ගෙයින් ගෙට වෙනස්‌ වන වාස්‌තු සිද්ධාන්ත

වාස්‌තු සිද්ධාන්තයන්ගේ යොදා ගැනීම නිවසේ දිග, පළල, උස, නිවසේ පිහිටීමේ ස්‌වභාවය, නිවස අවට පිහිටි ගස්‌ වැල් හි විශේෂත්වයන් ද, නිවාස, ගොඩනැගිලි, හා පූජ්‍ය ස්‌ථාන, මුහුණත නිවසේ හෝ ගොඩනැගිල්ලෙහි පවත්නා පිහිටීම් වල ස්‌වභාවය අනුව ද වාස්‌තු සිද්ධාන්ත යොදා ගැනීම වෙනස්‌ය. එමෙන්ම ගෘහ පිණ්‌ඩය ගැළපීම එම ගෘහමූලිකයාට අනුව සිදු කරන නිසා ගෘහ පිණ්‌ඩය ද ගෙයින් ගෙට වෙනස්‌ වේ. එමෙන්ම නිවස විවෘත වන කාල පරාසය සහ වසා තබන කාල පරාසය, නිවසේ විශාලත්වය සහ නිවසේ සැරිසරන මිනිසුන් ගේ ප්‍රමාණය ද, මේ සඳහා බොහෝසෙයින් බලපාන බව පෙනේ. නිවසේ ඉපැරණිභාවය, කොටස්‌ එකතු කරන ලද නිවාසයක්‌ ද? නැද්ද? බව යනාදී කරුණු ද මේ සඳහා බලපවත්වන බව පෙනේ. නිවැසියන්ගේ චර්යාව සහ ඔවුන්ගේ හැසිරීම ද, නිවස ඇතුළත ගෘහ භාණ්‌ඩ හා විසිතුරු භාණ්‌ඩ මෙන්ම බිතුසිතුවම් හා කැටයම් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ද, ගෙයින් ගෙට වාස්‌තු වෙනස්‌ වන බව කිව හැකිය. නිවැසියන් ගේ ආගමික පරිසරය හෙවත් ආධ්‍යාත්මික Rණ හා ධන ස්‌වභාවයන් අනුව ද, ආගමික පරිසරය අනුව ද, වාස්‌තු සිද්ධාන්ත යොදා ගැනීම.

වාස්‌තු ප්‍රවර්ධනය සහ අතුරු ආබාධ 

වාස්‌තු ප්‍රවර්ධනය යනුවෙන් අදහස්‌ කරන්නේ පවත්නා නිවසක ස්‌වරූපය හඳුනාගෙන නැතහොත් විෂ්ලේෂණය කිරීමෙන් පසුව එහි පවතින අඩුපාඩුකම් සහ දුර්වලතාවයන් ඉවත් කිරීම සඳහා හෝ ඌණපූර්ණය කිරීම සඳහා ගන්නා වූ උත්සාහයන් හී දී වාස්‌තු ප්‍රවර්ධන කටයුතු හෙවත් තිබෙන වාස්‌තු සිද්ධාන්තයන්ගේ සක්‍රීයතාව ඇති කිරීම මෙම`ගින් අපේක්‍ෂා කෙරේ. මෙහි දී නිවසට හෝ ගොඩනැගිල්ලට ගැළපෙන වාස්‌තු සිද්ධාන්ත ක්‍රම හඳුන්වා දීම වාස්‌තු ශිල්පියා හෙවත් වාස්‌තුවේදියා විසින් කරනු ලබන අතර යම් යම් අවස්‌ථාවන් හී දී නිසි බර තැබීමක්‌ නොවූ කල ඉන් අහිතකර ප්‍රථිඵල ඇතිවන බව කිව හැකිය. මේ නිසා සමහරක්‌ නිවාසයන් හි ගැටළු මතු වේ. තිබෙන්නා වූ වාස්‌තු දෝෂ සහ හඳුන්වා දෙන වාස්‌තු සිද්ධාන්තයන් ගේ හෙවත් වාස්‌තු ප්‍රවර්ධනයේ අනුපාතයෙහි බර තැබීම අනුව මෙම ගැටළුව පවත්නා කාලය, පරාසය නිර්ණය කර ගැනීමට හැකිය. 

අනු දිශාවන්ගේ ඌණතාවයන් ඌණපූර්ණය කිරීමේ දී මෙවැනි තත්ත්වයන් බහුලව දැකගත හැකි වුවත් එය එතරම් කාලයක්‌ දිව නොයන බව සැලකිය යුතුය. මෙවැනි අවස්‌ථාවන් හි දී ආගමික වතාවත් සහ වාස්‌තු කෙම් යොදා ගැනීම තුළින් ඔබේ පීඩාවන් යටපත් කර ගැනීමට හැකියාව ඇත. ඇතුළත වායු පීඩනය වෙනස්‌ වීම, වාතය ගමන් කිරීමේ මාර්ග විවෘත වීම, වාස්‌තු විශ්ලේෂණයෙන් පසු අක්‍රීය වූ යම් යම් ස්‌ථාන ඔබගේ හැසිරීම් රටාව මත සක්‍රීය කිරීම තුළින් ද, අනවශ්‍යය බඩු නිවස තුළින් ඉවත් කිරීම නිසා වාතස්‌කන්ධයේ වන වෙනස්‌ වීම අනුව ද, මෙම තත්ත්වයන් ඇති වන බව තහවුරු වී ඇත. 

අපද්‍රව්‍යය හා අපද්‍රව්‍යය වලවල් හෙවත් පල්දෝරු 

කැලි කසළ නිවස හෝ ගොඩනැගිල්ල අසල රැස්‌කිරීම නොකළ යුතුය. මේවා ඉක්‌මනින් විනාශ කර හෝ පුළුස්‌සා දැමීම සිදු කල යුතුය. වලවල් ගැඹුරු වීම අත්‍යවශ්‍යය සාධකයකි. එමෙන්ම අවශ්‍යම ගුණාංගයකි. බැක්‌ටීරියා, දිලීර සහ ක්‍ෂුද්‍ර ජීවීන්ගේ රජදහනක්‌ වන අපද්‍රව්‍යය සහ අපද්‍රව්‍යය වලවල් මනුෂ්‍යයාට අහිතකර බලපෑම් සිදු කිරීමට පහසුම මාර්ගයක්‌ වේ. අපද්‍රව්‍යය සහ අපද්‍රව්‍යය වලවල් රසායනික වර්ග රාශියකින් සමන්විත වන නිසා, මේවා වල අනිසි ක්‍රියාකාරීත්වය සහ වර්ධනය, මානුෂික අසහනය, මනුෂ්‍යයාගේ චර්යාවේ වෙනස්‌කම් සහ පුරුදු වලට බලපෑම් කිරීමට සමත් වී ඇති බව පර්යේෂණ ම`ගින් තහවුරු වී ඇත.

බලු කූඩු

බල්ලන් සඳහා කිසි විටෙකත් ඊසාන දිශාවේ කූඩු තැනීම නොකල යුතුය. නිවස ඉදිරිපිටට පෙනෙන පරිදි බලු කූඩු සකස්‌ නොවිය යුතු අතර, කූඩු තුළ අකමැත්තෙන් බල්ලන් කූඩු කිරීම නොකල යුතුය. මෙයින් නිවසට අයහපතක්‌ සිදුවන බව තහවුරු වී ඇත. මිත්‍රශීලි නොවන බල්ලන් නිවසේ ඇති කිරීම පාළුව, කාංසිය නිවසේ උද්දීපනය කිරීමට සමත් බව පෙනේ. නිරිත දිශාවේ බලු කූඩු තැනීම ද නුසුදුසුය. ගිනිකොණ දිශාවේ සිටින බල්ලන් ලෙඩ වීම, ඉක්‌මනින් මිය යැම දක්‌නට ලැබෙන සාක්‍ෂාත් වූ කාරණයකි. 

කෝට්‌ යාර්ඩ්

නිවසේ අභ්‍යන්තරයේ පවතින පීඩනය ඉවත් කිරීම සඳහා කෝට්‌ යාර්ඩ් ඉතා වැදගත් වේ. නිවසේ හා ක්‍රියාකාරින්ගේ උෂ්ණත්වය ඉහළ යැම සමතුලනය කිරීම සඳහා උළුවහු, ජනෙල්, සුළං කවුළු, විදුලි පංකා වලට අමතරව කෝට්‌ යාර්ඩ් කරන මෙහෙයුම ඉතා උසස්‌ ය. කෝට්‌ යාර්ඩ් ද්වාර සංකල්පයේ දී උර්දුමුඛ ද්වාරයක්‌ ලෙස ගණන් ගැනෙන අතර, දොරවල් ගණන් ගැනීමේ දී දොරක්‌ ලෙස සැලකීමට පුළුවන. නිවසේ ඝෝෂාකාරීබව ඉවත් කිරීම සඳහා කෝට්‌ යාර්ඩ් යහපත් ප්‍රතිචාරයක්‌ දක්‌වන බව පෙනේ. 

ප්‍රාග් ඓතිහාසික වාස්‌තු

මානව වර්ගයා ක්‍රමයෙන් වාසස්‌ථාන සකස්‌ කර ගැනීමේ දී ඔවුන්ගේ අවබෝධය අනුව සිදු කරගත්තා වූ යම් යම් උපක්‍රමයන් පසුකාලිනව ක්‍රමවේදයක්‌ ලෙස ඉදිරියට විත් වාස්‌තු ශාස්‌ත්‍රයක්‌ ලෙස පැවත එන බව පෙනේ. මෙහිදී යම් යම් පුද්ගලයන් මේ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරිම සහ ඔවුන්ගේ පරීක්‍ෂණ ඥාණය හරහා වාස්‌තු මූලධර්ම බිහි විය. ඒවායේ ප්‍රායෝගික බව ගිලිහීම හා බොරු මත ඒ සඳහා එකතු වීම නිසා වාස්‌තු ශිල්පයක්‌ ලෙස නොව ගතානුගතික, පාරම්පරික වාග් මාලාවක්‌ ලෙස පැවත ආ බව පෙනේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මානවයා, ගල් බෙන, ගල්ගුහා, ගස්‌බෙන කෙරෙහි අවධානය යොමු වූයේ ආරක්‍ෂාව පතාය. ජීවිත ආරක්‍ෂාව සහ ආහාරයන්ගේ ආරක්‍ෂාව මෙහි දී ප්‍රධාන විය. ජීවිතාරක්‍ෂාව, සතුන්a, ස්‌වභාවික ව්‍යවසන, ප්‍රධාන විය. ආදි කාලයේ මිනිසා දවසේ වැඩිකාලයක්‌ විවෘතව පරිසරයට අනුබද්ධව ජීවත් විය. මේ නිසා නිවස, ගේ, ඔවුන්ට ප්‍රශ්නයක්‌ නොවීය. පසුකාලීනව මෙම ගුහා විශාල කිරීම, ඒකාබද්ධ කිරීම, ප්‍රජාවගේ වර්ධනය ආදී හේතූන් මත වෙනස්‌ වීම සිදු විය. එතැන් සිට මානවයා යම් යම් ක්‍රමවේදයන් යොදා ගැනීමට යුහුසුළු විය. එහි දී මෙම කාර්යයන් ගැන වැඩි දක්‍ෂතාවයන් ඇති තම වර්ගයා යොදා ගත් අතර, ඔවුන්ගේ ආවේණික ක්‍රමවේදයන් පසුකාලීනව පරිණාමය වී අද පවත්නා සිද්ධාන්ත බවට පත් වී ඇත. මේ නිසා ප්‍රාග් ඓතිහාසික වාස්‌තු සීමිත අවශ්‍යතාවයන් කිහිපයක්‌ මත ඇති වූ බව පෙනේ. නූතන වාස්‌තු ශිල්පීය ක්‍රම තාක්‍ෂණික ක්‍රමවේදයන් හරහා අද ඉතා දියුණු වී ඇත. මේ නිසා සියුම් තත්ත්වයන් හදුනාගෙන ප්‍රතිකර්ම කිරීමට නවීන වාස්‌තුවේදියාට හැකියාවක්‌ ඇත.

පුරාණ ශ්‍රී ලංකාව හා ගෘහ කර්මාන්තය 

ක්‍රිස්‌තු පූර්ව 900 දී ගෘහ කර්මාන්තය සඳහා යකඩ භාවිතා කර ඇති බව සොයා ගෙන ඇත. ගෘහ කර්මාන්තය ජනාවාස වශයෙන් ගංගාව ආශ්‍රිතව ආරම්භ වී උතුරු මැද, නැගෙනහිර, වයඹ පළාත් වලට ව්‍යාප්ත වී ඇත. පළමුව ජනාවාස, ගංගා, ඇළ, දොළ හා වාරි කර්මාන්ත ආශ්‍රිතව සිදු වූ බව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ගෘහ කර්මාන්තය වැව සහ පන්සල ආශ්‍රිතව ගොඩනැගුනක්‌ වේ. පසුකාලිනව කෘෂිකර්මාන්තයේ වෙනස්‌ වීම් සම`ග එනම්, විශේෂයෙන් වැවිලි කර්මාන්තය සම`ග ලයිම් කාමර ගෘහ කර්මාන්තයට එකතු වී ඇත. රක්‍ෂාව අනුව ද ගෘහ කර්මාන්තය ඉපැරණියේ වෙන් කොට දක්‌වා ඇත. කුඹල්, මැණික්‌ හා රන්, කැටයම් හෙවත් වඩු, වෙළඳ, මැටි ආදී වශයෙන් වෙන් කොට දැක්‌ වූ බව පෙනේ. බුදුන් වහන්සේගේ ආගමනයට පෙර සිටම මෙම වර්ගීකරණය තිබූ බව පැවසේ. ඉන්දියාව සහ ලංකාව අතර කිලෝමීටර් 31 ක තරම් පටු මුහුදු තීරයක්‌ නිසාම දකුණු ඉන්දියාව සහ ලංකාව අතර භූ විෂමතා සහ නිවාසකරණය අතර එතරම් වෙනසක්‌ දැකිය නොහැකිය. ලාංකීය සමාජ සංස්‌ථාවේ කුඩාම ස්‌ථරය වශයෙන් පවුල හෙවත් කුඩුම්බය හැඳින්විය හැකිය. කුඩුම්බයේ ප්‍රධානියා පියා හෝ වැඩිමහල් ම පුත්‍රයා වේ. ගෘහණිය ප්‍රධානියා ලෙස ඔවුන් නොමැති කල්හි පවත්වාගෙන ගොස්‌ ඇත. ක්‍රිස්‌තු පූර්ව 3 වන සියවසේ දී බුදු දහම ප්‍රචලිත වීම සම`ග ජනාවාස හා ගෘහ කර්මාන්ත වල විශාල වෙනසක්‌ වී ඇති බව පෙනේ. ගෘහ කර්මාන්තකරණය සඳහා ගෘහ නිර්මාණ ශිල්පීන් නොව වාස්‌තු ශාස්‌ත්‍රඥයින් එදවස සමාජය තුළ සිටි බව ලෙන් ලිපි වල සඳහන් වේ. ඉපැරණියේ පැවිදි පක්‍ෂය ද මෙම ක්‍ෂේත්‍රයේ යෙදී සිටි බව ශිලා ලේඛනයන්හි සඳහන්ව ඇත. අකුජුක භික්‍ෂුව වාස්‌තු විද්‍යාව පිළිබඳ හසල දැනුමක්‌ වූ භික්‍ෂූන් වහන්සේ නමක්‌ බව ඉතිහාසයේ සඳහන් වේ. 

ඉදිකිරීම් කොටස්‌ තුනකට බෙදේ.

  • පූජනීය හෙවත් පන්සල්, දේවාල
  • රාජකීය හෙවත් රජ හා මැති ඇමතිවරුන්ගේ නිවාස
  • සාමාන්‍ය ගෘහ 
  • වශයෙන් තුන් වැදෑරුම්ව වර්ග කල හැකිය.


ශ්‍රී ලංකාවේ වාස්‌තුකරණය කොටස්‌ දෙකකින් යුක්‌ත ය. එනම්, ආගමික ගොඩනැගිලි සඳහා වූ වාස්‌තුකරණය සහ ගිහියන් ගේ වාස්‌තුකරණය යි. ආගමික ගොඩනැගිලි සම්බන්ධයෙන් ශිලා ලේඛන තිබේ. රිටිගල, සිතුල්පව්ව මේ සඳහා කදිම උදාහරණ වේ. එමෙන්ම වංශ කතා ම`ගින් දියුණු වාස්‌තුමය ගෘහ කර්මාන්තයක්‌ වූ බව උන්මාද චිත්‍රා වංශ කතාවෙන් පැහැදලි වේ. ගිහියන්ගේ නිවාසයන් හි වාස්‌තු ශිල්පීය ක්‍රම පිළිබඳ අධ්‍යයනයක්‌ සඳහා අතීත සම්භවයක්‌ සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ බොහෝවිට දාරුමය නිර්මාණ නිසා විය හැකිය. ලංකාවේ ඉපැරණි ගොඩනැගිලි අතරින් 17 වන සියවසේ ඉදි කරන ලද කොටුවේ පිහිටි රජ ගෙදර දෙමහල් ගොඩනැගිල්ල ඕලන්දයන් විසින් ඉදිකරන ලද අතර 1804 ජනවාරි 17 වන දින බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට වූ ණයකට හිලව් කිරීමට සිදු විය. කාර්ගිල්ස්‌ ගොඩනැගිල්ල ද ඉපැරණි ගොඩනැගිලි වලින් ශේෂ වූ එකක්‌ ලෙස දැක ගත හැකිය. ලංකාවේ ප්‍රථම අග්‍රාණ්‌ඩුකාරයා වූ ශ්‍රීමත් ෙµඩ්රික්‌ නෝත් පදිංචි වූ නිවස ලෙස මෙම ඕලන්ද නිර්මාණය හැඳින්වේ. ඒ අනුව ලංකාවේ ප්‍රථම රජ ගෙදර මෙම ගෘහය වේ. 1684 ලෙස එය අත්තිවාරමේ කොටා ඇත. ගාලු මුවදොර අසළ පිහිටි මන්ත්‍රණ සභා ලේකම් කාර්යාලය ද මේ අතරින් ප්‍රධාන ය. 1816 ජනවාරි 24 වන දින අල්ලා ගත් මහනුවර අන්තිම රජු මදුරාසියේ වෙල්ලෝරා බලකොටුවට පිටුවහල් කිරීමට ප්‍රථම කොළඹට ගෙනවිත් සිරකර තැබූ ගොඩනැගිල්ල ද තවම දක්‌නට ඇත. එය පසු කලෙක ඩාර්ලි බට්‌ලර් සමාගම සතු ගොඩනැගිල්ල බව කියවේ. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ද ඕලන්ද ආණ්‌ඩුකාරවරයෙකු ගේ නිවසක්‌ ලෙස සැලකේ. මෙම සියලු නිර්මාණයන්ගේ බිත්ති ඉතා ඝනකම්ය. ලංකාව උෂ්ණ අධික වූ රටක්‌ නිසාම බිත්ති ඝනකමින් නිර්මාණ කල බවත් පැවසේ. මුස්‌ලීම්වරුන්ගේ ගෙවල් වැඩි වශයෙන් එකල දක්‌නට ලැබුණේ ලැටිස්‌ ගසා නිර්මාණ කල ගෘහයන් හැටියට ය. රස්‌නය ම`ග හැරීමටත්, ස්‌ත්‍රීන්ගේ මුහුණු නොපෙනෙන ලෙසටත් සකස්‌ කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. ගාල්ලේ ඔරියන්ටල් හෝටලය මෙන්ම කොටුව ඇතුලේ තිබෙන්නා වූ නිවාස කිහිපයක්‌ මෙන්ම ඕලන්ද පල්ලිය ද සහ කොටුපවුර අතීත නිර්මාණයන්ගේ ශේෂයන් ලෙස සටහන් කල හැකිය. 

ගහ කොළ, ලියවැල් සහ ගෙවත්ත හෙවත් ජෛව වාස්‌තු

නිවසකට හෝ වෙනත් ගොඩනැගිල්ලකට හෝ ගෙමිදුල, ගෘහාංගණය අවශ්‍යය. මෙම අංගය ම`ගින් ගොඩනැ`ගිල්ලකට ගෙන එන්නේ සෞභාග්‍යයකි. ඉපැරණි මානවයා මේ බව වටහාගත් බව පෙනේ. ඒ නිසා නිසි ගෙවත්තක්‌ තිබෙන අයුරු හෝ සැකසෙන පරිදි නිවස නිර්මාණය කිරීම සිදු විය. එහෙත් ඉඩම් කොටස්‌ වීම නිසා මෙම තත්ත්වය වෙනස්‌ වී ඇත. මේ නිසා නූතන නිවසක ගෙවත්තකට ලැබෙන ඉඩකඩ බොහෝ අඩුය. මෙය කෘත්‍රීමව සකස්‌ කර ගැනීමට අප උත්සාහ ගනී. කෝට්‌ යාර්ඩ් මෙහිදී ප්‍රධාන තැනක්‌ ගනී. කටු සහිත ගස්‌, විෂ කිරි සහිත ගස්‌, ගෙවත්තකට නුසුදුසු වේ. මිය ගිය ගස්‌, දිරා ගිය ගස්‌, අකුණු සැර වැදුණු ගස්‌ වහා ගලවා ඉවත් කල යුතුය. ගසක මිය යැම පරිසරයක දොම්නසට හේතුවකි. ඒ නිසා හැමවිටම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඒවා ඉවත් කිරීම ඉක්‌මනින් කල යුතුය. පඳුරු සහිත ගස්‌ වායු දූෂණය අවම කිරීම සඳහා හේතු සාධක වන බව විද්‍යාත්මකව ඔප්පු වී ඇත. ගෙවතු අසිරිය නිවසට ගෙනෙන විට අධික රුධිර පීඩනය, අධික බර, ස්‌වසන වේගය පාලනය කරන බව හඳුනාගෙන ඇත. ඉතා නිරවුල් මනස හා සෞඛ්‍යය සම්පන්නතාවයට ගෙවත්ත හේතු වන බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. ගෙවතු අලංකරණයේ දී දියවැල්, වෝටර් ෙµdaල්, පොන්ඩ්ස්‌ වැනි අයිතමයන් දකුණු දිශානුගත කිරීම නොකල යුතුය. එසේ වූ විට දකුණු දිශාවේ ධාතු මණ්‌ඩලය විපරිත වීම නිසා රැකියාවට, තමාගේ ප්‍රසිද්ධියට එම`ගින් බරපතල හානි සිදුවන බව කිව හැකිය. ගෙවත්ත නිසි පරිදි සකස්‌ කර ගැනීමේ දී මිනිසාට ඇසුරු කිරීමට ප්‍රිය වන සතුන්ට සුදුසු පරිදි සකස්‌ කිරීම අනිවාර්යය වේ. නිවසට ආලෝකය සහ වාතාශ්‍රය නොලැබෙන පරිදි හෝ අඩු වන පරිදි ගෙවත්ත සකස්‌ නොකල යුතුය. 

නිවසකට සුදුසු සහ නුසුදුසු ශාක වර්ග වාස්‌තු ශාස්‌ත්‍රයේ බොහෝ ලෙස නම් කොට ඇත. යම් ගැටළුවක්‌ මතු කරන, සෞඛ්‍යයට හානි කරන භියජනක යම් ගසක්‌ වේ නම් එවැනි ගස්‌, වෘක්‍ෂ නුසුදුසු බවට වාස්‌තුවේ සඳහන් වේ. විශාල ගස්‌ වල මුල් නැගීම නිසා නිවසට හානි සිදු විය හැකි බැවින් නිවස අසළ එවැනි ගස්‌ සිටුවීම නොකළ යුතු බවට නිර්දේශ කර ඇත. මේ අතරින් පරිපෝෂිත ශාක (ආක්‍රමණකාරී ශාක) නුසුදුසුම වේ. නිවසේ ඉදිරිපිට එවැනි පරිපෝෂිත ශාක ඇතිනම් එය ගලවා දැමිය යුතුමය. බෙලි ගස්‌ වල තිබෙන්නා වූ යම් යම් ශාක මේ අතරින් ප්‍රධාන වේ. වාතය පිරිසිදු කිරීමට, සෙවණ සැපයීමට, පාංශු රක්‍ෂණයට, චමත්කාරබව ඇති කිරීමට, සුළං වලට බාධා පැමිණවීමට, විවේකය ලබා ගැනීමට, මානසික සහනය ඇති කිරීමට, සුන්දරත්වය ඇති කිරීමට, අධ්‍යාපනික දැනීමක්‌ ඇති කිරීමට, ආර්ථික වටිනාකම ගෙනදීමටත් ශාක සමත් වේ. මෙම ප්‍රතිලාභ වලට අමතරව වාහන නැවැත්වීම සඳහා කොට්‌ටම්බා වැනි ශාක වලින් ලැබෙන පිටුවහල ඉතා විශාල ය. එමෙන්ම උස්‌ වූ බිත්තියක පාළුව මැකීමට ද, ගොඩනැගිලි උස අඩු කර පෙන්වීමට ද, රස්‌නය නැතිකර ගැනීමට ද, ආරක්‍ෂාව සැලසීමට ද, ගස්‌ ප්‍රයෝජනවත් වේ. ග්‍රහයන්ට අනුව ද ගස්‌, ශාක නම් කොට ඇත. 

එමෙන්ම සරස්‌වතී දේවිය සුදු නෙළුම් මලක වාසය කිරීමත්, ලක්‍ෂ්මි දේවිය රතු නෙළුම් මලක වාසය කිරීමත්, පත්තිණි මෑණිය අඹ ගෙඩියකින් දෙමට මලෙන් උපන් බවත් කියවෙන නිසා ශාක මිනිසුන්ට ඉතාමත් කිට්‌ටු බව පෙනේ. එමෙන්ම මදාරා ශාකයට අලි වැනි සතුන් බිය වෙන බවත්, දුටු සතුටු පැළයට වශී කිරීමේ හැකියාව තිබෙන බවත් පෙනේ. 

ගෙවත්තේ සිටුවන ශාක වලින් ඇති වන ප්‍රථිඵල අනුව ද වෙන් කොට දැක්‌විය හැකිය. ඒ අනුව කොහොඹ දීර්ඝායුෂ ගෙන දෙන ශාකයක්‌ ලෙසත්, මදාරා ආරක්‍ෂාව ගෙන දෙන ශාකයක්‌ ලෙසත්, බෙලි ශ්‍රියා කාන්තාවගේ බැල්ම ලැබෙන ශාකයක්‌ ලෙසත්, මී ගස ලෙඩ රෝග සුව කිරීමට සුදුසු ගසක්‌ ලෙසත්, දෑ සමන් දිව්‍ය සම්පත් ලබා ගැනීමට හේතුකාරක වන වෘක්‍ෂයක්‌ ලෙසත්, මූනමල අශෝක සහ මාර දැසිදසුන් ලබා ගැනීමට හැකි වෘක්‍ෂ ලෙසත්, කෝමාරිකා ඇස්‌වහ කටවහ නැසීමට ශක්‌තිය ඇති ශාකයක්‌ ලෙසත්, දෙහි භූත දෝෂ, ප්‍රේත දෝෂ නැසිමට හැකියාව ඇති ශාකයක්‌ ලෙසත්, ඊතණ දෙවියන්ගේ බැල්ම ලබා දෙන ශාකයක්‌ ලෙසත්, දාස්‌පෙති භූත දෝෂ දුරු කිරීමට යොදා ගන්නා ශාකයක්‌ ලෙසත්, කටු ගස්‌ සතුරු බිය ගෙනදීමට සමත් වන නිසා නුසුදුසු බවත්, විෂ කිරි සහිත ගස්‌ ධනහානි ගෙන දෙන බවත් සඳහන් වේ. ඒ අනුව ශාක නිවාස ගෙමිඳුලට ගෙන ඒමේ දී මේවාහි පවත්නා විද්‍යාත්මක ස්‌වභාවයන් සහ ඉන් වන ශුභ සහ අශුභතාවයන් පිළිබඳ තර්කානුකූලව විමසා බැලීමෙන් ඔබටම ශාක තෝරා බේරා ගෙන තම ගෙවත්ත නිර්මාණය කර ගැනීමේ හැකියාවක්‌ පවතී.

නිවසේ හැඩතල සහ උස්‌ පහත්කම්

මිනිසා හිස්‌ අවකාශ සහිත නිවාස වල ජීවත් වීමට ප්‍රියතාවයක්‌ නොදක්‌වයි. හිර වූ බඩු මුට්‌ටු වලින් පිර වූ අවිවේකී නිවාස නිවසේ ක්‍රියාකාරීත්වයට ගැටළුවකි. 45Ù ට තරම්වන මුළු සහිත මුහුණත සහිත නිවාස ඉදිකිරීම සුදුසු නැත. එය ප්‍රායෝගිකව නිවාස භාවිතා කිරීමේ දී ද දුෂ්කරතාවයන් ඇති වීමට හේතුවක්‌ වන බව පෙනේ. නිවසක චාම්බව හා පෞඞත්වය විදහා දක්‌වන හැඩතල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ ව සකස්‌ විය යුතුය. වර්තමාන නිවාසකරණයේ දී, කළුගල් කැටයම් ආශ්‍රිත නිර්මාණ දැකිය හැකිය. එහිදී ගලේ වර්ණය, දිශානුගත කිරීම අවශ්‍ය ම කාරණයකි. නිවසක හැඩතල සකස්‌ කිරීමේ දී පාද සටහනේ පාදයක පරාසයට යටත්ව ඉදිකල හැකිය. නිවසේ හැඩතල සකස්‌ කිරීමේ දී අනවශ්‍යය, එසේ නැතහොත් විපරීත, එසේ නැතහොත් කිසිතැනක නොමැති වන නිර්මාණයන් සකස්‌ කිරීමට ඔබ උත්සාහ කල යුතු නැත. හැඩතල සකස්‌ කර ගැනීමේ දී සිදු වන ඌණතාවයන් දිශානුගත ඌණපූර්ණය කිරීම යටතේ ඌණපූර්ණය කර ගැනීමේ නිදහස වාස්‌තු ශාස්‌ත්‍රයේ මූලධර්ම ම`ගින් පැහැදිලි කර ඇත. නිවසේ හැඩතල සකස්‌ කිරීමේ දී ඒ ඒ රටවල පවත්නා දේශගුණික බලපෑම් හඳුනාගෙන සකස්‌ කර ගැනීම ඉතා වැදගත් ය. රැකියාවේ සාර්ථකත්වය අනුව නිවසේ හැඩතල වෙනස්‌ කිරීමේ හැකියාව පවතී.

කොන්ක්‍රීට්‌ ස්‌ථරය හෙවත් ස්‌ලැබ් 

එකම උසින් යුතු ස්‌ලැබ් දැමීමයහපත්ය. උස්‌ පහත් වූ එනම් ලෙවල්ස්‌ වලට කැඩුනු ස්‌ලැබ් වලට වඩා මෙය ඉතාම යෝග්‍ය වේ. එවැනි තත්ත්වයක්‌ ගොඩනැගීම සඳහා වැඩිපුර බීම් යෙදීම හා කොලම්ස්‌ යෙදීමට සිදු වීම නිසා වියදම් වැඩිවීමට ද එය හේතුවක්‌ මෙන්ම, මෙම බීම්ස්‌ ස්‌ලැබ් එක යටින් හෙවත් සොµsට්‌ එකේ ශරීරයේ නහර මෙන් මතු වී පෙනීම නුසුදුසු වේ. එක්‌ තල දර්ශනයක්‌ ඇසට හා ගතට ගෙන එන්නේ ඉතා යහපත් වූත්, දැකුම්කළු වූත් හිතකර බවකි. ඉතා කුඩා ඉඩමක මෙවැනි තත්ත්වයන් කිසිසේත්ම නිර්මාණය නොවිය යුතුය. ඉතා කුඩා ඉඩකඩක්‌ සහිත ස්‌ථානයක, නිවසක, ගොඩනැගිල්ලක, ස්‌ලැබ් එකක, මෙවැනි තත්ත්වයන් ඇති වූ කල්හි දෘෂ්‍යතා චලනයේ දී මෙවැනි තත්ත්වයන් ගැටළුකාරක බව කිව හැකිය. 

ගෘහ භාණ්‌ඩ

නිවසක ගෘහ භාණ්‌ඩ ලී වලින් සකස්‌ කිරීම ඉතාම යහපත් වේ. කිසිවිටෙක යකඩ, සුදු යකඩ, ප්ලාස්‌ටික්‌ වැනි ගෘහ භාණ්‌ඩයන් හි සංකලනයක්‌ නිවසට සුදුසු නැත. මන්ද යත් ලී හි සංඛ්‍යාතය සහ යකඩ සහ අනෙකුත් අමුද්‍රව්‍යය වල සංඛ්‍යාතයන් අතර වෙනසක්‌ පවතින හෙයිනි. එමෙන්ම ලී පාරිසරික උෂ්ණත්වය උකහා ගන්නේ නමුත් එහි වැඩි දියුණු වීමක්‌ හෝ වෙනස්‌ වීමක්‌ සිදු නොවීමත් ප්ලාස්‌ටික, µයිබර් වැනි අමුද්‍රව්‍යය පාරිසරික උෂ්ණත්වය අවශෝෂණය කිරීම මනුෂ්‍යයාට එතරම් හිතකර නැත. එහෙත් ටොයිලට්‌ස්‌, බාත්රූම්ස්‌ වැනි ස්‌ථානයන් හි මෙවැනි අමුද්‍රව්‍යය වලින් නිම කරන ලද උළුවහු, ජනෙල් එතරම් නුසුදුසු බවක්‌ නොවන බව තහවුරු වී ඇත.

සතුන්ගේ රූප

සතුන්ගේ ඇටසැකිළි සහ ශාරීරික අවයව වල කොටස්‌ නිවසක ඇතුළත නුසුදුසු ය. සතුන් සඳහා වූ නිර්මාණයන් නිවසේ ඇතුළත පරිසරය ඒ සඳහා ඉඩ පහසුකම් ලබා ගන්නා නිසා එම සතුන්ගේ ජාන ගත ස්‌වරූපයන් එම පරිසරයෙන් නිර්මාණය වීමට ඉඩකඩ ඇත. රෞද්‍ර ගති ඇති, කිපුණු ස්‌වභාවයෙන් යුතු, කේන්තියෙන් යුතු සත්ත්ව රූප කිසිවිටෙක නිවසට සුදුසු නැත. ඉපැරණියේ ගෝන අං, මුව අං, සතුන්ගේ හිස්‌කබල්, ගෘහයන්ගේ විසිතුරු අංගයක්‌ ලෙස සළකා ඇතත්, එය නිවාස ඉදිරිපිට පමණක්‌ ප්‍රදර්ශනය කිරීම තුළින් ඉන් වන ගැහැට අවම කර ගැනීමට ඉපැරැන්නෝ සමත් වී ඇත.

වාස්‌තු විද්‍යා විශාරද විද්‍යා කීරති ලංකාපුත්‍ර 
ඡේ ගොඩකන්දආරච්චි

Post a Comment

0 Comments