අපට අනවශ්‍ය තරම් සත්ත්ව ආහාර වෙත යොමුවීම ඉතාම අනතුරුදායකයි. මෙතෙන්දී මේදයට අමතරව සතුන්ට වැළඳී තියෙන රෝගත් අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. මේකට හොඳම උදාහරණය තමයි ආමසිලාවා නම් සත්ත්වයාගේ මස් ආහාරයට ගැනීමෙන් ලාදුරු රෝගය මිනිසාට වැළඳීම. ඒ වගේම කුරුළු උණ වැළඳි සතුන්ගේ මස් අනුභවය. ඒ මාර්ගයෙන් රෝග ශරීරගත වීම වළක්‌වන්න අමාරුයි. මේ විතරක් නෙවෙයි. පොදුවේ අනෙක් සත්ත්වයන්ටත් වැළඳෙන රෝගවලින් මිනිස් ශරීරයට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්.
අනෙක් කාරණය නොයෙක් රසායනික ද්‍රව්‍ය භාවිතා කර හදපු ආහාර වර්ග, අපිරිසිදු ඇළ දොළ ගංගාවල ජලය භාවිතය බොහෝ රෝගවලට හේතු වෙනවා.
මේ රෝග එකකට එකක් වෙනස්. ඉතිං මේ බෝ නොවන රෝග ලෙස ගණන් ගැනෙන ඉහත කී රෝග වැළඳීමෙන් මිනිස් සිරුර වගේම මානසික ආතතියත් අප්‍රමාණයි. හිත ලෙඩ වුණාම ගත ලෙඩ වුණාට වඩා භයානකයි. ඒක නිසා අපි හැමවිටම එදිනෙදා ගන්න ආහාර පාලනයකින් හා විධිමත්ව භාවිතයෙන් ගත සිත දෙකම ලෙඩ නොවී සමව පවත්වා ගෙන යන්න ඉතාමත් උපකාරී වෙනවා.
"ඔබගේ ප්‍රතිකාරවල විශේෂ ක්‍රමය තමයි කස්‌තුරි මිශ්‍ර ඖෂධය ඇඟ ගල්වා ස්‌නානය කිරීම.
එතකොට මොකක්‌ද මේ කස්‌තුරි මිශ්‍ර ඖෂධය. ඒ ගැන යමක් පැහැදිලිව කිව්වොත්."
ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේ පමණක් පවතින ඖෂධ පැළෑටි කිහිපයක මුල් වර්ග, සුදු පොල්තෙල් සහ සුදු ළුEනු සමඟÊඑකතු කර නිපදවා ගත් තෙල් වර්ගයක් ඇසුරෙන් සිරුරේ පවතින විෂ විනාඩි කිහිපයක් ඇතුළත ඉවත් කර ගැනීමේ හැකියාව මේ විශේෂිත තෙල් වර්ගයට තියෙනවා.
මේ තුළින් හන්දිපත් වේදනාව, කොන්දේ වේදනාව, ඇදුම, සෙම් රෝග, පපුවේ වේදනාව, ආතරයිටිස්, රක්‌තයා රෝග, මධුමේහය, කොලෙස්‌ටරෝල් වගේම හෘද රෝගවලටත් මේ කස්‌තුරි මිශ්‍ර තෙල් ආලේප කර ස්‌නානය කිරීමෙන් ලොකු සුවයක් ලැබෙනවා. ඒ වගේම ශරීරයේ පවතින විෂ විනාඩි කිහිපයකින් ඉවත් කර කෙතරම් කල් පැවැති රෝගයක් වුවත් 90% ක් පමණ සුවකර දීම මෙහි ඇති විශේෂත්වයක්"
"අපි මෙතෙන්දී කස්‌තුරි, ගෝරෝචන, කුංකුමප්පු වගේ ඉහළ වටිනාකමකින් යුක්‌ත ඖෂධ එක්‌කර හදාගන්නා ආලේපය තවරල එමගින් මිනිස් සිරුරේ පවතින විෂකාරක පිටතට අද්දවලා ක්‍ෂණිකව වේදනා කැක්‌කුම් සමනය කරවනවා. ඊට පස්‌සේ ඇවිදගන්න බැරි හන්දිපත් වේදනාව ඇති රෝගීන් වුවත් සුළු වේලාවකදී ඉන් මිදී සුවපත් වෙනවා.
මේ තත්ත්වය තවත් පැහැදිලි කළොත්.
මේ ප්‍රතිකාරයේ දී අනිවාර්යයෙන් ම රෝගියා සම්පූර්ණ පරීක්‍ෂණ වාර්තාවක් අරගෙන ආ යුතුයි. එතෙන්දී ඒ වාර්තාව සැලකිල්ලට අරගෙන රුධිර තත්ත්වය පිළිබඳ නිගමනයකට ඇවිත් කොතරම් වේලාවක් ප්‍රතිකාර කළ යුතු දැයි තීරණය කරනවා.
ඊට පස්‌සෙ මෙම තෙල් ආලේපය තවරන්නට පෙර රෝගාබාධ ඇති වූ ස්‌ථානයේ නිල සම්බාහනය වෙන පරිදි සුදු පොල්තෙල් මිශ්‍රණයෙන් තනාගත් තෙල් විශේෂය ගල්වා එහාටත් මෙහාටත් පිරිමදිනවා. එම අවස්‌ථාවේ ආබාධ වූ ස්‌ථානයේ තිබූ මේද දහනය වනවත් සමඟ විනාඩි කිහිපයකින් සම මතුපිට යම් දැවිල්ලක් සමඟÊසංවේදනයක් ඇති වෙනවා. සම මතුපිට ඇතිවන එම දැවිලි තත්ත්වය කිසිම ආබාධයකට හේතු වෙන්නෙ නැහැ. මේ ප්‍රතිකාරයෙන් රෝග
රැසක්‌ම සුවය ලබන අතර, මේ තුළින් අතුරු ආබාධ කිසිවක් හැදෙන්නෙත් නැහැ."
බාලසුබ්‍රමනියම් වෙදදරුගේ ප්‍රකාශයන්හි ඇති නිරවද්‍යතාව පිරික්‌සීම කෙරෙහි අවධානය යොමු කළ මා ඔහුගෙන් ප්‍රතිකාර ගත් කිහිපදෙනකු සමඟ පිළිසඳරකට පිවිසියේ තවත් අයෙකුට කිසියම් මෙහෙයක් වේ යෑයි සිතමින්ය.
ස්‌ථුල ශරීරයකින් හෙබි මෙම රෝගියා අගනුවර ප්‍රදේශයේ තරමක සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ කෙනෙකි. නම ගම පදිංචිය සහ කරන රැකියාව ගැන කියන්නට අකැමැත්තක් ප්‍රකාශ වූ හෙයින් මම ඊට අවධානය යොමු නොකර ඔහුගේ රෝගී තත්ත්වය හා දැනට තිබෙන ශාරීරික සුවතාව ගැන තොරතුරු විමසීමි.
"පුංචිකාලේ ඉඳල මම කෑමට තරමක් ගිජු බවක් තමයි තියෙන්නේ. අපේ දෙමවුපියොත් ඉල්ලුවා නම් ඒ ඉල්ලපු හැම කෑම වර්ගයක්‌ම අපට ගෙනත් දුන්නා. ඒ පුරුද්ද මට අයින් කර ගන්න බැරිව කරදඬු උස් මහත් වෙලා මැදිවයස වෙනකම්ම කළේ පාලනයකින් තොරව ආහාර ගන්න එකයි.
නමුත් මේකේ ආනිසංස මට දැනෙන කොට පෙරහැර ගිහිල්ල හමාරයි.
"ඒ කිවුවේ ඔහුගේ පිළිතුර වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා මම කෙටි ප්‍රශ්නයක් ඇසීමි."
මිනිහෙකුට හැදෙනවා කියන සේරම රෝග ටික මට හැදුනා. කොලෙස්‌ටරෝල් වැඩිවුණා. සීනි වගේම අධි රුධිර පීඩනයත් වැඩිවුණා. මේ වගේ අවස්‌ථාවකදී අපට වඩා කළබල වන්නේ අපේ පවුල්වල අය. ඉතින් කොහොම හරි ගත්ත සියලුම වෛද්‍ය වාර්තා අනතුරුදායක තත්ත්වය තමයි වැඩිබර තිබුණේ. ඒ සැරේ විශේෂඥ වෛද්‍යවරු හමුවෙලා ගත්ත බේත් දිගටම පාවිච්චි කරන්න පටන් ගත්තම තමයි නිරෝගී ජීවිතයක වටිනාකම තේරුණේ.
කොහොම වුණත් ඒ වෙනකොට හදිසියකට පැනඩෝල් පෙත්තක් හැර වෙන කිසිම බෙහෙතක් නොගත්ත මම දිනපතාම බෙහෙත් බොන්න කියපුවාම ඇතිවන මානසික පීඩාව විස්‌තර කරන්න ඕන නැහැනේ. අන්තිමේදී මේක මට මහ වදයක් වුණා. පස්‌සේ මගේ හිතවතකුගේ මාර්ගයෙන් තමයි මේ සුබ්‍රමනියම් මහත්තය ළඟට ආවේ.
ඔබ ඔය කියන විදිහට සුබ්‍රමනියම් මහත්තයාගේ ප්‍රතිකාරයෙන් සියලු රෝග සුව වුණාද?
"ඇත්තම කිවුවොත් අඩුවුණා. ටිකක් නොවේ සෑහෙන තරමක්.
"ඒ කියන්නේ ඔබ බෙහෙත් පාවිච්චිය නතර කළා කියන එක"
"බෙහෙත් නතර කළා කියන එකට වඩා මගේ ශරීරයේ තියෙන බොහෝ අපහසුතා සමනය වුණා කියන එක වඩාත් වැදගත් වෙනවා." අපට මෙතනදී පැහැදිලිව කියන්න ඕන දේ මේකයි. දිනපතා බෙහෙත් පාවිච්චි කළත් යම් යම් රෝග පාලනයක් මිස අඩුවීමක් වෙන්නේ නෑ. නමුත් මේ කස්‌තුරි ස්‌නානයෙන් පැය කිහිපයක් තුළ ශරීරයට දැනෙන ප්‍රාණවත් බව හා සැහැල්ලුව වචනයෙන් විස්‌තර කරන්න අමාරුයි. මම හිතන විදියට ඒකම තමයි රෝග සමනය වුණා කියන්නේ.
මෙවැනි රෝගීන් කිහිපදෙනකු හා කළ සාකච්ඡාවකදී මට හැගී ගියේ කස්‌තුරි ස්‌නානයෙන් කොතරම් සුවයක් දැනෙනවාද යන්නය.
බාලසුබ්‍රමනියම් වෙදදුරු මෙම ඉන්දියානු සාම්ප්‍රදායික ආයුර්වේද ප්‍රතිකාරය ආරම්භ කර ඇත්තේ වසර 2005 දී පමණය. මේ වන විට ඔහුගෙන් ප්‍රතිකාර ගත්තෝ දසදහසකට වඩා වැඩි අගයක් ගන්නා බව ප්‍රකාශ කරමින් සමාජ රෝග හා පිළිකා රෝග හැර අන් සෑම රෝගයකටම මෙම කස්‌තුරි ස්‌නානාය වහා ප්‍රතිපල ගෙනදෙන බව කීවේය.
අවසාන වශයෙන් මම කියන්නේ මේ කස්‌තුරි ස්‌නානය ජීවිතයේ හැමදාම කරන්න ඕන එකක් කියල නොවෙයි. බොහෝ වෙලාවට එක වරක් හෝ දෙවරක් ස්‌නානය කරපුවාම රෝග සමනය වෙලා ශරීරයට දැනෙන සැහැල්ලුව අනන්තයි අප්‍රමාණයි. හැබැයි මෙතනදි මේ ස්‌නානයෙන් පස්‌සේ මගේ උපදෙස් මාලාව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේකේ ප්‍රතිපල සියයට දෙසීයකින් වැඩිකර ගන්න පුළුවන්. එහෙම නැතිව හොඳට පිරිසිදුව නාල කියලා සුවඳ ඇඟ ගල්වගෙන මඩට බහිනව වගේ මගේ කස්‌තුරි ප්‍රතිකාරයෙන් පසු පරණ පුරුදුවලට ඇබ්බැහි වුනොත් මෙහි ගුණාත්මක භාවය පවත්වාගෙන යැමට ටිකක් අපහසුවේවි.
ලෝකයේ දැනට ප්‍රතිකාරයක් කෙරෙන එකම රට ශ්‍රී ලංකාව බව කියන සුබ්‍රමනියම් වෙදැදුරු ඔහුගේ පරපුරේ සොයා ගැනීමක් හැටියට මෙම ප්‍රතිකාර හඳුන්වා දෙන බව කියයි.
මෙම ප්‍රතිකාරය වාර කිහිපයක් කිරීමෙන් පසු ආතරයිටිස්, සොරයිසිස්, සයිටිකා, පාකින්සන්, ස්‌නායු ආබාධ, හන්දිපත් වේදනාව, ලේ දොaෂ, විෂවීම්, කොන්දේ වේදනාව වැනි බොහෝ රෝග වලටත් ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක් බව පෙන්වා දෙන බාලසුබ්‍රමනියම් වෙදැදුරු සියලු ඖෂධයන් ඉතා විශ්වාසවන්තව ඉන්දියාවෙන් ගෙන්වා මෙම ප්‍රතිකාරය කරන බව ප්‍රකාශ කරයි.
විමලසිරි අගලකඩ
No comments:
Post a Comment