2020 ලග්න පලාඵල


2020 වසර ඉතා වැදත් වූ වර්ෂයක් ලෙස ඉතිහාසයට එක්වීමට සූදානමින් සිටී.මෙම වසර තුල ලෝකයේ නම කටයුතු වැඩසටහන් නොයෙක් ආකාරයෙන් ඇතිවනවා ඇත.එය මෙපමණකයි කියා විස්තර කිරීම පහසු නැත.මෙයින් ප්‍රධාන වශයෙ ලෝක කම්කරු ජනතා අයිතීන් සදහා වැඩි අරගලයක් සහ එහි ප්‍රතිඵලයන් ජනතාව වෙත ලැබෙනවා ඇත.ලෝකයේ සෑම රටකම නව ජනතා පිබිදීමක් ඇතිවනු ඇත.සමකය ආශ්‍රිත කලාපය තුල මෙම වෙනස වැඩි වශයෙන් දැක ගැනීමට හැකිවනු ඇත.ලෝක පැවැත්මට මූලිකවන ශක්තීන් නිපදවීම ප්‍රධාන වශයෙන් මෙම කලාපය තුල සිදුවනු ඇත.බලවත් රටවලට තම පැවැත්ම වෙනුවෙන් වෙනදාට වඩා වැඩි කැපවීමක් කිරීමට සිදුවනු ඇත.අරගලයෙන් යුද්ධයෙන් ලබාගත නොහැකි වූ තම බලාපොරොත්තු වෙනුවෙන් බලවතුන් උපක්‍රමයෙන් කටයුතු කරනු ඇත.ලෝක බලවතෙකුට හදිසි මාරක හෝ අපවාද චෝදනා එල්ලවනු ඇති අතර එය ලෝකයම අවධානය යොමුකරවන ප්‍රධාන පුවතක් වනු ඇත.එමෙන්ම සාමාන්‍ය ජනතාවට හානිකරවන ආකාරයේ විශාල වි‍ය්‍යසනයක් සිදුවනු ඇති අතර එය ලොවම කම්පාකරවන විශේෂ සිදුවීමක් වනු ඇත.වායුව මූලික කරගත සාධකයක් විනාසය ඇතිකරනු ඇත.අභ්‍යාවකාශ කේෂ්ත්‍රයේ විශේෂ වර්ධනයක් ඇතිවන වසරක් වන අතර පෘතුවියෙන් භාහිර ජීව ලෝකයන් හදුනා ගැනීමේ කටයුතු තුල විශේෂ ප්‍රගතියක් ඇතිවනු ඇත.මෙතෙක් හදුනා නොගත් මූලද්‍රව්‍ය , වායු විශේෂයන් හදුනා ගැනීමට හැකි වනවා ඇත.

රටක් වශයෙන් ශ්‍රී ලංකාවටද මෙම වසර යම් විශේෂ යහපත් බවක් ඇටිවන වසරක් වනු ඇත.ජනතා සිහින එලෙසම නොවූවද යම් පමණකට හෝ ඉටුකරගැනීමට අවස්තාව ලැබෙනා කාලයකි.ජනතා අයිතිය නැවත ජනතා ශක්තිය තුල හිමිවනවා ඇත.රටෙහි නම ප්‍රසිද්ධියට පත්වනු ඇත.රටට ගෞරව සම්මාන වටිනාකම් හිමිවනු ඇත.එය තවත් වසර 12 ක් දක්වා පවතින විශේෂ සිදුවීම් සාධක වනු ඇත.සංවර්ධනය වර්ධනය වන අතර ආරම්බ කල වැඩසටහන් බොහොමයක යම් විශේෂ ප්‍රගතියක් ලැබෙනවා ඇත.පාලකයා ජනතා මතයට එකගව කටයුතු කරනු ඇති අතර බෙදී වෙන්වූ පිරිස් නැවත එකතුවනවා සමගි වනවා ඇත.රාජ්‍ය පාලක අංශයට නොයෙක් අංශයන්ගේ පුද්ගලයන්ගේ සහයෝගය හිමිවන නමුත් ඒ අතර අවස්තාවාදී පිරිස් පුද්ගල කණ්ඩායම් සිටිනවා ඇත.ඔවුන් නිසා වසර අවසානයේ රාජ්‍ය පාලනයට යම් අසුබ බලපෑම් කිහිපයකට ලක්වීමට සිදුවනු ඇත.සුලි කුණාටු සහිත අතර වෙනදාට වඩා යම් ආකාරයක වියලි කාලගුණික තත්වයක් වැඩි වශයෙන් පවතිනු ඇත.අකුණු අනතුරු සහ සුලි සුලන් කුණාටු තත්වයන්ට ලක්වීමට සිදුවන කාලයකි.මනුෂ්‍යා තුල පපුවේ ආබාධයන් වැඩි වන කාලයකි.සමස්ත සෑම සියලු දෙනාට වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමට සිදුවන , එම මහන්සියේ ප්‍රතිඵල ලැබිය හැකි වසරකි.2020 වර්ෂය ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් දිනාගන්නවා ඇත.බොහෝ දුරට ක්‍රීඩා ආදී අංශයන් තුල ලෝක වාර්තා , ආසියානු , කණ්ඩායම් සහ ජාතික වාර්තා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට ඇතිකර ගැනීමට අවස්තාව පවතී.

මේෂ ලග්නය -

2020 වසර තුල ඔබට සුබාසුබ මිශ්‍රඵල සහිතව ගෙවීයනු ඇත.තම ගතිගුණ තත්වයන් යහපත් වන අතර සතුරන්ව සිටි අයද දුරස්ව සිටි අයද , වෙන්වී ගිය අයද නැවත ලන්වනවා ඇත.තම නාමය යහපත්ව පවත්වාගැනීමට හැකිවන අතර සමාජීය කටයුතු සදහා ඉදිරිපත්වන , අවස්තාව ලැබෙනවා ඇත.අධ්‍යාපණය සම්බන්ධව විශේෂ ගැටලු ඇතිනොවනු ඇති අතර උසස් අධ්‍යාපණික අවස්තා හිමිවේ.එහි නිරත අයගේ ප්‍රතිඵල ඉගෙනුම් කටයුතු යහපත්වනු ඇත.ආගම් භක්තිය සහ ජාතික හැගීම් වර්ධනය වනු ඇත.පිනට දහමට අවස්තාවද වන්දනා ගමන් ආදියද යෙදෙනවා ඇත.කර්ම ඵලය විස්වාස කරනා කාලයක්වනු ඇත.එයට හේතුවන  සිදුවීම් සිදුවනවා ඇත.තරමක් විදවීම් සහිත බවක් මනස අභ්‍යන්තරයේ ඇතිවනු ඇත.එවැනි අවස්තාවලදී ආගම් භක්තිය දේව භක්තිය වර්ධනය වනු ඇත.රැකියා කටයුතු සම්බන්ධව තරමක අයහපත් බවක් ඇතිවන අතර දුෂ්කරතාවයන්ට ලක්වීමට සිදුවනවා ඇත.රැකියා ස්තානයේ හිතමිත්‍රයන්ගෙන් ප්‍රවේසම්විය යුතු අතරම ප්‍රධානියා සම්බන්ධ තත්වයන් හරහාද යම් යම් පීඩාකාරී තත්වයන්ට ලක්වීමට සිදුවනු ඇත.නීතිමය ගැටලු ඇතිවිය හැක.විවාහය බිරිද හෝ ස්වාමියා සම්බන්ධ තත්වයනට යහපත් නොවනු ඇත.දරුවනට යම් යම් ගැටලු ඇතිකරයි.වර්ෂයේ අග කොටස තුල ක්‍රමයෙන් මුදල් ආර්තික ගැටලු මතුවන අතර ණය ගැනීමද , ණය දීමද ඉදිරියට විශේෂ ගැටලු ඇතිකරනු ඇත.2020 අගෝස්තු සිට දෙසැම්බර් තෙක් කාලය තරමක් විශේෂ ලෙස පාඩු අලාබ ඇතිකරයි.සමස්ත වර්ෂය පුරා විශේෂ ලෙස පාදයට සම්බන්ධ ආබාද උදරගත ආබාද , මළ මාර්ගයට සම්බන්ධ රෝග , ඇස පෙනීමේ දුර්වලතා සහ මුහුණේ දතේ කට අසනීපද , විසවීම් ආදියද ඇතිකල හැක.

වෘෂභ ලග්නය -

ඔබටද 2020 වසර සුබාසුබ මිශ්‍රඵල සහිතව ගෙවීයනු ඇති අතර මෙතෙක් වසර තුනකට ආසන්න කාලයක් පැවති සෙනසුරු ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය ජනවාරි 26 වනදා අවසන්වීම සුබවේ.ගුරු අශ්ටමස්තානයේ ගමන්කිරීම යහපත් නැත.මේ අනුව සබදතා හිතවත්කම් ආදිය තුලින් තමාට ගැටලු හානි ප්‍රශ්ණ ඉතිරිවනවා ඇත.කාම චේතනා සිතුවිලි ආදියෙන් වැලකී සිටීම යහපත්වනු ඇත.එමෙන්ම තමා කරනා ඕනෑම කටයුත්තකින් අපහසුතාවයට පත්වීමට තමාට මූලික වශයෙන් සිදුවිය හැක.තැරැව්කාර රැකියා හෙවත් බ්‍රෝකර කටයුතු ආදියෙන් හදිසි ලාබ ලැබිය හැකි නමුත් මුදල් සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේසම් විය යුතුය.තරමක් දිගුකාලීන වශයෙන් පැවතිය හැකි මුදල් ආර්තික ගැටලු ආදියට හසුවිය හැක.එමෙන්ම විවාහය පවුල් ජීවිතය පිලිබදව සැලකිලිමත්ව කටයුතු කල යුතු අතර තම රහස් හෙළිවීමක් වැනි දෙයකටද , තම හිතවතෙකුගේ හිතවතියකගේ බලපෑමක් පවුල් ජීවිතයට බලපෑම් කල හැකි අවදානමක් ඇතිකල හැක.ස්තානීය තත්වයන් හරහාද , රැකියා ස්තානයේ තත්වයන් හරහාද තමා පීඩනයට පීඩාවට හසුවිය හැක.සිතේ සැක සංකා , වෛරී චේතනා ආදිය ඇතිවනු ඇති අතර මනස හිත රහසේ විදවනවා ඇත.පවුලේ වැඩිහිටියන්ටද පියා සම්බන්ධවද යහපත් නැත.ධර්මානුකූල ප්‍රතිපත්ති මාර්ගයේ ජීවිතය පවත්වාගෙන යන්නන් හට විශේෂ අයහපතක් නොවන අතර එයින් භාහිර කටයුතු කරනා අයට දඩුවම් හෝ කර්මයේ පමණට විපාක ලැබීම සිදුවනු ඇත.ඉගෙනීම් සමබන්ධව විශේෂ අයහපත් බවක් නොමැත.විද්‍යා , ගණිත අංශයේ උසස් අධ්‍යාපණය හදාරන්නන් සදහා විශේෂ අවස්තා ප්‍රතිඵ්ල වටිනාකම් හිමිවනු ඇත.ගුප්ත , භූත , ජ්‍යෙතිෂය  වැනි විෂයන් සදහා උවමනාවන් අවශ්‍යතාවයන් ඇතිවනු ඇත.වසරේ අග කොටස තුල මෙතෙක් පැවති පවත්වාගෙන ආ කටයුතු වැඩසටහන් බොහෝ අංශයන්ගෙන් වෙනසකට ලක්වීම සිදුවනු ඇත.එහෙත් බිරිද විවාහය සම්බන්ධ තත්වයනට යහපත් නැත.ඇස පෙනීම , උදරගත තත්වයනට සෞඛ්‍ය ගැටලු දුර්වලතා ඇතිකල හැකි අතර , බෝවන රෝග , විශ ශරීරගතවීම් ආදියට අවස්තාව පවතී.ධර්මානුකූල සාදු සම්මත ජීවිතයක් පවත්වාගත යුතු වසරකි.

මිතුන ලග්නය -

මිතුන ලග්නයෙන් උපන් ඔබට මෙම වසර සුබ අසුබ සහිතව කාලය ගතවේ.මෙම වසර තුල විශේෂ වශයෙන් තම රැකියාව සම්බන්ධ ස්තානමාරු , තම තනතුරේ වෙනස්කම් ආදිය සිදුවිය හැකි අතර මුදල් ආර්තිකල ලාබ පාඩු සහිතව පවතිනු ඇත.තමාගේ මෙතෙක් පැවති ගතිගුණ තත්වයන් වෙනසකට ලක්වන අතර නාමය යහපත්වේ.තමා පිලිබදව වැදගත්කමක් , විශේෂත්වයක් ඇතිවනවා ඇත.එහෙත් ඕනෑම කටයුත්තක වෙහෙස මහන්සිය වෙනදාට වඩා වැඩි වන අතරම , අමතර කැපවීමකින් කටයුතු කිරීමට සිදුවනු ඇත.දුර බැහැර අය සමග සබදතා හිතවත්කම් ඇතිවන අතරම දුර බැහැර ගමන් බිමන් යෙදෙනවා ඇත.විවාහය සම්බන්ධ තත්වයන්ටද සුබ අසුබ සහිතවේ.අවිවාහක අය සදහා මංගල යෝග සහිත කාලයක් වන අතර , විවාහය සිදුකරගැනීමට අවස්තාව සැලසේ.නමුත් හිතුවක්කාර විවාහයක් වීමට හෝ කිසියම් මතබේධාත්මක බවකට ලක්වූ හෝ ලක්විය හැකි ආකාරයේ විවාහයකි.අසම්මත සබදතාවයන් ඇතිකල හැක.න්තිනම් ගැටලුකාරී බවින් පැවති විවාහයන් නීතිමය ගැටලු දක්වා වර්ධනය වනු ඇත.අධ්‍යාපනය හදාරන ආදී ඕනෑම ආකාරයේ කටයුතු වල නිරත අය සදහා තම ඕනෑම කටයුත්තකදී බාධක අවස්තාවන්ට ලක්වීමට සිදුවනු ඇත.තමා තුල ඇතිවන යහපත හෝ අයහපත බාහිර සමාජය වේගවත් ලෙස හදුනාගන්නා අතරම හොද හෝ නරක නාමය වේගයෙන් පැතිරේ.ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් කටයුතු කරනා අයට හෝ තම කටයුතු වැඩසටහන් සදහා ප්‍රසිද්ධිය බලාපොරොත්තු වන අයටද , දේශපාලනයේ නිරත අයටද යහපත් වනු ඇත.2020 සැප්තැම්බර් 23 වනදායින් ඉදිරියට තමාට විශේෂ රෝග තත්වයක් හෝ නීතිමය ගැටලුවක් හෝ තමා නියුතු අංශය කරනා කටයුතු හරහා විශේෂ ගැටලු බාධක ඇතිවන අතර 2020 වසරේ මුල් කොටසේ පැවති සහනදායී බව වසරේ අග කොටස තුල දුර්වලවීමට ලක්වනු ඇත.2020 ජනවාරි 26 ලග්න අශ්ටම ඒරාශ්ටක අපල ආරම්බවීම සහ 2020 සැප්තැම්බරයේ සිදුවන රාහු කේතු ග්‍ර චාරය , නොවැම්බරයේ සිදුවන ගුරු ග්‍රහ චාරය ආදී සිදුවීම් අනුව , ප්‍රධාන වශයෙන් 2020 සැප්තැම්බරයෙන් ඉදිරියට තරමක් විශේෂ අසුබ ඇතිවනවා ඇත.

කටක ලග්නය -

කටක ලග්නයෙන් උපන් ඔබට මෙම වර්ෂය පුරාවට මුදල් ආර්තික තත්වය සම්බන්ධව ගැටලු ඇතිවන අතර හිතමිත්‍ර සබදතාවයක් හරහා රැකියාව ආදායම් තත්වය සම්බන්ධව කිසියම් විශේෂ ගැටලුවකට ලක්වීමට සිදුවනු ඇත.ගනු සහ දෙනු වලදී සැලකිලිමත් විය යුතුවේ.මුදල් ගැටලුවක් නිසා මානසික පීඩා ඇතිකල හැකි වර්ෂයකි.විවාවහය පවුල් ජීවිතය සම්බන්ධව ගැටලු ඇතිවන අතර එය මානසික පීඩාවක් දක්වා වර්ධනය වනු ඇත.එහෙත් විවාහය ප්‍රමාදවෙමින් පසුතැවීම් සහිතව සිටි විවාහ අපේක්ෂිතයන් සදහා යම් අවස්තාවක් , විවාහය සිදුවීම සදහා යෙදෙනවා ඇත.සතුරු පීඩාවන්ට ලක්වීමට සිදුවන අතර නීතිමය ගැටලු ඇතිකල හැක.ජීවත්වන පරිසරය අවට තත්වය එතරම් සහනදායී බවක් සහිත නොවනවා ඇත.තම තත්වය ගෞරවය පිළිබදව  ගැටලු ඇතිකල හැකි අතර රහස් හෙළිවීමක් හෝ විශේෂ වශයෙන් අපහසුතාවයකට පත්වීමක් සිදුවිය හැක.අධ්‍යාපනාදී තත්වයනට විශේෂ ගැටලු ඇති නොවන නමුත් අමතර වියදම් දැරීමට සිදුවනු ඇත.මතකය අඩුවීමක් සිදුවීමට , නිදිබර ගති ඇතිවීමට අවස්තාව සහිතවේ.විදෙස්ගතවීමේ අවස්තා මෙම වසර තුල පවතී.2020 වර්ෂයේ අගභාගය එතෙක් පැවති තත්වයනට වඩා තරමක් සහනදායී වනු ඇත.මෙම වර්ෂය තුල මව පියා දෙදෙනාටම අසුබ යෙදේ.නිවාස දේපලාදිය සුරක්ෂිතව පවත්වාගෙන යාමට කටයුතු කලයුතුවේ.විසවීම් , උදරගත රෝග පාදයේ සහ ඇස සම්බන්ධ රෝග දුර්වලතා සුණඛයන් , සර්පයන් ආදීන්ගෙන් ප්‍රවේසම්ව කටයුතු කලයුතුවේ.රෝහල් ගතවීමකට අවස්තාව පවතී.කිසියම් රෝගී තත්වයකින් පීඩාවන අයෙකුවේ නම් , එම රෝග තත්වයන් පිළිබදව විශේෂයෙන් මෙම වර්ෂය තුළ ප්‍රවේසම්විය යුතුවේ.

සිංහ ලග්නය -

සිංහල ලග්නයෙන් උපන් ඔබට මෙම 2020 වර්ෂය බොහෝ දුරට සහනදායී ලෙස ගෙවීයනු ඇත.පවතින ගැටලු සමනය කරගැනීමට , පවතින රෝග සදහා නියම වෛද්‍ය වරයා හමුවීමට , ඉගෙනුම සදහා නිසි මග සහ නිසි ගුරුවරයා හමුවීමට අවස්තාව සහිත වර්ෂයකි.රැකියාව ආදායම් තත්වයන් සම්බන්ධවදවද විශේෂ ගැටලුවක් නොවන අතර රැකියාව හෝ ආඅදායම් මාර්ග හරහා ලබනා ධනය , ලාබය ඉතිරිකර ගැනීම අපහසුවේ.විවාහය බිරිද සහකරු පිලිබදව පැවති යම් යම් ගැටලුකාරී තත්වයන් සමනයකර ගැනීමට අවස්තාව හිමිවන අතරම විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුකරගැනීමට අවස්තා සහිත වර්ෂයක්වේ.සතුරන් පරාජයට පත්වන අතර දුරස්ව සිටි අයගේ ඇසුර නැවත ඇතිවේ.නව සබදතා හිතවත්කම් , යහපත් ප්‍රේම සබදතා ආදියට විශේෂ අවස්තාවක් මෙම වර්ෂය තුලදී පවතී.කල්‍යාණමිත්‍ර ඇසුරකට අවස්තාව සහිත කාලයකි.ඉගෙනීම් මෙන්ම ඉගැන්වීම්ද සාර්තකවේ.නව අධ්‍යාපන අවස්තා හිමිවනවා ඇත.විදෙස්ගතවීමේ බලාපොරොත්තු සදහාද මෙම වර්ෂය යහපත්වනු ඇත.එහෙත් මානසිකත්වය පීඩාවට පත්වන බියක් සැකයක් වැනි කරුණක් හේතුවෙන් යන් අසහනකාරී තත්වයකට ලක්විය හැක.2020 වර්ෂයේ අගභාගය ඉහතකී සුබ යම් ආකාරයකින් දුර්වලවීමකට ලක්වන අතර රැකියාව ආදියේ තරමක විශේෂ ගැටලු මතුවියට හැක.එමෙන්ම ස්තානීය ගැටලු ඇතිකල හැකි කාලයක් වනු ඇති අතර පවුලේ අයකු හෝ නිවසේ සිටිනා අයෙකු විශේෂ ගැටලුවකට රෝගයකට ලක්වීමට අවස්තාව පවතී.ආහාර සම්බන්ධ දුර්වලතා , උදරගත රෝග , පපුවේ මහන්සිය හතිය වැනි තත්වයනට ලක්වීමට මෙම වර්ෂය තුල අවස්තාව පවතී.පවුලේ වැඩිහිටියන් සදහා වසරේ අගභාගය යහපත් නැත.

කන්‍යා ලග්නය - 

කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම වසර ගෙවීගිය වසරට වඩා යම් සහනදායී බවක් ඇතිවේ.තමාට වටිනාකමක් කිසියම් ආකාරයකින් හිමිවන අතර සැලකුම් ලබයි.ස්තානීය වෙනසක් ඇතිවිය හැකි හෝ දුර බැහැර ගමන් බිමන් සදහා අවස්තාව පවතී.-රැකියාව තුල මානසිකත්වය යහපත්ව පවත්වාගත නොහැකිවනු ඇති අතර ප්‍රධානීන් හෝ ආයතනය තුල වෙනත් සේවක සේවකාදීන් සමග අමනාපකම් , මතබේධ ඇතිවනු ඇත.රැකියාවට සම්බන්ධව යම් යම් විශේෂ දුෂ්කරතාවයන් ඇතිවන අතර එයට සම්බන්ධව ගමන් බිමන් යෙදෙනවා ඇත.මුදල් තත්වය සමබරව යම් පමණකට පවත්වාගැනීමට අවස්තාව ඔඅවතී.විවාහයට සම්බන්ධ සාධකයනට යන් යම් අසුබ බලපෑම් ඇතිකල හැක.පවතින හිතමිත්‍ර සබදතා වෙනසකට පත්ව නව සබදතා හිතවත්කම් ඇතිවනු ඇත.තමාට වඩා වයස පරතරයෙන් වඩා වැඩි හෝ අඩු අය සමග විශේෂ සබදතා ඇතිවනු ඇත.අසම්මත සබදතාවයන් උවද ඇතිකල හැකි වසරකි.මේ අතරම හිතුවක්කාර ගතිගුණ ඇතිවේ.හදිසියේ කෝපය මතුකරයි.අතහැර දැමූ කටයුතු නැවත කරගැනීමට ,, වර්ධනය කරගැනීමට හෝ පවත්නා දෙයින් අමතර ලාබයක් ලබාගැනීමට අවස්තාව පවතී.නිවාස දේපලය ඉඩකඩම් සම්බන්ධව විශේෂ කටයුතු ඇතිවනවා ඇත.මේ අතරම තමා බවයෙන් බවය ගෙනා පාප කර්මයන්ගෙන් කොට්සක ක්‍රියාත්මක වන කාලයක් වන අතර නොසිතූ අවස්තාවකදී නොසිතූ ගැටලුවකට ලක්කල හැක.එමෙන්ම මෙම කාලයේ ඉගෙනීම සෙමෙන් නමුත් යම් ස්තාවරහ්වාක් සමග වර්ධනය වනු ඇත.ඔබටද රෝහල්ගතවීමකට හෝ නීතිමය ගැටලුවකට ලක්වීමට අවස්තාව සහිත බැවින් ප්‍රවේසම්විය යුතුවේ.මෙම වසර දරුවන් පිලිබදව යහපත් නොවන අතර දරුවන්ට අමතර වියදම් සහ , ඔවුන්ගේ වෙනත් ආකාරයේ ගැටලු සදහා අමතර වෙහෙසක් , කැපවීමක් සිදුකිරීමට සිදුවනු ඇත.හදිසි රෝග , පපුවේ මහන්සිය , පාදයේ ආබාධ ආදියටද ලේ දෝශයන්ටද , අක්මාව ආමාශය සම්බන්ධ ශරීර අවයවයන්ටද රෝ දුක් ඇතිවේ.වසරේ අග භාගය අයහපත්වන අතර බන්ධන අවස්තා පවතී.එම නිසා නීතිමය සහ ප්‍රධානත්වයන් යන අංශයන් තුල ප්‍රෙවේසම්ව කටයුතු කලයුතුවේ.ගෘහ මානසික වටපිටාව යහපත් නොවන අතර නිවසේ සහනය අඩු කාලයකි.සොර සතුරු බිය හෝ කරදර බාධක ඇතිකල හැක.

තුළා ලග්නය -

2020 වසර ඔබට තරමක මානසික පීඩා සහිතව ගෙවීයනු ඇත.වෙනදා පැවති සතුට සහනය අඩුවීමට ලක්වන අතර තම වීර්‍ය තුල කරනා දෙයින් ලබනා ප්‍රතිඵල දුර්වල කරයි.අසරණ බවක් තමාතුල ඇතිවන අතර මානසික වශයෙන් විදවීමකට ලක්වනවා ඇත.මව පියා සම්බන්ධව විශේෂයෙන් අයහපත් වන අතර ඔවුන් සදහා තමාට අමතර කැපවීමක් කිරීමට සිදුවනවා ඇත.එමෙන්ම තමාතුල වෙනදා පැවති ගුණ ධර්ම යම් පමණකට හෝ වෙනසකට ලක්වනු ඇති අතර අනුකම්ප්පා සහගත බව දුරුවී යයි.මුදල් ආර්තිකයට සහ රැකියාව සම්බන්ධව තරමක පීඩාකාරී දුෂ්කර බවක් සහිත කාලයක් වන අතර තමාට මෙතෙක් පැවතියාට වඩා වගකීම් හිමිවේ.එම වගකීම් ඉටුවන ඉටුකරනා ප්‍රමාණය කාලය සහ වේලාවන් මන්ධගාමී වන අතර ඒ හේතුවෙන් ප්‍රධානීන්ගේ ගැටලුවට දෝශ දර්ශණයට ලක්වීමට සිදුවනවා ඇත.තමාගේ පැවති තත්වය ගෞරවය ආදී වටිනාකම් හානියකට ලක්විය හැකි අතර තමා කරනා ඕනෑම දෙයක් පිලිබදව මෙන්ම කිරීමට බලාපොරොත්තු වන ඕනෑම දෙයක් පිලිබදව වෙනදාට වඩා සොයා බලා කටයුතු කිරීම යහපත් වනු ඇත.හිතමිත්‍ර සබදතා සහ ප්‍රේම සබදතා ආදියේදීද ප්‍රවේසමෙන් දුරදිග බලා කටයුතු කිරීම යහපත්වේ.නැතිනම් හදිසි නොසිතූ ගැටලු ඇතිකල හැකිය.විවාහ දිවියටද යම් යම් ආකාරයන්ගෙන් හදිසි ගැටලු යෙදෙනවා ඇත.විවාහයේ ප්‍රධාන සාධක දුර්වලවීමට ලක්වනු ඇත.දේපලාදියේ නිරවුල් නොවූ තැන් හරහා ගැටලු ඇතිවන නමුත් නව දේපලක් මිලදී ගැනීමට අවස්තාව පවතී.එහෙත් පවතින දේපල ආදීය විකිණීමෙන් පාඩු ඇතිකල හැක.නැතිනම් තමාගේ දේපලකින් හෝඅ අයිතියකින් වෙනත් පාර්ශවයන් ලාබ ලබනු ඇත.තමාගේ දේ අන්සතු වීමට අවස්තා සහිත අතර සොර සතුරු බියට ලක්වීමට සිදුවනු ඇත.නීතිමය ගැටලු ආදියෙන් අවාසි තම පාර්ශවයට හිමිවේ.අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ අයහපතක් නොමැති නමුත් මනස සිත එක් අරමුණක නිශ්චිතව පවත්වාගෙන යාමට අපහසුවනු ඇත.ලේ දුර්වලතා , උගුරේ බෙල්ලේ අතේ ආබාධ, බෝවන රෝග , ලේ දුර්වලතා , පාදයේ ආබාධ , පපුවේ රෝග ආදිය ඇතිකල හැක.මෙම වසරේ අගභාගයද යපත් නොවන අතර විවාහ පවුල් ජීවිත ගතකරන අයද විශේෂ වශයෙන් මුදල් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන අයද දුරදිග බලා කටයුතු කිරීම යහපත් වනු ඇත.

වෘශ්චික ලග්නය -

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මෙම වර්ෂය සුබාසුබ මිශ්‍රඵල සහිතව ගෙවීයයි.එහෙත් 2020 ජනවාරි 26 වනදා සෙනසුරු ලග්න ඒරාශ්ටක අපලය අවසන්වීම අනුව එතෙක් පැවති පීඩනකාරී මානසික තත්වයෙන් යම් පමණකට මිදීමට අවස්තාව සැලසෙනවා ඇත.ලාබ බලාපොරොත්තුවෙන් කල ආයෝජන ආදියෙන් යම් පමණක ලාබයක් ලැබීමට වසරේ මුල් කොටස තුල අවස්තාව හිමිවන අතර වසරේ අග කොටස මුදල් කටයුතු සදහා විශේෂ වර්ධනයක් ඇතිකරනු ඇත.එහෙත් රැකියාවට සම්බන්ධ කරුණක් හරහා මානසික පීඩාවකට ලක්වීමට සිදුවිය හැක.එය ප්‍රධානියෙකු සමග ඇතිවන මතබේධයක් විය හැකි අතර එයින් තමනට වාසි ඇතිකරයි.තමාට හවුල් කවුවන් , උදව් කරුවන් මෙන්ම මගපන්වන්නන් හමුවන කාලයක් වන අතර ඔවුන්ගේ සහයෝගය ලැබෙනවා ඇත.සතුරන් පරාජය වන අතර දුරස්වීම් සහිත අයගේ ලන් වීමක් සිදුවනවා ඇත.විවාහ බලාපොරොත්තු අයගේ එම බලාපොරොත්තු ඉටුකරගත හැකි වසරක් වන අතර පවුල් ජීවිත ගතකරන්නන් සදහා වසරේ මුල් කොටස තුල සහනදායී බවක් ඇතිවන නමුත් අග කොටස තුල මතබේධාත්මක තත්වයනට ලක්වීමට සිදුවිය හැක.දරුඵල බලාපොරොත්තුවූ අය සදහාද සහනය සහිත කාලයකි.ආගම දහම පිලිබදව විස්වාසයක් ඇතිව කටයුතු කරනවා ඇත.තම නාමය වර්ධනය වනු ඇත.ඉගෙනීම් සපල වන අතර විශේෂ බාධාවන් ඇතිනොවනවා ඇත.ඉගෙනීම් සදහාද , හිතමිත්‍රයන්ගේ කටයුතු සදහාද ගමෙන් නගරයෙන් පිට ගමන් යෙදෙනා අතරම සංචාරක අවස්තා හිමිවන , විදෙස්ගතවීමේ බලාපොරොත්තු සදහා සඵලවීම් සහිත කාලයකි.තමා තුල පවතින ඕනෑම ආකාරයක බලාපොරොත්තුවක් ඉටුකරගැනීමට අවස්තාව සහිත වසරක් වන අතර උත්සහයේ ප්‍රතිඵල නිසි අයුරින් හිමිවනවා ඇත.ලේ දෝශයනට ලක්වීමට අවස්තා සහිත අතර සමේ රෝග , නහර ස්නායු දුර්වලතා ආදියද , පාදයේ ධනහිසේ අබාධ ද ඇතිවනවා ඇත.

ධනු ලග්නය -

ධනු ලග්නයෙන් උපන් ඔබට ගෙවීගිය වර්ෂයට වඩා පමණක් මෙම වසර තුල යම් පමණක සහනයක් ඇතිවනු ඇත.පැවති නින්දා අපහාස , චෝදනා අපවාද , සැපය සනීපයේ දුර්වලතාවයනට සහනය ඇතිවන අතර තම නාමය යහපත් වනවා ඇත.හිතුවක්කාර ගතිගුණ මානසිකත්වයන් ඇතිවන අතර සමාජ සබදතා , බාහිර සබදතා කටයුතු තුලින් දුරස්ව ඉවත්ව කටයුතු කිරීමද , හවුල් කටයුතු ආදියෙන් වෙන්ව දුරස්ව , දුරදිග බලා කටයුතු කිරීමද යහපත්වනු ඇත.රැකියාව ආදායම් සම්බන්ධව තවදුරටත් අසහනකාරී තත්වයන් ඇතිකරන අතර මුදල් යොදවා කරන කටයුතු පිලිබදව මනා අවබෝදයෙන් යුතුව කටයුතු කිරීමට සිදුවනු ඇත.අපේක්ෂිත ආදායම් මන්දගාමී ලෙස නමුත් ස්තිරවම ලැබෙනවා ඇත.තමා බලාපොරොත්තු වන දියුණුව ඒ ආකාරයෙන් ම නොවන නමුත් යම් පමණකට හෝ ලැබීමට අවස්තාව සහිතවේ.ඉගෙනීම් කටයුතු සම්බන්ධව යහපත්වේ.නව අධ්‍යාපණික අවස්තා හෝ කරගෙන ආ ඉගෙනීම් සදහා නිසි මගපෙන්වීම , නිසි ගුරුවරයා හමිවීම සිදුවනු ඇත.සබදතා හිතවත්කම්ද මතබේධ සහිතව උවද පවත්වාගත හැකිවන අතර නව හිතවත්කම් හෝ පැරණි හිතවත්කම් නැවත ආරම්බවීම යහපත්වීම සිදුවනු ඇත.ප්‍රේම සබදතා ආදිය ඇතිවනු ඇත.විවාහ දිවි ගෙවනා අය විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කලයුතු අතර හදුනාගත , සිතාගත නොහැකිවන ආකාරයේ හදිසි ගැටලු ඇතිකල හැක.විවාහයේ තත්වයට බාහිර සිදුවීම් හරහා හෝ බාහිර පුද්ගලයන් හරහා අයහපත් බලපෑම් ඇතිකල හැකි වසරකි.අනාගත යහපත වෙනුවෙන් කරනා ඕනෑම ආකාරයේ කටයුතක් පිලිබදව දුරදිග බලා කටයුතු කිරීම යහපත්වන අතර තමා බන්ධනය වීමකට , හසුවීමකට රැවටීමකට වසර අවසානය තුල අවස්තාව සහිතවේ.මව පියා සම්බන්ධව සුබාසුබ සහිත නමුත් මවගේ තත්වයන් විශේෂ ලෙස ගැටලුවට ලක්වනු ඇත.විවාහ අපේක්ෂිතයනට විවාහයද , දරුඵල අපේක්ෂිතයනට දරුඵලද , විදෙස්ගතවීම් බලාපොරොත්තු අය සදහා විදෙස්ගතවීමේ අවස්තාවන්ද ස්තිරවම මෙම වසර තුලදී හිමිවනවා ඇත.විස ශරීරගතවීම් , ලිංගාශ්‍රිත රෝග දුර්වලතා , උගුරේ වෙල්ලේ අසනීප , වාත වේධනා කැක්කුම් ආදියට අවස්තාව සහිතයි.වසරේ අග කොටස තුල සියලුම කටයුතු පිලිබදව ප්‍රවෙසමෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම යහපත්වනු ඇත.

මකර ලග්නය -

මකර ලග්නයෙන් උපන් ඔබ 2020 වසර පුරාවටම විශේෂයෙන් ප්‍රවෙසමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කලයුතුවේ.තන්නහව , අදික ලාබය හෝ අසීමිත බලාපොරොත්තු සහිතව කටයුතු නොකලයුතු අතර එලෙස කටයුතු කිරීමෙන් නොසිතූ පාඩු , රැවටීම් , බලාපොරොත්තු බිදවැටීම ආදියට ලක්වීමට සිදුවනවා ඇත.එමෙන්ම යහපත් යැයි මූලිකව මනස සහ බුද්ධිය විසින් හදුනාගන්නා දෙය , පුද්ගලයා තුල තම සිතන තරමේ ගුණයක් යහපතක් බලාපොරොත්තුවීම අපහසුවීම සහ අවසාන වශයෙන් හසුවීම රැවටීම යන තත්වයනට ලක්වීමට අවස්තාව වැඩි වශයෙන් 2020 වසර තුල පවති.රැකියා ආදායම් තත්වයන් පිළිබදවද යහපත් නොවනා අතර වෙහෙස කර දුෂ්කරතා සහිතව රැකියාව පවත්වා ගැනීමට සිදුවන අතර උප්පත්ති ග්‍රහ තත්වයන්ගේ යෙදී ඇති සුබාසුබ තත්වයනට යටත්වේ.එමෙන්ම හිතමිත්‍ර සබදතාවයන් වෙනස් වීමට ලක්වන අතර විස්වාසවන්තයන්ගෙන්ම තමාට හානි අගෞය , නින්දා අපහාස ඇතිකල හැකි.රහස් හෙලිවීමකින් හෝ කිසියම් විශේෂ හේතු සාධකයක් නිසා අපහසුතාවයකට පත්වීමට සිදුවනු ඇත.ප්‍රේම සබදතා ආදියේදී විස්වාසය තුල ඇතිවන සිදුවන සිදුවීම් පිලිබදව දෙවරක් සිතා බැලිය යුතුවේ.මූලිකව යහපත් යැයි හදුනාගත් දෙය දෙවනුව තද අයහපත ඇතිකල හැක.සතුරන් සහිත වන සහ ඇතිවන කාලයක් වන අතර සතුරා හදුනාගැනීමට නොහැකිවේ.සියලු සිදුවීම් අවසාන වශයෙන් මානසික විදවීමක් දක්වා වර්ධනය වනු ඇති අතර කලකිරීමට ලක්වේ.ඉගෙනීම් සම්බන්ධ කටයුතු බාධාවේ.බලාපොරොත්තු ප්‍රතිඵල සදහා අමතර වෙහෙස මහන්සියකින් යුතුව කටයුතු කිරීමට සිදුවනු ඇත.විවාහ දිවියද ප්‍රශ්ණකාරී බවට ලක්වන අතරම එක් අයෙකුගේ තැම්පත් ධනයකට හානි ඇතිකල හැක.සැකය පවුල් ජීවිත තුලට ඇතුලුවේ.දැනට යම් යම් රෝග තත්වයන්ගෙන් පසුවන අය විශේෂයෙන් ප්‍රවේසම්විය යුතු කාලයක් වන අතර රෝහල් ගතවීම් ආදියට අවස්තාව සහිතයි.ඇස පාදය , පිටිපතුල යටිපතුල , බඩ යටිබඩ සහ බඩ වැල ආශ්‍රිතව රෝග ඇතිකල හැක.පාදය ධනහිස විශේෂයෙන් ප්‍රවේසම්කරගතයුතුවේ.

කුම්භ ලග්නය -

කුම්භ ලග්න ඔබට 2020 වසර යහපත් වන අතර එයද ඔබගේ උප්ත්ති ග්‍රහ තත්වයට යටත්ව ප්‍රතිඵල ලබාදෙනු ඇත.මේ අනුව යම් විශේෂ යහපත් බවක් 2020 නොවැම්බර් දක්වා පවතී.කරන කියන කටයුතු යපත් සහ ලාබ ලැබීමට හේතු වනු ඇත.ආදායම් බලාපොරොත්තුවෙන් කරනා කටයුතු ප්‍රතිඵල දායක වනවා ඇත.වැඩි වියදම් සහිත , යෙදෙන කාලයක් වන නමුත් වියදමේ තරමට ලැබේ.ඉතිරි කිරීම අපහසු වන නමුත් වියදම් දරනා දෙය තුල ලාබ සහිත සහ ප්‍රයෝජන සහිත බැවින් අයහපත් අඩුවේ.මීට අමතරව සහකරුවන් හවුල් කරවුන් හමුවනවා ඇත.දුර බැහැර සිටිනා අය සමග සබදතා හෝ ගණුදෙනු සිදුවන අතර විදෙස්ගතවීම් ආදිය බලාපොරොත්තු නම් ඒවා ඉටුවේ.විවාහය බලාපොරොත්තු නම් විවාහය සිදුවීමට අවස්තාව සහිත වසරකි.පවුලට නව සාමාජිකයන් එකතුවේ.දරුඵල ලාබ සහිතයි.වර්තමානයේ නොයෙක් ආකාරයේ , තරාතිරමේ පුද්ගලයන් හමුවන අතර ඔවුන් සමග හිතවත්කම් සබදතා ඇතිවේ.එහෙත් මෙම පිරිස නිසාම ඉදිරියේ ගැටලු ඇතිවිය හැකි බැවින් ඔවුන් පිළිබදව සැලකිලිමත්ව කටයුතු කලයුතුය.එමෙන්ම දරුවන්ගේ කටයුතු යම් යහපත් බවක් සහිතා සිදුවනු ඇති නමුත් ඒ තුලද නොපෙනෙනා හදුනා නොගත් ගැටලු පවතිනවා ඇත.එම හේතූන් 2020 නොවැම්බර් මසින් ඉදිරි කාලය තුල මතුවනවා ක්‍රියාත්මක වනවා ඇත.එම නිසා බාහිර තත්වයනට ඕනෑම දෙයක් තුල වැඩි අවදානයක් යොමුකර කටයුතු කිරීම සුදුසු නැත.මුල යහපත්ව අග අයහපත්වන සහ යහපත කෙය්ටිකාලීනව පැවතීම සහ ඉදිරියේ කර්ම ගුරු අපලයට සහ ඒරාශ්ටක අපලයේ පීඩනයට ලක්වීමට පවතින නිසා අද සිදුවන ඕනෑම සුබ යහපත් යැයි සිතෙනා දෙයක නොදුටු හෝ හදුනා ගැනීමට නොහැකි වූ ගැටලුවක් පවතිනු ඇත.ඉගෙනීම් කටයුතු වල නිරත අයට ඒ සදහා විශේෂ අවස්තා හිමිවන අතර විදෙස්ගත අධ්‍යාපනයක් බලාපොරොත්තු උසස් අධ්‍යාපණයේ නියුතු අයට එම අවස්තා හිමිවනවා ඇත.එහෙත් මූලික අධ්‍යාපනික මට්ටමේ පසුවන කුඩා දරුවන් ආදීන්ගේ ඉගෙනීමේ දුර්වලතා මතුවනු ඇත.බාහිර කටයුතු සදහා දක්ෂතා දක්වනවා ඇත,උදරගත රෝගයන්ට අවස්තාව සහිතයි

මීන ලග්නය -

මීන ලග්නයෙන් උපන් ඔබට ගෙවීගිය වසරට වඩා සහනදායී බවක් 2020 වසර තුල ඇතිවනු ඇත.දුර බැහැර ගමන් බිමන් සහිත අතර එවැනි කටයුතු තුල ලාබ පවතිනු ඇත.රියදුරන් ආදීන්ට විශේෂයෙන් යහපත් වනු ඇත.රැකියාව ආදායම් තත්වය පැවතියාට වඩා සහනදායී වන අතර යම් යම් සුලු දුෂ්කරතාවයන් වසර අග දක්වා පවතිනු ඇත.එහෙත තදබල හානි පාඩු සදහා අවස්තාව නැත.තම දේපල අයිතිවාසිකම් පිලිබදව යම් සොයා බැලීමක් කිරීමට හෝ පවතින දිරාපත් වූ අබලන්වූ හෝ අතහැර දමා තිබූ දෙයින් නැවත ප්‍රයෝජන ලැබීමට , මූලික වැඩපිලිවලක් ඇතිවනු ඇත.පවුලට සාමාජිකයන් එක්වීමක් සිදුවන අතර විවාහ අපේක්ෂිත සහ දරුඵල අපේක්ෂිත අය සදහා බලාපොරොත්තු ඉටුවනවා ඇත.විදෙස්ගතවීම් සාර්තක වන අතරම සංචාරක අවස්තා , වන්දනා ගමන් ආදිය සිදුවනු ඇත.බොහෝ දේ යහපත් ලෙස සිදුවන අතරවාරයේ කිසියම් විශේෂ සතුරෙකුගේ බලපෑමකට නිතර ලක්විය හැක.එය තරමක් කල්පනාකරමින් කාලය ගතකිරීමට සිදුවන සිදුවීමක් විය හැක.මෙම වසර තුල අධ්‍යාපනය ආදී කටයුතු නව අවස්තා සහිතව සපල කරගැනීමට අවස්තාව සහිත අතර විද්‍යා විශයන් සම්බන්ධව කුතුහලය ඇතිවන , එවැනි දේ ඉගෙනගන්නා , එවැනිදේ අවබෝධකරගත හැකි කාලයකි.ඉගෙනීම සදහා දුර බැහැර ගමන් සහිත අතර නිවසේ සිටිනා කාලය අඩු වනවා ඇත.මවට පියාට වසර මැද දක්වා බාධා සහිත අතර මවට විශේෂවේ.සබදතා හිතවත්කම් පැරණි අය සමග ඇතිවන අතර කලකින් හමුවන බොහෝ පිරිසක් මෙම වසර තුල හමුවනවා ඇත.එමෙන්ම තමාගේ වයසට වැඩි හෝ අඩු , වැඩි වයස් පරතරයක් සහිත අය සමග නව සබදතා හිතවත්කම් ඇතිවනවා ඇත.වසරේ අග කොටස විවාහ දිවි ගතකරන අයට විශේෂ වශයෙන් අයහපත් වනු ඇත.පපුවේ අසනීප පාදයේ අසනීප , වසවිස ශරීරගතවීම් සහිත , ගිණි අනතුරු සහිත වසරකි.අක්මාව ආමාශය සම්බන්ධව රෝග ඇතිකල හැක.

ජනක පී කුමාර 
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය