බුදු සසුනට විනකරන්නන්ට දඬුවම් දෙන විෂ්ණු දෙවියෝ


කඳ කුමරු නොහොත් කතරගම දෙවිඳුන් මිනිස්‌ ලොව ඉපිද බෞද්+ධ ධර්ම ග්‍රන්ථ කියවමින් ආගමානුකූල ජීවිතයක්‌ ගත කරමින් සිටියේය. ඒ වනවිට උපුල්වන් මහා විෂ්ණු දෙවියන් නීල කසිණය භාවනා වඩමින් හා තවදුරටත් එය ප්‍රගුණ කරමින් සිටියේය. විෂ්ණු දෙවියන් කර්මස්‌ථානාචාර්යවරයකු ලෙසද භාවනා මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගියේය. මෙම භාවනා මධ්‍යස්‌ථානයට කඳ කුමරුද පැමිණ කසිණය භාවනා කරන්නට පුරුදු වූයේය. කඳ කුමරු ඒ වනවිට විෂ්ණු දෙවියන් ගැන හරි තොරතුරක්‌ දැන නොසිටියේය.

එහෙත් භාවනා වඩමින් සිටින කඳ කුමරුට භාවනා ක්‍රම ගැන දැනුම අවබෝධය ලබාදෙන මෙම උත්තමයා අන් අයකු නොව උපුල් වන් මහා විෂ්ණු බව වටහා ගත්තේය. 

මහා විෂ්ණු දෙවියන් නීල කසිණය වැඩීම හා ඉගැන්වීම තමන්ට ඉතා පුරුදු භාවනාව නිසා එසේ නීලකසිණ නිමිත්ත පුරන්නේ යෑයි කතරගම දෙවිඳුන් සිතීය. මේ නිසා විෂ්ණු දෙවියන්ට නිල් තිර, රෙදි මල් පූජා කරන වග ද ඔහු වටහා ගත්තේය.

බුද්ධ ශාසනය රැක ගැනීමේ මහා භාරදූර කාර්යය විෂ්ණු දෙවියන්ට පැවරී තිබීම නිසා යම් හෙයකින් බුදු සසුනට හානියක්‌ අනතුරක්‌ සිදුවන ලකුණු දැනුණු විට ඉන් මිදීමට, සසුනට නිගා කරන අයට දඬුවම් පැමිණවීමට සුදුසු පරිදි ක්‍රියා කිරීමේ කාර්යය කඳ කුමරුට පැවරීය. කඳ කුමරු යුද සේනාපති තනතුර ලැබ මෙම කාර්යයෙහි නියෑළුණේය.

කඳ කුමරුන් තම සීලවන්ත බවද රැක ගෙන බුදු සසුනට නිගා කරන අයගෙන් සසුන රැක ගැනීමට කටයුතු කිරීමේ නියෑළේa. බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර යන ත්‍රිමූර්තිය තුළින් පාපයේ විනාශය බ්‍රහ්ම විසින් නිර්මාණය කරයි. විෂ්ණු දෙවියන් සර්ව සාධාරණය ඉටු කරදෙයි.

මහේෂ්වර විසින් ක්‍රියාශීලීව අවසානය සලසා මිනිස්‌ ලොවට යහපත උදාකර දෙයි.

පෙර රජ දවස නිල්වන් ලීයකින් සාදන ලද දේව ප්‍රතිමාවක්‌ මුහුද අයිනේ තිබෙන වගක්‌ ධීවරයන් දැක ඇත. මොවුන් මේ ගැන රජතුමාට දැනුම් දීමෙන් පසු රජු මුහුදු වෙරළට පැමිණ මෙම ප්‍රතිමාව සිටුවා තැබීය. මෙසේ සිටුවා තැබීමෙන් නේත්‍රා බැලුම් ගෙන දෙන මුහුදු සීමාවේ ඉතා දුරට පවා කිසිම මාළුවකු දැල් මගින් හෝ වෙනත් ආම්පන්න මගින් හෝ අල්ලා ගැනීමට අපහසු විය. මේ බව ධීවරයන් යළි රජතුමාට සැල කරන ලදුව, ප්‍රතිමාවේ නෙත් අඩවන් කරවීමට හැකි අයකු සෙවීමට පණිවුඩ යෑව්වේය. මෙහිදී නැකත්කරුවකු පැමිණ ප්‍රතිමාවේ වම් පාදයේ මහපටඇඟිල්ලට ඉඳිකටුවකින් විදීමෙන් ප්‍රතිමාවේ දෙනෙත් අඩවන් වූයේය. අනතුරුව මෙම ප්‍රතිමාව දෙවුන්දරට වැඩමවා මහා විෂ්ණු දේවාලයක්‌ ඉදිකර එහි පුද පූජා පැවැත්වීමට සැලැස්‌වීය. එදා සිට ශ්‍රී විෂ්ණු දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිරිතක්‌ විය.

විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වන විට නිල්මල්, නිල් තිර පූජා කර පහත සඳහන් අෂ්ටක කියවීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන බව සඳහන්ය. 

ශ්‍රීමත් සුරේන්ද්‍ර භානු රුචිරං 

ගෝදණ්‌ඩ චක්‍රා යුධං

ස්‌වේතං සංඛ ධනෝර්දං සුදේහං

නීලංච වර්ණං යුතං

ත්‍රීටං කුණ්‌ඩල හේම වස්‌ත්‍ර සහිතං

ගරුඬාසනං නිර්මිතං

තවං තේ දේව රාජං

විෂ්ණු රාජා නමාමී



විමල විපුල නේත්‍රං

දුෂ්පූරං නීල ගාත්‍රං

රුචිර තනු විචිත්‍රං

භූමි පුත්‍ර කලත්‍රං

තවීන කුල පවිත්‍රං - සකල බය හරං

රාම විද් වංත් විත්‍රං

බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව සලසන ශ්‍රී විෂ්ණු දෙවියන් සුළු සේ තැකිය නොහැකිය. නවග්‍රහයන්ගේ අපල උපද්‍රවවලදී විශේෂයෙන් බුධගේ, සෙනසුරුගේ සහ කේතුගේ, අපලවලට හා එම දශා අතුරු දශා පවතින විට විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතීමෙන් අපල දුරු කර ගත හැකිය.

මීරිගම විද්‍යාල මාවතේ - ආර්. ඇම්. ටී. බී. රත්නායක 

Post a Comment

0 Comments