පිළිකා ගැන සුළුවෙන් හිතන්න එපා


ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරෙනි.

පෙබරවාරි 04 වෙනිදාට යෙදී තිබුණු ලෝක පිළිකා දිනයේ මෙවර තේමාව වූයේ "I am and I will"'  යන්නයි. මෙහිදී ශ‍්‍රී ලංකීය අපි දේශීය තේමාව වශයෙන් ”මම අද මෙන්ම හෙටත්...” පිළිකාව වළක්වා ගැනීමට, පිළිකාව කලින් හඳුනා ගැනීමට, පිළිකා රෝගීන් රැුකබලා ගැනීමට කටයුතු කරමි” යන්න යොදාගෙන තිබේ. දේශීය තේමා පිළිබඳවත් මෙරට පිළිකා රෝගීන්ගේ වාර්තා වීම පිළිබඳවත් කතා කළේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා.

ඔවුන් පෙන්වා දෙන පරිදි බෝ නොවන රෝග අතර වැඩි අවධානයක් යොමුවන පිළිකාවෙන් වසරකට ශ‍්‍රී ලංකාවේ පමණක් පිළිකා  රෝගීන් 23,000 ක් පමණ වර්තා වන බව පැවසේ. එහෙත් දිනෙන් දින වැඩිවන පිළිකා රෝගීන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී එම පිළිකාව කල්තබා හඳුනා ගැනීමෙන් සාර්ථක ප‍්‍රතිකාරවලට යොමු වීමත් සමග වළක්වා ගත හැකි බවත් ඔවුන් පෙන්වාදෙයි. විශේෂයෙන්ම හඳුනා ගන්නා පිළිකා වර්ගවලින් 1/3 ක්ම මෙසේ වළක්වා ගත හැකි පිළිකා ගණයට අයත් වේ. අපේ ශරීරයේ දිගින් දිගටම පවතින යම් වෙනස්කමක් තිබේ නම් වහාම වෛද්‍යවරයකු හමු වී පරීක්ෂා කරවා ගැනීමට අවශ්‍ය බව ජාතික පිළිකා මර්දන වැඩසටහන් ජනතාව දැනුවත් කරයි.

 ගැබ්ගෙල පිළිකාවේ රෝග ලක්ෂණ

 x යෝනි මාර්ගයෙන් අක‍්‍රමවත් රුධිර වහනයක් ඇති වීම.

 x ලිංගික සංසර්ගයට පසු රුධිර වහනයක් ඇති වීම

 x යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුතු ශ‍්‍රාවයක් පිට වීම

 x ආර්තවහරණය වී ඇති කාන්තාවන්ගේ ඉන් පසුව යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් වීම

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇතැම් විට වෙනත් රෝග තත්ත්වවලදී ද ඇතිවිය හැකි බැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී රෝග තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසුව එය ගැබ්ගෙල පිළිකාවක් දැයි නිගමනය කළ හැකිය.

 ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වීමට වැඩි ඉඩක් ඇති අය

 x ගැබ්ගෙල ආශ‍්‍රිතව හියුමන් පැපිලෝමා වෛරසය :්‍යඡුඪ* ආසාදනය දිගු කල් පැවතීම නිසා ගැබ්ගෙල පිළිකාව ඇති වේ.

 x අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන්

 x බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට

 x බහු ස්ත‍්‍රී සේවනයේ යෙදෙන පුරුෂයන් සමග ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන්ට

 x අක‍්‍රීයව හෝ සක‍්‍රීයව දුම්පානය කරන කාන්තාවන්ට

 x විවිධ රෝග සඳහා ප‍්‍රතිශක්තිකරණය හීන කරවන බෙහෙත් ලබා ගන්නා කාන්තාවන්

 x ලිංගිකව බෝවන රෝග වැළඳී ඇති කාන්තාවන්

 පැප් පරීක්ෂාව

පූර්ව පිළිකා අවධිය හෙවත් ගැබ්ගෙල පිළිකාව සෑදීමට පෙර ඕනෑම කාන්තාවක් පැප් පරීක්ෂණයට යොමුවීමෙන් ගැබ්ගෙල ආශ‍්‍රිතව මෙවැනි පිළිකාවක් හට ගැනීමේ ලක්ෂණ තිබේ දැයි හඳුනාගත හැකිය. පැප් පරීක්ෂණය සිදු කරනු ලබන්නේ කාන්තාවගේ ඔසප් නොමැති දවස්වලය. මෙම පරීක්ෂණයෙන් ඇයට වේදනාවක් හෝ අපහසුතාවක් ඇති නොවේ. මේ මඟින් ගැබ්ගෙලෙහි තිබෙන පූර්ව පිළිකා ෙසෙල හඳුනාගත හැකිය. විශේෂයෙන් නිරෝගී විවාහක කාන්තාවන් ඔවුන්ගේ වයස අවුරුදු 35 හෝ ඊට වැඩි නම් මෙම පරීක්ෂණයට යොමු වීම ඉතා සුදුසු වේ. ඊට අමතරව ලිංගික සම්බන්ධතා පවත්වන සියලූ කාන්තාවන් සඳහා ප‍්‍රථම ලිංගික එක්වීමෙන් වසර 05 කට පසු ළඟම ඇති රෝහලේ සුවනාරි සායනයට යොමු වීමෙන් පැප් පරීක්ෂණය සිදුකර ගත හැකිය.

 තයිරොයිඞ් ග‍්‍රන්ථි ආශ‍්‍රිත පිළිකාව

කාන්තාවන් අතර අද වනවිට බහුල පිළිකාවක් ලෙස තයිරොයිඞ් ග‍්‍රන්ථිය ආශ‍්‍රිත පිළිකාව හඳුනා ගෙන ඇත. මෙම පිළිකාව ද කලින් හඳුනාගෙන නිසි ප‍්‍රතිකාරවලට යොමු වීමෙන් සම්පූර්ණයෙන්ම සුවකර ගත හැකිය. විශේෂයෙන්ම මෙම පිළිකාවෙන් පීඩා විඳින කාන්තාවන් නිසි ප‍්‍රතිකාරවලට යොමු වී රෝගය සුව වී විවාහ වී පවුල සම්පූර්ණ කර ගත් අවස්ථා ඕනෑ තරම් සමාජයේ සිටී. ඔවුන් අද වනවිට සාමාන්‍ය ජීවිත ගත කරයි.

 තයිරොයිඞ් පිළිකාවේ රෝග ලක්ෂණ

 x තයිරොයිඞ් ග‍්‍රන්ථියේ විශාල වීමක් හෝ වෙනස් වීමක්

 x බෙල්ලෙහි වසා ගැටිතිවල ඉදිමීමක්

 x කිසිදු හේතුවක් නොමැතිව කට හෙඬ් රළු බවක් ඇති වීම

 x බෙල්ලෙහි වේදනාවක්

 x වැඩි කාලයක සිට පවතින කෑම සහ කෙළ ගිලීමේ අපහසුතාවක්

 x හුස්ම ගැනීමේ අපහසුතාවක්

 x වැඩි කාලයක සිට පවතින කැස්ස හෝ කැස්ස සමග ලේ පිටවීමක්

 තයිරොයිඞ් ග‍්‍රන්ථිය ආශ‍්‍රිත පිළිකාවට ගොදුරු වීමට වැඩි ඉඩක් ඇති අය

 x පිරිමින්ට වඩා කාන්තාවන් අතර බහුලයි

 x අවුරුදු 20 සිට කාන්තාවන් අතර මෙම පිළිකාව වාර්තා වී ඇත

 ගර්භාෂ පිළිකාව සහ ඩිම්බකෝෂ පිළිකාව

ගර්භාෂ සහ ඩිම්බකෝෂ පිළිකාව කාන්තාවන්ට පමණක් වැළඳෙන පිළිකාවන් වන අතර මේ වනවිට මෙම පිළිකා වර්ග දෙකෙන්ම බොහෝ කාන්තාවන් පීඩා විඳියි. ලංකාවේ වසරකට ගර්භාෂ පිළිකා රෝගීන් 500 ක් පමණ සහ ඩිම්බ කෝෂ පිළිකා රෝගීන් 700 ක් පමණ වාර්තා වේ. ගර්භාෂ පිළිකාව හඳුනා ගන්නේ වයස අවුරුදු 50 න් පසු කාන්තාවන් අතර වුවත් ඩිම්බ කෝෂ පිළිකාව වයස අවුරුදු 45 න් පසු කාන්තාවන් අතර හඳුනා ගනී.

මෙම පිළිකා වර්ග දෙකම කලින් හඳුනා ගැනීමෙන් සුව කර ගත හැකි වුවත් ඩිම්බකෝෂ පිළිකාවේ මුල් අවදියේදී කිසිදු විශේෂිත රෝග ලක්ෂණයක් නොපෙන්වන බැවින් හඳුනාගැනීම අසීරුවේ. ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතරින් ඩිම්බකෝෂ පිළිකාව තුන් වැනි හෝ හතර වැනි ස්ථානය හිමිවේ. යම් කිසි කාන්තාවකගේ පවුල් ඉතිහාසය තුළ ඩිම්බ කෝෂ පිළිකාවකින් පීඩා විඳි සාමාජිකාවක සිටී නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්. මෙවැනි පවුලක කාන්තාවක් යම් රෝග ලක්ෂණයක් පෙන්වනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය උපදෙස් අනුව ක්‍්125 රුධිර පරීක්ෂණයට යොමුවීම අවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් ගර්භාෂ පිළිකාව වාර්තා වන්නේ වයස අවුරුදු 50 පසුව කාන්තාවන් අතර වේ. මෙම පිළිකාවේදී විශේෂයෙන් යෝනි මාර්ගයෙන් සිදුවන රුධිර වහනයක් හෝ ආර්තවහරණය වූ කාන්තාවන්ගේ නම් ඉන් පසුව වන රුධිර වහනයකදී වහාම නාරිවේදී සායනයකට යොමු වී ප‍්‍රතිකාර ලබාගැනීම අවශ්‍ය වේ. එය ගර්භාෂ පිළිකාවේ මුල්ම රෝග ලක්ෂණය විය හැකි බැවිනි. එවැනි කාන්තාවන්ට සුවනාරි සායනයේ විශේෂඥ වෛද්‍යවරයා විසින් අදාළ පරීක්ෂාවන් සිදුකරනු ලැබේ. මෙවැනි අවස්ථාවකදී පිළිකා නාශක

ඖෂධ ලබාදීම හෝ සම්පූර්ණයෙන් ගර්භාෂ ඉවත් කරමින් රෝගියාගේ ජීවිතය බේරා ගන්නා අවස්ථා තිබේ.

 ගර්භාෂ පිළිකාවේ රෝග ලක්ෂණ

 x යෝනි මාර්ගයෙන් අක‍්‍රමවත් ලෙස රුධිරය වහනය වීම

 x ආර්තවහරණය වූ කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම

 x උදරය විශාල වීම

 x මුත‍්‍ර සහ මළපහ පිටවීමේ රටාවේ වෙනසක් ඇති වීම

 x උදරයේ යටි කොටසේ වේදනාවක් ඇති වීම

 ගර්භාෂ පිළිකාවට ගොදුරු වීමට වැඩි ඉඩක් ඇති අය

 x කාන්තාව වීම

 x වයස් ගත වීම

 x ආර්තවහරණය ප‍්‍රමාද වූ කාන්තාවන්ට

 x දරුවන් නොලැබූ කාන්තාවන්ට

 x තරබාරු කාන්තාවන්ට

 x දියවැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට

 x මින් පෙර ඩිම්බ කෝෂ පිළිකාව, පියයුරු පිළිකාව, මහා අන්ත‍්‍ර පිළිකාව වැනි පිළිකාවලින් පෙළුණු කාන්තාවන්

 ඩිම්බකෝෂ පිළිකාවේ රෝග ලක්ෂණ

 x කල්පවතින උදරයේ ආම්ලිකතාව

 x බඩ පුරවා දැමීම

 x උදරයේ වේදනාව හෝ දැවිල්ල

 x ආහාර අරුචිය

 x කුඩා ආහාර ප‍්‍රමාණයක් ගැනීමෙන් පවා උදරය අධික ලෙස පිරුණු බවක් දැනීම

 x උදරය විශාල වීම

 x මුත‍්‍රා හා මළපහ පිටවීමේ රටාව වෙනස් වීම

 x ශරීරය සිහින් වීම

 ඩිම්බකෝෂ පිළිකාවට ගොදුරුවීමට වැඩි ඉඩක් ඇති අය

 x කාන්තාවක වීම

 x වයස් ගත වීම

 x දරුවන් නොලැබීම

 x මින් පෙර ගැබ්ගෙල පිළිකාව, පියයුරු පිළිකාව, මහා අන්ත‍්‍ර පිළිකාව වැනි පිළිකාවලින් පෙළුණු කාන්තාවන්

 x දුම් පානය කරන කාන්තාවන්

 x තරබාරු කාන්තාවන්

 x ආර්තවහරණයෙන් පසු දිගු කාලයක් හෝමෝන ප‍්‍රතිස්ථාපන ප‍්‍රතිකාර ලබාගත් කාන්තාවන්

 ජාතික පිළිකා මර්දන වැඩසටහනෙන් නොමිලේ පිළිකා පරීක්‍ෂාවන්...

යම් කිසි කාන්තාවකට මෙවැනි පිළිකා පිළිබඳ යම් ගැටලූවක් නිරාකරණය කර ගැනීමක් හෝ පරීක්ෂා කර ගැනීමක් අවශ්‍ය නම් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ පිළිකා කලින් හඳුනා ගැනීමේ සායනයට පැමිණ නොමිලේ ප‍්‍රතිකාර ලබා ගත හැකිය. මෙම සායනය සතියේ දින පහේම උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා පැවැත්වේ. එහිදී වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් ඇතුළු කණ්ඩායම හමුවී තවදුරටත් තිබෙන ගැටලූ නිරාකරණය කරගැනීමේ හැකියාව පවතී. දුරකථන අංක - 011-3159227, 0112-368627 වලට කතා කිරීමෙන් ද තොරතුරු ලබාගත හැකිය.

 හරින්දී ලියනගේ
www.divaina.com