සර්ව ආරක්‍ෂාව උදාකරන "ජලනන්දන" යන්ත්‍රය

ජලනන්දන පිරිත යෑයි කියූ සැනින් බොහෝ දෙනා ඊට බිය වෙති. එයට හේතුව මෙම පිරිත අශුභ වැඩකටයුතු සඳහා භාවිතා කරන පිරිතක්‌ ලෙස බොහෝ දෙනා තුළ පවතින මිථ්‍යා විශ්වාසය වේ. පිරිත පිළිබඳව මනා වැටහීමක්‌ හා එහි ඇති බලය නොදැනීමත් නිසා මෙය නිවස තුළ ස-Cධායනය කිරීමට ද ජන්මීන් මැලි වෙති. එය අනුවණකමක්‌ බව පැරණි පොත පතේ සඳහන් මෙම ගාථා රත්නයෙන්ම අවබෝධකර ගත හැක.

මේකෙන් සියවර පස්‌තෙල් මතුරා

වෙහෙරෙ පහන් ගොස්‌ දල්වන්නේ

සීනෙන් විස්‌කම් දෙවියෝ ඇවිදින්

සිතූ දෙයකි සකි පවසන්නේ


එමවර බෝමුල පස්‌තෙල් මතුරා

නළල තිලක දී පලයන්නේ

සැමවර නඩුවෙන් ජයගන්නට හැක

මේ බව සිහියට අරගන්නේ



සදෙව් ලොවේ දෙවියොත් හිස නමතී

යක්‌කු පිසාචුන් බියවී දුවතී

ජලේ සැඟවු විණ දොaෂද පුපුරති

ලොවේ සතට මින් සුබසෙත සැලසෙති

මෙම බලසම්පන්න පිරිත භාවිතයෙන් ශරීරවලට බලපාන්නා වූ යක්‍ෂ, ප්‍රේත, භූත ආදී අමනුෂ්‍ය බලවේගද ඇස්‌වහ, කටවහ දොaෂ මෙන්ම සතුරු කරදර අණවින හදි හූනියම් වලින්ද වැළකී තුන්දොස්‌ කිපීමෙන් හටගන්නා විවිධ රෝගාබාධ වලින්ද වැළකී සහනයෙන් දිවිගෙවීමේ හැකියාව අප වෙත උදාවන්නේය.

නිවාසවලට බලපාන්නා වූ විවිධ දොaෂ සඳහා බැස යන වතුර කඩකින් නොපෑගුන ගල්කැට 8 ක්‌ සහ වැලි ගෙන මෙම පිරිතෙන් 108 වරක්‌ පිරිත් කර සූර්යා උදාවීමට පෙර ඉඩමේ හතර කොණ සහ නිවසේ හතර කොණ වළ දමා වැලි ඉඩමේ ඉසගැනීමෙන් සියලු ආරක්‍ෂාව ඇතිවේ.

නව නිවාස ඉදිකිරීමේදී අත්තිවාරමේ ගල් බැඳීමට යොදා ගන්නා බදාමයට අවශ්‍ය වැලි පෙර කී ආකාරයට 108 වරක්‌ පිරිත් කර එම කටයුත්ත සඳහා යොදා ගැනීමෙන් නිවසේ කටයුතු බාධාවකින් තොරව කඩිනමින් සිදුකරගත හැකි අතර නිවසට ආරක්‍ෂාව ද සැලසෙන්නේය.

නොයෙක්‌ හේතූන් නිසා ඊර්ෂ්‍යාකාරයන් විසින් කන කෑමකට බොන බීමකට දමා ශරීරගත කරන ලද දෙයක්‌ වේ නම් ඇඹුල් පහ මිරිකා මෙකී පිරිතෙන් 108 වරක්‌ පිරිත් කර බීමට සැලැස්‌වීමෙන් එම ඉනා බන්ධන ශරීරයෙන් ඉවත්කර ගත හැකි අතර දෙහිවලට මතුරා ආතුරට දෙහි කැපීමෙන් සියලු ආරක්‍ෂාව ඇති වී සුවපත් භාවය උදාවේ.

මේ ආකාරයෙන් එදිනෙදා ජීවිතයේදී අපට මුහුණපාන්නට සිදුවන විවිධ ලෙඩ රෝග කරදර බාධකවලට පිළියමක්‌ ලෙස අපේ මුතුන්මිත්තන් විසින් මෙම අතිප්‍රබල පිරිත ආශ්‍රයෙන් ජලනන්දන නමින් යන්ත්‍රයක්‌ ප්‍රස්‌ථාරගත කොට අදාළ පිරිතෙන් එය පිරිත් කර ජන්මීන්ගේ යහපත වෙනුවෙන් භාවිතා කිරීමට සලස්‌වා ඇත.

මෙම යන්ත්‍රය අඟල් 1 Ù 3, 1 Ù 5 හෝ 2 Ù 10 ප්‍රමාණයේ තඹ පත්ඉරුවක නිවැරදිව ප්‍රස්‌ථාරගත කර නිසි ලෙස සකස්‌ කර ගත් මල් බුලත් තටුවක තබා පිරිත් කර අදාළ ජන්මියාගේ උපන් නැකතට සීහුම් වන සේ සාදාගත් නැකතකින් කර පැළඳීමෙන් සියලු කරදර බාධක ඉවත් වී ජයෙන් ජයම අත්වන්නේය.

තවද මේ ආකාරයටම අඟල් 7 Ù 7 ප්‍රමාණයේ තඹ තහඩුවක යන්ත්‍රය ප්‍රස්‌ථාරගත කර 108 වරක්‌ පිරිත් කර නිවසේ තබා පුද පූජා පැවැත්වීමෙන් වතාවත් ඉටුකිරීමෙන් හොර සතුරු උවදුරු දුරුවේ. සර්පයන්ගෙන් වන විපත් වැළකේ. ගෙදර දොර අඬදබර දුරුවී දියුණුව සහ ශ්‍රියාව වර්ධනය වී සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන්නේය.

තම ජයග්‍රහණ උදෙසා මේ සඳහා යොමුවන ඔබ යන්ත්‍ර මන්ත්‍ර ශාස්‌ත්‍රය නිසි ලෙස ප්‍රගුණ කළ සුරා සූදුවෙන් තොර නිර්මාංශ සිල්වත් අයකු ලවා නිසි ලෙස යන්ත්‍ර ප්‍රස්‌ථාරගත කරවා පිරිත් කර පැළඳීම හෝ නිවසේ තබා පුද පූජා පැවැත්විය යුතු අතර අදාළ යන්ත්‍රය පළඳින අය ද පංචශීලය ආරක්‍ෂා කරමින් දුශ්චරිතයෙන් වැළකී තම ආගමට දහමට ලැදිව ධර්මානුකූල දිවියක්‌ ගතකිරීම තුළ ඉක්‌මන් සහනය ඔබ වෙත ළඟාවන බව අත්දැකීමෙන් පැවසිය හැකිය.

දැහැන සහිත ජලනන්දන පිරිත

1. චතු වීසති බුද්ධෝති - යෝ භවිස්‌සති උත්තමං

පාරමී ජල යුත්තේහි - ජලනන්දන උත්තමං

2. අනෝමානී ජලං තීරේ - උත්තමං පත්තචීවරේ

පාරමීතේ ජලං හෝතී - සව_ බන්ධන ඡේදනං

ඕං ශ්‍රී බුද්ධ සිවංකරාය අෂ්ඨ වීසති නමඃ

සූත්‍ර ධජග්ගං සව_ වින විනාසනාය දේව ධම්ම රතන සූත්‍රං ජිනපඤ්ජරං සව_ වින ඡේදනං ඕං ඕං පිටකත්‍ර මහා බල ශ්‍රී දන්ත දළදා පොත් ගුල් දොර ඇරී ගිනි පිට ගිනි වෙලී කපාල තෝංගු නීල වර්ණ බුදුරැස්‌ මාලා කඳින් ගාථා පන්සියය හිර විලක්‌කුම් ඉගිල ඉගිල පිපිරි ගිනි වැදී හඬතලා පලයං තීන්දු පොඃ

3. ආනන්දොaති මහා ථේරං - උත්තමං ධම්ම භණ්‌ඩකං

යේන භික්‌ඛූ මහා ථේරං - සයනේ බන්ධන විද්වංසනං

4. ඉති ශ්‍රී ලෝක බුද්ෙහි - යේන ධම්මානු භාවතෝ

යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා - විනාසං බුද්ධානු භාවතෝ

5. මුනින්දොa හෝති නමෝ බුද්ධං - මාරසේනා පභිඡ්ජති

දස කෝටි සහස්‌සානි - සව_ බන්ධන ඡේදනං

ඕං නමෝ සූවිසි අටවිසි පිරිතේ ඇණවුම් ගාථා පන්සියයේ පොත් ගුල් සතරේ රන්දොර ඇරී ගිනි බුදුරැස්‌ වෙලී පිපිරී ගිය ආනුභාවයෙන් ආඥවෙන් උඩ ගොඩ මඩ ජලවල ගාථා වැලැක්‌කුම් කැඩි කැඩී කැපි කැපී පිපිරී ගිනි වැදී හඬ බලා පලයං තීන්දු පොඃ

6. පාරමිතා ගුණා හෝති - යෝ භවිස්‌සති උත්තමං

අනේක ජාති සංසාරං - සහස්‌සං ධම්මානු භාවතෝ

7. සයානෝවා සහස්‌සානි - උත්තමං ගුණ පුග්ගලෝ

අසීතිං යේන සබ්බේපි - සබ්බ සිද්ධි භවන්තු මේ

නමෝ තස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස ලෝක විදූති පූජිතේන සබ්බ ධම්මං ආටානාටියං ඉමං බුද්ධ ගාථායං භවිස්‌සති. සම්‍යක්‌ සම්බුද්ධ බෝධි සත්‍යායනු භාවයෙන් සැට කෝටියක්‌ බුදුන්ගේ පොත් ගුල් දොර ඇරී වැඩිය කාශ්‍යප මුනිවරයින්ගේ ආනුභාවයෙන් ආඥවෙන් යන්ත්‍ර මන්ත්‍ර බන්ධන ගාථා බෙහෙත් හිර වැලැක්‌කුම් ඉගිල පිපිරී අටකොත සොලොස්‌ කොන ගාථා යන්ත්‍ර මන්ත්‍ර ඇනුම් පන්සියයේ පිරිත් නවසියයේ තුන් පිටත ධම්ම ගාථා බන්දන කපාල ඡේදනං හඬ බලා පලයං තීන්දු පොඃ

8. අසීතිං දස තේඡේන - සව_ භය විනාසනං

සව_ රෝග විනස්‌සන්තු - හිර බන්ධන ඡේදනං

9. යක්‌ෂ භූත පිසාචාත - අශුභ දොaෂ විනාසනං

නමස්‌තු මේ බුද්ධ රාජා සව_ දොaෂ විනාසනං

ජ්‍යෝතිෂ්‍යවේදී - රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments