දුරස්‌ වූ අය ළං කරන බුරුල්ල ලීයේ ගුරුකම


කොපමණ අවබෝධයෙන් ආදරයෙන් දිවිගෙවුවත් අඹුසැමියන් ආදරවන්තයින් එකිනෙකා නුරුස්‌සන තත්ත්වයට පත්වී වෙන්වෙන්න වැඩි කාලයක්‌ ගතවෙන්නෙ නෑ. මෙවැනි අවස්‌ථාවල ඒ ගිලිහුන සබඳතාවය නැවත ඇතිකරගන්න සියයට අනූවක පිරිසක්‌ යොමුවෙන්නෙ වශී ගුරුකම් වලට. මේ ක්‍රමයේදී බොහෝ විට හැරදමා ගිය අයට සීනි - දියලුණු වැනි දෙයක්‌ මතුරා කෑමකට බීමකට දමා දීම තමයි වැඩි වශයෙන් සිදුවෙන්නෙ. ඒත් එවැනි දෙයක්‌ දීමට නොහැකි අවස්‌ථාවක ගුප්ත විද්‍යාවට අනුව අපේ පැරණි ජනතාව අනුගමනය කළ අත්දුටු ක්‍රමයක්‌ තමයි බුරුල්ල ලීයේ ගුරුකම.

අඟල් 2Ü2 ප්‍රමාණයේ තඹ තහඩුවක්‌ ගෙන තමන් වෙත ළඟාකරගත යුතු ස්‌ත්‍රියගේ හෝ පුරුෂයාගේ රූපය සිතින් මවා එහි ඇඳගෙන බුරුල්ල ලෑල්ලක්‌ ගෙන තඹ තහඩුව එහි තබා ඇඳගත් රූපයේ හිස්‌මුදුනට කන්දෙකට පපුව මැදට අත්දෙකට රහස්‌ ප්‍රදේශයට කකුල් දෙකට පස්‌ලෝ ඇණ නමයක්‌ ගසා එම ලෑල්ල නිසි පරිදි සකසා ගත් මල් බුලත් තටුවක තබා ස්‌ත්‍රියක්‌ ගෙන්වා ගැනීමට නම් මදන මෝහිනී දිෂ්ටියෙන්ද පුරුෂයකු ගෙන්වා ගැනීමට නම් මදන යක්‍ෂ දිෂ්ටියෙන්ද අදාළ අයගේ නමට ජාම තුනට දින තුනක්‌ මතුරා ප්‍රාණ - පුට - පලිප්පු - සිද්ධි යන යන්ත්‍ර - මන්ත්‍ර ක්‍රමයට නිමවා ඇය හෝ ඔහු යන එන පෙරමඟට මුණගැසෙන සේ භූමියේ වැළලීමෙන් බලාපොරොත්තු වන්නාවූ සහනය ඔබ වෙත ළඟාවනු ඇත.

යන්ත්‍රයට අදාළ ප්‍රධාන ජපය

ඕං හෝ - හෝ කාමි දෝං කාමි රතිකාමි

මදන කාමි කාම සුන්දරී පූට්‌ටු කාමි ලෝකාමි

මෙකී යක්‍ෂණියන් සත්දෙනා කාම බන්ධනයට සිරකර සිටින කළු යක්‍ෂයා නම් දේවාතාවුන් වහන්ස සත් මුහුදකට ඒදේසේ කිරි මුහුදට මැද්දේ කළු ගල්පර්වතයේ කළු නික වෘක්‍ෂ බස්‌නාහිර අත්තේ වැසි සුරංගනාවියන් කැපගත් ආනුභාවයේ ආඥවෙන් අදත් (නම) යන නම ඇති පුරුෂයා (නම) යන නම ඇති ස්‌ත්‍රිය කෙරෙහි මදන විකාරයෙන් ආලය ඇල්ම ඇතිවී ළඟට එන්නට කළු යක්‍ෂයාණන් දේවාතාවුන් වහන්සේගෙන් වරම්

ප්‍රධාන දිෂ්ටිය

ඕං වරං ගුරුවරං ගුරු පත්‍රකාලි දිෂ්ටි වරං

ජීව පත්‍රකාලි දිෂ්ටි වරං සුර පත්‍රකාලි දිෂ්ටි

වරං විෂ්ණු පත්‍රකාලි දිෂ්ටි වරං ශිව ශිව

කන්දස්‌වාමි පත්‍රකාලි වරං අම්මේ ශිව ශිව

මයුරා සත්පත්තිනි කන්දස්‌වාමි වරං

වැඩිදුර විස්‌තර සඳහා 078-6107052 අංකය අමතන්න.
ගුප්තවිද්‍යාවේදී - කේ. එස්‌. යෝදින්ගේ