ගුප්ත විද්‍යාව නවීකරණය කළ හැකිද?

විද්‍යාව යන වචනය දැනුම සඳහා පොදුවේ භාවිත වන්නකි. මෙයට අවුරුදු දෙදස්‌ පන්සීයකටත් ඉහතදී ලොව්තුරා බුදුබවට පත්වූ අපගේ බුදුරජානන් වහන්සේ පළමු දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාවේදී 'විද්‍යා' යන පදය භාවිත කළ සේක. 'චක්‌ඛුං උධපාදි, ඤාදාණං උදපාදි, පඤඤා උදපාදි, විඡ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි' යනුවෙන් තමන් වහන්සේ බෝමැඩදී විද්‍යාව උපදවාගත් බව වදාළ සේක ලොව ප්‍රථමයෙන් විද්‍යාව ගැන සඳහන් වන්නේ මෙතනදීය. නුවන දැනුම ආලෝකය ඇස හා විද්‍යාව එකක්‌ බව එහි දක්‌වේ. විද්‍යාව යනු නිවරැදි දැනුමයි. වර්තමානයේ විද්‍යාව නවීන හා ගුප්ත විද්‍යා යනුවෙන් කොටස්‌ දෙකකට බෙදා ඇත. ඔක්‌ස්‌පර්ඩ් ශබ්ද කෝෂයේ විද්‍යාව හඳුන්වන්නේ විද්‍යාමාන ලෝකයේ පවත්නා දේ පිළිබඳව කරනු ලබන ක්‍රමවත් පරික්‍ෂණ හා නිරීක්‍ෂණ තුළින් ලබාගන්නා දැනුම යනුවෙනි. එහෙත් ලොව පවතින විවිධ ශක්‌තීන් විද්‍යාමාන නොවන අතර එසේ නොවු පමණින් ඒවා නැතැයි අතහැර දැමීමට කිසිවකුට හැකියාවක්‌ නොමැත. දැනුම ඇති කර ගැනීමට ඒවාද විමසා බැලිය යුතුවේ. එවනි ශක්‌තීන් ගුප්තදේ ලෙසට සලකා ගුප්ත විද්‍යාවක්‌ ගොඩනැඟී ඇත. මේ අනුව සියලු ආගම් හා ඒ සමග එක්‌වූ සියලු දැනුම අයත්වන්නේද ගුප්ත විද්‍යා ගණයටයි.

මිනිසා මේ වන විට බුද්ධිමය පර්යේෂණාත්මක යුග දෙකක්‌ පසුකර පැමිණ සිටී. ඉන් එකක්‌ සියලු ආගම් පහලවු යුගයයි. කාර්මික විජලවයෙන් ආරම්භවී මේ දක්‌වා ගලායන භෞතිකත්වයට මුල් තැන දුන් නවීන විද්‍යා හා තාක්‍ෂණ යුගය දෙවැන්නයි. මේ යුග දෙකම මිනිසාට අපරිමිත සේවාවක්‌ සලසා ඇති නමුත් වර්තමානයේ සමහරු නවීන විද්‍යාව ඔසවා තබමින් පැරණි අධ්‍යාත්මික දැනුම හෙළා දකිති. මිනිසා ශිෂ්ඨ සම්පන්න වී බුද්ධිමත්ව කටයුතු කිරීමට මෙහෙයවනු ලැබුවේ විශ්ව ආගම්වලිනි. එය කිසිම බුද්ධිමතකුට අවතක්‌සේරු කළ නොහැක. ආගම් ලොව පහල නොවීනම් මිනිස්‌ ඉතිහාසය මෙයට බොහෝ ඉහතදී ඛේදවාචකයකින් අවසන් වීමට තිබිණි. නවීන ලෝකයේ නිර්මාණය වන අති ප්‍රබල විද්‍යාත්මක අවි ආයුධ හා වෙනත් නිෂ්පාදන ලේකයට යහපතට වඩා විනාශය උදා කිරීමට ක්‍රියාත්මක වේ. අනාගතයේ ඇති විය හැකි ලෝක යුද්ධයකින් පොළොව තලය සොහොන් බිමක්‌ බවට පත්වීම නියත සිදුවීමකි. මෙයට ඉහතදීද මෙවන් අවස්‌ථා තුනක්‌ පිළිබඳව තොරතුරු රාමායන මහාභාරත හා ඉලියඩ් මහා කාව්‍යවලින් අපට ලබාගත හැකිවේ. ඒවායේදී භාවිත වී තිබෙන ඇතැම් ආයුධ න්‍යටික මිසයිල බව පැහැදිලිවේ. නුදුරු අනාගතයේ ඇතිවන එවැනි යුද්ධයක්‌ අපට ශිව දෙවිඳුගේ අග්නි සැරයෙන් වන විනාශය පැහැදිලිකර දෙනවා ඇත. නැත්නම් විෂ්ණු දෙවිඳුගේ කල්කී අවතාරය හෝ බුදුරදුන් දේශනා කළ මෘගසන් වරුෂාව අපට හමුවනවා ඇත. දැනටම එයින් ආරක්‍ෂාවීමට සමහර රටවල බිම්ගත බංකර් ඉදිවෙමින් පවතී. මේ නවීන විද්‍යා දියුනුවේ කෙළවර මිනිස්‌ ප්‍රජාවේ අවසානය සනිටුහන් කරදෙනු ඇත.

විවිධ ගුප්ත විද්‍යාවන් ලොවට දායාදකළ මුනිවරු භෞතික ශක්‌තීන් භාවිතා කිරීමේ අනාරක්‍ෂිත බව හා විනාශය හොඳින් අවබෝධ කරගෙන සිටි බව පෙනේ. වර්තමානයේ අප ඉගෙනගන්නා ජීව, රසායන, භෞතික යන ත්‍රිවිධ විද්‍යාවම අගට යනවිට නතර වන්නේ ශක්‌තිය යන එක්‌ මූල ධර්මයක්‌ තුළය. ලොව ඇති සියලු ජීවී අජීවී වස්‌තූන් ශක්‌තිය විසින් නිර්මාණය කරන අතර ඒවා කෙටි කලකින් විනාශ වී යයි. එහෙත් එයට දායක වූ ශක්‌තිය විනාශ නොවේ. විනාශ කිරීමටද නොහැක. සිදුවන්නේ ශක්‌ති පරිවර්තනයක්‌ පමණි. නවීන විද්‍යාව ලෝකයේ අති ශක්‌තියේ ප්‍රභවය සූර්යයා බවත් එය හීලියම් පරමාණුවලින් සැදී ඇති වායු ගෝලයක්‌ බවත් අධික තාපය නිසා එහි න්‍යෂ්ටි බිඳ වැටී නිකුත්වන විකිරණ තාපය ලෙස නිකුත්වන අතර සමස්‌ත ලෝකයේම ශාක හා සත්ත්වයන්ගේ පැවත්මට අවශ්‍ය ශක්‌තිය ලබාදෙන බවත් ප්‍රකාශ කරයි.

ලෝකය ශක්‌තිය ලබාගන්නේ හිරුගෙන් බවත් සමස්‌ත ලෝකයේම ප්‍රාණය ර¹ පවතින්නේ හිරු නිසා බවත් වේදයේ සඳහන් වේ. බහිර් ආත්ම අන්තර් ආත්ම යනුවෙන් හිරුතුල හා ඉන් පිටත ඇතිවන භෞතික රසායනික ක්‍රියාවලි දෙකක්‌ ගැන සඳහන්ව ඇත. හිරු ලබාදෙන ජීව ශක්‌තිය ප්‍රාණෝවෛ ප්‍රාණෝ ග්නි යනුවෙන් වේදයේ දැක්‌වේ. චරක සංහිතාව වායුව අග්නි ලෙසටත් ප්‍රාණය ලෙසටත් දක්‌වන්නේ සෘෂිවරු සූර්යයා මැනවින් අධ්‍යයනය කළ බැවිනි. ජ්‍යෙතිෂ්‍ය සූර්යයාට ප්‍රධානත්වය දෙන්නේ ඒ නිසාය.

ලෝකයේ පැවැත්ම සඳහා කිසියම් නීති පද්ධතියක්‌ ක්‍රියාත්මක වේ. ඒවා සොබා දහමේ නීති ලෙසට අපි හඳුන්වමු. බුදුදහම නිසාම ධර්ම පහක්‌ ලෙසට මේවා හඳුන්වා ඇත. ලෝකයේ ක්‍රමානුකූල පැවැත්ම ආරක්‍ෂාවන්නේ මේ නියාම ධර්ම ක්‍රියාත්මක වන නිසාය. ඒවාට යටත් නොවන කිසිම ජීවියකු හෝ අජීවී වස්‌තුවක්‌ ලොව තුළ නැත. බීජ නියාමයට අනුව ඒ ඒ ගස්‌ වැල්වලට විශේෂිත හැඩතල හා ගති ලක්‍ෂණ උරුම වී ඇත. එය ජාන විද්‍යාව විය හැක. සතුන් හා මිනිසුන්ටද මෙය මෙසේම ක්‍රියාත්මක වේ. ඒ නිසා ගස්‌වැල් සතුන් හා මිනිසුන් කුලකවලට බෙදී ඇත. නාඩි ජ්‍යෙතිෂ්‍ය ගොඩනඟා තිබෙන්නේ මෙම මූලධර්මයට අනුවය එය විශ්මිත විද්‍යාවකි. ජ්‍යෝතිෂ්‍යයටද මෙහි මූලධර්ම උපයෝගි කරගෙන ඇත.

නවීන විද්‍යාවට අනුව ලොව ඇති සියලුම ජීව අජීව වස්‌තූන්ගේ ඇතිවීම පැවතීම හා විනාශය තීරණය කරනු ලබන්නේ ඉලෙක්‌ට්‍රොaන වලිනි. ඒවා පරමාණුවක මධ්‍ය ලක්‍ෂය වටා විවිධ ශක්‌ති මට්‌ටම් තුළ භ්‍රමණය වෙමින් පවතී. හිරුවටා ග්‍රහයන් කැරකෙන්නේද ඒ අයුරින්මය. හිරුද එලෙසම තවත් තාරකාවක්‌ වටා කැරකෙයි. එවිට එයද ඉලෙක්‌ට්‍රොaනයකි. මේ සියල්ල තීරණවලින් නිමැවී තිබේ. කිරණ බබළයි ජොත්තීර් යනු බැබළීමට නමකි. ඒ අනුව ජ්‍යෝතීර් විද්‍යාවට කිරණ පාදකවී ඇත. මේ නීති පද්ධතිය බිඳ වැටුණ විට විශ්වය විනාශ වේ.

මේවා නවීන විද්‍යාවට කලින් හින්දු මුනිවරු හා බුදු රදුන් විසින් අනාවරණය කර ඇත. මෛත්‍රි උපනිෂ්ද්ශි පරමානුවේ මධ්‍ය න්‍යෂ්ටික අන්තරායාමය ලෙසද ඒ වටා ඇති ඉලෙක්‌ට්‍රොaන උපාංශු ලෙසද හඳුන්වා ඇත. "අථෝ උපාංශූර් අන්තරායාමම් අභිභවේත්" කියා ඇත්තේ එබැවිනි. ඉලෙක්‌ට්‍රොaනයේ ක්‍රියාදාමය වායු ලෙසත් යම ප්‍රජාපති, අදිනි, විශ්වකර්ම, විශ්වරූප ලෙසත් එය මුනිවරු අර්ථගන්වා ඇත. සමස්‌ත විශ්වයේ මධ්‍ය න්‍යෂ්ටිය ගැන කරන ප්‍රකාශයක්‌ ද සූර්ය සිද්ධාන්තයේ දැක්‌වේ. බ්‍රහමයාගේ ධාරණාත්මක පරම ශක්‌තිය දරනුයේ බ්‍රහමාණ්‌ඩය හෙවත් සක්‌වල මැද පිහිටි භූගෝලය තුළයෑයි එහි කියෑවේ. ඉලෙක්‌ට්‍රොaනයේ ශක්‌තිය හා බ්‍රහ්මයා අතරද සෘජු සබඳතාවක්‌ පවතී. මේ අනුව ඝෘෂි භාෂිත හා නවීන විද්‍යාව අතරද බොහෝ සමානතා දක්‌නට හැකිවේ.

මිනිසා ඇතුළු අනෙකුත් සත්වයන්ගේ ඉරණම හෙවත් කලදවස ගෙවෙන අන්දම පිළිබඳව නිගමනවලට එළඹීමට නවීන විද්‍යාවට හැකියාවක්‌ නැත. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා කම්ම නියාමය ඉදිරිපත්කර ඇත. තමාගේ කර්මානුරූපව දුක සැප ලැබෙන බව චුල්ලකම්ම විභාංග සූත්‍රාදියෙහි දැක්‌වේ. කර්මය හා පුනරුත්පත්තිය පිළිබඳව වේදයේ හා උපනිෂද් දර්ශනයේ කරුණු දක්‌වා ඇත. මෙලොවදී කරන යහපත් කර්මවල විපාක අනුව බ්‍රාහ්මණ ක්‍ෂත්‍රිය වෛශ්‍ය වැනි උසස්‌ කුලවලද අයහපත් කර්මවල ප්‍රතිඵල අනුව සුනඛ චණ්‌ඩාල සූකරාදී පහත් ජන්ම වලද උපත ලබන බව ජාන්දෙශ්‍ය උපනිෂද්හි සඳහන් වේ.

වේදය හා වේදාන්ත පිළිබඳව ගැඹුරු පර්යේෂණයක යෙදුණ ආචාර්ය ආනන්ද ඩබ්. පී. ගුරුගේ සූරීන් වේදයට අනුව ලෝකය නිර්මාණයට හේතුවූ ශක්‌තිය බ්‍රහමන් ලෙසත් බ්‍රහමන්ගේ පිටත්ව යාම හේතුවෙන් ලෝකය නිර්මාණය වූ බවත් එය උප නිෂ්ද්වල විසෘෂටි ලෙස දැක්‌වෙන බවත් විසෘෂටියට පෙර හා පසු බ්‍රහමන් එසේ සම්පූර්ණවම තිබෙන බවත් එය ශ්වේතාශවතර උපනිෂදයෙහි "පූර්ණාත් පූර්ණමාදාය පූර්ණ මේවාච ශිෂ්‍යතේ යනුවෙන් දැක්‌වෙන බවත් පවසයි. බ්‍රහමන් මුළු ලොවම පැතිර සිටී, ඉබේම ප්‍රකාශිත වූවකි. ලොව සෑම දෙයම වටහාගත හැක්‌කේ එය වටහා ගැනීමෙනි. එය වේදයේ "නෙති නෙති" මෙයත් නොවේ. අනිකත් නොවේ යනුවෙන් දැක්‌වේ. මෙම ප්‍රකාශය හා ඉලෙක්‌ට්‍රොaන ක්‍රියාකාරිත්වය අතර ඇති සබඳතාව හොඳින් විමසා බැලිය යුත්තකි.

මේ ලෝකයේ වසන්නවුන් තුළ සර්ව කාලික පදාර්ථයක්‌ ඇත. එය ශරීරය තුළ සිට එහි ක්‍රියා සියල්ලම පාලනය කරයි. එය ඉවත්වූ වහාම ඔහු මරණයට පත්වී දිරා කුණුවී යෑයි. එය අන්තර්යාමීන් ලෙස හැඳින්වේ. එය බ්‍රහමන් පදාර්ථයේත් විසෘෂට වූවකි. හින්දු මුනිවරු මෙම මූලධර්මය මත පිහිටා ජ්‍යෝතිෂය හා අනෙකුත් ගුප්ත විද්‍යාවන් ලෝකයට ප්‍රකාශ කර ඇත. එතුමන් සතු වූ එම දැනුම සාමාන්‍ය දැනුම ඉක්‌මවා යන ලෝකෝත්තර දැනුමකි. ලෞකික විද්‍යාන්වූ ජීව රසායන භෞතික පරිගනක වැනි විද්‍යාවන් සමග මෙය කිසිසේත් සම්බන්ධ කළ නොහැක. මිනිසාගේ ඉපදීම, ජීවත්වීම හා මරණය විද්‍යාඥයින්ට මෙන්ම අනෙක්‌ හැමදෙනාටම නොවැටහෙන අබිරහසකි. කිසිවකුගේ මෙහෙයවීමෙන් තොරව උපදින අපි අපිටවත් නොවැටහෙන පරිදි ජීවත්වී නොසිතන මොහොතක මියෑදෙන අතර මෙය පාලනය කරගැනීමට සමතෙක්‌ ලොව තුළ නැත. ගුප්ත විද්‍යාවන් සහ ආගම්වලින් මේ පිළිබදව යම් කරුණු අනාවරණය කර ඇත. ඒවා නවීකරණය කිරීමේ හැකියාව කිසිදු විද්‍යාඥයකුට හෝ උගතකුට නොමැති බව අවසන් වශයෙන් කිව යුතුව ඇත.

ජ්‍යෝතිෂ්‍ය හා ගුප්තවේදී පී. සී. පතිරණ

Post a Comment

0 Comments