හෙළ වෙදකමෙන් රෝ දුක්‌ නසන පියතුමා

බයිබලය ආශ්‍රිතව විවිධ රෝග සුව කළ හැකි යෑයි බොහෝ කතෝලික බැතිමත්හු විශ්වාසය පළ කරති. එමෙන්ම ඊට අනුගත වෙමින් පූජකතුමන්ලා ද රෝගීන් ආශිර්වාද ගන්වමින් රෝගීන්ගේ සිත සුව පිණිස කරන ආසිරි ගැන්වීම හා යාඥාව තුළින් කිසියම් සහනයක්‌ ලැබුවෝ ද නැත්තේ නොවේ.

පාස්‌කුවට නිපදවා ගන්නා ශුද්ධ වූ තෙලක්‌ මෙසේ රෝගීන් සුවපත් කිරීමට ගෙන ආශිර්වාද ගැන්වීමෙන් මෙකී රෝගාබාධයන්ට විසඳුමක්‌ ලබා දෙද්දී හෙළ වෙදකමෙන් ද රෝගීන්ට සුවයක්‌ ලබා දෙන පියතුමකු පිළිබඳව මට අසන්නට ලැබුණේ අප හිතවත් මිත්‍රයකුගෙනි.

හෙළ වෙදකම කෙරෙහි කිසියම් ගෞරවනීය විශ්වසනීයත්වයක්‌ තිබෙන මම ද මේ පල්ලියේ පියතුමාගේ හෙළ වෙදකම පිළිබඳව තොරතුරු විමසන්නට එතුමා හමුවීමට රාගම ක¹න පාරේ අංක 34 නම් වූ වෙද ගෙදරට පිවිසියෙමි.

නිහඬ නිසල පරිසරයක තිබුණ ඒ වෙදගෙදරට බාධාවක්‌ තිබුණේ නම් ඒ මහ මඟ ගමන් ගන්නා වාහනයකින් දෙකකින් පමණි. ඒ හැරෙන්නට වෙනත් කිසිවකුගෙන් බාධාවක්‌ නොවුන ඒ වෙදගෙදර අපට දක්‌නට ලැබුණේ පියතුමා සහ රෝගීන් රැසක්‌ පමණි.

පියතුමා ආලින්දයේ තිබූ කාමරයක රෝගීන් පරීක්‍ෂා කරද්දී ඒ අසල සිටි තවත් රෝගීන් කිහිපදෙනකු හා මා කතාබහකට අවතීර්ණ වූයේ පියතුමාගේ ප්‍රතිකාරයන් කෙරෙහි ඇති සුවිශේෂී බව වටහා ගැනීමටය.

රාගම පේරලන්දේ සිට පැමිණි ඔහු විල්µ්‍රඩ් නමැත්තෙකි. තමාගේ පාදයක ඇති වූ තැල්මකට ප්‍රතිකාර ගැනීමට ඔහු තම අවස්‌ථාව එනතුරු බලා සිටියේය.

"දර කොටයක්‌ පෙරළන්න ගිහිල්ල තමයි මගෙ මේ කකුලෙ තැල්ම ඇතිවුණේ. මේ පියතුමාගේ ප්‍රතිකාර මේ වගෙ තැලීම්වලට ඉතාම හොඳයි. අද මේ ආවෙ දෙවැනි දවසට."

"දැන් කොහොමද කකුලෙ තත්ත්වය.?"

"ගොඩක්‌ දුරට හොඳයි."

"මේ පියතුමා මොන මොන රෝග වලට ද ප්‍රතිකාර කරන්නේ."

"සියලු රෝගවලට ප්‍රතිකාර කරනවා. නමුත් තැලීම්වලට තමයි ගොඩක්‌ හොඳ. මෙතන ඉන්න ගොඩක්‌ අය ඇවිල්ල ඉන්නෙ ඒ වගේ දේවල්වලට

"තැලීම් කිව්වේ"

තැලීම් කියන්නෙ මගේ මේ කකුලට වෙච්ච ආබාධය වගේ දේවල්. නොවෙයි. ඔය හන්දිපත් අමාරුව තුනටිය අමාරුකම් බෙල්ලෙ, උරහිසේ අමාරුකම් වගේ දේවල්, නින්දේදී ඇතිවන බෙල්ලේ අමාරුවත් ඉතින් තැල්මක්‌නේ. ඒවගේ ඇඟේ පතේ ඇතිවන විවිධ අමාරුකම්වලට මේ පියතුමාගේ ප්‍රතිකාර ඉතාමත් හොඳයි. සමහර විට එක බෙහෙත් වේලෙන්ම සනීප වෙනවා.

මා සුහදශීලීව ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් රෝගියා සිනහසෙද්දී තවත් රෝගියකු පියතුමා හමුවීමට යනවා පෙනුණි.

මේ කිසිම රෝගියකුගේ ප්‍රතිකාරයන්ට බාධාවක්‌ නොවන්නට පසෙකට වී සිටි මට වෙදැදුරු පියතුමා හමුවීමට තරමක වේලාවක්‌ රැඳී සිටින්නට සිදුවිය. එහෙත් පල්ලියේ පියතුමකු සිංහල ප්‍රතිකාර කරනවා දැකපු මුල් අවස්‌ථාව මෙය හෙයින් කාලය ඉක්‌ම යැම මට එතරම් ගැටලුවක්‌ නොවීය.

අපේ පියතුමා හමුවෙන්න ඉස්‌සර වෙලා මම මේ රෝගීන් එක්‌ක ටිකක්‌ කතාබහ කළා. ඒ හැමෝම කිව්වෙ අපේ පියතුමා තැලීම් වගේ දේවලට කරන ප්‍රතිකාර ඉතාමත් ප්‍රතිඵලදායකයි කියලා. එතකොට මොනවද මේ තැලීම් කියල කියන්නේ.

වෙදැදුරු වික්‍රම ෆොන්සේකා පියතුමාගෙන් මම මුලින්ම ප්‍රශ්නයක්‌ ඇසීමි."

"අපේ මිනිස්‌සු සාමාන්‍යයෙන් තමන්ගෙ ශාරීරික වශයෙන් වෙන තැලීම් ගණන් ගන්නේ නැහැ. නමුත් ඒක ගණන් නොගැනීම මහා ෙ€දවාචකයකට මුලක්‌ වෙන බව අපේ අය දන්නෙ නැහැ. ඒකයි ගණන් නොගන්නෙ."

ඇතැම් වෙලාවට අතක්‌ පයක්‌ කැඩෙනවාට බිඳෙනවාට වඩා එහෙමත් නැත්නම් කොටසක්‌ කැපී යනවාටත් වඩා මේ තැලීම් භයානක වෙන්න පුළුවන්.

"අපේ පියතුමා ඇයි එහෙම කියන්නේ. ඇත්තටම අපිත් ඔය ගෙදර දොර වැඩපල කරන කොට ඕනතරම් අතපය තැලීම්වලට ලක්‌වෙනවා. ඒත් අපි ගණන් ගන්නේ නැහැ."

"හරි නේ. එක තමයි මම කිව්වේ මොකද මේ තැලීමේදී මතුපිටට පේන්න කිසිම දෙයක්‌ නැහැ. නමුත් හානිය වෙලා තියෙන්නේ ශරීරයෙ අභ්‍යන්තරයට. දවසක්‌ දෙකක්‌ යනකොට මේක ඇරිලා යාවි කියල ඔය හැමෝම කරන්නෙ මොකක්‌ හරි ක්‍රීම් එකක්‌ උලාගෙන නිහඬ වෙන එක. ඒත් ඒකෙ තියන භයානක පැත්ත අපි හිතනවාට වඩා ගොඩක්‌ වැඩියි.

මේ තත්ත්වය ටිකක්‌ පැහැදිලි කළොත්?

"අපි නිකමට මෙහෙම හිතමු. අපේ අතක්‌ පයක්‌ හෝ ඇඟිල්ලක්‌ යමක තෙරපීමකට, නැත්නම් වැටීමකින්, පොලු පහරකින් තැලුන කියමු. මෙහෙම අවස්‌ථාවක ඒ තැලුනු තැන අභ්‍යන්තරයෙ වන හානිය අපට පේන්නෙ නැහැ. මෙතෙන්දී වෙන්නෙ මාංශපේෂි අතර රුධිරය සපයන නාල පීඩාවට පත්වෙලා රුධිරය ගමන් නොකර ඒ තුළ ඉදිමීමක්‌ ඇති කිරීම.

මෙහෙම අවස්‌ථාවකදී ටිකක්‌ කල් යනකොට ගෙඩියක්‌ හට ගන්න පුළුවන්. තවත් ටික දවසක්‌ යන කොට ඒ ගෙඩිය පැසවල තුවාලයක්‌ වෙන්න පුළුවන්. ඒ තුවාලය නරක්‌ වෙලා ඔඩුදිවීමෙන් ඇතැම් වෙලාවට ඒ අංශයම ඉවත් කරන්න එහෙම නැත්තං කපල දාන්න සිද්ධ වෙන්න පුළුවන්. මේකයි මෙතෙන තියෙන අනතුරුදායක පැත්ත. මේ නිසා තමයි මම කිව්වෙ තැල්මක්‌ වගේ අවස්‌ථාවක විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කියලා.

මෙතන ඉන්න රෝගීන් කිහිපදෙනෙක්‌ මට කිව්වේ පියතුමා මේ තත්ත්වයට හොඳ ප්‍රතිකාරයක්‌ කරනවා කියලා.

කතාව ඇත්aතයි කියල රෝගීන් මටත් කියනවා. මෙතෙනදි මේ විශේෂ ඖෂධය පැරැණි වෙදැදුරුවරයකු යටතේ පුහුණුවීම් ලබන කොට මට ඉගෙන ගන්න ලැබුණේ. ඉතිං ඒ ප්‍රතිකාරය ගොඩක්‌ සාර්ථකයි.

වෙදැදුරු වික්‍රම ෆොන්සේකා පියතුමා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස්‌ පෙළ හදාරා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යා උපාධිය ද දිනා ගත්තේය. ඉන් පසු 1984 වර්ෂයේදී බොරැල්ල ශාන්ත ඇලෝසියස්‌ දෙව්සත්හළෙන් මාස 6 ක පමණ කාලයක්‌ ඉංග්‍රීසි

අධ්‍යාපනය ලබා ඉන්පසු කළුතර පලාතොට දෙව්සත්හළෙ වසරක කාලයක්‌ අධ්‍යාපන කටයුතුවල නිරත විය. මීට අමතරව නුවර අම්පිටිය ජාතික දෙව් සත්හළෙන් ද හත් වසරක අධ්‍යාපනය හදාරා 1981 වසරේදී පියතුමකු බවට පත්වූහ.

1999 වසර දක්‌වා මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ගුරවරය= වශයෙන් සේවය කළ වික්‍රම ෆොන්සේකා පියතුමා වර්ෂ 2007 දක්‌වා මග්ගොන දියළගොඩ පල්ලියේ සේවය කිරීමෙන් පසු අධ්‍යාපන නිවාඩු ලබා ගනිමින් මරදාන ආයුර්වේද මහා මණ්‌ඩලයට ඇතුළු වී 2010 වසරේදී වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකු ලෙස පත්වීම් ලැබුවේය.

ඉන් පසු හෙළ වෙදැදුරු කිහිපදෙනකු යටතේ වසර දෙකක කාල පරිච්ඡේදයක්‌ ප්‍රායෝගිකව වෙදකමෙහි නිරතව ලැබූ පළපුරුද්දත් සමඟ දැනට ලියාපදිංචි වෛද්‍යවරයකු වශයෙන් පූර්ණ කාලීනව වෙදකමෙහි නිරතව සිටී. 

මගේ පවුලේ පසුබිම ඉතාමත් සාමකාමී බවක්‌ තිබුණයි කියලයි මම හිතන්නේ. මගේ පියා ආතර් විල්ප්‍රඩ් ෆොන්සේකා. එයා විධායක ශ්‍රේණියේ ලිපිකරුවෙක්‌. හැම දෙයකටම මධ්‍යස්‌ථ බවකින් බලන්න පුරුදු වුණු මගේ පියා පල්ලිය දිහා බැලුවෙත් මධ්‍යස්‌ථව. නමුත් අම්මා ඊට වඩා ටිකක්‌ වෙනස්‌. එයාට හැම තිස්‌සෙම ඕන වුණේ පල්ලියත් එක්‌ක සම්බන්ධ වෙලා ඒකට අනුබද්ධ සමිති සමාගම්වල යෙදිල සමාජ යහපතක්‌ කරන්න.

පාසල් කිssහිපයකම ගුරුවරියක්‌ වශයෙන් සේවය කළ අම්ම කතෝලික ආගම ගැන තරමක අන්තගාමී ස්‌වභාවයක්‌ ඉසිලුවයි කියලයි එදා මට හිතුනේ. අපි ජීවත් වුණේ ජාඇල තුඩැල්ල කියන ගමේ. මෙතෙන්දි අපේ ගෙදර වුණත් නිතරම ඇහුනෙ ඔරසන් හඬ. මේකට තාත්ත එතරම් කැමැත්තක්‌ නොදැක්‌වුවත් කිසි කලෙක බාධාවක්‌ කළේ නැහැ.

මගේ පවුලෙ ඉන්නෙ මමයි අයියයි, අක්‌කයි විතරයි. අපි තුන්දෙනා එකතු කරගෙන අම්ම ඔරසන් කියනකොට තාත්ත කිව්වෙ ළමයින්ට නිදහසෙ එය කරන්න දෙන්න කියලා."

මේ පරිසරය මම පූජකවරයෙක්‌ වෙන්න මූලික හේතුවක්‌ වුණත් බයිබලය හරහා දැඩි ඕනකමක්‌ ඇතිවුණා."

"මට කහඋණ හැදිල ඇඳේ වැතිරගෙන ඉන්න වෙලාවක මේ බයිබලය කිහිපවරක්‌ කියෙව්වා. එතුළින් දෙවියන් වහන්සේ කවුද, එතුමාගේ දර්ශනය කුමක්‌ද, එහි ඇති අරුත කුමක්‌ද, අපි යා යුත්තේ කොතැනටද, ඒ අරමුණ ඉටුකර ගැනීමට කළ යුත්තේ කුමක්‌ද කියලා එහි මනාව සටහන් වෙලා තිබුණා. ඇත්තෙන්ම මා පූජකතුමෙක්‌ වෙන්න ප්‍රධාන හේතුව තමයි එය."

බයිබලය ආශ්‍රිතව විවිධ රෝග සුවකළ හැකිය යන මතය මුල්කර ගෙන මම ඊට අනුගත නොවුණත් හෙළ වෙදකමෙන් බොහෝ රෝග සුවකළ හැකිය යන මතය ප්‍රායෝගිකව අත්විඳින නිසා මේ වෙදකමේ පූර්ණ කාලීනව නිරත වෙලා ඉන්නවා. 

ආයුර්වේද ප්‍රතිකාර තුළින් සර්වාංග රෝග වෙදකමෙහි නිරතව සිටින වෛද්‍ය වික්‍රම ෆොන්සේකා පියතුමා දැනට තේවත්ත පල්ලියෙහි නේවාසිකව සිටින්නේය. සඳුදා, බදාදා, සහ සිකුරාදා දිනවල රාගම ක¹න පාරේ අංක 34 යන වෙදගෙදර කැඩුම් බිඳුම් ඇතුළු සර්වාංග රෝගවලට කරන ප්‍රතිකාරය ප්‍රදේශවාසීන්ට මෙන්ම අවට වැසියන්ට ද මහත් මෙහෙයක්‌ වන බව අවිවාදිතය.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments