සිකුරු ග්‍රහයා මිතුන රාශිය තුළ ගමන් කිරීම / ක්‍රි.ව 2023 මැයි 02 සිට මැයි 30 දක්වා

 
සිකුරු ග්‍රහයා මිතුන රාශිය තුළ ගමන් කිරීම

2023 මැයි මස 02 වනදා සිට මැයි මස 30 වනදා දක්වා වූ දින සීමාව තුළ සිකුරු ග්‍රහයා මිතුන රාශිය හරහා ග්‍රහචාරයේ හෙවත් , මිතුන රාශිය හරහා ගමන් කරයි.මෙම ග්‍රහ සංසිද්ධිය මූලිකව මේෂ වෘෂභ මිතුන ආදී ලෙසින් වූ ලග්න දොළොස වෙත පහතාකාරයේ සුභාසුබ ප්‍රථිපල ඇතිකරනු ඇත.


මේෂ ලග්නය - 


ඔබගේ ලග්නයෙන් තුන්වැන්න හරහා ගමන් කරන අතර අවිවාහකයන් වෙත මංගල යෝජනා ඇතිවේ.පවුල් ජීවිතය තුළ සහනය සතුට ඇතිවේ.සහෝදර සහෝදරියන් අතර සබඳතා වර්ධනය වෙයි.අසල්වැසි හිතවත්කම් වර්ධනය වෙයි.කෙටි ගමන් බිමන් ආදිය යෙදේ.


වෘෂභ ලග්නය -


ඔබගේ ලග්නයෙන් දෙවැන්න හරහා සිකුරු ග්‍රහයා ගමන් කරන අතර , ධනය , මුදල් , ආර්තික තත්වය යහපත්වේ.නමුත් වියදම් ඇතිවේ.අත්‍යාවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්තාව සැලසේ.පවුල් ජීවිතයේ තත්වයන් වෙත සහනය ඇතිකරයි.කැපී පෙනීමක් , පිළිගැනීමක් , වටිනාකමක් ලැබීමට හේතු සහිතවේ.


මිතුන ලග්නය - 


ඔබගේ ලග්නයෙන් දෙවැන්න හරහා සිකුරු ග්‍රහයා ඉහත දින සීමාව තුළ ගමන් කරයි.සතුටට ප්‍රීතියට අවස්තාව සැලසේ.හිතමිත්‍ර සබඳතා ඇතිවේ.නව හදුනා ගැනීම් ඇතිවේ.ප්‍රේම සබඳතා ඇතිවෙයි.ආදරය පේමය සහ රාගය වඩවයි.ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය හිමිවේ.සංචාරක අවස්තා යෙදිය හැක.අලුත් ඇදුම් පැළදුම් ආදිය මිලදී ගැනීමට අවස්තා ඇතිවේ.රසට ආහාර ලැබේ.අමුත්තන්ගේ පැමිණීම සිදුවනු ඇත.අවිවාහකයන් වෙත මංගළ යෝජනා ඇතිවේ.විවාහයේ සතුට ප්‍රිතිය ඇතිකරයි.පිළිගැනීම වටිනාකම සහ ප්‍රසිද්ධියට හේතු සහිතවේ.වෘර්තීයමය තත්වයන් තුළ යහපත බලාපොරොත්තු විය හැකිය.


කටක ලග්නය - 


කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොළොස්වැන්න හරහා සිකුරු ග්‍රහයා ගමන් කරයි.සෙම් රෝග ඇතිකළ හැක.උණ අසනීපයන්ට ලක්වීමටත් . මුත්‍රා පද්ධතියේ රෝග සහ සමේ රෝග තත්වයන් මතුවීමට අවස්තාව පවතී.වියදම් ප්‍රමාණයෙන් වර්ධනය වෙයි.හදිසි වියදම් යෙදෙනු ඇත.බිරිද ස්වාමියා සහකරුගේ තත්වයන් වෙත අසුබ සහිතවේ.ඔබට එතරම් යහපත් නොවන ග්‍රහ අවස්තාවක් වේ.


සිංහ ලග්නය - 


ඔබගේ ලග්නයෙන් එකොළොස්වැන්න හරහා සිකුරු ග්‍රහයා ගමන් කරයි.සතුට ප්‍රිතිය ඇතිවෙයි.ප්‍රශ්ණ ගැටලු යම් පමණකට හෝ සමනය වෙයි.පවුලේ සාමය සමගියට අවස්තාව සහිතවේ.ප්‍රේම සබඳතා ආදියට අවස්තා සැළසේ.එවැනි බලාපොරොත්තු ඉටුකරගැනීමට අවස්තාව සහිතයි.ආකර්ෂණය ඇතිවේ.නව හදුනාගැනීම් , හිතවත්කම් ඇතිකරයි.කම්සැප ලාබ සහිතවේ.දුර බැහැර ගමන් බිමන් හෝ සංචාරක අවස්තා යෙදිය හැක.මුදල් තත්වයට යහපත්වේ.උත්සව අවස්තා යෙදීමට ආරාධනා කිරීම් වලට අවස්තා සහිත අතර රැකියාව ආදායම් මාර්ග සම්බන්ධව යහපතක් බලාපොරොත්තු විය හැක.


කන්‍යා ලග්නය - 


ඔබගේ ලග්නයෙන් දසවැන්න හරහා සිකුරු ග්‍රහයා ගෝචරවේ.ගෙවෙමින් පැවතියාට වඩා සහනය සහිතව ඉදිරි දින 28 සීමාව ගතවේ.සමාජීය පිළිගැනීම වටිනාකම මතුවේ.රැකියාවේ සහනය සතුට යෙදේ.මුදල් සම්බන්ධව යහපත්වේ.උත්සව අවස්තා යෙදේ.නිවසේ අලංකරණ කටයුතු සිදුවේ.පරිසරය පිරිසිදුවෙයි.සිතට සහනය සතුට සහිත අතරම හදිසි කේන්ති කෝපයන්ද ඇතිකළ හැක.නිවසට අමුත්තන් පැමිණේ.සහනදායී ගමන් බිමන් යෙදේ.කාලයකට පසු යම් විශේෂ අයගේ හමුවීම් ඇතිවේ.අලුත් දේ මිලදී ගන්නා , පරණ දේ අලුත් වැඩියා කරනා කාලයකි.


තුළා ලග්නය - 


ඔබගේ ලග්නයෙන් නමවැන්න හරහා සිකුරු ග්‍රහයා ගමන් කරයි.ඔබටද සතුටට ප්‍රීතියට අවස්තාව සහිතවේ.සංචාරක හෝ වන්දනා ගමන් යෙදේ.ආගමික කටයුතු සහ එවැනි උත්සව අවස්තා යෙදෙනු ඇත.හිතමිත්‍ර ලාබ ලැබේ.සහයෝගයන් උදව් උපකාර ලැබීමට සාධකවේ.ප්‍රේම සබඳතා ආදියට අවස්තා හිමිවේ.දරුවන් සම්බන්ධව යහපත්වේ.පවුලේ වැඩිහිටියන් අතර සහයෝගයන් සහ බැඳීම් ඇතිවෙයි.මුදල් තත්වය යහපත්වේ.වියදම් අධික වෙයි.බිරිද ස්වාමියා සහකරු අතර සබඳතාවයන් යහපත් වනු ඇත.නෑනා මස්සිනාවරුන් අතර හොඳ හිත ඇතිවේ.අසල්වැසියන් මිත්‍රවේ.


වෘශ්චික ලග්නය -


ඔබගේ ලග්නයෙන් අටවැන්න හරහා සිකුරු ග්‍රහයා ග්‍රහ චාරයේ යෙදේ.සෞඛ්‍ය යහපැවැත්ම සම්බන්ධව දුර්වලතා මතුකරයි.මුත්‍රා පද්ධතියේ රෝගාබාධයන් මතුකරයි.සමේ රෝග තත්වයන් ඇතිකළ හැක.ස්වාමියා සහකරුගෙන් ලැබීම් ලාබ , තෑගිබෝග ආදිය ලැබිය හැක.මුදල් තත්වයන් තරමක් යහපත් අතට යොමුවෙයි.එහෙත් හදිසි හෝ අනවශ්‍යය වියදම් සිදුවිය හැක.රැකියා තත්වයන් වෙත සහනය ඇතිවේ.නිවසේ පදිංචි ස්තානයේ යම් පමණක සහනයක් ඇතිවෙයි.රසවත් ආහාර ලැබෙයි.දියවැඩියාව ආදී රෝග වර්ධනයවෙයි.මුත්‍රා පද්ධතියේ ආසාධනයන් මතුවිය හැක.කාම රාග වේගයන් ආවේගයන් වර්ධනයවේ.කම්සැප ලාබ ලැබේ.


ධනු ලග්නය -


ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්න හරහා සිකුරු ග්‍රහයා ගමන් කරයි.විවාහය පවුල් ජීවිතය සමබන්ධ සාධක යහපත්වේ.පවුලේ සාමය සමගිය , සහනය සතුට ඇතිකරයි.අවිවාහකයන් වෙත මංගළ යෝජනා පැමිණේ.ප්‍රේම සබඳතා ආදියට යහපත්වේ.යහපත් හිතමිත්‍රයන්ගේ හමුවීම ඇතිවෙයි.පැරණි හිතවතුන්ගේ හමුවීම සිදුවෙයි.සමාජ සබඳතා යහපත්වේ.පිළිගැනීම ගෞරවය වටිනාකම හිමිවේ.ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් කටයුතු කරනා අයගේ එම කටයුතු යහපත්වෙයි.නාමය යහපත්වේ.නාමය පැතිරේ.දරුවන් වෙත යහපත්වේ.ගමන් බිමන් යෙදේ.අලුත් දේ මිලට ගන්නා කාලයකි.නිවසේ ගෙදර දොර කළ එළිය ඇතිවේ.රැකියාව හෝ ආදායම් සම්බන්ධව සහනය වර්ධනය , යහපත ඇතිකරයි.ඔබටද කම්සැප ආදී ලෞඛික පංචකාම සැප ලැබීම මෙම කාලය තුළ සිදුවනු ඇත.


මකර ලග්නය -


ඔබගේ ලග්නයෙන් හයවැන්න හරහා සිකුරු ග්‍රහයාගේ ගමන සිදුවේ.සුභාසුබ මිශ්‍රඵල සහිතවෙයි.සතුරන් මිතුරු වේ.ස්වාමියා සහකරුගේ සහ දරුවන්ගේ සෞඛ්‍යය තත්වයන් පිරිහීමට ලක්විය හැක.ශරීර ශක්තිය දුබල කළ හැක.හදිසි අසනීප , සෙම් රෝග , උදරගත රෝග , කාන්තාවන්ට විශේෂිත වූ රෝග තත්වයන් ඇතිකළ හැක.රැකියාවේ සහනයක් බලාපොරොත්තු විය හැකිය.මුදල් ආර්තික තත්වයේ යම් වර්ධනයක් ඇතිකරයි.එහෙත් වියදම් සිදුවේ.ඉතිරිය අඩුවෙයි.කෙටි ගමන් බිමන් ආදිය යෙදෙයි.මකර ලග්නයේ ඔබට මෙම ග්‍රහ අවස්තාව යම් සහනයක් ඇතිකළ ද අති විශේෂ වූ සහනයක් බලාපොරොත්තු වීම අපහසුවෙයි.


කුම්භ ලග්නය -


ඔබගේ ලග්නයෙන් පස්වැන්න හරහා සිකුරු ග්‍රහයා ගමන් කරයි.නව හිතමිත්‍ර සබඳතා ඇතිවේ.දුරස්ව පැවති සබඳතා නැවත වර්ධනය වෙයි.ප්‍රේම සබඳතා ඇතිවේ.පෙම්වතුන් අතර බැදීම් වර්ධනය කරයි.ගමන් බිමන් , උත්සව අවස්තා ආදිය යෙදෙනවා ඇත.අලුත් ඇදුම් පැළදුම් ආදිය මිලදී ගැනීමට අවස්තාව සහිතවෙයි.පිළිගැනීම , කැපීපෙනීම ඇතිවේ.රසවත් ආහාර පාන ලැබේ.අධ්‍යාපනය සම්බන්ධ කටයුතු සහනදායී ලෙස සිදුවනු ඇත.මගපෙන්වීම් සහ උදව් උපකාර සහයෝගයන් සහිතවේ.දරුවන් සිටිනා දෙමාපියන්ටද . තම දරුවන්ගේ දක්ෂතා ආදිය පිළිබදව දැක සතුටු වීමට අවස්තාව හිමිවනවා ඇත.අවිවාහකයන්ගේ බලාපොරොත්තු ඉටුකරගැනීමට මගපෑදෙයි.පපුවේ සෙම , උදරගත රෝග ආදියට අවස්තාව සහිතවේ.කාන්තාවන්ගේ ගර්භාශ ගතව රෝග දුර්වලතා මතුකරයි.කම්සැප ලාබ සහිතයි.


මීන ලග්නය -


ඔබගේ ලග්නයෙන් සිව්වැන්න හරහා සිකුරු ග්‍රහයා ගමන් කරයි.මෙතෙක් පැවති තත්වයට සහනය ඇතිකරයි.නිවස , පරිසරය වටපිටාවේ පිරිසිදු බව , අලංකාර බව , ආලෝකය ඇතිවේ.ප්‍රමාද වූ කටයුතු නැවත ආරම්භවේ.නිවසට වටිනා යමක් මිලදී ගැනීමටත් , රෙදි පිළි ආදිය මිලදී ගැනීමටත් අවස්තාව ඇතිවේ.සිත ගත දෙකම සහනය සතුට ඇතිකරයි.උත්සව අවස්තා යෙදේ.සතුට ප්‍රීතිය ඇතිවේ.එවැනි ගමන් බිමන් . සංචාර ඇතිවේ.නිවසට අමුත්තන්ගේ පැමිණීම සිදුවේ.සුභ යහපත් ආරංචි ලැබේ.පවුලේ සමගිය ඇතිකරයි.රැකියාවේ සහනය ඇතිවේ.හිතමිත්‍ර බැදීම් වර්ධනයවේ.නව සබඳතා ඇතිකරයි.ස්ත්‍රී පුරුෂ ආකර්ශණය හිමිවේ.පිළිගැනීම් ආදී වටිනාකම් හිමිවේ.ස්වාමියා සහකරු අතර බැඳීම් අලුත්වේ.කම්සැප ලාබ සහිතවේ.පපුවේ සෙම ඇතිවීමට , මුත්‍රා රෝග ඇතිවීමට , දරුවන්ගේ රෝග ඇතිවීමට අවස්තාව සහිතවේ.


ජනක් පී කුමාර 

හඳහන ලංකා ජ්‍යෙතිෂය

0760846977

Post a Comment

0 Comments