අස්‌ථි ආබාධ වලට හෙළ ඔසු

වසර ගණනාවක්‌ පැරණි අපේ වෙදකම පරම්පරාවෙන් පැවැතෙන එකක්‌. තාත්තගෙන් පුතාට එන මේ වෙදකම ඇතැම් වෙලාවට ඒ ඒ පරම්පරාවල් අනුගමනය කරන ප්‍රතිකාර විධි සහ ඖෂධ වෙනස්‌ වෙන්න පුළුවන්. ඒ වගේ අපේ පරම්පරාවේ අනික්‌ අයගේ ප්‍රථිකාර වලට වඩා වෙනස්‌ බවක්‌ ගන්නවා. සාමාන්‍යයෙන් මෙතනදී පැහැදිලිව යමක්‌ කියනවානම් අද කාලේ කැඩුම් බිඳුම් වෙදකම කරන කී දෙනෙක්‌ නම් ඉන්නවද? ඒත් ඒ හැමෝගෙම ළඟට රෝගීන් යන්නේ නැහැනේ. අනික වෙද මහත්තයාගේ අත් ගුණයත් ප්‍රථිකාරවලදී ඉහළින්ම බලපානවා. මේක තමයි වෙනස

මේ ප්‍රශ්නයේදී තවත් යමක්‌ කියනවානම්, අපේ ප්‍රතිකාර ක්‍රම තුළ විශේෂත්වයක්‌ තියෙනවා. ඒ තමයි අස්‌ථි රෝගය හෝ සන්ධි රෝග වලදී එම ස්‌ථානවල ඇති දූෂිත වූ නැත්නම් නරක්‌ වූ ලේ ඖෂධ මාර්ගයෙන් පිටතට ගන්න එක. එයින් රෝගියාට හානියක්‌ වේදනාවක්‌ නොවෙනවා වගේම රෝගය සුවපත් වීමට මහත් රුකුලක්‌ වෙනවා.

මේ හැමදෙයක්‌ම කෙරෙන්නේ අපේ පරම්පරාවට ආවේණික වූ රහස්‌ තෙල් වර්ග වලින්. ඉතිං මගෙන් ප්‍රථිකාර පතාගෙන එන බොහෝ රෝගීන්ට මෙම තෙල් වර්ගත් උපයෝගී කරගෙන වසර ගණනාවක්‌ තිස්‌සේ රෝගීන් විශාල ප්‍රමාණයකට ප්‍රථිකාර කිරීමෙන් ලබපු අත්දැකීමත් මුල්කරගෙන නිවැරදිව රෝගියකු පරීක්‍ෂා කරලා අස්‌ථි ආශ්‍රිතව එන ඕනෑම රෝගයකට සාර්ථකව ප්‍රථිකාරයක්‌ කරන්න හැකියාව මම ලබල තිබෙනවා. මේක තමයි රෝගීන් අප කෙරේ තබපු විශ්වාසය.

මා ඇසූ ප්‍රශ්න කිහිපයකට මදනායක වෙදදුරු පිළිතුරු සපයද්දී ස්‌ව කැමැත්තෙන්ම තම රෝගය ගැන අදහස්‌ ඉදිරිපත් කරන්නට ඉදිරිපත් වූ එම්. ඒ. චාන්දනී මංගලිකා පෙරේරා මහත්මිය තම අස්‌ථි දිරායැමේ රෝගයකට ගොදුරු වී සිටි අයුරු මෙසේ පැහැදිලි කළාය.

"ගොඩක්‌ වෛද්‍යවරු මගේ රෝගය ගැන නිගමනයකට ඇවිත් තිබුණේ අස්‌ථි දිරායැමක්‌ කියල. ඉතිං මම මේකට ගන්න පුළුවන් හැම කෙනෙක්‌ගෙන්ම ප්‍රතිකාර ගත්තා. ඒත් සුවයක්‌ නම් ලැබුණේ නැහැ. පස්‌සෙ කළුබෝවිල රෝහලේදී මට සැත්කමක්‌ කළා. ඒත් සනීපයක්‌ නම් ලැබුණේ නැහැ. කොහොම වුණත් මදනායක වෙද මහත්තයාගෙ ප්‍රතිකාර මාව යළිත් ජීවත් කරවීමට හේතු වුණා."

මෙම අවස්‌ථාවේ කිහිලිකරු වලින් පැමිණි කාන්තාවක්‌ ඇයගේ පාදයක්‌ පෙන්වමින් කිSවේ පාදය කැපීමට රෝහලෙන් නියම කර තිබූ බවයි. ඒත් ඒ නියමයත් සමඟÊදැනුන වේදනාව ජීවිතය එපා කරවන්නක්‌ වූ බව ඇය පවසමින් මෙම වෙදැදුරුගේ පිහිටෙන් තනි පාදයකින් නොව දෙපයින් නැගී සිටීමේ වාසනාව උදාවීම පෙර පිනක්‌ හේතු වෙන්නට ඇතැයි කීවාය.

මේ කාන්තාවන් අසල නේවාසිකව ප්‍රතිකාර ගන්නා තවත් ගැහැනු දරුවකුගේ මවක්‌ හා කතා කිරීමට මට අවස්‌ථාව ලැබිණි. කැලණිය ගෝනවල සිට පැමිණි මෙම දියණියට ඒ වන විට වයස අවුරුදු 17 කට වඩා නැත. ඇයගේ භාරකාරත්වයට පැමිණ සිටි මව කියා සිටියේ තම දියණියගේ මෙම ආබාධය තමාගේ සියලු අපේක්‍ෂාවන් කනපිට හරවා තිබූ බවයි.

"මගේ දරුවගේ මේ ආබාධය මට බලාගෙන ඉන්න බැරි වුණා. දවසින් දවස එයාගේ රූපෙ අරූප වෙනකොට මොන අම්මටද බලාගෙන ඉන්න පුළුවන්. මම ගොඩක්‌ වෙලාවලදි දරුවා දිහා බලාගෙන අඬපු වෙලාවල් ඕන තරම්. ඒත් සිතට සහනයක්‌ ආවේ මේ වෙද මහත්තයගෙන් ප්‍රතිකාර ගත්තට පස්‌සේ."

"දෙයියනේ කියල මම ඇවිල්ලා දැනට දින කිහිපයකට වඩා නැහැ. ඒ මේ දින කිහිපයේදී දරුවාගෙ තිබුණ ආබාධිත තත්ත්වය වෙනස්‌ වෙන කොට මටම හිතාගන්න බැහැ මෙහෙමත් දෙවිවරු වැනි වෙදවරු ඉන්නවද කියලා."

ඇයට තවත් කතා කිරීමට හැකියාවක්‌ නොවීය. සිතට දැනුණ සතුට පාලනය කර ගත නොහැකිව දෙනෙතින් කඳුළු කැට කඩා හැලෙද්දී ඇය දොaතින් මුහුණවසා ඉකිගසන්නට පටන් ගත්තාය.

මම මේ පිළිබඳව මදනායක වෛද්‍යවරයාගෙන් තොරතුරු විමසමින් මෙවැනි රෝගයකට හේතුවන සාධක මොනවාදැයි යළිත් ඇසීමි.

"කොඳු ඇට හෙවත් පෘෂ්ඨවංශස්‌ති රෝග හටගන්නේ වැටීමෙන්, බර ඉසිලීමෙන් වගේ දේවලින්. සමහර විට මේ තත්ත්වයේ මුල් අවස්‌ථාවේදී පොඩි වේදනාවක්‌ හට ගන්නවා. කල් යනකොට මේ වේදනාව වැඩි වෙනවා. මේ තත්ත්වයේදී සිටගෙන සිටීමට වගේම පහත්වීමත් අපහසුවෙනවා. මෙතැනදී තියන අනිත් කනගාටු තත්ත්වය තමයි මේ වේදනාව දෙපා දක්‌වා පැතිරීම.

"මේකට අපේ අය වේදනා නාශක පෙති අරගෙන තාවකාලික සුවයක්‌ ලැබුවට රෝගය එහෙමමයි. ඊට පස්‌සෙ වෙන්නෙ රෝගය ක්‍රමයෙන් වර්ධනය වෙලා කල්යන කොට කොඳු ඇට පෙළේ පහළ කෙළවර ශ්‍රොaණිපලකයට සම්බන්ධ ස්‌ථානයෙන් හා ශ්‍රොaණිපලකය පැත්තට යැමක්‌ සිදුÊවෙනවා. මෙතෙන්දී ඒ වගේ අය පැත්තට ඇලවෙලා තමයි ගමන් කරන්නේ."

"මේ වගේ අවස්‌ථාවකදී අපේ පැරැණි වෛද්‍ය ක්‍රම භාවිත කරල රෝග තත්ත්වය සුව කළත් බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නෙ ශල්‍යකර්මයක්‌ කළ යුතුයි කියලා. මම දන්නෙ නැහැ ඒක කොච්චර දුරට සාර්ථකද අසාර්ථක ද කියල. කොහොම වුණත් අපේ පැරැණි වෙදකමට නම් මේක සියයට සියයක්‌ම සාර්ථකයි."

"ඇතැම් වෙලාවලදි මේ වගේ රෝගීන් අපි ළඟට එන්නේ ගොඩක්‌ තැන්වලට ගිsහිල්ල රෝගය හොඳටම උත්සන්න වුණාට පස්‌සේ. එත් අපි අපේ වගකීමෙන් මඟහරින්නෙ නැතිව රෝගියා භාරගන්නෙ මොනවගේ තත්ත්වයක්‌ තිබුණත් අපේ ප්‍රතිකාර ක්‍රමවලින් ඒක සුව කරන්න පුළුවන් නිසා.

"මෙතෙන්දී මම විශේෂයෙන් කියන්න ඕන දෙයක්‌ තියෙනවා. ඒක තමයි මම කරන්නෙ ආයුර්වේද ප්‍රතිකාරයක්‌ නොවෙයි. දේශීය ප්‍රතිකාරයක්‌. සමහර විදේශිකයන් ඉන්දියාවේ ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන සුව නොවී අපේ රටට ඇවිත් දේශීය ප්‍රතිකාර අරගෙන සුවවෙලා තියෙන අවස්‌ථා ඕනතරම් තියෙනවා.

මදනායක වෛද්‍යාචාර්යවරයාගෙන් ප්‍රතිකාර ගෙන සුවවූවෝ බොහෝය. එනිසාම ඔහු සොයා එන රෝගින්ගේ ද අඩුවක්‌ නැත. විශේෂයෙන් අස්‌ථි සම්බන්ධයෙන් පැන නගින බොහෝ රෝගවලට මදනායක වෙදැදුරු දක්‌වන කුසලතාව ඉහළ අගයක්‌ ගන්නා බව ඇතැඹුලක්‌ සේ පැහැදිලිය.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments