ජ්‍යෙතිෂ මූල ග්රන්තයන් හි සහ දැනට ලංකාවේ ජ්‍යෙතිෂ උගතුන් විසින් රචනා කරන ජ්‍යෙතිෂ ග්රන්තයන්හි විශේෂ වැදගත්කමක් සහිතව හදුන්වනු ලබනා ග්‍රහ යෝගයක් ලෙස ධර්ම කර්මාධිපති නම් රාජ යෝගය දැක්විය හැකිය.එලෙස විශේෂ ස්තානයක තබා හදුන්වන ධර්ම කර්මාධිපති නම් රාජ යෝගය ලග්න දොලසින් උපන් ඔබගේ කේන්ද්‍රයේද පිහිහිටා තිබිය හැකිය.නමුත් වෘෂභ රාශියෙන් උපන් ඔබට මෙම යෝගය නොපිහිටයි.ධර්ම කර්මාධිපති රාජ යෝගය වෘෂභ ලග්නයට හැර අනෙකුත් ලග්න හිමියන්ට යෙදෙන ආකාරය පිලිබදව පහතින් දැක්වේ.
මෙම රාජ යෝගය යෙදෙන ආකාරය.
ඕනෑම කේන්ද්‍රයක ධර්මස්තානය හෙවත් පූර්ව පෙරපිං බලය පිලිබදව කරුනු කියැවෙන ස්තානය ලෙස ලග්නයෙන් නමවැන්න සහ නමවැන්නාධිපතියා හැදින්විය හැකිය.එමෙන්ම නමවැන්න භාවිතා කරමින් උසස් අධ්‍යාපණික හැකියාවන් විදෙස් ගමන් සහ පියා සහ පිය පාර්ශවයේ යම් යම් තත්වයන් හදුනාගත හැකිය.පුද්ගල මනස තම ආගම දහම,ගුණ ධර්ම කෙරෙහි පවත්වනු ලබන ලැදියාවන් පිලිබදවත් නමවැන්න සහ නමවැන්නාධිපති ග්‍රහයා හදුනා ගනිමින් පැහැදිලි අදහසක් මතුකරගත හැකිය.ජම්ම කේන්ද්‍රයේ ලග්නයෙන් දසවැනි භාවය භාවිතා කරමින් කේන්ද්‍රය හිමි පුද්ගලයාගේ රැකියාව,රැකියාවේ තත්වය පියා පියා පිලිබදව තමා තුල පවතින ආකල්පය ආදී බෝහෝ තොරතුරු පිලිබදව පැහැදිලි කිරීමක් ඉදිරිපත් කල හැකිය.
නමවැන්න වූ ධර්මස්තානයත් දසවැන්න වූ කර්මස්තානයත් අධිපති ග්‍රහයන් දෙදෙනා මුල්කර ගනිමින් ධර්ම කර්මාධිපති නම් රාජ යෝගය උදාවේ.මෙම යෝගය යම්කිසි කේන්ද්‍රයක සුභ ස්තානයන්හි ( 1.2.4.5.7.9.10.11 ) පිහිටා ඇතිනම් සුභ තත්වයන් වර්ධනය කරන අතර අසුභ ස්තානයන් ලෙසින් හැදින්වෙන ( 6.8.12 ) ලග්නයෙන් හයවැන්න අටවැන්න හෝ දොලොස්වැන්න යන ස්තානයක පිහිටා තිබේ නම් සුභ තත්වයන් දුර්වල විය හැකි මෙන්ම යම් අවස්තාවක කිසිදු සුභ තත්වයක් ඇති නොකරනු ඇත.
මේෂ ලග්නයෙන් උපන් ඔබට නමවැන්න අධිපති ගුරු ග්‍රහයාත් දසවැන්න අධිපති සෙනසුරු ග්‍රහයාත් යෝගව පිහිටයි නම් ධර්ම කර්මාධිපති නම් රාජ යෝගය උදාවනු ඇත.
වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ නමවැන්න සහ දසවැන්න යන ස්තානයන් දෙකම සෙනසුරු ග්‍රහයාට අයත් ස්තානයන් වන හෙයින් ධර්ම කර්මාධිපති නම් රාජ යෝගය උදාවන්නේ නැත.
මිථුන ලග්නයෙන් උපන් ඔබගේ නමවැන්නේ අධිපතිභාවය සෙනසුරුටත් දසවැන්නේ අධිපතිභාවය ගුරු ග්‍රහයාටත් හිමිවේ.මෙම සෙනසුරු සහ ගුරු යන ග්‍රහයන් දෙදෙනා යෝගව සිටින්නේ නම් ඔබට ධර්ම කර්මාධිපති නම් රාජ යෝගය උදාවී පවතී.
කටක ලග්නයෙන් උපන් ඔබට ගුරු සහ කුජ ග්‍රහයන් දෙදෙනා යෝගව සිටින්නේ නම් ධර්ම කර්මාධිපති රාජ යෝගය උදාවී පවතී.
සිංහ ලග්නයෙන් උපන් ඔබට කුජ සහ සිකුරු ග්‍රහයන් යෝගවීම ධර්ම කර්මාධිපති රාජ යෝගය උදාවීමයි.කුජ සිකුරු යෝගව සිටීම අධිකාම යෝගයක් ලෙසින් හැදිවූවත් කේන්ද්‍රයේ සුභ ස්තානයක මෙම යෝගය යෙදී සුභ ග්‍රහයන්ගෙන් බලවත් වන තරමට රාජ යෝගයේ බලය ක්‍රියාත්මක වනු ඇත.
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට බුධ සහ සිකුරු ග්‍රහයන් කේන්ද්‍රයේ යම්කිසි ස්තානයක යෝගව පිහිටා ඇත්නම් එය ධර්ම කර්මාධිපති රාජ යෝගයවේ.
තුලා ලග්නයෙන් උපන් ඔබට සදු සහ බුධ යෝගව සිටීම ධර්ම කර්මාධිපති නම් රාජ යෝගය ගොඩනගනු ඇත.
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට රවි සහ සදු ග්‍රහයන් යෝගව සිටීනම් එය ධර්ම කර්මාධිපති රාජ යෝගය ලෙස සැලකිය හැකිය.
ධනු ලග්නයෙන් උපන් ඔබට රවි සහ බුධ යන ග්‍රහයන් යෝගව සිටීනම් එය ධර්ම කර්මාධිපති රාජ යෝගයවේ.රවි සහ බුධ ග්‍රහයන් දෙදෙනා බොහෝ අවස්තාවන් වලදී යෝගව සිටින හෙයින් ධනු ලග්න හිමියන් බොහෝ දෙනෙකුට මෙම රාජ යෝගය යෙදේ.
මකර ලග්නයෙන් උපන් ඔබගේ සිකුරු සහ බුධ යන ග්‍රහයන් යෝගව සිටින්නේ නම් එය ධර්ම කර්මාධිපති රාජ යෝගය වේ.
කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කුජ සිකුරු යන ග්‍රහයන් කේන්ද්‍රයේ යම් ස්තානයක යෝගව සිටින්නේ නම් එය ධර්ම කර්මාධිපති රාජ යෝගය වන්නේය.
මීන ලග්නයෙන් උපන් ඔබගේ කුජ ගුරු යෝගව සිටීම ධරම කර්මාධිපති රාජ යෝගය ලෙසින් සැලකිය හැකිය.
ධරම කර්මාධිපති රාජ යෝගයේ ප්‍රතිඵල
අප පරීක්ෂා කරනු ලබන බොහෝ කේන්ද්‍රයන්හි රාජ යෝගයන් එකක් හෝ දක්නට ලැබේ.නමුත් එම කේන්ද්‍ර හිමියන් රජ වරුන් නොවේ.රාජ යෝගයක් ලෙසින් කිසියම් යෝගයක් හැදින්වූවත් එහි ප්‍රතිපලය රජවීමම නොවේ.රජවීමට නම් දේශපාලනික පසුබිමක් සහිතව උපතලබා සිටිය යුතුය.නැතිනම් එම පසුබිම ගොඩනගා ගත යුතුවේ.මෙහිදී අප කතාකරන ධර්ම කර්මාධිපති රාජ යෝගය සහිතව උපත ලබන්නා තම උපන් තත්වයට වඩා බොහෝ ඉහලට පියවරෙන් පියවර ඉවසීමෙන් යුතුව ගමන් කරන අයෙකි.මිනිස් ජීවිතයක කිසියන් ආකාරයක පැහැදිලි උසස් වීමක් ඔවුන් විසින් ගොඩනගනු ඇත.එය ධනය අතින් විය හැකිය.එය බලය අතින් විය හැකිය.නැතිනම් ගුණ ධර්ම අතින් විය හැකිය.ඔහු පිලිබදව සමාජය පැහැදිලි අවබෝධයකින් කටයුතු කරනු ඇත.
මෙම යෝග තත්වය ලග්න ගතව පිහිටා ඇත්නම් සමස්ත ජීවිතයටම බලපාන ආකාරයේ සුභ තත්වයන් ඇතිකරයි.ධාර්මිකව උපය සපයා ගන්නා තමාගේ මෙන්ම පවුලේ අන් අයගේ යහපත වෙනුවෙන් තම ශක්තිය කැපකර කටයුතු කරන අයෙකුවේ.බුද්ධිමත්ව කටයුතු කරමින් තමාටත් සමාජයටත් සේවයක් කරනා අයෙකු වනු ඇත.දෙවැන්නේ යෙදෙන මෙම යෝග බලය දැහැමෙන් සෙමෙන් ධනය උපයන එම උපයන ධනය යහපත් කටයුතු සදහා භාවිතා කරනු ඇත.වචනයෙන් සිනහවෙන් සමාජය වසග කරන කරන අයෙක් වනු ඇත.විවාහ දිවිය සාර්තකව පවත්වාගෙන යනු ඇත.
තෙවැන්නේ යෙදෙන මෙම යෝගයේ බලයෙන් මතක ශක්තියේ සාර්තක ප්‍රතිපලයක් ලෙස උසස් ඉගනීමකටත් රාජ්‍ය අංශයේ රැකියාවකටත් හිමිකම් කියනු ඇත.සහෝදර සහෝදරියන්ටත් අසල්වැසියන්ටත් සමාජයටත් යහපත සලසන අයෙකු වනු ඇත.මාධ්‍ය අංශයේ කටයුතු කිරීමේ සහජ හැකියාවකින් යුතුය.නිසි වයසේ සාර්තක විවාහ දිවියක් අරබනු ඇත.
සිව්වැන්නේ යෙදෙන මෙම යෝගයේ බලයෙන් ධාර්මිකව තම බලය ගොඩනගන අයෙකු වනු ඇත.දේපල වාසනාව උපතින්ම ඇති අයෙකු වනු ඇත.නැතිනම් පියවරෙන් පියවර එම වාසනා ගුණය වර්ධනය කරනු ඇත.ගෘහ ජීවිතය සාර්තක අයෙකි.මවට මව්පාර්ශවයට වැඩි ඇල්මක් දක්වන අයෙකුවේ.උසස් රැකියා හිමිකම් ලබනු ඇත.
පස්වැන්නේ යෙදෙන මෙම යෝගය ජම්මියා උසස් ඉගනීමක් සදහා යොමුකරවයි.තාර්කික හැකියාවෙන් බුද්ධිමත්ව කටයුතු කරන අයෙකු වනු ඇත.උසස් මිතුර මිතුරියන්ගේ යහපත් ඇසුර ලැබේ.සමාජයේ කැපීපෙනෙන ආකාරයේ ප්‍රසිද්ධ චරිතයකට හිමිකම් ලබයි.
හයවැන්නේ යෙදෙන මෙම යෝගය බලවත් නැතත් සදු සිටින ස්තානයෙන් සුභ ස්තානයක්ව හයවැන්න යෙදෙන්නේ නම් සුභ තත්වයන් ඇතිකරනු ඇති.සතුරු බලය ගුණ ධර්ම පෙරදැරිව ජයගන්නා අයෙකි.රැකියා ස්තානයේ අනෙකුත් සේවකයන්ගේ ගෞරවය ලබන අයෙකු වනු ඇත.මාමා වරුගේ සැලකුම් වලට ලක්වනු ඇත.
හත්වැන්නේ ධර්ම කර්මාධිපති රාජ යෝගයේ බලයෙන් පුද්ගලයා යහපත් විවාහ දිවියක් සදහා යොමු කරවයි.විවාහය සමග ජීවිතයේ පැහැදිලි සුභදායක වෙනසක් ඇතිකරනු ඇත.දුප්පත් පුද්ගලයෙකු ලෙස උපත ලබා සිටියත් විවාහය සමග වැඩි බලයක් තමාවටා ගොඩනගා ගැනීමේ හැකියාව පවතී.එමෙන්ම තම බිරිද හෝ ස්වාමියා වෙනුවෙන් බොහෝ කැපවීම් කරන අයෙකු වනු ඇත.විවාහ දිවිය යහපත්වනු ඇත.සමාජ බලයක් ගඩනගා ගනී.දේශපානයට හෝ සමාජ සේවයට යොමුවන්නටත් එමගින් සමාජය වෙත ආත්මාර්තයෙන් තොරව සේවයක් කිරීමටත් හැකියාව ලැබේ.
අටවැන්නේ යෙදෙන්නේ නම් දායාද සහිත යහපත් විවාහයක් සිදුවේ.විවාහයෙන් පසු ආර්ථික බලය ගොඩනැගේ.තම හැකියාවන් වර්ධනය උදෙසා විවාහකයාගෙන් වැඩි සහයෝගයක් ලබන ඇත.සාන්ත මරණයක් උරුම අයෙකි.
නමවැන්නේ නම් උසස් අධ්‍යාපන වාසනාව ඇතිකරයි.උසස් ඉගනීම් සදහා විදේශ ගතවීම් සහිතයි.ගුණ ධර්ම ආරක්ෂා කරන එම ගුන ධර්මයන් සමාජයේ යහපත වෙනුවෙන් යොදවන,අයෙකු වනු ඇත.පූර්ව පෙරපින් බල මහිමය නිසි ආකාරව භාවිතා කරන අයෙකුවේ.තමාගේ මෙන්ම අන් අයගේ යහපත උදෙසා කටයුතු කරන අයෙකු වනු ඇත.
දසවැන්නේ යෙදෙන මෙම රාජ යෝගයේ බලයෙන් උසස් ඉගනීමක්ද,එමගින් උසස් රැකියාවක්ද උරුමයක් ලෙසින් ලබනු ඇත.දේපල වාසනාව පවතී.මවටත් පියාටත් යහපත සලසන අයෙකු වේ.රැකියාවේ උසස්වීම් සහිතය.ආයතන ප්‍රදානීන්ගේ ගෞරව සැලකිලි ලබන අයෙකි.තම පවුල සහ සමාජය වෙනුවෙන් යහපත් ආකාරයෙන් තම ශක්තීන් භාවිතා කරන අයෙකු වනු ඇත.
එකොලොස්වැන්නේ යෙදෙන ධර්ම කර්මාධිපති රාජ යෝගය බලවත්ය.යම් ආකාරයක ධන යෝග බලයක්ද හිමිවනු ඇත.උපන් තත්වයට වඩා ඉහල තත්වයක් කරා ගමන් කරයි.උඅහපත් මිතුර මිතුරියන් ලබයි.තමාගෙන් ඔවුන්ටත් ඔවුන්ගෙන් තමාටත් යහපතක් වනවා ඇත.උසස් යැයි සම්මත සමාජය සමග සාර්තක සම්බන්දතාවයක් ඇතිවෙයි.හදිසි ධන වාසනාවන් පවතී.
දොලස්වැන්නේ යෙදෙන ධර්ම කර්මාධිපති යෝගය එතරම් බලවත් නැතත්,මෙහිදී පුද්ගලික සාර්තකත්වයට නොව සමාජයේ යහපත සදහා ක්‍රියාකරන පුද්ගලයන් බිහිවේ.තමාගේ සියලු ශක්තීන් සමාජය සහ ආගමික යහපත උදෙසා යොමුකරවයි.ලෞකික දියුණුව නොව ආද්‍යාත්මික දියුණුව ප්‍රර්ථනා කරන අයෙකු විය හැකිය.
එමෙන්ම ලග්නයෙන් නමවැන්නාධිපති සහ ලග්නයෙන් දසවැන්නාධිපති වන ග්‍රහයන්ගේ දෘශ්ටි යෙදීම අනුවද මෙම රාජ යෝගය යෙදේ.
කිසියම් සුභ ග්‍රහ යෝගයක් යම් ජම්ම පත්‍රයක පිහිටා තිබූ පමණින් එම යෝගයන් සුබදායක ලෙස ක්‍රියාත්මක නොවේ.එයට බලපාන සාධක පිලිබදව ඉදිරි ලිපියක් මගින් පැහැදිලි කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙමි.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය