ගර්භාෂ පිළිකාවට කෝපි ඔසුවක් වෙයි


ගර්භාෂගත පිළිකා තත්ත්වය වයස අවුරුදු 45ට වැඩි වයස්වල කාන්තාවන් අතර දක්නට ලැබෙන අතර,  මෙය කාන්තාවන් අතර සුලබම රෝගී තත්ත්වයක් ද වෙයි.

ඒ අනුව කාන්තාවන් 37 දෙනෙකුගෙන් එක් අයෙකුට ගර්භාෂයේ පිළිකා අවදානම ඇති බවද මේ වන විට සමීක්ෂණ මගින් තහවුරු කර තිබේ.

කෙසේ වුවද නවතම සමීක්ෂණ වාර්තා හෙළිකරන්නේ දිනකට පානය කරන කෝපි කෝප්ප 3සිට 4 දක්වා ප්‍රමාණය ගර්භාෂ පිළිකා අවදානම 19%කින් පහත දමන බවයි.

එසේම මීට ප්‍රථම කෝපි මගින් මෙලනෝමා නම් සමේ පිළිකා අවදානම පහත දමන බව අණාවරණය කළේ Journal of the National Cancer Institute මගිනි.

කෙසේ හෝ පර්යේෂකයන්ගේ මේ වන වට අවධානය යොමුව ඇත්තේ කෝපි මගින් කෙතරම් යහපත් තත්ත්වයක් ගර්භාෂයේ පිළිකා සම්බන්ධව ලබාගත හැකි ද යන්න සොයා බැලීමටය. පර්යේෂණය සිදුකළේ Cancer Epidemiology, Biomarkers & Prevention ජර්නලය වෙනුවෙන්   එක්සත් රාජධානියේ ලන්ඩන් හි ඉම්පීරියල් විද්‍යාලයේ මෙලිසා ඒ. මෙරිට්(PhD) ප්‍රමුඛ කණ්ඩායම විසිනි.

සඳමාලි වික්‍රමආරච්චි
උපුටා ගැනීම - www.ada.lk