පිළිකා හැදෙන්න හේතු මෙන්න

වර්තමානයේ පිළිකා රෝගයට සාර්ථක ප්‍රතිකාරයක්‌ සලසා දිය හැකි බව කියන දඬුබැඳිරුප්ප පුලස්‌ති වෙද මැදුරෙහි වජිර ජීව කුමාර වෛද්‍යවරයා සමග තවත් සාකච්ඡාවකට අවතීර්ණ වෙමින් මෙතරම් ශීඝ්‍රයෙන් මෙම රෝගය වර්ධනය වීමට හේතු කවරේදැයි අපි අසීමු. මෙහිදී මෙම මාරාන්තික පිළිකාව වර්ධනය වීමට බොහෝ හේතුන් ඇති බවත් වර්තමානය වන විට ලොව පුරා මියයැමේ සංඛ්‍යාව ලක්‍ෂ ගණන් වැඩි වී ඇති බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රධාන වශයෙන්ම මම දකින්නේ මේ පිළිකා රෝගය වර්ධනය වීමට හේතුව අපේ පාලනයකින් තොරව ගෙන යන ආහාර රටාවයි. වසර ගණනාවක්‌ මේ සඳහා නොයෙක්‌ ජාතිකයන් කළ පර්යේෂණවල සාර්ථක අසාර්ථකභාවය ගැන කල්පනා කළොත් ලැබෙන පිළිතුර සෘණාත්මක අගයක්‌ ගන්නා බවයි මට දැනෙන්නේ.

පළමුවෙන්ම පිළිකා රෝගයට ගොදුරු වීමට හේතුකාරක විමසා බැලුවොත්, පරිනාමවාදයට ගොදුරු වූ මනුෂ්‍යාගේ ජීවන චක්‍රය වර්තමානය වන විට පරිසරයට අනුගත වී ස්‌වභාව ධර්මයෙන් ලැබිය යුතු දේ ලැබෙනවාද යන්න සොයා බැලීම මෙතැනදී ඉත්මත් වැදගත්a.

ඇත්තටම ස්‌වභාවධර්මයෙන් අපට දායාද කළ ජලය, වාතය හා මහපොළොව දීර්ඝ කාලයක්‌ අප හා බද්ධ වී තිබුණත් වර්තමානය වන විට මේ සියල්ල ඉතා දූෂිත වී තිබෙන බවක්‌ තමයි අපට නිරන්තරයෙන් දක්‌නට ලැබෙන්නේ. විශේෂයෙන් රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්‌ අවට පරිසරයට නිරාවරණය වීම තුළින් පරිසරය ඉතා දූෂණය වී ඇති ආකාරයත් ඒ පරිසරයේ හැදෙන වැඩෙන සියලු ආහාරවලට මේ රසායනික ද්‍රව්‍ය සංයෝග වෙලා තියෙන බවත් අපි අමතක කරලයි තියෙන්නේ.

අපි නිකමට මේ ගැන විස්‌තර කළොත් මේ විෂ සහිත ආහාරවල ඇති අන්තරායය ගැන කවුද පාරිභෝගිකයන්ට වටහල දෙන්නෙ. මොන සංවිධානයද ඊට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඇත්තටම එහෙම පැහැදිළිකිරීමක්‌ අපි දන්න තරමින් ඉදිරිපත් වෙලා නැහැ. ඔය විශාල වශයෙන් කෑගහන සෞඛ්‍ය සංවිධානත් අපි දන්න විදියට මේ දූෂිත ආහාර රටාව ගැන දැනුවත් කරල නෑ. ඒ වගේම යම් යම් අවස්‌ථාවලදී මේ විෂ සහිත ආහාර මහජනයාට කවපු මිනිස්‌සු ගැනවත් නීතිය ක්‍රියාත්මක කරන්නෙ නෑ.

අපි උදාහරණයක්‌ ගත්තොත් කර්මාන්තශාලා වලින් පිට කරන විෂ වායු, වැවිලි බෝගවලට යොදන කෘමි නාශක, ඒ වගේම රසායනික පොහොර, වල් නාශක පසට හා ජලයට එකතු වීම පමණක්‌ නොව වාෂ්ප වීමෙන් උඩු ගුවනට ගිහිල්ල වර්ෂාව මගින් නැවත පොළොවට වැටීම අපට වළක්‌වන්න බැහැ. මෙතැනදී පොළොවට එකතුවන ඒ විෂ අපට නොදැනෙන්න කෙරෙන්නේ බරපතළ හානියක්‌.

මෙහෙම පරීක්‍ෂාවෙන් බලනකොට අපට පැහැදිළි වෙන්නෙ කොතරම් ප්‍රමාණයක්‌ අපේ ශරීරයට වස විෂ එකතුවනවද කියලනේ. එම වස විස සතා සර්පයාගේ සිට සෑම සත්වයාගේම ශරීරයට එකතු වෙලා බොහෝ රෝගවලට මග පාදන එක අපට වළක්‌වන්න බැහැ.

මේ වගේ පරිසරයක දුම් පානයක්‌ පිළිකාව වැළඳීමට තවත් අත්වැලක්‌ සපයන බව අපට නොදැනෙන සේ කෙරෙන කාර්යයක්‌. මේ රෝග පාලනය හා සුවය සඳහා පළමුවෙන්ම ඉතා ප්‍රධාන විය යුත්තේ ශරීරයේ ප්‍රතිදේහ ස්‌නායු ප්‍රාණවත් කිරීමයි.

මේ අපේ ශරීරයේ ප්‍රතිදේහ පෝෂණයට නිරන්තරයෙන් ඕන වෙන්නේ පිරිසිදු වාතය. ඒ වගේම ජීවන සතුට හා ප්‍රීතිය. එහෙම නොවී දුක්‌මුqසු සිතුම් පැතුම් ශරීරය අඩපණ වීමට ප්‍රධාන හේතුවක්‌ වෙන එක වළක්‌වන්න බැහැ.

මේ හැම කාරණයක්‌ ගැනම සලකා බැලීමේදී අපේ රටේ පිළිකා රෝගීන්ගේ ප්‍රවණතාව ඉහළ අගයක්‌ ගන්නා බව පැහැදිළිව පේන දෙයක්‌. අද දවස වන විට මේ තත්ත්වයට ගොදුරු වෙච්ච රෝගීන් බහුතරයක්‌ ඉන්න බව රෝහල්වල ප්‍රතිකාර ගන්න ප්‍රමාණය දිහා බලපුවහම පේනවා.

දවසින් දවස වර්ධනය වන මේ පිළිකා රෝගයට ගොදුරුවන්නන් බේරා ගැනීමට ක්‍රමවේද නැතිව නොවෙයි. නමුත් ඒ සඳහා තවමත් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක නොවීම කනගාටුවට හේතුවක්‌.

මේ වර්ධනයට තවත් ප්‍රධාන හේතුවක්‌ තමයි ලෝකයේ වැඩි පිරිසක්‌ සුදු ආහාරවලට යොමු වීම. විශේෂයෙන් අපි මෙතනදී සුදු ආහාර කිව්වේ තිරිඟු පිටි වගේම ඒවායින් හදන ආහාර වර්ග. දැනට සොයාගෙන තියෙන වාර්තා අනුව වසරකට එක පුද්ගලයෙක්‌ සීනි සහිත ආහාර කිලෝ 60 ක්‌ වගේ ප්‍රමාණයක්‌ ගන්නවා. ඉතිං රෝග වර්ධනයට ඒක හේaතුවක්‌ නොවෙයිද?

පාරම්පරික වෛද්‍යවරයකු හැටියට මේ රෝග ව්‍යාප්තිය පාලනයට ගතයුතු පියවර ගැන පැහැදිළි කිරීමක්‌ කළොත් -

මුලින් කී කාරණා ප්‍රධානය. ඒ කියන්නේ ආහාර රටාව මුළුමනින්ම වෙනස්‌ කළ යුතුයි. කෘතීම ආහාරවලින් ඉවත් විය යුතුයි. ස්‌වාභාවික වස විස නැතිs ආහාර තමන්ගේම ගෙවත්තේ වුණත් හදාවඩා ගන්න පුළුවන්නේ. ඉතිං ඒ වගේ ආහාර වැඩියෙන් ගත යුතුයි.

මම මෙතැනදී මෙහෙම කියනවා. මොකක්‌ද අපේ රටේ පැරැන්නන්ගේ ආහාර වේල් ගත්තොත් ඉතාම සරලයි, වගේම පෝෂ දායකයි.

අද ඒවා සියල්ල අමතක කරලා කෘත්‍රිම ආහාරවලට යොමුවෙලා. එදා කොස්‌ ඇටයක තිබුණ පෝෂණ ගුණය අද බිත්තරයකින්වත් ගන්න බෑ. අපේ දෙමව්පියෝ මේ කොස්‌ ඇටය පවා කල්තබාගෙන ආහාරයට ගන්න ක්‍රම භාවිත කළා. අද කොස්‌ ඇටයක්‌ ගෙදරට ගේන්නෙත් නැහැ.

මී පැණි කියන දේ බලන්න. මේක මහ ලොකු වාජීකරණයක්‌. අද මී පැණි කඳුළක්‌ සොයන්න අධික වෙහෙසක්‌ ගන්න ඕන. ඒ වගේම දුම් පානය කළා නම් ඒකත් ඖෂධීය දුම්පානයක්‌ තමයි කළේ. අපි කොච්චර නරකද කියලා කිව්වත් මේ කංසා කියන වර්ගය මිනිස්‌ සිරුරට උත්තේජනයට වගේම ලෙඩ රෝග රැසක්‌ මර්දනයටත් ලොකු ඖෂධයක්‌. අද කාලේ මේක ටිකක්‌ ළඟ තබා ගත්තත් හිරේ විලංගුවේ වැටෙන වැඩක්‌. එදා අපේ පැරැන්නන් මේවා භාවිත කළේ ඖෂධීය පානයක්‌ හැටියට.

අවසාන වශයෙන් මේ පිළිකා රෝගය ගැන කියන්න තියෙන්නෙ මොන වගේ කාරණයක්‌ද වජිර කුමාර වෛද්‍යවරයාගේ අර්ථාන්විත කතාබහ අවසන් කිරීමේ අදහසින් මම විමසුවෙමු.

පිළිකාවක්‌ වගේ දෙයක්‌ හඳුනා ගැනීම ලෙහෙසි පහසු නැහැ. මේක ටිකෙන් ටික වර්ධනය වෙනකොට තමයි දැනෙන්නෙ. යම් විදියකින් ඒ වගේ තත්ත්වයක්‌ තමුන්ට දැනගන්න ලැබුණොත් වහාම සිංහල ප්‍රතිකාරයකට යොමුවුණොත් බරපතළ තත්ත්වයෙන් බේරා ගන්න පුළුවන්.

බටහිර වෛද්‍ය විද්‍යාවට අපි කිසිසේත් ඇඟිල්ල දික්‌කරන්න අදහසක්‌ නැහැ. නමුත් අපේ අත්දැකීමේ හැටියට අපේ පුලස්‌ති වෙද පරම්පරාවෙන් මේ සඳහා විශේෂ ඖෂධ පිළියෙළ වෙලා තියෙනවා. අපේ ප්‍රතිකාර තුළින් සුවපත් වූ රෝගීන් අනන්තයි අප්‍රමාණයි. ඒ අත්දැකීම් තුළින් අපට කියන්න පුළුවන්කම තියෙන්නේ සිංහල ප්‍රතිකාරවලට යොමුවීම තුළින් රෝගයට වඩා රෝග නිධානයට වගේම ලේ තුළ වර්ධනය වන පිළිකා සෛල ඉවත් කරලා ක්‍රමානුකූල ප්‍රතිකාරයක්‌ ලබාදෙනවා කියන එකයි.

දිනෙන් දින වර්ධනය වන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක්‌ ගන්නා වර්තමානයේදී අපට අසන්නට ලැබෙන්නේ ඔවුන්ගේ දුක්‌ඛ දෝමනස්‌ස කතන්දරය. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පිහිට පතා ඉන්ද පිළිසරණක්‌ නොලබා සිංහල ප්‍රතිකාර ගෙන සුවපත් වූවෝ දහස්‌ ගණනකි. එවැන්නන්ද අපට අනන්ත අප්‍රමාණ ලෙස දැක ගන්නට ලැබිණි.

එවැනි යුගයක හෙළ ඔසුවෙන් පිළිකා රෝගීන්ට මහත් ඵලයක්‌ ලබා දීමේ පරම පවිත්‍ර ෙච්තනාවෙන් ගලේවෙල ගල්කිරියාගම දඬුබැඳිරුප්ප පුලස්‌ති වෙද මැදුරේ වෛද්‍ය වජිරජීව කුමාර සමග පිළිසඳරක යෙදෙමින් මෙම ලිපිය සකස්‌ කරන්නට අදහස්‌ කළෙමි.

විමලසිරි අගලකඩ
දිවයින පුවත්පත

Post a Comment

0 Comments