සෙනසුරුගෙන් යෙදෙන ඒරාශ්ටක අපලයන් කිහිපයකි.ජම්ම ඒරාශ්ටක අපල,ලග්න ඒරාශ්ටක අපල,ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය,චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය,සූර්ය ඒරාශ්ටක අපල ආදී වශයෙන් සෙනසුරු ග්‍රහයාගෙන් ඒරාශ්ටක අපල තත්වයන් ඇතිකරවයි.මෙම ලිපිය මගින් හදහන ලංකා පාඨක ඔබට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය යෙදෙන ආකාරය සහ එම අපලය යෙදීමෙන් ඇතිකරවන අසුභ බලපෑම පිලිබදවයි.
ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය යෙදෙන ආකාරය
ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය ලෙසින් හැදින්වෙන්නේ සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් අටවැන්නේ ගමන් කරන වසර දෙකයි මාස හයක පමණ කාලයයි.
ලග්න අශ්ටම ඒරාශ්ටක අපලයේ ප්‍රතිඵල
සිත් තැවුල් ඇතිවිය හැකි කාලයකි.සිතෙහි සැනසිලිදායක තත්වය දුරුවී ගොස් සෑම කටයුත්තකම කිසියම් අසුබ ප්රතිඵලයන් වලට මුහුණ දීමට සිදුවිය හැකි කාලයකි.තම හිතවතුන් මිතුරන් අමනාප වන කාලයකි.ඔවුන් තමන්ගේ කටයුතු වලට බාදා ඇතිකරනු ඇත.තමාටත් දමාපියන්ටත්,පවුලේ අනෙකුත් සාමාජිකයන්ටත් විපත්ති දායක කාලයකි.හදිසි අවමංගල්‍ය අවස්තාවන් යෙදෙනු ඇත.තමා විසින් එක් රැස් කරන ලද ධනය නිකරුණේ වියදම්වේ.ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතු තුලින් සිතන ප්‍රමාණයට ලාබ ලැබීමට නොහැකිවී යනු ඇත.රැවටීම්,වංචා ආදී ප්රයෝගයන්ට හසුවන කාලයකි.
එමෙන්ම නිතර කේන්තියන කාලයකි.කරන කියන සෑම කටයුත්තක් අවසානයේම සිතට පීඩා ඇතිවන ආකාරයේ සිදුවීම් සිදුවිය හැකිය.නිතර අසනීපයන් වලට ලක්විය හැකිය.බෝවන රෝගයන්ට පහසුවෙන් ගොදුරු වනවා ඇත.සමස්තයක් ලෙස මෙම කාලසීමාව ශරීර ශක්තිය දුර්වලව පවතින කාලයකි.පවුලේ සාමාජිකයන්ට පවා ලෙඩදුක් කරදර ඇතිවේ.රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලැබීමට පවා සිදුවන කාලයකි.දුර බැහැර ගමන් යෙදේ.එම ගමන් තුලදී පවා හදිසි අනතුරු විපත් ඇතිකරවයි.
නීතිමය ගැටලු ඇතිවිය හැකි කාලයකි.නැතිනම් තමා විසින් නොකරන ලද වැරදි සදහා වැරදි කරුවෙකු වීමට සිදුවනවා ඇත.පෙර කරන ලද,කාලයක් යටපත්ව පැවති වැරදි නැවත මතුවීමට පිලිවෙන.නීතිමය ගැටලු ඇතිවුවහොත් එයින් තමාට ලැබිය හැකි පිලිසරණ අවම කාලයකි.තමා උදව් උපකාර කරන ලද අය පවා පිටුපා යන කාලයකි.චරිතයට ගෞරවයට හානි ඇතිවේ.තමා පිලිබ්දව නරක පැතිර යන කාලයකි.කේලම් කටකතා ආදියට හසුවිය හැකිය.කෙසේ නමුත් රහසින් හෝ පව් කිරීමට පෙලබෙන කාලයක් නිසා ප්‍රවේසමෙන් කටයුතු කිරීම වැදගත්ය.තම පවුලේ සාමාජිකයන් සමග පවා ආරවුල් ඇතිවන අතර ඔවුන්ගෙන්ද ඔබ පිලිබදව හොදක් ඇසීමට නොහැකිවේ
අමනුෂ්‍ය දෝශයන්ට හසුවේ.සුවදායක නින්දක් ලැබීම පවා අපහසුය.තමාට නොමැති ප්‍රශ්ණ පිලිබදව පවා තම සිතෙහි පීඩාකාරී තත්වයන් ඇතිකරවයි.කල්පනා කරමින් සිටීමට වැඩි කාලයක් ගතකරයි.තම ප්‍රධාන කටයුතු පවා අතපසුවී යන කාලයකි.විවාහ දිවියේ ගැටලු ඇතිකරවයි.නොගැලපෙන ප්‍රේම සබදතා ඇතිකරයි.අයහපත් මිත්‍ර ඇසුරට යොමුවන කාලයකි.අධික ලෙස රාගාධිකව කටයුතු කරයි.මත්පැන් බාවිතය ආදී දුසිරිත් වලට යොමුවිය හැකිය.
තමා පනමෙන් සුරැකිදේ කැඩී බිදී යාමට හෝ අහිමි වීමට ඉඩ ඇත.ප්‍රේම සබදතා බොහෝ අවස්තා වලදී කැඩීබිදී යන අතර නව ප්‍රේම සබදතා ඇතිවේ.එලෙස ඇතිවන සබදතා බොහෝ අවස්තා වලදී තම තත්වයට නොගැලපෙන සබදතා විය හැකිය.එමෙන්ම එලෙස ඇරබෙන සබදතා කාලයක් පවත්වාගෙන යාම පවා අපහසුවේ.
ඒරාශ්ටකය අවසන් වනවා සමග තමා විසින් අපල කාලය තුලදී කරන ලද මොඩකම් පිලිබදව මනා වැටහීමක් ලබනවා ඇත.ඒරාශ්ටකයක් යනු ජීවිතයේ අමතුම කාල පරිච්ඡේදයකි.එම කාලය ජීවිතයට බොහො අත්දැකීම් ලබාදෙනු ඇත.එම අත්දැකීම් සමග ඒරාශ්ටකයෙන් පසු එලබෙන කාලය මනා සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කිරීමට හැකිවෙනවා ඇත.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
0 Comments