ග්‍රහ බල , රාශි බල , භාව බල , යෝග බල වර්ධනය කරන සුබ කර්තරී සුභ යෝගය

ග්‍රහ බල , රාශි බල , භාව බල , යෝග බල වර්ධනය කරන සුභ කර්තරී සුභ යෝගය
පෙර ලිපියක් මගින් පාප කර්තරී අසුභ යෝගය පිලිබදව පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.මෙම ලිපිය මගින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ ජම්ම කේන්ද්‍රයේ සුබ තත්වයන් වර්ධනය කරනු ලබන සුබ කර්තරී සුබ යෝගය පිලිබදවයි.



සුබ යෝගය යෙදෙන ආකාරය.

ජම්ම කේන්ද්‍රයේ කිසියම් ග්‍රහයෙකු හෝ කිහිප දෙනෙක් ලග්නයේ තැම්පත්ව සිටියදී එම ලග්න භාවය දෙපස භාවයන්හි,එනම් දෙවැන්නේ සහ දොලොස්වැන්නේ සුභ යැයි සම්මත ග්‍රහයන් තැම්පත්වීමෙන් මෙම යෝගය නිර්මාණයවේ.ලග්නයේ ග්‍රහයෙකු තැම්පත්ව සිටියත් නැතත් ලග්නය දෙපස භාවයන්හි සුබ ග්‍රහයන් තැම්පත්ව සිටින්නේ නම් එය සුබ කර්තරී යෝගය ලෙස සලකනු ලබයි.

මෙහිදී සුබ යෝගය ලග්නයට යෙදීමේදී පමණක් එය සුභ කර්තරී යෝගය ලෙසින් හැදින්වූවත් ජම්ම කේන්ද්‍රයේ ඕනෑම භාවයක් මුල්කරගනිමින් මෙම සුභ යෝගය යෙදිය හැකිය.එහිදී සිදුවන්නේ එම භාවයට සහ එම යෝගයට හසුවන ග්‍රහයන්ගේ සුභ තත්වය වර්ධනය කිරීමක් පමණි.

ඉහත දැක්වෙන සටහනේ 01 රූපය යටතේ දැක්වෙන්නේ ලග්නයට යෙදෙන සුභ කර්තරී යෝගයයි.මෙලෙස ලග්නයට යෙදෙන සුභ කර්තරී සුභ යෝගය මගින් එම පුද්ගලයාගේ ජීවිතයේ යහපත වර්ධනය කරනු ලබයි.කුමන කටයුත්තකදී උවත් තම හැකියාවන් සාර්තකව භාවිතා කරන අයෙකුවේ.සමාජයේ යහපත් පුද්ගලගෙකු ලෙස පිලිගැනීමක්,ප්‍රසිද්ධියක් ලබයි.යහපත් වචන භාවිතා කරන සිනහමුසු  මුහුණින් යුතුව සැවොම පිලිගන්නා අයෙකු බවට පත්වේ.එවැනි ගුණයන් වර්ධනය වන විට එම ගුණයන් සමාජය සමග බෙදාගන්නා විට නිතැතින්ම තම නාමයේ ගෞරවය අන් අයගේ පිලිගැනීමකට ලක්වනු ඇත.

ඉහත 01 රූපයේ දැක්වෙන මේෂ ලග්න කේන්ද්‍රයේ ලග්නාධිපතියා ලග්න භාවයේම තැම්පත්ව සිටී.කුජ ග්‍රහයා මේෂ ලග්නය වී ලග්න භාවයේම තැම්පත්වන විට එය රුචක නම් පංචමහා පුරුෂ යෝගය වේ.මෙහිදී එම රුචක යෝගය යෙදෙන ලග්න භාවය දෙපස භාවයන් හි,එනම් ලග්නයෙන් දෙවැන්නේ සිකුරු ග්‍රහයාද,ලග්නයෙන් දොලොස්වැන්නේ ගුරු ග්‍රහයාද තැම්පත්ව සුබ කර්තරී යෝගයද නිර්මාණය කර ඇත.එවිට ලග්නයෙන් කියවෙන සමස්ත ජීවිතයත්,රුචක නම් පංචමහා පුරුෂ යෝගයෙන් ලැබිය යුතු බලවත් සුභ තත්වයන් තව දුරටත් වර්ධනය වීමක් සිදුකරයි.

එමෙන්ම මෙම සුබ කර්තරී යෝගය කේන්ද්‍රයේ ඕනෑම භාවයක් මුල්කරගනිමින් යෙදිය හැකි බව ඉහත සදහන් විය.02 රූප සටහන මගින් එය පැහැදිලිව හදුනාගත හැකිවනු ඇත.ලග්නයෙන් සිවැන්නේ බුධ ග්‍රහයා තැම්පත්ව සිටින මිථුන ලග්න කේන්ද්‍රය දෙස බලන්න.මිතුන ලග්න කේන්ද්‍රයක සිව්වැන්න වන්නේ කන්‍යා රාශියයි.කන්‍යා රාශිය තුළ බුධ ග්‍රහයා උච්ච බලය ලබයි.ඉහත කේන්ද්‍රයේ සිවැන්න කන්‍යා රාශිය වන්නේ කේන්ද්‍රස්තානයක්ද වෙමිණි.කේන්ද්‍රස්තානයක් තුළ බුධ ග්‍රහයා උච්ච බලය ලබයි නම්,එය බද්ද්‍ර නම් පංචමහා පුරුෂ යෝගයද වන්නේය.ඉහත 02 රූපසටහන මගින් දැක්වෙන කේන්ද්‍රයේ එම පිහිටීම පවතී.එමෙන්ම එහි රවි සහ බුධ ග්‍රහයන් යෝගව සිටීම අනුව බුධ ආදිත්‍ය හෙවත් නිපුණ නම් බුද්ධි යෝගයද නිර්මාණය වී ඇත.එම රවි සහ බුධ ග්‍රහයන් දෙපස සිකුරු සහ ගුරු යන සුබ ග්‍රහයන් තැම්පත්ව සුබ කර්තරී යෝගය නිර්මාණය කර ඇත.

මේ අනුව ලග්නයෙන් හතරවැන්නෙන් කියවෙන නිවාස දේපල වාසනාවත්,මවගේ තත්වයත්,නිපුණ යෝගයෙන් කියවෙන බුද්ධිමත් බව සහ උසස් අධ්‍යාපනික හැකියාවත්,බද්ද්‍ර යෝගයෙන් කියැවෙන බලවත් සුබ තත්වයේත් පැහැදිලි සුබ තත්වයන් වර්ධනය කිරීමට සුබ කර්තරී සුබ යෝගය ක්‍රියාත්මක වනු ඇත.ඉහත 02 කේන්ද්‍රයට ලග්නාධිපතියා වන්නේද බුධ ග්‍රහයා බැවින් සුබ යෝගයෙන් ඇතිකරනු ලබන සුබ තත්වය සමස්ත ජීවිතයටම බලපානු ඇත.

එමෙන්ම පාප ග්‍රහයෙකු කෙන්ද්‍රයක පාප බලයෙන් යුතුව අසුබ තත්වය ඇති කරමින් අසුබ ස්තානයක තැම්පත්ව සිටින්නේ නම් එම ග්‍රහයාට සුබ කර්තරී යෝගය යෙදී ඇතිනම්,අසුබ ග්‍රහයාගේ අසුබ තත්වය කිසියම් ප්‍රමාණයකට දුර්වලවී යනු ඇත.

මෙලෙස ගත්විට ඕනෑම කේන්ද්‍රයක ඕනෑම භාවයක්,ග්‍රහයෙක් මුල්කරගනිමින් මෙම සුබ කර්තරී සුබ යෝගය යෙදිය හැකිය.එම යෝගය යෙදෙන ස්තානය සහ ග්‍රහයා අනුව ඒ ඒ ආකාරයෙන් සුබ තත්වයන් වර්ධනය වන බව පෙන්වාදිය හැකිය.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments