කුජ මාරුව 2015.01.13

2014.11.27 වනදා කුජ ග්‍රහයා සෙනසුරුට අයත් මකර රාශියට පැමිණීම සහ ඉන් පසුව සෙනසුරුට අයත් කුම්භ රාශිය හරහා ගමන් කරමින් 2015.02.13 වනදා ගුරුට අයත් මීන රාශියට පැමිණීම සිදුවේ.මාස තුනකට ආසන්න කාලයක් පැවති මෙම ග්‍රහ තත්වය හේතුවෙන් ලංකාවේ සමාජ දේශපාලණික අංශයන් මුල් කරගනිමින් සියලු අංශයන්ට බලවත් බලපෑමක් ඇතිකරන ලදී.ඒ පිලිබ්දව අප පෙර ලිපියක් මගින් කරුණු ඔබ හමුවේ තැබුවෙමු.

2015.02.13 දක්වා ඔබ සියලුදෙනාට අසුබ කාලයකි.


2015.02.13 වනදා කුජ ග්‍රහයා ගුරුට අයත් මීන රාශියට පැමිණීමත් සමග පැවති බොහෝ අසුබ තත්වයන් සමනය වීමක් සිදුවනු ඇත.සිකුරු ග්‍රහයාද පෙබරවාරි 16 වනදා සිය උච්ච රාශිය වන මීනයට පැමිණීමත් සමග අයහපත් තත්වයන් බොහෝ දුරට සමනයවී යනු ඇත.

කුජ මාරුව සමගින් ඒ ඒ ලග්නයන්ගෙන් උපන් ඔබට ඇතිවන සුභාසුබ තත්වයන් මෙසේය.

මේෂ ලග්නය


ඔබගේ ලග්නයෙන් දොලොස්වැන්නට කුජගේ පැමිණීම සිදුවේ.මෙම තත්වය යහපත් නැත.ආදායම් තත්වයේ පහලයාමක් සිදුවන අතර වියදම් ඉහලයාම සිදුවේ.තම වටිනා භාණ්ඩ ආරක්ශා කරගතයුතු කාලයකි.රහස් සබදතා ඇතිවිය හැකිය.කාන්තාවන්ට පුරුෂයන් නිසාත් පුරුෂයන්ට කාන්තාවන් නිසාත් ගැටලුකාරී තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත.ඒ සම්බන්ද කටයුතු සදහාම තම තැම්පත් ධනය වැයකිරීමට සිදුවන කාලයකි.ලේ දුර්වලවීමේ දෝෂයන් ඇතිවන කාලයකි.ලිංගික දුබලතා සහිතයි.

වෘෂභ ලග්නය

ඔබට යහපත් තත්වයක් උදාවේ.විවාහ අපේක්ෂාවෙන් සිටි තරුණ තරුණියන්ට මංගල යෝග යෙදෙන කාලයකි.විවාහකයන්ට පවුලේ බැදීම් ශක්තිමත් වනු ඇත.නව ප්‍රේම සබදතා සදහා අවස්තාව උදාවේ.අනෙක් පාර්ශවයෙන් තෑගි බෝග ඇදුම් පැලදුම් ආදිය ලැබෙනු ඇත.නව මිතුර මිතුරියන් ඇතිවේ.ආර්තික තත්වය සුබදායකවේ.නව කටයුතු ආරම්භයට යහපත්ය.තරමක රාගාධිකව කටයුතු කරයි.විනෝදයට සිත යොමුවේ.විනොදගමන් යෙදෙනු ඇත.සිතට සතුට මෙන්ම සහනයද ගෙනදෙනවා ඇත.

මිථුන ලග්නය

මෙතෙක් සිතෙහි පැවති නොසන්සුන් ගති දුරුවී යනු ඇත.රැකියා බලාපොරොත්තුවෙන් සිටි අය සදහා ඒ සම්බන්දව යහපත් බලාපොරොත්තු තබාගෙන කටයුතු කල හැකිය.රැකියා ස්තානයේ සතුට ඇතිවේ.උසස් අයගේ උදව් උපකාර ලැබෙනවා ඇත.පියා සහ පියපාර්ශවය සමග පැවති සිත් අමනාප කම් දුරුවී යනු ඇත.ඔබටද ප්‍රේම සබදතා සදහා යහපත් කාලයකි.නිවාස අලංකරන කටයුතු සදහා කාලය යෙදවීමට සිදුවේ.අමතර වියදම් කිහිපයක් යෙදෙනවා ඇත.නමුත් ලැබීම් අතින්ද යහපත් කාලයකි.අධික රාගාධික බවක් ඇතිවිය හැකි අතරම ඒ හේතුවෙන් අනවශ්‍ය ගැටලු පවා ඇතිවිය හැකිය.

කටක ලග්නය

ඔබටද මෙම කුජ ග්‍රහ මාරුව යහපත්වේ.නව ඉගනීම් කටයුතු සදහා යොමුවීමටත් උසස් අධ්‍යාපනික කටයුතු සදහාත් යහපත්වේ.ආගමික කටයුතු සදහා සිත යොමුවේ.රැකියාවේ සුබදායක බවක් මෙන්ම රැකියාව මගින් ලබනා ආදායමේද යහපත් වෙනසක් සිදුවන කාලයකි.විවාහ අපේක්ෂාවෙන් සිටින අය සදහා නව බලාපොරොත්තු ඇතිවනවා ඇත.දුර බැහැර ගමනක් යෙදෙනු ඇත.පියා සමග යම්කිසි ආරවුල් තත්වයක් ඇතිවිය හැකිය.දරුවන් සිටිනා දෙමාපියන්ට තම දරුවන්ගේ කටයුතු හේතුවෙන් සිතට සතුට සහනය ගෙනදෙනු ඇත.

සිංහ ලග්නය

ඔබට එතරම් යහපත් කාලයක් නොවේ.වියදම් ඉහලයයි.තම වටිනාකම් දුර්වලවී යා හැකිය.කේලම් කටකතා හේතුවෙන් නින්දා අපහාස ඇතිවේ.ලේ ගලන තුවාලයක් ඇතිවිය හැකි කාලයකි.විවාහ අපේක්ෂිතයන්ට තරමක යහපත් කාලයකි.විවාහක අඹු සැමියන් අතර වාද විවාද ඇතිවනවා ඇත.පහත් ක්‍රියාවන්ට සිත යොමුවිය හැකිය.පියාටද යහපත් තත්වයක් ඇතිකරවන්නේ නැත.ඔබට ලිංගික දුර්වලතා පැවතියේ නම් එම තත්වයන් වැඩිවීමක් ඇතිවේ.උශ්ණ රෝග තත්වයන්ද ඇතිවිය හැකිය.

කන්‍යා ලග්නය

සමාජය සමග සිදුකරනු ලබන කටයුතු තුලින් සිතේ සතුට ඇතිකරනවා ඇත.ජනතාව අතර ජනප්‍රිය වීමට යහපත් කාලයකි.කලා කටයුතු සහ දේශපාලනික කටයුතු සදහා ඉදිරිපත්වීමට යහපත්වේ.විවහ අපේක්ෂිතයන්ට මංගල යෝගයෙදේ.අඹු සැමියන් අතර සමගිය වර්ධනයවේ.තෑගි බෝග ලැබෙනා කාලයකි.නමුත් විරුද්ධ ලිංගිකයන් හේතුවෙන් වියදම් වැඩිවීමක් සිදුවේ.අවකල් ක්‍රියාවන්ට සිත යොමුවිය හැකිය.රාගාධික බව වර්ධනයවේ.ශාරීරික දුබලතාවයන් ඇතිවිය හැකි කාලයකි.

තුලා ලග්නය


තුලා ලග්නයේ ඔබට සුබාසුබ සමව යෙදෙනවා ඇත.මව් පාර්ශවයෙන් උදව් උපකාර ලැබෙනා කාලයකි.පැවති සතුරු කරදර තරමක් දුරට දුරුවේ.මෙතෙක් සිතෙහි පැවති කලබල ගතියට තරමක හෝ සහනයක් ඇතිවනු ඇත.නව සබදතා ඇතිවීමට අවස්තා පැවතියත් එම සබදතා එතරම් ශක්තිමත් සබදතා නොවනු ඇත.කෙසේ වෙතත් යම්කිසි සහනයක් සහිත කාලයකි.ශරීරික දුබලතා ඇතිවේ.විෂ ශරීරගතවීමක් හෝ ආහාර සම්බන්දව ගැටලුවක් සහිතයි.ස්වප්න මෝචනය වැනි ලිංගික දුබලතා ඇතිකරවයි.හදිසියේ සිදුවන කැපුම් තුවාලයක් සිදුවිය හැකිය.

වෘශ්චික ලග්නය


ඔබට යහපත් කාලයකි.ඉගනීම් කටයුතු දියුණුවේ.ප්‍රේම සබදතාවයක් සදහා අවස්තා පවතී.අසම්මත සබදතා සදහාද සිත යොමුවිය හැකිය.කාම රාග සිතුවිලි වර්ධනය වනු ඇත.වියදම් අධිකවේ.සතුට ප්‍රිතිය වෙනුවෙන් වැඩි වියදමක් සිදුකිරීමට සිදුවනු ඇත.මිත්‍ර සබදතා වර්ධනයවේ.නව මිත්‍රයන් ඇතිවේ.හවුලේ කරන කටයුතු මගින් ලාබ ලැබෙන කාලයකි.මව්ගෙන් උදව් උපකාර ලැබේ.බඩ යටිබඩ ආශ්‍රිතව උශ්ණ රෝග දුර්වලතා ඇතිවේ.

ධනු ලග්නය


ඔබට නිවාස දේපල සම්බන්දව නව කටයුතු ආරම්භ කිරීමටත් නැවතී පැවති කටයුතු ආරම්භයටත් යහපත්වේනව දේපලක් මිලදී ගැනීමටත් සුබදායකයි.ඉගනීම් කටයුතු යහපත්ව පවත්වාගෙන යා හැකිය.මව සමග සබදතා ශක්තිමත්වේ.රැකියාව සම්බන්දවද යහපත් තත්වයන් ඇතිවනු ඇත.නිවසේ කටයුතු සාමකාමීව සිදුකරගැනීමට අවස්තා ලැබේ.සමගිය මෙන්ම සිතේ සතුටද ඇතිවන කාලයකි.ආගමික කටයුතු මෙන්ම සමාජ සත්කාර සදහාද යහපත් කාලයකි.එම කටයුතු සදහා අවස්තා ලැබෙනවා ඇත.

මකර ලග්නය


මංගල යෝග උදාවේ.විවාහ බලාපොරොත්තු නව අතකට යොමුවේ.අසල් වැසියන් සමග හිතවත්කම් වර්ධනයවේ.සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර ලැබෙනවා ඇත.විනොදය සදහා කෙටි ගමන් බිමන් කිහිපයකට සම්බන්දවීමට අවස්තාව ලැබෙනවා ඇත.ආර්ථික තත්වය යහපත්ය.කලාත්මක සිතුවිලි ඇතිවේ.රැකියාව සම්බන්දවද යහපත්ය.තරග විභාගයන් සදහා ඉදිරිපත්වීමටත් එයින් යහපත් ප්‍රථිපල ලැබීමටත් හැකියාව ලැබෙනවා ඇත.

කුම්භ ලග්නය


විවාහක කුම්භ ලග්න හිමියන්ට යහපත්ය.පවුල් ජීවිතයේ සාමය සතුට වර්ධනය කරගැනීමට අවස්තා සැලසේ.නව ආර්තික ප්‍රතිලාබ ලැබෙන කටයුතු සදහා ඉදිරිපත්වීමට හෝ ඒ සම්බන්දව කටයුතු ආරම්භයටද යහපත්වේ.දරුවන්ටද යහපත්වේ.ඔබගේ වචන භාවිතයෙන් අනෙකාගේ සිත් දිනාගැනීමට හැකියාව ලැබේ.සංගීතය චිත්‍ර කලාව ආදියට සිත ඇදීයයි.නව ඇදුම් පැලදුම් මිලදී ගැනීමට හෝ තෑගි වශයෙන් ලැබීමට අවස්තා පවතින , උදාවන කාලයකි.එමෙන්ම විවාහ බලාපොරොත්තුවෙන් සිටිනා අයටද එම කටයුතු සම්බන්දව නව බලාපොරොත්තු ඇතිකර ගැනීමට වටපිටාව සැකසේ.

මීන ලග්නය


මීන ලග්නයේ ඔබට කුජ ග්‍රහයා ලග්නගතවීම සිදුවේ.සිතේ සතුට ඇතිවන කාලයකි.ශණික කෝප තත්වයන් ඇතිවිය හැකිය.නව ප්‍රේම සබදතා හෝ මිත්‍ර සබදතා සදහා යහපත්ය.ඒ සදහා අවස්තාව ලැබෙනවා ඇත.විවාහ ජීවිතයටද යහපත්ය.අධික ලෙස රාගාධිකවේ.මුදල් වියදම්වීම් වැඩි කාලයක් උවත් ලැබීම් අතින්ද යහපත්ය.ඉගෙනීම් කටයුතු සාර්තකව පවත්වාගෙන යාමට හැකිවේ.තරග විභාගයන්ගෙන් ජය ලැබේ.ගෘහ කටයුතු සාමකාමීව සිදුවනවා ඇත.

ජනක පී කුමාර විසින්

Post a Comment

0 Comments