යුග දිවියේ මිහිර මවන හෙල ඔසු


ආයුර්වේදය යනු ජීවිතය පිළිබද උගන්වන විද්‍යාවයි. ආයුර්වේදයේ පරමාර්ථය ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන චතුර් වර්ග සම්පත්තිය සාධනය කොට මානව වර්ගයාගේ මෙලොව හ පරලොව ජීවිතය සුඛිත මුදිත කිරීමයි. අද සමාජයේ බොහෝ පුරුෂයනට ඇති ප්‍රධානත ම ප්‍රශ්නය වන්නේ නම් ක්ෂණිකව ශුක්‍ර මෝචනය යි. ඒ නිසා දීර්ඝ වේලාවක් මෛථුන සේවනයේ යෙදීමට බොහෝ ආයුර්වේද ඖෂධ ඇත.

ආකාරකරභාදි වටිය (කුංකුමාදි වටිය)

අක්‍රවිට්ටා, තිප්පිලි, වියළි ඉගුරු, සාදික්කා, කපුකිණිස්ස ඇට, කරාබු නැටි, කුංකුමප්පු, සුදු හදුන් ග්‍රෑම් 15 බැගින් ද අබිං ග්‍රෑම් 60 ක් ද ගෙන පලමුව උණු දියෙන් අඹරා දෙවනුව මීපැණියෙන් අඹරා මදටිය 2 ප්‍රමාණයට ගුලි කොට වරකට ගුලියක් බැගින් ගන්න.

සියඹලා ඇට මද වටිය

සියඹලා ඇට දින කිහිපයක් ජලයේ බහා තැබීමෙන් පසු පොත්ත පහසුවෙන් ඉවත් කර ගැනීමෙන් පොත්ත ඉවත් වේ. එම මදය වියළා කුඩු කොට පළමුව උණු දියෙන් ද දෙවනුව මී පැණියෙන් ද අඹරා කඩල ඇටයක් තරමට ගුලිකොට වරකට ගුලි 3 ක් බැගින් ගන්න

මදන මෝදකය

ඉගුරු, ගම්මිරිස්, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, කර්කටක ශෘංගී, කොට්ටම්, කොත්තමල්ලි, සවිද ලුණු, ඉගුරු පියළි, තලිස් පතුරු, කට්ඵල, නාමල් රේණු, අසමෝදගම් වැල් මී, උළුහාල්, සූදුරු, කළුදුරු යන මේවා සමභාග ගෙන බරට බරක් ගිතෙලින් බැද ගත් කංසා ඇට හා කොළ ගත යුතුය. ඒ සියල්ල බරට සීනි ගත යුතුය. ත්‍රි සුගන්ධි හා කපුරු මෙන් ම මී පැණි ගිතෙල් ද පමණට යොදා මෝදක පරිභාෂාව අනුව සාදා ගත යුතුය. මාත්‍රාව ග්‍රෑම් 1-2 දක්වා ගත යුතුය.

කාමේශ්වරී මෝදකය

මදන මෝදකයට බොහෝ සෙයින් සමානය.

එළු අණ්ඩ

එළුවෙකුගේ අණ්ඩ කෝෂය ගෙන තිප්පිලි සුනු හා සවිද ලුණු දමා ගිතෙලින් බැද ආහාරයට ගත යුතුය.


මූලාශ්‍රය - ආයුර්වේදයේ ජීවන දර්ශනය (වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම)