අනන්ත ගුණ දෙන අභිසම්භිදාන යන්ත්‍රය

ග්‍රහ අපල දුරුකර දියුණුව සෙත ශාන්තිය ලබාදෙන යන්ත්‍ර අතර "අභිසම්භිදාන" යන්ත්‍රයට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. දෙආකාරයකට ප්‍රස්‌ථාරගත කරගත හැකි මෙම යන්ත්‍ර නියමාකාරයෙන් ප්‍රස්‌ථාරගත කර අභිසම්භිදාන පිරිතෙන් 108 වරක්‌ පිරිත්කර පැළඳීමෙන් ජන්මීන්ට එදිනෙදා මුහුණදීමට සිදුවන බොහෝ දුක්‌ කරදර ලෙඩ රෝග මෙන්ම බොහෝ ප්‍රශ්නවලින් වැළකිය හැකිය.

ඉතා බලගතු මෙම යන්ත්‍රය තුළින් සෙනසුරු ඒරාෂ්ටක අපල සඳහා විශේෂ සහනයක්‌ ලැබිය හැකි අතර කේතු ග්‍රහයාගෙන් පැමිණෙන්නා වූ අපල සඳහා ද අඟහරු මාරක අපල සඳහා ද මෙකී යන්ත්‍රය භාවිත කළ හැක. යමෙකුගේ කේන්ද්‍රයක උප්පත්තියෙන් කේතු 8 වැනි භාවයේ තැන්පත් වී කේතු මහ දසාව ලැබුවහොත් එම තැනැත්තාට බොහෝ කරදර බාධාවලට මුහුණපෑමට සිදුවන අතර අධ්‍යාපනය ද බිඳවැටීම මෙන්ම ලෙඩරෝගවලට ද ගොදුරු වෙයි. එවැනි අයට සුළු වශයෙන් හෝ සහනයක්‌ ලැබිය හැක්‌කේ අතුරු දශා කාලයේදීය.

ඕනෑම ලග්නයක මාරක - බාධක ග්‍රහයන් සිටින අතර එම ග්‍රහයන්ගේ අතුරු දශා මහ දශා ලැබූ විට සහ ගෝචර ගමනින් ද මෙකී මාරක අපල උදාවේ. එවැනි අවස්‌ථාවල අප කොතරම් උසස්‌ රැකියාවල නිරතව සිටියත් කෙතරම් දියුණු ව්‍යාපාරවල නිරතව සිටියත් ඒවා සැමදා ඒ ආකාරයෙන් නොපවතින අතර කේන්ද්‍රයේ අසුබ ස්‌ථානවල සිටින ග්‍රහයන්ගේ දශා කාල සීමාව තුළ අසුබ පල ලබන අතර සුබ ග්‍රහයන්ගේ දශා කාල සීමාව තුළ සුබ පල ලබයි. එවැනි අසුබ ඵල ලබන ඕනෑම අයෙකුට "අභිසම්භිදාන" යන්ත්‍රයෙන් ලැබිය හැකි ගුණය වචනයෙන් විස්‌තර කළ නොහැක.

අධ්‍යාපන කටයුතුවල නියෑළෙන දුවා දරුවන්ගේ එම කටයුතු බාධාවකින් තොරව සිදුකර විභාග ජය ගැනීමට ද අඹුසැමි බේද දුරුකර ගෙදර දොර සමගිය සමාදානය දියුණුව ඇතිකර ගැනීමට ද රැකී රක්‍ෂාවල දියුණුව ඇතිකර උසස්‌වීම් ලැබීමට ද සතුරු කරදර දුරුකර සතුරන් මෙල්ල කර ජනතා ආකර්ෂණය සඳහා ද ව්‍යාපාර කටයුතුවල දියුණුව සඳහා ද ඒරාෂ්ටක අපල තත්ත්වයන්ට හා සියලු ග්‍රහ අපල සඳහා ද මෙම "අභිසම්භිදාන" යන්ත්‍රය පැළඳීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබිය හැකිය. යන්ත්‍ර සකස්‌ කර ගැනීමේදී ඒ පිළිබඳව මනා දැනුමක්‌ අවබෝධයක්‌ ඇති අයකු ලවා එම කටයුතු කරගැනීමට වගබලා ගත යුතුය. එයට හේතුව නම් මෙම යන්ත්‍රය වෙනත් යන්ත්‍රවලට වඩා වෙනස්‌ ආකාරයකට සාදාගෙන ඖෂධ වර්ගවලින් දුම් දීමක්‌ සිදුකළ යුතු නිසාය.

මෙම යන්ත්‍රයේ පළල මෙන් 3 ගුණයක්‌ හෝ 5 ගුණයක්‌ නැතිනම් 7 ගුණයක්‌ යන්ත්‍රය දිග විය යුතුය.

යන්ත්‍රය ජීවම් කිරීමේදී කස්‌තුරි, ගෝරෝචන වලින් පලිප්පු කළ යුතු අතර සුදු හඳුන්, රත් හඳුන්, දේවදාර, අගිල්, ගුගුල්, සුවඳ කොට්‌ටන්, ජටාමාංශ, සැවැන්දරා, විෂ්ණු ක්‍රාන්ති, සාම්බ්‍රානි, සඳුන් ලාටු, සම සමව ගෙන හොඳින් කුඩුකර සාදාගත් ධූපයෙන් දුම් අල්ලමින් ජීවම් කරගත යුතුය.

නිවසේදී ඉතා පිරිසිදුව සිඳගන්නා තැඹිලි තෙල් මෙම පිරිතෙන් 108 වරක්‌ පිරිත් කර රන් හෝ රිදී සුරයක දමා පැළඳීම ද ඉහත කී සියලු කටක වලට නිසි පිළියමක්‌ වන අතර මත්වතුර මස්‌ මාංශවලින් තොරව පංචශීලය ආරක්‍ෂා කරන දැහැමි අයකු ලවා නිසියාකාරව යන්ත්‍ර ප්‍රස්‌තාරගත කරගෙන පිරිත් කරගැනීම හා තැඹිල් තෙල් පිරිත්කර ගැනීම ඉතා සුබදායකය. යන්ත්‍රය පළඳින අය ද පංචශීලය ආරක්‍ෂා කරමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ සිතුවිලිවලින් තොරව ඉවසීම, කරුණාව පෙරදැරිව කටයුතු කරන අයකු වීම අත්‍යවශ්‍යම වන අතර නිතර කුසල් ක්‍රියාවන්හි යෙදීමෙන් සියලු පීඩාවන්ගෙන් මිදී ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යැම පහසු වේ.

යන්ත්‍ර ප්‍රස්‌ථාරයේ (1) කොටුව තුළට පිරිතේ (1) වන ඛණ්‌ඩය ද (2) කොටුව තුළට පිරිතේ (2) වන ඛණ්‌ඩය ද ලෙස කොටු 7 තුළ පිරිතේ ඛණ්‌ඩ 7 අක්‍ෂර නොවෙනස්‌ වන ලෙස ද යන්ත්‍රයේ ඉරි නියමාකාරයෙන් ද ඇඳ ගැනීමට කල්පනාකාරී වන්න.

අභිසම්භිදාන පිරිත 

1. නමෝ අභිසම්භිදානේ යුත්තේ යුත්තේ පඡ්ජලති 

පඡ්ජලති තීහුං තීහුං ලුහු ලුහූ පරමේස්‌වාහා.

2. නමෝ සම්මාසම්බුද්ධෙ යුත්තේ යුත්තේ පඡ්ජලති

පඡ්ජලති තීහුං තීහුං ලුහු ලුහූ පරමේස්‌වාහා.

3. නමෝ පච්ෙච්ක සම්බුද්ධෙ යුත්තේ යුත්තේ පඡ්ජලති

පඡ්ජලති තීහුං තීහුං ලුහු ලුහූ පරමේස්‌වාහා.

4. නමෝ සාරිපුත්ත මොග්ගල්ලානේ යුත්තේ යුත්තේ

පඡ්ජලති තීහුං තීහුං ලුහු ලුහූ පරමේස්‌වාහා.

5. නමෝ අංගුලිමාල මහාථෙරෝ මහාවීරෝ මහා බලෝ යුත්තේ යුත්තේ

පඡ්ජලති තීහුං තීහුං ලුහු ලුහූ පරමේස්‌වාහා.

6. නමෝ සීවලී ච මහාථෙරෝ මහා කායෝ මහාලාභී යුත්තේ යුත්තේ

පඡ්ජලති තීහුං තීහුං ලුහු ලුහූ පරමේස්‌වාහා.

7. නමෝ සත්තංස බෝධිපක්‌ය ධම්මා චත්තාරෝ

සතිපට්‌ඨානා චත්තාරෝ ඉද්ධිපාදා චත්තාරෝ

සම්මප්පධානා පඤ්චින්ද්‍රියානි පඤ්ච බලානි සත්ත බොඡ්Cධංගානි අරියෝ අට්‌ඨංගිකෝ මග්ගෝ බුද්ධමන්තං ච මන්තං ධම්මමන්තං ච මන්තං සංඝ මන්තං මන්තං ෆ නාමස්‌ස. සබ්බ රෝග සබ්බදොaස සබ්බන්තරායා විනස්‌සන්තු. යුත්තේ යුත්තේ පඡ්ජලති තීහුං තීහුං ලුහු ලුහූ පරමේස්‌වාහා.

ෆ පිරිත සඡ්Cධායනා කරන විට සෙත් පැතියයුතු අයගේ නම ෆ මෙම ලකුණ තිබෙන තැනට යොදා සඡ්Cධායනා කරන්න. 

ජ්‍යෙතිෂවේදී - රන්ජන් සිසිර කුමාර

Post a Comment

0 Comments