ඇද වූ කොඳු ඇට පෙළ යළි සුව කරන හෙළ වෙදකම

අද කාලෙ දේශීය ප්‍රතිකාරවලින් සුව කරන්න අපහසු රෝගයක්‌ නෑ. සිංහල වෙදකම කරන්න ටිකක්‌ අමාරුයි. ඒත් ප්‍රතිඵල දීර්ඝ කාලීනයි."

"මම දන්නා තරමට ඔය කැඩුම් බිඳුම් වගේම වෙනත් බොහෝ රෝගවලට කරන්න ඕන සිංහල වෙදකමමයි. මේක අපේ මුතුන් මිත්තන්ගෙ ජීවය.

"මම මෙහෙම කියන්නේ සිංහල වෙදකම් කරන නිසා නෙවෙයි. මේක මගේ අත්දැකීම්. අනික තමයි මෙතෙන්ට වැඩි හරියක්‌ එන රෝගීන් බටහිර ප්‍රතිකාර අරගෙන ඒකෙන් සුව නොවෙච්ච අය. මේ රෝගීන්ගේ මානසිකත්වය මට හොඳට හුරුයි. ඒකයි මම හැමතිස්‌සෙම කියන්නේ බොහෝ රෝගවලට සිංහල ප්‍රතිකාරය තරම් තවත් දෙයක්‌ නැති තරම් කියලා.

කැඩුණු, බිඳුණු, කුඩුවුණු අස්‌ථි වගේම කොඳුඇට පෙළේ ඇදවීම්, බිඳීම්වලට අමතරව ඉරණම් කූඩුවෙහි ආබාධ සහ උකුළු ඇට පැත්තකට හැරීම වැනි රෝග සඳහා විශ්මිත ප්‍රතිකාර කරන හෙළ වෛද්‍යවරයකු වන වැලිගම බොරාල පාරේÊමදනායක වෙදැදුරු මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.

මිනිස්‌ අස්‌ථි පංජරයේ තිබෙන ඕනෑම ආබාධයකට විශ්මිත ප්‍රතිකාර කරන වැලිගම, බොරාල පාරේ මදනායක බෙහෙත් ශාලාවේ අධිපති මදනායක වෙදැදුරු මගේ මතකයට නැඟුනේ රෝගියකුගේ අවසන් ප්‍රකාශය නිමවනවාත් සමගය. විනාඩි කිහිපයකින් සියලු තොරතුරු සමඟ එම වෛද්‍යවරයා හමුවීමට අදම යන ලෙස මම එම රෝගියාට උපදෙස්‌ දෙමින් නිහඬ වෙද්දී තවත් දිනෙක ඔහු නැවත කතා කළේය.

"මහත්තයා මම මාස පහක්‌ පමණ මේ අනතුරෙන් දුක්‌ වින්දා. ඇවිද ගැනීමට තරම්වත් නොහැකිව ජීවිතය ගැන කලකිරිලයි හිටියේ. ඒත් දැන් මට අලුත් බලාපොරොත්තුවක්‌ තියෙනවා. අපේ මදනායක වෙදැදුරුගේ ප්‍රතිකාරවලින් මට සෑහෙන ගුණයක්‌ දැනට ලැබී තිබෙනවා. මම දැන් ඉන්නෙ හරිම සතුටකින්."

මේ පුවත තවත් රෝගීන් සිය දහසකට දැන ගැනීමට සැලැස්‌වීම මගේ කාර්යභාරය හෙයින් මම නැවත මදනායක වෙදැදුරු මුණ ගැසීමට පසුගිය දිනෙක ගියෙමි.

ඔබ වැනි අත්දැකීම් බහුල වෙදවරු ගැන පැවසීම අපේ දුක්‌ විඳින රෝගීන්ට පිහිටක්‌ වේවි. ඒ නිසා අස්‌ථි රෝග ගැන වැඩි යමක්‌ කිව්වොත් මම වෙදැදුරුගෙන් ඇසීමි.

අස්‌ථි රෝග හට ගැනීමේ විවිධ හේතූන් තියෙනවා. වැටීමෙන්, පැනීමෙන් වගේම හදිසි අනතුරකින්. මෙවැනි අවස්‌ථාවක අස්‌ථි පංජරයට වන හානි වැඩියි. එහෙම නම් අපි ලබා ගත යුත්තේ කිනම් ප්‍රතිකාරයක්‌ ද යන්න අපම තීරණය කළ යුතුයි.

"දේශීය ප්‍රතිකාර ලබා ගන්නවා නම් දක්‍ෂ පළපුරුදු දේශීය වෛද්‍යවරයකු හමුවිය යුතුමයි. අපි මේ වගේ අවස්‌ථාවක කරන්නේ විසන්ධි වුණු අස්‌ථි කොටස්‌ පරපුරේ ඖෂධ සංයෝගයෙන් දින 30 ක්‌ ඇතුළත සන්ධි කිරීමයි.

ඊට පෙර කළ යුතු දේවල් තියෙනවා. එකක්‌ තමයි ශරීර අභ්‍යන්තරයට ඔසු ලබාදීම. අනික තමයි කැඩුණු බිඳුණු ස්‌ථානයේ තැළුණ දූෂිත ලේ ඉවත් කිරීම. මේකත් කරන්නෙ අපේ ඖෂධ මාර්ගයෙන්මයි.

මේ ප්‍රතිකාර ක්‍රමවලදී වයස්‌ පරතරයක්‌ අපිට නෑ. සමහරු කියනව මේ වයසට ගිය අයගේ කැඩුණු අස්‌ථි සුව කරන්න අපහසුයි කියලා. නමුත් එහෙම දෙයක්‌ නැහැ. අවුරුදු 70, 80, 90 වෙච්ච අයගෙන් විසන්ධි වූ අස්‌ථි අපි ඕනෑ තරම් සනීප කර තිබෙනවා. අනික තමයි වයස්‌ගත වූවන්ට එන රෝගයක්‌ තමයි මේ උකුල් අස්‌ථිවල අමාරුකම්. මගේ ප්‍රතිකාරවලින් ඒවා ඉතාමත් කෙටි කලකින් ඒ කියන්නෙ දින තිහකින් පමණ සුපවත් කරල දෙන්නෙ සිතේ කිසිම සැකයක්‌ ඇති නොවන්න."

"කොඳු ඇට පෙළ ඇදවීම තවත් අස්‌ථි රෝගයක්‌. මේක වැඩිපුරම දක්‌නට ලැබෙන්නෙ අවුරුදු 13 සිට 20 දක්‌වා වන වයසේ ගැහැනු දරුවන්ට. විශේෂයෙන් පර්ශූතා අස්‌ථි පැත්තකට යැම මේ රෝගයේ ලක්‍ෂණයක්‌.

මෙවැනි තත්ත්වයක්‌ සුව කිරීමට දේශීය හා බටහිර ප්‍රතිකාර ලබා ගන්නට බොහෝ රෝගීන් පෙළඹෙනවා. සාමාන්‍යයෙන් බටහිර ප්‍රතිකාර මගින් ශල්‍යකර්ම හැර වෙනත් විකල්ප නැහැ. එහෙත් අපේ ප්‍රතිකාර ක්‍රම වලදී තෙල් බෙහෙත් ගැල්වීමෙන් හා වෙනත් ඖෂධ පාවිච්චියෙන් මේ තත්ත්වය සුවපත් කර ගැනීම ඒ තරම් අපහසු නෑ."

"සමහරුන්ගෙ කොඳු ඇට පෙළ ඇද වීමේ මූලික ලක්‍ෂණයක්‌ තමයි පාදවල සහ කොඳුඇට පෙළේ වේදනාව. මේක මුල් අවධියේම හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතුයි."

මේ තත්ත්වයට පත්වෙච්ච රෝගීන් විශාල ප්‍රමාණයක්‌ මගේ ළඟට එනවා. ලෙඩේ වරද්දගෙන. අනික තමයි මේ අයගෙන් වැඩිහරියක්‌ම බටහිර ප්‍රතිකාර ගත්ත අය.

"මේකට බිය විය යුතු නැහැ. මගේ ප්‍රතිකාරවලට අනුව දින තිහකින් පමණ නොවරදවාම සුවපත් කර දෙනවා. මෙතෙන්දි රෝගියා වෙනුවෙන් වෛද්‍යවරයා කැප විය යුතුයි. ප්‍රතිකාරය වැරදී කල්ගත වූ අස්‌ථි ආබාධ වුණත් මම ඉතා කෙටි කලකින් සුවකර දෙනවා.

හැබැයි මෙවැනි රෝගීන් සුවපත් කිරීමේදී මම කොටසක්‌ කරල තවත් කොටසක්‌ රෝගියාගේ ඥාතීන්ට කරන්න ඉඩ තියන්නෙ නැහැ. දින 30 ක්‌ හෝ ඊටත් අඩු කාලයකදී ලෙඩේ සුවපත් කර ගැනීමට නම් අපේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුයි. මම ඒකට සුදුසු පරිසරයක්‌ හා රෝහලක්‌ ඉදිකර තියෙනවා.

"මගෙන් ප්‍රතිකාර පතාගෙන දේශීය මෙන්ම විදේශීය රෝගීනුත් එනවා. විශේෂයෙන් මේ ප්‍රදේශවල සංචාරකයො ගැවසෙනව වැඩියිනේ. ඉතිං ඒ අයට වන ආබාධවලට මම දින කිහිපයක්‌ ඇතුළත ප්‍රතිකාර කරල පිටත් කරනවා. මේ වගේ අවස්‌ථාවක ඒ අය අපේ කසාය වර්ග, ගුලි වර්ග, චූර්ණ වර්ග පාවිච්චි කරන්නේ ඉතාම කැමැත්තෙන්. දවසක්‌ මට මතකයි විදේaශීය වෛද්‍යවරයකුත් ඇවිත් මගෙන් ප්‍රතිකාර අරගෙන මට ප්‍රශංසා කරල ලිත සාක්‍ෂියකුත් තබලයි ගියේ."

මදනායක වෙදැදුරු කැඩුම් බිඳුම් මෙන්ම මිනිස්‌ අස්‌ථි පංජරයට වන හානි පිළිබඳව විස්‌තර කරමින් මෙහි ඇති වටිනාකම පෙන්වා දෙද්දී තවත් රෝගීන් කිහිපදෙනකු සමඟ පිළිසඳරක යෙදෙන්නට මට අවස්‌ථාව උදා විනි. 

ගාල්ල මීටියාගොඩ සිට පැමිණි නන්දනී අබේගුණවර්ධන මහත්මිය වසර තුනක පමණ සිට කොඳුඇට පෙළ ආශ්‍රිතව දරුණු රෝගයකට ගොදුරුව සිටි කාන්තාවකි. දෛනිකව ලැබූ වේදනාව තුළින් වින්ද මානසික පීඩාව කෙතෙරම් විඳ දරාගත්තා දැයි ඇයට සිතී ඇත්තේ මදනායක වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගෙන සුව වූවාට පසුවය.

"වේදනාවත් හැම එකම එක වගේ කියල කියන්න මට තේරෙන්නෙ නැහැ. නමුත් මම හිතනව හතුරෙකුටවත් මට හැදුන මේ කොන්දේ අමාරුව නම් හැදෙන්න එපා කියන එක. මොකද ඒ තරමටම මම මේකෙන් පීඩා වින්දා.

ඒත් මගේ දරුපවුල ගැන කල්පනා කරල ජීවත් විය යුතුය කියල හිතල වේදනා විඳගෙන සියල්ල ඉවසා ගෙන ඉන්න කොට තමයි මේ වෙද මහත්තය මට මුණගැහුනෙ.මට දැන් හොඳටම සුවයක්‌ දැනෙනවා කිව්වොත් නිවැරැදියි.

මදනායක වෙදැදුරුගේ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක්‌ එසේ ප්‍රකාශ කරනවාත් සමඟ තවත් රෝගීන් කිහිපදෙනකු තම තමන්ගේ රෝග තත්ත්වයන් විස්‌තර කරන්නට මා අසලට එක්‌ වූයේ තවත් බොහෝ රෝගීන්ට සුබ පණිවුඩයක්‌ දෙන්නට කදිම අවස්‌ථාවක්‌ උදා වුණා යෑයි පවසමිනි.

ඔවුන් අතුරෙන් එම්. ඩබ්ලිව්. විජිතා මහත්මිය පැමිණ සිටියේ ගාල්ල තල්පේ ප්‍රදේශයෙනි. සිව් වසරක්‌ තිස්‌සේ දෙපාවල ඇති වූ තිබූ ආබාධයකින් පෙළුන ඇය ඇවිදීමට නොහැකිව අනේක දුක්‌ පීඩා වින්ද කාන්තාවකි. එහෙත් වසර හතරක්‌ තිස්‌සේ වින්ද වේදනාව මාසයකටත් වඩා අඩු කාලයකින් නැත්තටම නැති වී ගියා යෑයි කීවොත් එය හෙළ වෙදකමේම ආශ්චර්යයක්‌ මිස වෙන කිසිවක්‌ නැතැයි අපට සිතාගත හැකිය.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments