවේ.මෙම යන්ත්‍රය පිටපත් අටක් සකසා බ්‍රහස්පතින්දා දින තුනක් සිල්වත් තාපසයන් හෙවත් මෝක්ෂ මාර්ගයේ ගමන් කරනා උතුමන්ට රසකැවිලි 21 ක් සමග පූජා කිරීම දරුවන්ගේ අධ්‍යාපණික නුවන වර්ධනයට හේතුවන බව පොතපතෙහි සදහන්වේ.

මෙම සාධක මුල්කරගනිමින් සහ ද්වාදශ නාම ස්ත්‍රොත්‍රය මුල්කරගනිමින් නාරද ගනේෂ යන්ත්‍රය නාරද මහා සෘෂි වෙතින් හදුන්වාදෙන ලදී.මෙම ස්ත්‍රොත්‍ර ගායනය සහ භාවිතය මගින් ඒ ඒ ජම්මියාට තම ග්‍රහ පිහිටීම හරහා ඇතිකරවන බාධක ජයගැනීමේ ඤාණය මතුවේ.හෙවත් බාධකයට සාර්තකව මුහුණ දීමේ නුවන පහලවේ.තම කේන්ද්‍රයේ කේතු ග්‍රහයාගේ පිහිටීමට අනුව යෙදෙනා ස්ත්‍රොත්‍ර පාඨය ගායනා කිරීම හෝ තම බාධක ග්‍රහයාගෙන් හත්වන රාශියට හිමි ස්ත්‍රොත්‍ර පාඨය ගායනා කිරීමෙන් ජම්මියාට තම ජීවිතයේ බාධකයන්ට මුහුණ දීමට ප්‍රඤ්ඥාලෝකය ලැබේ.

ජනක පී කුමාර 
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය