පියවි ඇසට නොපෙනෙන භූතයෝ සහ හොල්මන් ඇත්තයි

පියවි ඇසින් අපට දක්‌නට නොලැබෙන අවකාශයේ සැරිසරන අදෘශ්‍යමාන බලවේග ලොව කොතෙකුත් වෙයි. ඔවුන් යක්‍ෂ, රාක්‍ෂ, ප්‍රේත, භූත කුම්භාණ්‌ඩ හා අමනුෂ්‍ය අවතාර යනුවෙන් හැඳින්වේ. මොවුන් වැඩි කොටසක්‌ වන්නේ අප අතරින් වෙන්වී මියගිය පසු ඔවුන්ගේ ප්‍රාණ වායුව අප ශරීරවලට රිංගා ගැනීමයි. එවිට අපි කියන්නේ භූතයකුගේ බැල්මක්‌ වැටිලා, යකා වැහිලා, පෙරේතයා වැහිලා යනුවෙනි. එවැනි බැල්මක්‌ යම් අයකුට ඇති වන්නේ ඔහුට ආදරයට හෝ වෛරයට යෑයි කිව හැක.

භූතාවේශයන් විවිධයි. යටි ගිරියෙන් හූකීම, මධ්‍යම රාත්‍රියේ හූකීම, කෑගැසීම, සිහිනෙන් නැගිට සොහොන් දියකඩ කඳු පල්ලම්, ගල් පර්වත, ගොරක, වල්දෙල්ගස්‌, කෝන්, නුග, ආදී ගස්‌ යටට දිවීම ආදිය ද, බෙරහඬට, තොවිල් පළවල්වලදී, පෙරහැරවලදී ආවේශ වේ. එවිට ශරීරය දරදඬුවීම, ඇස්‌ රතුවීම, ඇඟ හිස මයිල් කෙලින්වීම, කට ඇදට යැම, කටින් කෙළ සෙම් ආදිය වැගිරීම, වෙව්ලීම, හිස කරකැවීමද, තදබල ප්‍රේතාදීන්නම් රෙදි ගලවා නිරුවතින් සිටීම, ලිඟුව, රහසඟ පිරිමැදගැනීම, අසුචි ගොඩේ සිටීම, අශූචි කෑම, ඇඟ ගා ගැනීම, මුත්‍රා රෙදිවලම ගැලීම, කෑම නොකෑම ආදී ක්‍රියාවන්වල යෙදේ. 

දේවතා ආවේශයක්‌ නම් දේවාල, වෙහෙර විහාර, බෝගස්‌ නාගස්‌ යටට ගොස්‌ ගීතිකා ගැයීම, පේන කීම ආදිය කරයි. විවිධ භාෂාවන්ගෙන් දොඩයි. පිරිසිදු භාවයෙන් සිට හැසිරෙයි. එවිට ජනවහරේදී පේන කියනවා. සාස්‌තර කියනවා යෑයි පවසති.

මෙම ආවේශයන් ඇති වන්නේ ශරීරගත වන්නේ තදබල රෝගයෙන් පෙළෙන විට, අනතුරකදී, තනිව ගොස්‌ බය වීමෙන් හා තදබල අපල උපද්‍රවයන් ඇතිවූ විටකය. තවද මියගිය ඥතීන්, පෙම්වතුන් වතියන්, මිතුරන් ද ආදරයට හෝ වෛර හෝ ඇඟට ආවේශ වේ. මෙම ආවේශවලදී සමහර ආවේශකයින් මියගිය කිරි අම්මා, පියා, ඥතියා ජීවතුන් අතර සිටියදී කළ වැඩ ඉරියව් හා ඔහුගේ කටහඬින්ම කතා කරයි. සමහර විට නිධාන මුදල් කැට සෙම්බු පෙන්වයි. මුදල් ද කොට්‌ටය යට තබායයි. යම් අයකුගේ ශරීරයට භූතයකු ආවේශව ඇත්නම් ඔහු ශාස්‌ත්‍ර පේන කීම කියයි. ඒවා බොහෝ දුරට සත්‍ය බව පිළිගත හැක. සත්‍ය වී ඇති අවස්‌ථාද බොහෝ වෙත්. මොහුත් විවිධ භාෂාවලින් අපට නොතේරෙන භාෂාවලින් කතා කරයි.

එවැනි භූත ආවේශයක්‌ ඇති ස්‌ත්‍රියකට හෝ පුරුෂයකුගේ ලක්‍ෂණ දැන ඇඳින මනසට ප්‍රතිකාර කිරීම වැදගත් වේ. එවැනි අයට මල්තටු දොළ බිලි ලේ ගොටු පුදා යන්ත්‍ර නූල් ජපකර බැඳීමෙන් භූත දිෂ්ටි පළවා හැරීමට හැකිය. එසේ නොකළහොත් සදාකාලිකව ඔහු මානසික රෝගියකු වෙයි.

අපේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර ත්‍රිවිධ බය දුරු කිරීමට වැඩ රතන සූත්‍රය දේශනා කළේය. මෙම සූත්‍රයේ "තස්‌මාහි භූතා" යන පාලි පාඨයෙන් කියෑවෙන්නේ අමනුෂ්‍ය භූතයිනි, මගේ දහම් දෙසුමට කන්දෙව. මනුෂ්‍ය සංහතිය කෙරෙහි තෙපි සියලුම දෙනාම හිත අදහස්‌ ඇති කරව් කියාය. තවද උන්වහන්සේ දෙවියන්ට පිංද, භූතයන්ට පුද පූජාවන්ද පවත්වන්නැයි දේශනා කර ඇත.

"එවකට 1959 වර්ෂයේ කොටුව දුම්රිය පළේ සිට බදුල්ල බලා යන ශීඝ්‍රගාමී රාත්‍රි තැපැල් දුම්රිය 08.15 ට පිටත් විය. මෙහි රියෑදුරු වූයේ කඩුගන්නාවේ එවකට විසූ "ඕකනල් රොබින්" නමැති ලන්සි මහතෙකි. උප රියෑදුරු වූයේ කඩුගන්නාවේ කාංගි ලැයිමෙහි විසු සමරපාල මහතාය. රාත්‍රී 10.15 ට දුම්රිය කඩිගමුව දුම්රිය පළ පසු කරමින් එවකට බැද්දවලවත්ත අද ගංගොඩ දුම්රිය පළ පසුකරමින් කඳුබඩ මැදින් ඇදී යන්නේ එක්‌ එක්‌ පෙට්‌ටිවල ඇති විදුලි බල්බ්වල ආලෝකයෙන් රෑ බදුල්ලෙක්‌ යන විලාශයෙන්ය. එක්‌වරම ගංගාඩ දුම්රිය පළ පසුකළ විටම දුම්රිය එන්ජින් එක ඉදිරියෙන් පාර වසා දුවන මහා තටු විහිදාගත් වවුලෙකි. මෙම වවුලා පාර වසා යන නිසා දුම්රියේ තිරිංග බුරුල්කර හෙමින් හෙමින් ගාටමින් මහා බිංගෙයට ළංවිය. වවුලා අතුරුදන් විය. බිංගෙය කටේ ඉතා ලක්‍ෂණ තරුණියක්‌ දරුවකු සමග රේල් පිල්ල මත බෙලි දෙක තබා නිදා සිටිනවා දුටු රියෑදුරු මහතා වැකුං ඇර දුම්රිය නැවැත්විය. දරුවාත්, කාන්තාවත් නොපෙනී ගිය අතර ඔහුගේ නෙතට දිස්‌වූයේ මුළු බිංගෙයිම කට වසාගත් ගිනි අඟුරක්‌ මෙන් දිළිහෙන රතුවන් ඇස්‌ තුනක්‌ ඇති දිව අඩි 3 ක්‌ පමණ දිගට එල්ලෙන, එක්‌ කනක්‌ බිම ඇදෙන, එක්‌ දතක්‌ බඩ තෙක්‌ ඇඹරී ගිය දිගැති, අනික්‌ දත අඩි 1 1/2 ක්‌ පමණ ඇඹරී ගිය නාස්‌ පුඩුවලින් දුමක්‌ නගින බඩවල් දෙකක්‌ ඇති මහා බියකරු දර්ශනයකි. දුම්රිය රියෑදුරු ඒ දර්ශනය දැක සිහිපත් නැතිව අසුනෙන් බිමට වැටුණි. මේ අවස්‌ථාවේ කිසි දෙයක්‌ අදහා ගන්නට බැරි උප රියෑදුරු ඔහු පසෙකට ඇද දමා දුම්රිය පණ ගන්වා කඩුගන්නාව දුම්රිය පළට ගොස්‌ නවතා සිද්ධිය එවකට එම ස්‌ථානයේ සේවය කළ දුම්රිය ස්‌ථානාධිපති අරණායක කරුණාරත්න මහතාට පැවසූ පසු ඔහු වහා ළඟම ඇති ඉල්ලදොරේ නම් පන්සලට ගොස්‌ මන්ත්‍ර ශාස්‌ත්‍රයේ නිපුණත්වයක්‌ ඇති ඉල්ලදොරේ හාමුදුරුවන් වැඩමවා ඔහුට යාතුකර්ම කර තෙල් නූල් බැඳ සුවපත් කළේය.

මෙහිදී මෙම රියෑදුරු මහතා ද ඒ අවස්‌ථාවේදී දැක ඇත්තේ හොල්මනක්‌ නැතිනම් භූතයකු බව හාමුදුරුවන් පැවසුවේය.

මේ නිසා අපේ ලොකු පොඩිකම් භූතයන්ට නැත. ඔවුන්ට අසුවුණු වෙලාවේදි ඔවුන් අපට බැටදෙති. සමහර විට මරාදමයි.

එවැනි අවස්‌ථාවලදී තනියම ගමනක්‌ යන විටක ඔබට බියක්‌ දැනේ නම් මෙම පහත සඳහන් කාලම් මන්ත්‍ර ආදිය සිහිතබා පාඩම් කරගෙන කීමෙන් සියලුම භූ+ත අමනුෂ්‍යයන් ගෙන් කිසිදාක කරදර නොවී ආරක්‍ෂාව ගෙනදේ. 

යක්‍ෂ කාලමක්‌ (- ඕං ක්‍රාන් ක්‍රීස්‌ බහුදේස්‌ ක්‍රලාඩි ගුරු ගුරු බහු දේව ගිනි ගිනි සුන් (7 වරක්‌ මන්ත්‍ර කර පිඹිනු)

තවත් කාලමක්‌ (- ඕං මුසල්ලාඩි බාහෝ දේහෝ කච්චි උර උරුල හස්‌ති දෙයියා තෝ ලොම් ක්‍රාම් ක්‍රී බහුදේස්‌, (අවතාරය බලා සිහි කරනු.) නොපෙනී යයි. බිය නොවේ.

ආවේශය නැතිවී ආරක්‍ෂාවට මහා අටදිග් බන්ධනය

ඔං ජං ජං ප්‍රොaං දාංද්‍රං යක්‍ෂයා යක්‍ෂණී ජහරේ ජඃ ඕං ශ්‍රී ං බන්ධයං දෙවනුවත් බුදු වූ අප ලොව්තුරා ස්‌වාමීන් වහන්සේ විසින් මේ ලෝකයට යන්ත්‍ර ලක්‍ෂයක්‌ පිහිටුවා සීමා බැන්දෙන් මන්ත්‍ර ලක්‍ෂයක්‌ පිහිටුවා සීමා බැන්දෙන් මොහුගේ හිස්‌ මුදුනේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටුවා සීමා බැන්දෙන්, නළලේ ශැක්‍රයින් පිහිටුවා සීමා බැන්දෙන්, මුඛයේ මු ෙ€ශ්වරයන් පිහිටුවා සීමා බැන්දෙන්, දෑතේ අංගුලිමාලයන් පිහිටුවා සීමා බැන්දෙන් දෙපයට මහී කාන්තාව පිහිටුවා සීමා බැන්දෙන් ඉදිකඩුල්ලේ පුෂ්ප ශ්‍රී දේවතාවා පිහිටුවා සීමා බැන්දෙන් මිදුලේ දල රාක්‍ෂ දේවතාවා පිහිටුවා සීමා බැන්දෙන් ආතුරයන් කෙරෙහි විදුරු දැල් දේවතාවා පිහිටුවා සීමා බැන්දෙන් ඇල්ලේ යකුන් ඇල්ලේ බැන්දේන්, වැල්ලේ යකුන් වැල්ලේ බැන්දේන්, උඩයකුන්, අබිමාන යකුන්, ශුට කෙලක්‌ යකුන්, යක්‍ෂණියන් අප ලොව්තුරා ස්‌වාමීන් වහන්සේගේ පටිධාතුවෙන් බැඳ අගුල්ලීම් තඩක්‌කු කළේමි යක්‍ෂ බන්ද බන්ධ ඒස්‌වාහා...

මෙය ඉතා දුර්ලභ ගනයේ අටදිග් බන්ද සීමාවයි. තද යකුන්ට ආවේශකාර කාරියන්ට නූල් 9 පට ගැට 9 ගසා මතුරා බඳිනු. තෙල් මතුරා හිස සිට සන්ධිමාල ගානු. වතුර මතුරා පොවනු. යක්‍ෂ මූර්ජාවට ඉසකෙස්‌වලට මතුරා ගැට ගසනු. භූතවේශ දිෂ්ඨ§ සලිත වී පිටවී ආවේශ රෝගියා සුවපත් වේ.

රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ

Post a Comment

0 Comments