කුජ මාරුව 2018 මාර්තු


2018 ක් වූ මාර්තු 07 වන බදාදා දින පස්වරුවේ කුජ ග්‍රහයා , තමන් එතෙක් ගමන් කල වෘශ්චික රාශියේ සිට ධනු රාශියට පැමිණීම සිදුවේ.මෙහි විශේෂත්වය වන්නේ කුජ මෙසේ ධනු රාශියට පැමිණෙනා විට සෙනසුරු ග්‍රහයාද ධනු රාශිය හරහා ගමන් කිරීමයි.ධනු රාශිය තුලදී සෙනසුරු සමග සංයෝග වන කුජ ග්‍රහයා මැයි 02 වනදා දක්වා , එනම් මාසයයි දින 26 ක් පුරාවට සෙනසුරු හා ධනු රාශියේ ගමන් කරයි.මෙම ග්‍රහ සංයෝගය එතරම් යහපත් බවක් ඇතිනොකරයි.මේ හරහා රටටත් ජනතාවටත් ඒ ඒ විශේෂිත වූ අංශයන් සම්බන්ධවත් බලපෑම් ඇතිකරනවා ඇත.

රාජ්‍ය පාලණ අංශයට අයපත් කාලයකි.නීතිය සාමය සම්බන්ධව වෙනස්කම් , වෙනස්වීම් සිදුවනවා සමගම නීතිය ක්‍රියාත්මක වන්නන් අතින් වැරදි සිදුවනවා ඇත.දේශපාලණ අංශයේ විපක්ෂය නියෝජනය කරනා ප්‍රභූ පුද්ගලයෙකුට අපලදායකවේ.කලාකරුවන් , ගත්කතුවරුන් , උගතුන් බුද්ධිමතුන් සම්බන්ධවද පූජ්‍ය පක්ෂයේ ප්‍රධානීන් සම්බන්ධවද අපලකාරී තත්වයන් ඇතිවේ.කම්කරුවන් හෙවත් රාජ්‍ය සේවක අංශයේ ගැටලු , විරෝදතා මතුවේ.අධ්‍යාපණික අංශයත් , සිසුන් සම්බන්ධවත් යහපත් නැත.මෙරට සමග කටයුතු කරනා හවුල් රාජ්‍යක් හා මතබේධකාරී තත්වයන් ඇතිවේ.මිනිස් මානසිකත්වයේ වේගවත්බව ඇතිවේ.කේන්තිය කෝපය බහුතර ජනතාව තුල ඇතිවේ.හදිසියත් කලබලයත් මතුවේ.හදිසි අනතුරුද , හදිසි කෝපය වන නිසා සිදුවන ප්‍රචන්ඩත්වයන් හෝ මිනී මැරුම් වැඩිවේ. දුම්+රිය අනතුරු සිදුවීමේ අවධානම පවතී.සුලං සහ අකුණු සහිත වැසි වර්ධනය වී ඒ හරහා ජනතාවට පීඩා ඇතිකර කෙටි කාලීන තද පෑවීමක් දක්වා දේශගුණික තත්වයන් වෙනසකට ලක්වනු ඇත.බෝවන රෝග නැවත මතුවේ....සාමාන්‍ය වශයෙන් සමස්ත ජනතාවගේ ජීවන රටාව දුෂ්කරතාවයකට හසුවනු ඇත.මැයි 02 වනදා දක්වා මෙම තත්වයන් පවතී.

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් ඔබට කුජ මාරුව හරහා සුබාසුබ ප්‍රතිඵල හිමිවේ.දේපලක් , හිමිකමක් වටිනාකමක් ඇතිකරගැනීමට , මිලදී ගැනීමට අවස්තාව ලැබේ.පවතින එවැනි බලාපොරොත්තු ඉටුවේ.රැකියාවේ දුෂ්කරතාවයන් , වෙහෙසකර බව සහිත කාලයක් නමුත් ආදායම් ලැබීම් ආදී තත්වයන්ගේ විශේෂ බිදවැටීමක් නැත.දෙවියන් පිලිබදව විස්වාසය ඇතිවේ.වැඩිහිටියන් සමග අමනාපකම් ඇතිකරගනී.සහෝදර සහෝදරියන්ගෙන් දුරස්වීමක් අමනාපයක් හෝ ඔවුන්ට කරදරකාරී තත්වයක් ඇතිවිය හැකිය.නිවසේ ජීවත්වන පරිසරයේ කලබලකාරී ගැටලුකාරී බවක් ඇතිවේ.අසමගිකම් අමනාපකම් නිවසේ අනෙකුත් සමාජිකයන් සමග ඇතිවිය හැකිය.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මාර්තු 07 වෙනිදා සිට මැයි 02 වනදා දක්වා ගෙවීයන කාලය විශේෂයෙන් යහපත් නැත.විවාහක වෘෂභ ලග්න හිමියන්ගේ පවුල් ජීවිත තුල ගැටලුකාරී තත්වයන් මතුවීමට අවස්තාව පවති.ස්වාමියා බිරිද අතර පවත්නා සබදතාවය ආත්මාර්තකාමීත්වය මූලික කරගත් ඒවා වනු ඇත.වියදම් අධිකවේ.හදිසි පාඩු අලාබ ඇතිවේ.සහෝදර සහෝදරියන් සහ පියා සම්බන්ධවත් පිය පාර්ශවීය වැඩිහිටියන් සම්බන්ධවත් අපල යෙදේ.රැකියාවේ අතෘප්තිකර ගති ඇතිවේ.දුෂ්කරතා වෙහෙසකර කටයුතු යෙදේ.රැකියාව අතර තුර හදිසි අනතුරු ඇතිවීමට හෝ තමා අතින් සිදුවන ප්‍රමාදයන් අතපසුවීම් ආදිය හේතුවෙන් ප්‍රධානීන් සමග මතබේධාත්මක තත්වයන් මතුවිය හැකිය.දරුවන් තුල හිතුවක්කාර ගතිගුණ අදහස් ඇතිවේ.සැපය සනීපය සහනය අඩු කාලයකි.වෘෂභ ලග්නයෙන් උපන් ඔබ 2020 දක්වා සෙනසුරු ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය ගෙවෙමින් සිටින නිසා මාර්තු 07 මැයි 02 අතර සෙනසුරු සහ කුජ ග්‍රහයන්ගේ සංයෝගය හරහා අසුබකාරී බව වර්ධනය විය හැකිය.ඉවසිලිමත්ව කටයුතු කලයුතුවේ.

මිතුන ලග්නය

මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්නට කුජගේ පැමිණීම සිදුවේ.කුජ හත්වැන්නේ ගමන් කරනා කාලය සුබාසුබ මිශ්‍රඵල ඇතිකරයි.ආත්ම ශක්තිය විස්වාසය , උත්සහය උනන්දුව ඇතිවේ.ඒ සමගම හදිසි කේන්තිය කෝපය ඇතිවනවා ඇත.ආදායම මිල මුදල් තත්වය මුල් කාලය තුල යහපත් අතර කුජ රාශියේ අග ගමන් කරනා කාලය තුල විශේෂ මුදල් අවශ්‍යතා , පාඩු අලාබ ඇතිවිය හැකිය.කට වචනය නිසා පාඩු ඇතිවේ.පවුල් දිවියට බලපෑම් ඇතිවේ.සබදතා හිතවත්කම් අස්තාවර වීමට අවස්තාව සහිතයි.රැකියාවට බලපානු ලබන ගැටලු හෝ දුෂ්කරතා ඇතිවේ.පියා සමග මතබේධ ඇතිවේ.සහෝදර සහෝදරියන් සමග මතබේධාත්මක බවක් ඇතිවිය හැකි අතර කෙටි ගමන් බිමන් යෙදේ.සතුරන් මතුවේ.සතුරන් ජයගැනීමට හැකිය.මුහුණේ මුඛයේ උෂ්ණ රෝග මතුවේ.උෂ්ණ ගති වර්ධනය වන අතර හිසේ කැක්කුම් , පිත කෝපවීම් වැනි දුර්වලතා නිසා පීඩා ඇතිවේ..බඩ යටිබඩ ආශ්‍රිතව රෝග මතුවිය හැකි.කාමරාගී බව වර්ධනයවේ.පපුවේ රිදුම් , කැක්කුම් වේදනාවන් ඇතිවෙයි.

කටක ලග්නය 

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හයවැන්න හරහා කුජගේ චාරය සිදුවේ.සතුරු කරදර පීඩා ජයගැනීමට හැකිවේ.උත්සහය උනන්දුව සහිතව කටයුතු සිදුවේ.දුෂ්ඨ ගති ප්‍රකෝපකාරී කේන්ති ගති තමා තුල මතුවේ.කේන්තිය ඇතිවේ.ක්‍රියාශීලී ක්‍රීඩාශීලී බව ඇතිවේ.ශරීර ශක්තිය යහපත්වේ.කුසගිණ්න වැඩිවේ.රැකියාව යහපත්වේ.ආදායම් තත්වය යහපත්වේ.හිතමිත්‍ර සබදතාවයන්ට යහපත් නැත.හිතමිත්‍ර සබදතාවයන් හරහාම සතුරු කරදර මතුවිය හැකිය.රැකියාවේ දුෂ්කරතා සහිත උවත් යහපත්වේ.විවාහකයන් අතර මතබේධාත්මක බවක් හෝ එක් අයෙකුගේ සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දීමට සිදුවේ.හදිසි කේන්තිය , කෝපය නිසාද , එකිනෙකා නොතේරුම් ගැනීම ආදී තත්වයන් හරහාද පවුලේ ගැටලු ඇතිකරයි.සහෝදර සහෝදරියන් අතර මතබේධ මතුවේ.උදරගත රෝග තත්වයන්ට , උෂ්ණ රෝගයන්ට ලක්විය හැකි අතර හදිසි අනතුරු ආදිය සම්බන්ධවද සැලකිලිමත්විය යුතුවේ.

සිංහ ලග්නය 

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්න හරහා කුජගේ චාරය සිදුවන අතර මේ හරහා සිංහ ලග්න හිමියන්ටද සුබාසුබ මිශ්‍රඵල ඇතිකරයි.ක්‍රියාශීලී වෙයි.උනන්දුව උත්සහය ඇතිවේ.ක්‍රිඩා ආදී කටයුතු කරනා අයගේ දක්ෂතා වර්ධනය වන අතරම එවැනි අවස්තා අතර තුර හදිසි අනතුරු තුවාල වැටීම් ආදිය සිදුවිය හැකිය.කාලයක් තිස්සේ පැවති ආදර ප්‍රේම සබදතාවයන්ට බලපෑම් ඇතිවේ.සිත්වේදනා සිත් බිදීම් ඇතිවේ.අමනාපකම් මතුවේ.හිතමිත්‍ර සබදතාවයන් හරහා උවත් විශේෂ ගැටලුකාරී බවක් ඇතිකරයි.අඹුසැමි සබදතාවය තුලද සාමකාමී සරල බවට හානි ඇතිවේ.වියදම් අධික වේ.උෂ්ණ රෝග , උදරගත රෝග තත්වයන් , ඇසේ සහ පාදයේ දුර්වලතා මතුවේ.කාමරාගී අදහස් ගතිගුණ වර්ධනය වනවා ඇත.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් සිව්වැන්න හරහා කුජගේ චාරය සිදුවේ.ලග්නයට මාරක වූ කුජ සිව්වැන්නට පැමිණීම යහපත් නැත.ස්තානීය වශයෙන් ගැටලු මතුවේ.නිවස ජීවත්වන පරිසරයේ පීඩා කාරී බවක් ඇතිවනවා ඇත.සිතේ සහනය දුරස්වේ.පවුලේ සමගියට බාධා ඇතිවේ.විවාහ දිවිය ස්වාමියා සහකරුවන්  සම්බන්ධවද බ්නැතිනම් බිරිද සම්බන්ධවද යම් යම් ගැටලු මතුවේ.උත්සහය උනන්දුව ඇතිව කටයුතු කරනා නමුත් හදිසිය කලබලය ආදී ගති හේතුවෙන් කටයුතු අතරමග බිදවැටේ.දුෂ්කර කටයුතු යෙදේ.දුෂ්කර දුරබැහැර ගමන් බිමන් යෙදෙනවා ඇත.රැකියාව දුෂ්කරවේ.වැඩ අදිකවේ.කාර්‍යබහුලවේ.පපුවේ අසනීප සහිත අයගේ එම රෝග තත්වයන් වර්ධනය විය හැකි අතර උෂ්ණරෝග මතුවේ.මැයි 02 වනදා දක්වා කාලය ප්‍රවේසම්විය යුතුවේ.

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් තුන්වැන්නවූ වික්‍රමස්තානය හරහ කුජ මාර්තු 07 වනදා සිට මැයි 02 වනදා දක්වා අතර චාරයේ යෙදේ.මෙය එතරම් අසුබදායක බවක් ඇතිනොකරයි.ආත්මශක්තිය උත්සහය උනන්දුව වර්ධනයවේ.මෙතෙක් සිතා සිටි අරමුණු කරගෙන සිටි කටයුතු ආරම්බ කිරීමට හැකිවේ.ක්‍රියාත්මක ශක්තිය ඇතිවේ.මිල මුදල් තත්වය යහපත්වේ.ආදායම් යහපත්වේ.උත්සව අවස්තා යෙදේ.සතුටට ප්‍රිතියට කරුණු යෙදෙනවා ඇත.බුද්ධිමත් බවක් සහ ප්‍රබෝධමත් ගතියක් ඇතිවේ.ඉගෙනීම් යහපත්වේ.වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබේ.සිතේ විස්වාසයක් ඇතිවේ.සහෝදර සහෝදරියන් සම්බන්ධව මතබේධ හැටලු ඇතිවනවා ඇත.අසල්වැසියෙකුගේ කරදර ගැටලු ඇතිවේ.නෑනා මස්සිනා ආදී ඤාතීන් සම්බන්ධවද යහපත් නැත.උගුරේ අසනීප , කැස්ස , උණ , උදරගත දුර්වලතා ආදී සෞඛ්‍ය දුර්වලතාවයන් මතුවිය හැකිය.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දෙවැන්නට කුජගේ පැමිණීම සිදුවන අතර , ඒ වනවිට සෙනසුරු ග්‍රහයා ලග්න ඒරාශ්ටක අපලයේ අවසාන කොටස ගෙවමින් ලග්නයේ දෙවැන්නේ ගමන් කරයි.ඒරාශ්ටක සෙනසුරු හා එක්වන ලග්නාධිපති කුජ ග්‍රහයා අසුබ තත්වයන් ඇතිකිරීමට හැකිය.මිල මුදල් තත්වය යහපත් නැත.හදිසි මුදල් අවශ්‍යතාවයන් ඇතිවේ.ණයට ගැනීමට හෝ ණයට ගත් මුදලක් නැවත ගෙවීමේ ගැටලුවට ලක්වනවා ඇත.පවුල් ජීවිතය තුලද සමය සමගිය බිදවැටේ.සිතේ සංසුන් බව දුරස්වේ.හිතමිත්‍ර සබදතාවයන් බිදී සතුරන් ඇතිවේ.ආගම දහම ඇදහීම් විස්වාස ආදිය කෙරෙහි පවත්නා යහපත් ආකල්පයන් බිදේ.මුහුණේ උෂ්ණ බිබිලි ආදිය ඇතිවිය හැකි අතර ඇස සම්බන්ධයෙන්ද අනතුරු සිදුවිය හැක.උණ අසනීප සමග කැස්ස ගතියක් ඇතිවේ.යටිබඩේ මුත්‍රා පද්ධතියේ රෝගී තත්වයන් සුලුවෙන් හෝ දැනේ.මාර්තු 07 සිට මැයි 02 දක්වා කාලය විශේෂයෙන් ප්‍රවේසම්විය යුතුවේ.

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ල්ගනයට කුජ ග්‍රහයාගේ පැමිණීම සිදුවේ.සුබාසුබ මිශ්‍රඵල සහිත කාලයකි.උත්සහයෙන් උනන්දුවෙන් යුතුව කටයුතු සිදුවේ.හවුල් කටයුතු ව්‍යාපාරාදී කටයුතු සදහා යහපත්වේ.ආදායම් යහපත්වේ.නිෂ්ඵල වියදම් සිදුවේ.ගමන් බිමන් යෙදේ.කේන්තිය කෝප ගති ඇතිවේ.වෙහෙසකර දුෂ්කර කටයුතු සිදුවිය හැක.බර ඉසිලීම , දහඩිය දමනා කටයුතු කිරීමට සිදුවේ.ස්තානීය ගැටලු මතුවේ.පවුලේ සමගියට යම් යම් බාධාවන් ඇතිවනවා ඇත.ස්වාමියා සහකරු සම්බන්ධවද යහපත් නැත.ඉගෙනීම් සම්බන්ධව යහපත්වේ.තරග විභාග ආදියෙන් ජය හිමිවේ.ක්‍රියාශීලී ක්‍රීඩාශීලී කාලයකි.රිය වේගයෙන් පදවයි.වෙනදා නොවන තරමේ වේගයක් සහ හදිසියක් ඇතිවේ.හදිසි අනතුරු , තුලාව සිදුවිය හැකිය.හිසේ උෂ්ණාධික ගති ඇතිවේ.හිසේ කැක්කුමක් මතුවිය හැකිය.පපුවේ ආබාධයන් ඇතිවිය හැකිය.

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොලොස්වැන්න වූ දුෂ්ඨස්තානය හරහා කුජගේ චාරය සිදුවේ.ලග්නාධිපති වූ සෙනසුරු ඒරාශ්ටක අපලයක් සමග දෝලොස්වැන්නේ ගමන් කරමින් සිටින අතර , බාධක ග්‍රහයා වූ කුජ හා සංයෝග වීම සුබදායක නැත.තම ජිවිතයේ අරමුණු බලාපොරොත්තු කෙරෙහි බාධක වීම් ඇතිවේ.ජීවිත ගමනට බාධක මතුවේ.හදිසි නීතිමය ගැටලු මතුවිය හැකිය.විවාහය , ස්වාමියා සහකරු සහ බිරිද සම්බන්ධවද අපලදායක වන අතර සතුරු කරදර පීඩාවන්ට ලක්විය හැකිය.දරුවන් සම්බන්ධව ගැටලුකාරී බවක් ඇතිවනවා ඇත.හදිසි වියදම් සිදුවේ.මුදල් සම්බන්ධව අගහිගකම් මතුවේ.ශාරීරික තෙහෙට්ටුව වෙහෙස සමග කලකිරීම් ඇතිකරවයි.සහෝදර සහෝදරියන් සම්බන්ධවද අසුබ ආරංචි ලැබිය හැක.වෙහෙසකර දුෂ්කර නිෂ්ඵල ගමන් බිමන් යෙදිය හැකිය.උෂ්ණාධික රෝගයන්ට ලක්වේ.හදිසියේ තද හිසේ කැක්කුම් ඇතිවේ.ඇසක පෙණීමේ දුර්වලතාවයන් හෝ කිසියම් විශේෂ ගැටලුවක් යෙදීමට අවස්තාව පවතී.උස් ස්තානයකින් ලිස්ස වැටීමක් වැනි අනතුරක් සිදුවිය හැකිය.මාර්තු 07 වනදා සිට මැයි 05 වනදා දක්වා ගෙවනා කාලසීමාව විශේෂයෙන් ප්‍රවේසම් සහගතව කටයුතු කලයුතුවේ.

කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමි ඔබගේ ලග්නයෙන් එකොස්වැන්නට කුජගේ පැමිණීම සිදුවේ.යහපත්වේ.දියුණුවට අවස්තාව හිමිවේ.රැකියාවේ දුෂ්කරතා යෙදෙනා නමුත් ආදායම් තත්වය යහපත් කාලයකිවේ.උත්සහයද උනන්දුවද ආත්ම විස්වාසයද ඇතිවනවා ඇත.ඉගෙනීම් කටයුතු යහපත්වේ.සබදතා හිතවත්කම් ආදියේ ගැටලුකාරී තත්වයන් යෙදිය හැකි අතර කට වචනය නිසා ගැටලු මතුවේ.රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටුවේ.මිලදී ගැනීම් සිදුවේ.බර වැඩ , වගකීම් සහිත කටයුතු යෙදෙනවා ඇත.සතුරන් පරාජය වෙයි.බඩගිණි ඇතිවේ.රසවත් ආහාර ලැබේ.උදරගත අසනීප තත්වයන්ද , මුඛයේ උෂ්ණාධික තත්වයන්ද යෙදිය හැකිය.

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දසවැන්න හරහා කුජගේ ගමන සිදුවේ.සුබාසුබ මිශ්‍රඵල සහිතව මැයි 02 වනදා දක්වා කාලය ගෙවීයයි.රැකියාවේ දුෂ්කරතා මතුවේ.වෙහෙසකර කටයුතු යෙදේ.වෙහෙසකර ගමන් බිමන් යෙදේ.හදිසි කේන්තිය කෝපය මතුවේ.ස්තානීය වශයෙන් ගැටලු යෙදිය හැකි අතර සබදතා හිතවත්කම් දුරස්වීමක ලක්වේ.නිවසේ සමගිය සාමය අඩු කාලයකි.මවට පියාට දෙදෙනාටම යහපත් නැත.උත්සහයෙන් උනන්දුවෙන් කටයුතු කරනවා ඇත.දියුණුවද ඇතිවේ.මුදල් තත්වය යහපත්වන නමුත් අමතර හදිසි වියදම් යෙදෙනවා ඇත.ඉගෙනීම් සම්බන්ධව බාධක මතුවේ.ඉගෙනීම් කටයුතු පවත්වාගෙන යාමේදී අතර මග බිදවැටීම් ආදී ගැටලු යෙදිය හැක.දනහිසේ පාදයේ අසනීප තුවාල මතුවිය හැක.උදරගත සහ පපුවේ රෝග තත්වයන් පවත්නා අයගේ එම රෝග තත්වයන් මතුවීමක් වර්ධනය වීමක් සිදුවේ.හදිසි සැත්කමක් උවද යෙදිය හැකි.හිසේ කැක්කුම් , උණ තත්වයන් , ශරීරයේ තෙහෙට්ටු ගති සුලු වශයෙන් මතුවිය හැකිය.


sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය
0712764440

Post a Comment

0 Comments