සන්ධිවාත රෝගවල මුල් අවස්‌ථාවේදීම බොහෝ රෝගීන් බටහිර වෛද්‍ය ප්‍රතිකාරවල පිහිට පැතීම අපි මුලින් කිව්ව වගේම ප්‍රධාන දෙයක් නේ. මෙතෙන්දි වෙන්නේ වේදනාව නැතිවීම. නමුත් රෝගය සුව නොවී රෝග බීජය නොනැසී තියෙනවා. නමුත් ප්‍රතිකාර ලබා ගන්නා තුරු රෝගියාට සුවයක් තියෙනව. එම අවස්‌ථාවෙන් පසු මාස කිහිපයක් යනවිට සන්ධි ඉදිමීම, සන්ධි ආශ්‍රිතව ශබ්ද නිකුත් වීම, අස්‌ථි දිරායැම ක්‍රමයෙන් ඇතිවෙන්නෙ රෝගයට අවශ්‍ය නියම ප්‍රතිකාර නොලැබීම නිසා.
මෙතෙන්දි ඉදිමීමත් සමඟ ඇතිවන තත්ත්වයන් අස්‌ථිවල ඇති කාටිලේජ හෙවත් මැරබෝන් වර්ධනය නොවීම සිදුවෙනවා. කොහොම වෙතත් ආතරයිටිස් කිව්ව තරමින් බිය විය යුතු නැහැ. හේතුව මේ රෝගයට ප්‍රතිකාර තියෙන නිසා.
"දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝගය හඳුනාගන්නා ක්‍රමය ගැන පැහැදිලි කළොත්?
එකකින් දෙකකින් නොවෙයි කරුණු කිහිපයකින් අපි මේ රෝගය හඳුනා ගන්නවා. පළමුවෙන්ම වාචිකව ප්‍රශ්න කිරීමෙන්, නාඩි පරීක්‍ෂාවෙන්, බාහිර ලක්‍ෂණවලින්, රෝග නිධානය ගැන අවබෝධයක් ගැනීමෙන් වගේ දේවලින් අපි පැහැදිලිවම මෙම සන්ධිවාත රෝග වැළඳී ඇත්දැයි තීරණය කරනවා.
මෙම රෝගය වැඩි වශයෙන් බලපාන්නේ බර දරන සන්ධි ආශ්‍රිත වීම ප්‍රධානයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 45 - 50 පමණ වයස්‌වල පසුවන අයට බහුලව හැදෙන මෙම රෝගය සුවකළ නොහැකි රොගයක් හැටියට අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම භයානකයි. එවගේම දේශීය ප්‍රතිකාරවලින් මෙම රෝගය සුවකර ගැනීමට ඇති හැකියාව ගැන ජනතාවට නියම අවබෝධයක් නැතිවීමත් මෙම රෝග වර්ධනය කර ගැනීමට එක හේතුවක් වෙනවා. තවත් විශේෂයෙන් කිවයුතු දෙයක් තමයි සියලු සන්ධි වේදනා ආතරයිටිස් නොවෙයි. මේක තේරුම් ගැනීම ඉතාමත් ප්‍රයෝජන දෙයක් මෙන්ම වේදනා නාශක භාවිතයෙන් කිසි දිනෙක මෙම රෝගය සුවකර ගත නොහැකියි.
සන්ධි රෝග හා වාත රෝග ඇතිවීමට එක හේතුවක් තමයි කය වෙහෙසා වැඩ නොකිරීම. සන්ධි හොඳින් ක්‍රියාත්මක වෙන විධියට වැඩ කරනවා නම් මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන්. අද කාලෙ මේ රෝගය බහුලව හැදෙන්නෙ කාන්තාවන්ට. මොකද මේකට හේතුව, තම ගෙදර දොරේ වැඩපළ කිරීමට පහසු ක්‍රම යොදා ගැනීම නිසා. නිකමට හිතුවොත් බලන්න කාන්තා වන්ගෙන් කීයෙන් කී දෙනාද කියා පොල් ටිකක්‌වත් මිරික ගන්නෙ. එහෙමත් නැතිනම් බිම ඉඳගෙන එළොළුවක් ලූනු ගෙඩියක් කපන්නෙ කියලා. මේ සේරම යන්ත්‍රානුසාරයෙන් කරන්න ගියපුවාම තමන්ගෙ ඇඟපත සියල්ල අක්‍රිය වෙනඑක අහන්න දෙයක් නැහැ".
අපේ ඉස්‌සර කාන්තාවන්ට මෙවැ නි රෝග තිබුණද කියල පොඩ්ඩක් හිතල බලන්න. කොහොම වුණත් මෙවැනි රෝගවලින් වැළකෙන්න කොළ වර්ග ආහාරයට ගැනීම, සුදු මාළු වර්ග
ආහාරයට ගැනීම ඉතාමත් හොඳ වගේම රෝගය හොඳින් හඳුනාගෙන ප්‍රතිකාර කරන ඕනම වෛද්‍යවරයකුට මේ රෝගයට ප්‍රතිකාර කිරීම එතරම් අපහසු නැහැ.
මෙම අවස්‌ථාවේදී ආතරයිටිස් රෝගය වැළඳුණු කාන්තාවන් හා පිරිමින් විශාල ප්‍රමාණයක් වසන්ත කුමාර වෙදදුරුණන්ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණ ඇති අයුරු මට දැකගන්නට හැකිවුණු අතර ඉන් කිහිප දෙනකුගේ තොරතුරු මෙහි සටහන් කිරීම තවත් රෝගියකුට ප්‍රයෝජනයක් වේයෑයි මට සිතිණි.
රෝගීන් කියන කතා
මුලින්ම රාගම සිට පැමිණි මසිඩා මහත්මිය සමඟ සාකච්ඡාවකට පිවිසෙමින් ඔබ මේ රෝගයට ගොදුරු වීමෙන් ඇතිවන වේදනාව කුමක්‌දැයි ඇසීමි.
"මට මුලින්ම කොන්දේ වේදනාවක් ආවා. ඉන්පසු හන්දිවල ඇඟිලිවල උරහිසේ අමාරුකම් ආවා. මම මේකට මුලින්ම ගියේ ඉංග්‍රීසි වෙදකම් කරන්න. ඒත් බෙහෙත් බොනකම් හොඳයි. පැය කිහිපයක් යන කොට නැවත වේදනාව එනවා. බැරිම තැන තමයි මම සිංහල ප්‍රතිකාරවලට බැස්‌සෙ. දෙයියනේ කියල මම ඉස්‌සර වෙලාම බෙහෙත් ගත්තෙ මේ වෙද මහත්තයාගෙන්. ඒ ප්‍රතිකාරවලින් දැන් මට හොඳටම හොඳයි.
"ඉංග්‍රීසි ප්‍රතිකාරවලදී වගේ සැකයක් ඇති වෙන්නෙ නැද්ද මේ රෝගය තවත් හැදේවිද කියල", මම ඇයගෙන් නැවත ප්‍රශ්නයක් ඇසීමි.
"මට වෙද මහත්තය විශ්වාසයි. මම මෙතෙන්ට ආවේ තවත් ඒ වගේ සුවවෙච්ච රෝගියෙක් මාර්ගයෙන්. එයා නම් කිව්වෙ එයාටත් නැවත මේ රෝගය ආවෙ නැහැ කියලා. වෙද මහත්තයත් ස්‌ථීරවම පොරොන්දු වුණා මේ රෝගය තවත් වැළඳෙන්නෙ නැහැයි කියලා".
මේ තත්ත්වය වඩාත් තහවුරු කර ගැනීම සඳහා තවත් ආතරයිටිස් රෝගය වැළඳුණු කාන්තාවක සමඟ මම සම්බන්ධ වීමි. වේයන්ගොඩ සිට පැමිණ ඇති මෙම කාන්තාව කීවේ දණහිසේ පොල්කටු දෙක ගෙවිල වසර ගණනාවක් දුක් වින්දත් ජයවීර හෙළ වෙද මැදුරෙන් ප්‍රතිකාර ගෙන සති කිහිපයකට වඩා ගත නොවුණ බවත්ය. දැනට සියයට හැත්තැපහක් පමණ රෝගයෙන් සුව අතට හැරී ලැබී ඇති බව පවසමින් මෙතරම් ඉක්‌මනින් මෙම රෝගයෙන් නිදහස් වීමට හැකිවේයෑයි සිහි
නෙකින්වත් නොසිතූ බව පැවැසුවාය.
එවැනිම කාන්තාවක් වූ උඩුගම්පල සිට පැමිණි දමයන්ති සහ ගනේමුල්ල සිට පැමිණි රූපවතී යන මහත්මීන්ද මා හා පැවැසුවේ ආතරයිටිස් රෝගය වැළඳී ඇති බව දැනගත් දා සිට ජීවිතය ගැන පුදුම කලකිරීමක් ඇතිවූ බවයි.
සිංහල වෙදකමෙන් මේ රෝගය සුවකරන්න පුළුවන් කියල අපි අහල තිබුණත් ඒ ගැන අවබෝධයක් අපට තිබුණේ නැහැ. හැමදාම දොස්‌තර මහත්තය දීපු බෙහෙත් ටික බීල වේදනාව නැතිකර ගත්ත මිසක් ඉන් එහාට යම් ප්‍රතිකාරයක් අපට ලැබුණෙ නැහැ. දැන් තමයි මේ වෙදකමේ තියෙන බලවත්කම අපට දැනුණේ.
ආතරයිටිස් රෝගය දරුණුය. එමෙන්ම සාහිකය. ජාතිබේද, ආගම් බේද කුලබේද නොසලකා සැමට වැළඳෙන මේ ආතරයිටිස් රෝගය හෙවත් සන්ධිවාත නිසා දුක් විඳින්නෝ අපමණය. නමුත් එසේ දුක් විඳින්නේ රෝගයට නිසි ප්‍රතිකාර නැති නිසා නොවේ යෑයි අපට හැඟී ගියේ දේශීය වෙදකමේ මේ සඳහා නිසි ප්‍රතිකාර තිබෙන නිසාවෙන්ය.
එහෙත් කොතෙක් ප්‍රතිකාර තිබුණත් අන්ධානු කරණයෙන් ක්‍රියා කරන බොහෝ රෝගීන් දේශීය වෙදකමෙන් ගත යුතු සුවය සහ එහි ඇති බලවත් බව නොසලකා හරිමින් විකල්ප ක්‍රම සෙවීමට යැමෙන් මෙවැනි තත්ත්වයකට පත්වන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
වසන්ත කුමාර හෙළ වෙදදුරුගෙන් ප්‍රතිකාර ගත් බොහෝ රෝගීන් මට මුණගැසුණි. ඔවුන් හා කතා කිරීමේදී මට දැනගන්නට හැකි වූයේ සති කිහිපයක් වැනි කෙටි කලෙකින් ඔවුන් වසර ගණනාවක් වින්ද දුක නැතිකර ගැනීමට හැකියාවක් ලැබූ බවයි.
හෙළ වෙදකමේ ඇති මේ විශ්මිත භාවය ගැන අවබෝධයක් ලබා ගැනීමට මම නැවතත් වසන්ත කුමාර වෙදමහතා සමඟ සම්බන්ධ වෙමින් දින 60 ක් වැනි කෙටි කලකින් වසර ගණනක් දුක් විඳින මේ රෝගය සුවපත් කරගන්නේ කෙසේදැයි ඇසීමි.
මේ හැම දේටම මුල්වෙන්නෙ ඖෂධ ගුණය. මෙතෙන්දි ඒ ඒ රෝගයන්ට අදාළ ඖෂධ සංයෝගය නිවැරදිව දැන ගැනීම ඉතාමත් අවශ්‍යයි. ඒ විතරක් නොවෙයි හරියාකාරව රෝගය හඳුනාගත යුතුයි. මේ කාරණාවලට අමතරව රෝගියාගේ ගත වගේම සිත හැදීමත් තවත් කාරණයක්. තවත් දෙයක් තමයි අත් ගුණයේ බලපෑම විශේෂයි. කොහොම කොහොම හරි අපේ පරපුරෙන් පැවත එන මේ වෙදකම මටත් ඒ විදියටම පිහිටලා තියෙන නිසා මම බයක් සැකක් නැතිව පරණ පුස්‌කොළ පොත් ආශ්‍රයෙන් නිවැරදි ප්‍රතිකාරයන් කරනවා. මේ තත්ත්වය උඩ රෝගයේ ස්‌වභාවය අනුව දින ගණන් එහාට මෙහාට කරල රෝගය හොඳටම සුවපත් කරවනවා.
මෙතෙන්දි දේශීය වෙදකමෙන් මේ ආතරයිටිස් හෙවත් සන්ධිවාත රෝගය සුව කරන්න බැහැ කියනවානම් මම ඒ අභියෝගය භාරගෙන සුවකරල පෙන්වනවා. එහෙම නොහැකියාවක් තිබෙනවා නම් අපි රෝගියා රවටා පාපකර්ම කරගන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්නවා.
කොහොම වුණත් මම කියන්නෙ ආතරයිටිස් උත්සන්න වෙලා ඇවිදගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මම ඒ රෝගියා සුවපත් කරල තමන්ගෙ දෛනික වැඩ තමන්ටම කරගන්න පුළුවන් විදියට සුවපත් කරනවා.
බොහෝ රෝග පිළිබඳ විමර්ශනාත්මකව බලන කල හෙළ වෙදකමෙන් සුව කළ නොහැකි රෝගයක් නැතිවාක් මෙන් යෑයි මට සිතිණි.
විමලසිරි අගලකඩ
0 Comments