සෙනසුරු ලග්න ඒරාශ්ටක අපලයට මුහුණ දීමට සූදානම් විය යුතු ධනු ලග්න හිමි ඔබ

ජ්‍යෙතිෂය පිලිබදව අල්ප දැනුමක් ඇති අය පවා ඒරාශ්ටකය යනුවෙන් හදුන්වනු ලබන්නේ කුමක්ද කියා හදුනයි.සෙනසුරු ග්‍රහයා ඒ ඒ රාශි හරහා ගමන් කිරීමේදී ඕනෑම කෙනෙකු ඒරාශ්ටක අවස්තාවකට ලක්වීමට හැකියාව පවතී.මෙම ලිපිය ඒරාශ්ටකය පිලිබදව හදුන්වා දීමට නොව දිගු කාලයක් පවතින ඒරාශ්ටක අපලයකට මුහුණ දීමට සිදුවන ධනු ලග්න හිමියන්ට එම ඒරාශ්ටක යෙදෙන ආකාරය පිලිබදව සරල පැහැදිලි කිරීමක් සිදුකිරීමටයි.

2014.11.02 වන දින සෙනසුරු ග්‍රහයා වෘශ්චික රාශියට පැමිණීම සිදුවේ.මෙහිදී ධනු ලග්න හිමියාගේ වෘශ්චික රාශිය වන්නේ ලග්නයෙන් දොලොස්වැන්නයි.ලග්නයෙන් දොලොස්වැන්නට සෙනසුරු ග්‍රහයාගේ පැමිනීම සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයේ මුල් අවස්තාවයි.සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් දොලොස්වැන්න,ලග්නය සහ ලග්නයෙන් දෙවැන්න යන ස්තානයන් හරහා ගමන් කිරීම වසර හතයි මාස හයක් දක්වා පවතින සෙනසුරු ලග්න ඒරාශ්ටක අපලය ලෙස හැදින්වේ.

මේ අනුව ධනු ලග්න හිමියාට 2014.11.02 සිට 2017.01.06 දක්වා ලග්න ඒරාශ්ටක අපලයේ මුල කොටස පවතිනු ඇත.2017.01.06 සිට 2020.01.24 දක්වා සෙනසුරු ලග්න භාවය හරහා ගමන් කරන කාලය සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයේ මැද කොටස වේ.2020.01.24 සිට 2023.01.19 දක්වා සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් දෙවැන්නේ ගමන් කරන කාලය සෙනසුරු ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටස වෙයි.මේ අනුව ඉදිරියට ධනු ලග්න හිමියන්ට ඒරාශ්ට්ක අපලයට මුහුණ දීමට සිදුවනු ඇත.

මීට අමතරව ධනු ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ සදු ග්‍රහයා ලග්නයෙන් දොලොස්වැන්නේ තැම්පත්ව සිටින්නේ නම් 2014.11.02 සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපල ආරම්භ වනවා සමග ඔබට සෙනසුරුගෙන් යෙදෙන ජම්ම ඒරාශ්ටකයද ආරම්භ වේ.එම ජම්ම ඒරාශ්ටක අපලය අවසන් වන්නේ 2017.01.06 වන දිනයේය.එසේ ඒරාශ්ටක දෙකක අපල තත්වයකට මුහුණ දීමට ඔබට සිදුවීම බලවත් අසුබ තත්වයකි.

එමෙන්ම ඔබගේ කේන්ද්‍රයේ ලග්නයෙන් පස්වැන්නේ සදු ග්‍රහයා තැම්පත්ව සිටින්නේ නම් 2014.11.02 දින ඔබට ලග්න ඒරාශ්ටක අපල සමගම චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයද ආරම්භ වනවා ඇත.එම චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය අවසන්වන්නේද 2017.11.02 වන දිනයෙන්ය.

එමෙන්ම ඔබගේ කේන්ද්‍රයේ ලග්න භාවයේ සදු ග්‍රහයා තැම්පත්ව සිටින්නේ නම් ඔබට 2017.01.06 වනදා ජම්ම ඒරාශ්ටක අපල ආරම්භ වන්නේ ලග්න ඒරාශ්ටකයේ මැද කොටසද සමගිනි.ඔබගේ කේන්ද්‍රයේ ලග්නයෙන් හයවැන්නේ සදු ග්‍රහයා තැම්පත්ව සිටීනම් 2017.01.06 දින ඔබට චන්ද්‍ර අශ්ටක ඒරාශ්ටක අපලයද ආරම්භවේ.

ලග්න ඒරාශ්ටකයක් පවතින මොහොතේ රවිගේ සහ සදුගේ මහ දසාවන් පැවතීමත් රාහු සහ සෙනසුරුගේ මහදසාවන් පැවතීමත් අසුභ දායකය.අපලයේ ප්‍රමාණය වර්ධය වීම මෙම අවස්තා වලදී සිදුවේ.ධනු ලග්නයට දොලොස්වැන්නට සෙනසුරු පැමිනීම ලග්න ඒරාශ්ටකය බව සදහන් කලෙමි.මෙහිදී ධනු ලග්නයට සෙනසුරු ග්‍රහයා මාරක ග්‍රහයෙකි.එමෙන්ම ධනස්තානය සහ වික්‍රමස්තානය යන ස්තානයන්ගේ අයිතිය ඇති ග්‍රහයා වේ.එම හිමි කම් සහිත ග්‍රහයා දොලොස්වැන්න වන වෘශ්චික රාශියේ දුර්වල වී ඒරාශ්ටක අපල තත්වයක්ද ඇති කිරීම අයහපත්ය.ආදායම් සම්බන්දව ගැටලු ඇතිවේ.වියදම් ඉහලයයි.නිකරුණේ වියදම් කිරීමට සිදුවේ.සමහර අවස්තාවලදී වංචා , රැවටිලි ආදියට හසුවිය හැකිය.විවාහය සම්බන්දවද ගැටලු ඇතිවේ.ගෘහ ජීවිතයේ මතබේධ ඇතිවන කාලයකි.නීතිමය ගැටලු පවා ඇතිවිය හැකිය.රෝගී තත්වයන් හේතුවෙන් රෝහල් ගත්වීම් වලට පවා ඉඩ ඇත.

ඒරාශ්ටකයේ ප්‍රතිපලයන් පිලිබ්දව තවත් බොහෝ දේ කිව හැකිය.නමුත් සෙනසුරු ලග්න ඒරාශ්ටකය යෙදුනද,එම කාලයේ ඇතිවීමට නියමිත අසුභ තත්වයන් කිසිවක් ඇතිනොවී සියලු සුභඵල ලැබෙන අවස්තාවන්ද පවතී.එය අශ්ටක වර්ග සිද්ධාන්තයට අනුව ගනණය කර බලා නිගමණය කල යුතුය.එම සිද්ධාන්තය භාවිතා නොකර පලාඵල කීමේදී බොහෝ විට පලාඵලය වරදී.මෙම ලිපියෙන් එය කල නොහැක.ඉදිරි ලිපියක් තුලින් අශ්ටක වර්ග සිද්ධාන්තය පිලිබදව පැහැදිලි කිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු වෙමි.ඔබගේ ලග්නය ධනු නම් ඔබ මතකයේ තබාගත යුත්තේ 2014.11.02 න් පසුව ජීවිතයට තරමක අයහපත් කම් ඇතිවන කාලයක් පැමිණෙන බවයි.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments