අති සුන්දර කුජ සිකුරු යෝගය

තම සැමියා ඈත දනව්වකට වෙළෙ¹ම පිණිස ගිය හෙයින් මානසික තත්ත්වයෙන් අතරමං වූ තරුණ බිරිඳක්‌ ආලින්දයට වී සිටියාය. එහිදී ඉදිරි මාවතේ හුදකලාව ගමන් කරමින් සිටි තරුණයකුගෙන් ඇය මෙසේ ඇසුවාය.

ඔබ යම් උගත්කමක්‌ ඇති කෙනකු සේ පේනවා. දුර බැහැර වෙළ¹මේ ගොස්‌ සිටින මගේ සැමියා ආපසු එන දිනය ඔබට කිව හැකිද?

ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මම ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥයකු නොවෙමියි යයි ඔහු උත්තර දුන්නේය. හොඳයි මගේ තනි නොතනියට සිටින මගේ මව අන්ධය. ඇයට පෙනීම ලබන්නට තව කොපමණ කාලයක්‌ ගතවේදැයි ඔබට කිව හැකිද?

ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නත් මම වෛද්‍යවරයෙක්‌ නොවෙමි යි පිළිතුරු දුන් තරුණයා ඈ කෙරෙන් ඉවත්ව ගියේය. තරුණිය ව්‍යංගයෙන් කී කතාව තරුණයාට වැටහුණේ නැත. නැත්නම් එහි බරපතළකම වැටහී ඉවත් වන්නට ඇති.

තරුණිය ව්‍යංගයෙන් කීවේ තමා හැර අන් කිසිවෙකු ගෙදර නැති බවය. ඒ ප්‍රකාශය තුළ සුන්දර ආරාධනයක්‌ ඇත.

මේ තත්ත්වය කෙනකුට උදාකරන්නේ කුජ - සිකුරු යෝගය තුලා හෝ වෘෂභ රාශියේ වූ විටය. කුජ-ශුක්‍ර යෝගය අතිධාවන යෝගයකැයි පිළිගැනීමක්‌ වෙතත් ඒ හැම විටෙකදීම නොවේ. පාපයින්ගේ දෘෂ්ටියක්‌ ලත් විටෙකය.

කුජ - සිකුරු සීමාව ඉක්‌මවා යන කාම යෝගයක්‌ බවට පිළිගැනීමක්‌ වෙතත් එම යෝගය ආදරයටම නැඹුරු වූවකි. එවැනි යෝගයක්‌ වූ විට හිත දඩාවතේ දුවන්නේ අනෙක්‌ කේන්ද්‍රය හිමියාගේ කේන්ද්‍රයේ එවැනි යෝගයක්‌ නැති බැවිනි.

කලාකරුවකු, ලේඛකයකු, කවියකු, වාහන හිමියකු විමට කුජ - ශුක්‍ර යෝගය අවශ්‍යය. එම කුජ ශුක්‍ර යෝගය අහිතකර එකක්‌දැයි බැලීමට යෝගය පිහිටි රාශිය හා ලබන දෘෂ්ටි පරීක්‍ෂා කර බැලිය යුතුය.

සිකුරු සමඟ යෝගවන ග්‍රහයා අනුව සිකුරුගේ ස්‌වභාවයද වෙනස්‌ වේ. කුජ - ශුක්‍ර , සඳු - ශුක්‍ර, රවි - ශුක්‍ර වශයෙන් යෙදුණු විට මතුකරන ප්‍රතිඵල විවිධය. සඳු සිකුරු යෝගය කුජ සිකුරු යෝගය තරමටම ආක්‍රමණශීලී නැත. සඳු - සිකුරු යෝගය වේගවත් නැත. එහෙත් කුජ - සිකුරු යෝගය වේගවත්ය. මකර ලග්න හිමියාට මෙම කුජ - සිකුරු 11 වැන්නේ යෙදෙතොත් එම ශක්‌තිය ගේදොර ඉඩකඩම් හෝ යාන වාහන පැත්තට බලය මතු කරයි. එම කුජ - සිකුරු දෙදෙනා මිථුන කේන්ද්‍රයක පස්‌ වැන්නේ වෙතොත් එය විවාහ කාරක සිකුරු සමඟ 11 සහ 6 අධිපති කුජගේ සංයෝගයකි. එවිට විවාහයට පෙර අවුල් ජාලාවකි. එහෙත් පස්‌වැන්නේ යෙදීම නිසා අධ්‍යාපනයේ එක්‌ අංශයකින් කැපී පෙනෙන දක්‌ෂතා වර්ධනය කරයි.

කුජ -ශුක්‍ර යෝගය තුලා ලග්නයට සුවිශේෂ යෝගයකි. ඒ විවාහකාරක සිකුරුට ලග්නාධිපති වී 7 වැන්නාධිපති සමඟ යෝග වීමකි. එම කුජට ධනස්‌ථානය වූ 2 වැන්නේද නෑකමක්‌ ඇති හෙයින් විවාහයෙන් පසු ධනවත් වේ.

කල්‍යාණ වර්මන් රජතුමාගේ සාරාවලියෙහි කුජ - ශුක්‍ර යෝගය ගැන මෙසේ සඳහන් වේ.

කුජ - ශුක්‍ර යෝගය බොහෝ දෙනකුගේ පුද සත්කාර ලබයිs. ප්‍රධානත්වයක්‌ උසුලයි. ගණිතය, සාහිත්‍ය වැනි විෂයෙහිද දක්‌ෂවේ. රාගික සිතුවිලි කාන්තාවන් කෙරෙහි නැඹුරු වෙයි. සූදුවට නැඹුරුය.

එසේ බලනවිට කුජ - සිකුරු යෝගය හොඳ නරක මිශ්‍ර ප්‍රතිඵල මතුකරන එකකි. එහෙම වන්නේa සිතුවිලි වේගවත්ව ක්‍රියාත්මක වන බැවිනි. චිත්ත කාරක සඳු ශුභ ග්‍රහයන් වැඩි දෙනකුගේ දෘෂ්ටියට ලක්‌වෙමින් නරක සිතුවිලි පවිත්‍ර කරයි. පාප ග්‍රහයන්ගෙන් පීඩිත සිකුරු නිසා පහත් ආශා කෙරෙහි හිත නැඹුරු කරයි.

කුජ පමණක්‌ නොව සිකුරු සමඟ යෝගවන අනෙක්‌ ග්‍රහයන් නිසාත් විවිධ ප්‍රතිඵල උදාකරනු ඇත. රවි - සිකුරු පාප රාශිගත වෙතොත් මතට ලොල්වේ. මහලු කාලයේදී ඇස්‌ පෙනීම දුර්වල කරයි. විරුද්ධ ලිංගිකයා ගෙන් ධනය ලබයි.

කුජ - ශුක්‍ර යෝගයට බොහෝ සෙයින් සමීප ප්‍රතිඵල දෙන අනෙක්‌ යෝගය සඳු - සිකුරු යෝගයයි. ඒ යෝගයද රසකාමී, උද්යෝගිමත් චරිතයක්‌ ගොඩනඟන එකකි.

කුජ -ශුක්‍ර යෝගය යෙදුණු විට ආදර සබඳකම්වල රහස්‍ය භාවයක්‌ නැත. හැංගිමුත්තං වැඩ නැත. ප්‍රසිද්ධියේ පෙම් සබඳතා ගොඩනඟයි. ව්‍යංගයෙන් ආදරයට ආරාධනා කරතත් ක්‍රියාකාරිත්වය සෘජුය.

ස්‌වාමීන් වහන්සේ නමක්‌ ධර්ම දේශනයක යෙදී සිටිමින් පිරිමින් පරදාර සේවනයට නැඹුරුවීම නිසා ඊළඟ උපතේදී කාන්තාවක වී උපත ලබන බවත් කීහ. දේශනය අසා සිටි එක්‌තරා ස්‌ත්‍රියක්‌ ප්‍රශ්නයක්‌ මතු කරමින් හිමියනි, කාන්තාවක එවැනි වරදෙහි බැඳුණුවිට ඊළඟ ආත්මයේදී පිරිමියකු විය හැකිදැයි ප්‍රශ්න කළාය. විවෘතව ඒ අදහස මතු කිරීමෙහිලා කුජ - ශුක්‍ර යෝගය ක්‍රියාත්මක වන්නට ඇතැයි සිතිය හැකිය. මේෂ රාශියෙහි වූ කුජ සිකුරු යෝගය අතිධාවනකාරිය. වෘෂභ හා තුලා රාශියෙහි වූ කුජ - සිකුරු යෝගයත් එසේය. මිථුන කන්‍යා රාශියක කුජ සිකුරුගේ රසකාමී සිතුවිලි කවියට ලේඛනයට නැඹුරුවෙයි.

වෘශ්චික ලග්න හිමියාට සිකුරු හත්වැන්නාධිපති නිසාය. අට අධිපති බුධත්, කුජත් යෝගය පස්‌වැන්නේ වූයේයි සිතමු. එවිට බුධ නීච වී සිකුරු උච්ච වී පහත්කාමී සිතුවිලි මතුවි නම කිළිටි කරගනී. ඒ නිසා සමාජ අපකීර්තියට පත්වූ සෙසු අයගේ ඇසුරෙන් කොන් කරනු ලබයි.

මේෂයෙහි හෝ වෘශ්චිකයෙහි සිටි සිකුරු රවි විසින් දකිනු ලැබීම වෙතොත් ස්‌වකීය ධනය ආශාවන් නිසා නැතිකර ගන්නා බව සාරාවලිය කියයි. ඒ යෝගයම ජන්මියාගේ සෞඛ්‍යයටද අහිතකර ලෙස බලපානු ඇත.

කුජට අයත් රාශියක සිටින සිකුරු ග්‍රහයා, සඳුගේ දෘෂ්ටියට ලක්‌වෙතොත් නඩු හබ චෝදනා, චපල, නින්දිත පැවතුම් ඇති කෙනෙකු වනු ඇත. එම සිකුරුට කුජගේ දෘෂ්ටිය යහපත් නැත.

එම රාශියක සිටි සිකුරු ග්‍රහයා බුධගේ දෘෂ්ටියට ලක්‌වීම නිසා නෑදෑයන්ගෙන් අවමන් ලබන නොහික්‌මුණු සොර සිත් ඇත්තෙකු වන බව සාරාවලි මතයයි. එම සිකුරු යහපත් වන්නේ ගුරු වියත් දකිනු ලබතොත් පමණි. එවිට උතුම් විවාහයකි. යහපත් දරුවෝ වෙති. ප්‍රීතිමත් යුග දිවියකි.

කුජ - ශුක්‍ර යෝගය "අතිධාවන"එකක්‌ වන්නේ ආදරයට හෝ කාමයට පමණක්‌ නොවේ. තවත් බොහෝ කටයුතුවලදී එහි බලපෑම් මතු වේ. සුරාවට ලොල් වූයේ නම් මහ මග වැටෙන තුරු බීමට ඇබ්බැහි වේ. රිය පැදවීම කරන්නේ නම් එයද අතිධාවන වේගයෙන් පැදවීම කරයි. බීමත් රියෑදුරන් අතින් අනතුරු බහුල වන්නේ බීමේත්, රිය පැදවීමේත් සීමාවක්‌ නොවන බැවිනි. කුජ - ශුක්‍ර පාප රාශිගතව සිටීම හෝ පාප දෘෂ්ටි ලැබ තිබීම නිසා එසේ වේ. පාප නැකත්වල සිටියත් එසේය. කුජශුක්‍ර යෝගය අතිධාවන වූ විට අවිචාරවත් ගතියද එයට මුසුවේ. බොහෝ විට වැරදි අත්දැකීම්වලට තමාම දායක වන බවක්‌ද දක්‌නා ලැබේ.

කුජ චරිත කිහිපයක්‌ වෙයි. සිකුරුටද එසේය. සම්මත පිළිගැනීම අනුව කුජ නෛසර්ගික පාපයෙකි. මේෂ රාශියේදී නොනීවට උදාර ගති ඇත්තෙකි. වෘෂභයේදී තැන්පත්කම ආරෝපණය කරගත් පුද්ගලයකු බඳුය. මිථුනයේදී බුද්ධිමත්ය. කටකයේදී ලෙන්ගතුය. සිංහයේදී උදාරය. කන්‍යාවේදී මැදහත්ය. තුලාවේදී මනමාලයෙකි. වෘශ්චිකයේදී චණ්‌ඩියෙකි. ධනුවේදී වැදගතකෙs. මකරයේදී ආක්‍රමණශීලී කෙනෙකි. කුම්භයේදී පාපියෙකි. මීනයේදී යහපත් කෙනෙකි.

සිකුරුටත් එසේම එක්‌ එක්‌ රාශිය තුළදී විවිධ චරිත ඇත්තේය. එහෙයින් කුජ-ශුක්‍ර සංයෝග වූ විට රස ජවනිකා මතුකරය. චිත්ත කාරක සඳුගේ සබඳකමක්‌ ද එයට එක්‌ වෙතොත් අප රසකාමී සිතුවිලි සහිතය. මේ ග්‍රහ සංයෝගය නොමැතිව රසවතෙක්‌ විය නොහැකිය.

පියසේන රතුවිතානගෙ'
දිවයින පුවත්පත

Post a Comment

0 Comments