කෙනෙක් ඉහළට යනවා කියන්නේ දියුණුව කරා යැමයි. එය ආර්ථික, සමාජීය, අධ්‍යාපනික හෝ දේශපාලනික මෙන්ම අධ්‍යාත්මික දියුණුවක් විය හැකිය. අප මෙහිදී අදහස් කරන්නේ ලෝකෝත්තර දියුණුව නොව ලෞකික දියුණුව පිළිබඳවයි. ලෝකෝත්තර දියුණුව ආරම්භයන් සනිටුහන් වන්නේ ලෞකික දියුණුවේ තෘප්තියේ අවසානය ලෙසයි. කෙනෙක් තුළ ලෝaකෝත්තර සම්මා දිට්‌ඨ§යට යැමට මඟ හෙළි කරන්නේ ලෞකික සම්මා දිට්‌ඨිය බව බුදු බණේ සඳහන් කාරණයකි. එසේ නම් අපගේ ජීවිතයේ ඉහළට ගමන් කිරීම යහපත් ලෙස සිදුවන දෙයක් විය යුතුයි. එසේම ජීවිතයේ ආපස්‌සට ගමන් කිරීමක් නොමැති නම් පහළට යැම, සෑම විටම අයහපතට ළඟාවීම සිදු වේ. මෙම සිද්ධාන්තය ජීවිතයේ යහපත සඳහා යොදාගත යුතු පිළිවෙල පිළිබඳව සෑම විටම යහපත් සමාජ දර්ශනයකින්ම වාගේම සෑම ආගමික දර්ශනයක් තුළින්ද ලෝකයට කියා දී ඇත. පුද්ගලයෙකුගේ දියුණුව හා පිරිහීම ඇති කරනු ලබන එක් යහපත් සාධකයක් ලෙස නිවසේ වාස්‌තු බලපාන ආකාරය පිළිබඳව දැනටමත් දැනුවත් කර තිබේ.
මෙම ලිපියෙන් අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ ඔබගේ නිවසේ ඔබ විසින් යොදා ගනු ලබන වැදගත් ගෘහ අංගයක් වන පඩිපෙළ නැත්නම් තරප්පු පෙළ පිළිබඳවයි. ඉපැරැණි වාස්‌තුකර්මවලදී සිදුකළ නිර්මාණයන්ගේ මෙම පියගැටපෙළ නැතිනම් පඩිපෙළ ඉතාමත් සූක්‍ෂම ක්‍රම යොදාගෙන ඉදිකර තිබීම විශ්මයජනක වේ. අනුරාධපුර පොළොන්නරුව යුගවල ඉතා සක්‍රීයව පැවති වාස්‌තු ශිල්පය එකල ඉතා ප්‍රබල ලෙස යොදාගෙන තිබුණි. මෙකල පඩිපෙළ සඳහා වැඩි වශයෙන් යොදාගනු ලැබුවේ ශිලා හා මැටි ගඩොල් වීම විශේෂ ලක්‌ෂණයකි. එසේම දැව යොදා ගැනීමද කැපී පෙනිණි. අපගේ ඉතිහාසයේ ප්‍රාසාද ගොඩනැඟිලි තිබූ අතර එහිදී පියගැටපෙළ සංකල්පය යොදාගෙන තිබූ ආකාරය අදටත් විශ්මයජනක විය. නටබුන් අතර ශිලා සහ මැටි පඩිපෙළ අවශේෂ ඇති අතර දාරමය සංකේත නූතනයේ ශේෂව ඇත. නූතනයේ අපගේ නිවාසවල නැතිවම බැරි අංගයක් සේ පඩිපෙළ නැතිනම් ස්‌ටෙයාකේස් යොදා ගැනීම දක්‌නට ලැබුණි. නූතනයේ ගෘහකරණයේදී අප විසින් යොදාගනු ලබන පඩිපෙළ දෝෂ රහිතව නිවැරැදිව යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලමු. පඩිපෙළ නිවසක් සඳහා යොදා ගැනීමේදී විශේෂ අවධානය යොමුකළ යුතු මූලික සංකල්ප කිහිපයකි.
1. ස්‌ථානගත දිශාව - පඩිපෙළක් ස්‌ථානගත කළ හැකි දිශාවන් හා ස්‌ථානගත කළ නොහැකි දිශාවන් පිළිබඳව අප දැනුවත් විය යුතුයි. මෙයින් පඩිපෙළ ස්‌ථානගත කළ නොහැකි ප්‍රධාන දිශාවන් දෙකකි. එනම්,
ඊශාන දිශාව (- මෙහිදී විශේෂයෙන් ඊසාන දිශාව පඩිපෙළ සඳහා යොදා නොගත යුතු බව අතීතයටත් වඩා නූතනයේදී සක්‍රීය වාස්‌තු දෝෂයක් වී තිබේ. එදා අතීතයේ දී පඩිපෙළ සඳහා ලෝහ භාවිතා නොකළ අතර නූතනයේදී අප යකඩ භාවිතා කොට කොන්ක්‍රීට් යෙදීම සිදු කිරීම නිසා විශ්ව ශක්‌තිය සම්ප්‍රේෂණයට බාධාවන් වන අතර උතුරු ඊසාන දිශාවල පවතින චුම්භක ක්‌ෂේත්‍රයන්ට ලක්‌වීම තුළ ගොඩනැඟිල්ලේ අසමබරතාවන් ගොඩනැඟේ. මේ නිසා ඊසාන දිශාවේ පඩිපෙළ නොරැඳීමට වගබලා ගත යුතුයි.
නිරිත දිශාව (- නිරිත දිශාව යනු ගෘහ හිමියාගේ දිශාව සහ විශ්ව ශක්‌තිය පිටව යන දිශාවයි. එමනිසා නිරිත දිශාව තුළ පඩිපෙළ යෙදීම ඉතාමත් අයහපත් බව කිව යුතුයි. එම දිශා දෙක හැර අනෙක් ඕනෑම දිශාවක පඩිපෙළක් යෙදිය හැක.
පඩිපෙළ සඳහා ඉතා යහපත් දිශා
දකුණ සිට උතුරට
බටහිර සිට නැගෙනහිරට
ගිණිකොන සිට වයඹට
පඩිපෙළ සඳහා ඉතා අයහපත් දිශා
ඊශාන සිට නිරිතට
නිරිත සිට ඊශානට
පඩිපෙළ සඳහා මිශ්‍ර පල දිශා
උතුරේÊසිට දකුණ
නැගෙනහිර සිට බටහිර
වයඹ සිට ගිනිකොණ
ඊශාන හා නිරිත දිශාවේ පඩිපෙළ යොදා ඇති නිවාසවල පොදු ලක්‍ෂණයන් වන්නේ,
1. නිවාස සෑදීමට ප්‍රමාද වීමයි.
2. විවාහ ප්‍රමාද වීමයි.
3. රාජ බිය සහ සමාජ අප්‍රසාදයන් ගොඩනැඟීම.
4. රැකියා ප්‍රශ්න
2. චලනය වන දිශාව - ස්‌ථානගත කරන දිශාව මෙන්ම යොදන ලද පඩිපෙළ චලනය වන දිශාව ද වැදගත් වේ. ඔබගේ පඩිපෙළ සෑම විටම දක්‍ෂිණාවෘත්තව චලනය වන ලෙස යෙදීම ඉතා යහපත් වන අතර වාමා වෘත්තව යෙදී තිබීම අයහපත් වේ. දකුණු දිශාවට චලනය වීම යනු ස්‌වභාව ධර්මයේ දිශාව වන අතර වාමා වෘත්ත යනු ඊට ප්‍රතිවිරුද්ධ දිශාවයි.
3. යොදා ගන්නා අමුද්‍රව්‍ය (- පඩිපෙළක් සඳහා ඉතා සුදුසු වන්නේ දැව යොදාගෙන පඩිපෙළ නිර්මාණය කිරීමයි. අතීතයේ මෙන් ශිලා හෝ මැටි පඩිපෙළ යොදා ගැනීම නූතනයේ දී ප්‍රායෝගික නොවන අතර කම්බි සහ කොන්ක්‍රීට් යොදා ගත්තද පඩිපෙළ ආවරණය කිරීම සඳහා දැව එලීම තුළින් පඩිපෙළේ දෝෂයන් ඉවත් කිරීමට හැකියාව පවතින බව කිව යුතුයි.
4. පඩි ගණන (- පඩිපෙළක් සෑමවිටම යොදා ගැනීමේදී එම පඩි සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවකින් නිමා කිරීම වාස්‌තු සිද්ධාන්තයකි. මෙහිදී ආරම්භක තලය හා අවසානය කළ යුතු එම ගණනට එක් කිරීම කළ යුතුයි.
5. පඩිපෙළ දෝෂයන්ට ලක්‌වන අවස්‌ථා (- ඔබ විසින් නිවසට යොදන පඩිපෙළ දෝෂයන්ට ලක්‌වන අවස්‌ථා කිහිපයක් පෙන්වා දිය හැකිය.
පඩිපෙළ යටින් උළුවස්‌සක් තැබීම
පඩිපෙළ යටින් ගෘහ අංග එකතු කිරීම (වැසිකිළි, ගබඩා කාමර)
පඩිපෙළක් නිසා නිවසේ ඉහත සඳහන් දෝෂයන් ඇති කර ගන්නා අතර පඩිපෙළ යට කොටස නිදහස්‌ව පවත්වා ගැනීම යහපත් වේ. එසේම පඩිපෙළ යට කොටස කබඩ් සඳහා යොදා ගත්තාට වරදක් නැති වූවද එම කබඩ් ඉතා විනිවිද පෙනෙන විවෘත ලෙස යෙදිය යුතු අතර වසා දැමූ හිස් අවකාශ නොවිය යුතුයි. මෙවැනි විවෘත ස්‌ථාන විවිධ අමනුෂ්‍ය කොටස්‌වල වාසස්‌ථාන බවට පත්වන බව කිව යුතු අතර ඒවා සෑම විටම විවෘතව තැබිය යුතුයි.
බ්‍රහ්ම පාදය මත පඩිපෙළ පිහිටා තිබීම ඉතා දෝෂ සහගතයි.
සමහර නිවාසවල පඩිපෙළ යෙදී ඇත්තේ නිවසේ මධ්‍ය තුළයි. මෙවැනි නිවාස කිසිදා සාදා නිමකළ නොහැකි නිවාස වන අතර රෝග පීඩා උල්පත් වේ. ඔබගේ පඩිපෙළ කිසිදාක නිවස මධ්‍යයේ සැලසුම් කරන්න එපා. එසේ මැදට වීමෙන් නිවසේ බ්‍රහ්ම පාදය යටවීම නිසා සියලු දෝෂ හටගනී. සෑම විටම ඔබගේ පඩිපෙළ යෙදීම සඳහා පහත සඳහන් සිද්ධාන්ත යොදා ගන්න.
ඔබගේ නිවසේ මුහුණත (ප්‍රධාන ද්වාරය පිහිටි දිශාව) උතුරු/දකුණු දිශාව නම් නිවස ඉදිරියේ නිවස දෙස බලා සිටින විට ඔබගේ දකුණු අත පැත්තෙන් පඩිපෙළ යොදන්න.
ඔබගේ නිවසේ මුහුණත බටහිර හෝ නැගෙනහිර නම් ඔබගේ නිවස ඉදිරියේ නිවස දෙස බලා සිටගත් විට වම් අත පැත්තෙන් පඩිපෙළ යොදන්න.
ඔබගේ නිවසේ පඩිපෙළ ඔබ වරද්ද ගත්තොත් ඔබට දැනෙන අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකි බව කිව යුතුමයි. එය ඔබව පහළට බස්‌සන්න තරම් ප්‍රබල වාස්‌තු දෝෂයකි. එසේම ඔබගේ පඩිපෙළ නිවැරැදි නම් එය ඔබව ඉහළට නංවන්න තරම් ප්‍රබල වාස්‌තු සිද්ධාන්තයක් බව කිව යුතුමයි. ඔබගේ සම්පත් නිවසේ වාස්‌තු සිද්ධාන්ත එකඟ කොට ඔබව ඉහළට නංවන්නට මා ගන්නා උත්සාහය සාර්ථක වී ඇති බව මාගේ හැඟීමයි.
පේරාදෙණියේ ඩී. යූ. සෙනරත්
0 Comments