2015.02.13 දක්වා ඔබ සියලුදෙනාට අසුබ කාලයකි.

2014.11.27 වනදා කුජ ග්‍රහයා මකර රාශියට පැමිණියේය.එම කුජ ග්‍රහයා 2015.01.06 වනදා කුම්භ රාශියට පැමිණෙනු ඇත.මෙයින් සෙනසුරු සහ කුජ ග්‍රහයන් විසින් පාප කර්තරී යෝගයක් ඇතිකරනු ලැබූහ.නමුත් ඊට වඩා බලවත් අසුබ පිහිටීමක් එම ග්‍රහයන් දෙදෙනා විසින්ද ඇතිකර ඇත.එනම් හයවනදා දක්වා කුජ මකරයේ සිටී.ඉන් පසුව 2015.02.15 වනදා දක්වා කුම්භ රාශියේ ගමන් කරයි.ඒ අනුව කුජ ග්‍රහයා සෙනසුරුට අයත් රාශි දෙකක දැනට සහ පෙබරවාරි 13 වනදා දක්වා ගමන්කරනු ඇත.සෙනසුරු ග්‍රහයා සිටින්නේ කුජට අයත් වෘශ්චිකයේය.ඒ අනුව සෙනසුරු සහ කුජ ග්‍රහයන් අතර අසුබ පරිවර්තන යෝග තත්වයක් ඇතිකරවා ඇත.මෙම අසුබ තත්වයන් තුල බොහෝ දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ලැබෙන ගැටලු මගින් පැහැදිලි වන අතර ඒ අනුව මෙම ලිපිය ලිවීමට අදහස ඇතිවිය.

2015.02.13 වනදා දක්වා පාප ග්‍රහයන් දෙදෙනෙකු වන ශණි සහ කුජ ග්‍රහයන් අතර යෙදී ඇති අසුබ පරිවර්තන යෝග තත්වය පිලිබ්දව පලමුවෙන් සදහන් කරමි.විශේෂයෙන් මේ මොහොතේ මැතිවරණයක් පවතින නිසා සාමන්‍ය ජනතාව තම කටයුතු කරගෙන පාඩුවේ සිටීම යහපත්ය.බලවතා සහ දුබලයා අතර බෝහෝ අවස්තාවලදී ගැටුම් ඇතිවේ.මෙවර විශේෂත්වය වන්නේ  මැතිවරණයෙන් පසුවද ගැටුම්කාරී තත්වයන් පැවතීමයි.කෙසේ උවත් පාලකයාගේ නියමයන්ට ජනතාවට යටත් වීමට සිදුවේ.පරාජිතයා කවුරු උවත් එම පරාජිතයා තව දුරටත් පරාජය කිරීම ජයග්‍රහකයා විසින් සිදුකරනු ඇත.මෙම තත්වය 2015.02.13 වනදා  දක්වාම පවතිනු ඇත.රිය අනතුරු මෙන්ම හදිසි අනතුරු වලින් මිය යන ප්‍රමාණය වැඩිවේ.රණ්ඩු සරුවල් ඇතිවේ.තාක්ෂණික කර්මාණ්ත ශාලාවක ගිනිගැනීමක් ඇතිවනු ඇත.කලාකරුවෙකුට හෝ බුද්ධිමතෙකුට ,ප්‍රසිද්ධ පුද්ගලයෙකුට මාරක යෙදිය හැකිය.බෝවන උණ රෝගයන් පැතිර යා හැකි කාලයකි.මේ සියල්ල අතර ජනතාව අතර කෝපය හදිසි කේන්තියාම් , කලබල ගතිය ආදී තත්වයන් ඇතිවේ.

මේෂ ලග්න හිමියාගේ ලග්නාධිපතියා සහ කර්මස්තානාධිපතියා අතර මෙම පරිවර්තන යෝගය ගොඩනැගේ.මේෂ ලග්නයට මෙම ග්‍රහයන් දෙදෙනාම යහපත් ග්‍රහයන් වූවත් දැනට පවතින ග්‍රහ තත්වය කිසිසේත්ම යහපත් නැත.රන්ඩුසරුවල් වලට හසුවිය හැකි,තම විවාහ පාර්ෂවයන්ට ගැටලු ඇතිවන කාලයකි.සමාජ අප්‍රසාධයට ලක්වේ.මානසික පීඩාවන් බලවත්වන කාලයකි.හදිසි අනතුරු ඇතිවිය හැකිය.හිසේ කැක්කුම් ගති ඇතිවේ.උණ රෝග තත්වයත් බෝවන රෝගයන්ට හසුවීමටත් 2015.02.13 දක්වා කාලයේදී සිදුවිය හැකිය.

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ගෘහ ජීවිතය සම්බන්දව ගැටලු බලවත් ආකාරයෙන් ඇතිවිය හැකිය.දේපල ආරවුල් ඇතිවේ.විවාහය සම්බන්දවත් විවාහකයාගේ සෞඛ්‍ය තත්වය සම්බන්දවත් ගැටලු ඇතිවන,ඔබ පීඩාවට පත්වන කාලයකි.ඔබගේ මවට අයහපත් කාලයකි.ඔබට පපුව හදවත සම්බන්දව දුර්වලතා ඇතිවේ.බඩ යටිබඩ මුත්‍ර පද්ධතිය ආශ්‍රිත ප්‍රදේශයන්හි රෝගී දුබලතා ඇතිවේ.උෂ්ණ රෝගයන් විශේෂිතයි.

මිථුන ලග්නයේ ඔබගේ මාරකස්තානය සහ සතුරු ස්තානය අතර මෙම අසුබ තත්වය ඇතිවී ඇත.සතුරු කරදර ඇතිවන කාලයකි.ආගම දහම සම්බන්දව පැවති විස්වාසයන් අඩුවේ.සහෝදර සහොදරියන්ට අසුබයි.විශේෂයෙන් පිරිමි සහෝදරයන්ට පීඩා කරදර ඇතිවන කාලයකි.ඉගෙනීම් කටයුතු , දරුවන් සම්බන්දව , ප්‍රේම සබදතා ආදිය සම්බන්දව ගැටලු ඇතිවනු ඇත.මවට ,සහ පියාටද ප්‍රේම සබදතා වලටද යහපත් කාලයක් නොවේ.මිතුරු සබදතා බිදවැටිය හැකිය.වෙහෙසකර කාලයකි.පපුව සම්බන්දව දුබලතා ඇතිවේ.විශේෂයෙන් උශ්ණ රෝගයන්ට හසුවේ.දරු ප්‍රසූතිය සහදා ඔබ සූදානම් වන්නේ නම් ඉතාමත්ම ප්‍රවේසමෙන් කටයුතු කල යුතු කාලයකි.

කටක ලග්නයේ ඔබට හත්වැන්න සහ පස්වැන්න අතර ශණි කුජ පරිවර්ථන යෝගය යෙදී ඇත.තම මවටත් පියාගේ රැකියා ආදායම් තත්වය පිලිබ්දවත් ඔබගේ ආර්ථික තත්වයන් පිලිබදවත් ගැටලු ඇතිවේ.විවාහය සම්බන්ද බලාපොරොත්තු 2015.02.13 දක්වා බිදවැටේ.ප්‍රේම සබදතා දුර්වලවේ.යහලු මිත්‍ර ඇසුර බිදවැටෙන කාලයකි.විවාහක නම් එම පාර්ශවයන්ට අසුබ බලපෑම් ඇතිවනු ඇත.ඉගෙනීම් කටයුතු සදහා විශේෂ උනන්දුවක් සහිත උවත් භාහිර හේතූන් නිසා එම කටයුතු සාර්තක වන්නේ නැත.

සිංහ ලග්නයේ ඔබටද 2015.02.13 වනදා දක්වා එතරම් සුබ තත්වයක් ඇතිවන්නේ නැත.හයවැන්න සහ සිව්වැන්න අතර ඇතිවනා ශණි කුජ අසුබ පරිවර්ථන යෝග තත්වය ඔබගේ රැකියාව , දේපල , දරුවන් ඉගෙනීම් කටයුතු ,මව සහ මව් පාර්ශවය යන කරුණු පිලිබදව අසුබ අයහපත් තත්වයන් ඇතිකරනු ඇත.දරු ප්‍රසූතිය සහදා ඔබ සූදානම් වන්නේ නම් ඉතාමත්ම ප්‍රවේසමෙන් කටයුතු කල යුතු කාලයකි.

කන්‍යා ලග්නයේ ඔබට පස්වැන්න සහ තුන්වැන්න අතර මෙම අසුබ පරිවර්ථන යෝග තත්වය 2015.02.13 දක්වා යෙදී ඇත.අසල් වැසියන් සමග හොදහිත පලුදුවන ඔවුන් සමග රණ්ඩු සරුවල් ඇතිවන කාලයයි.කෙටි ගමන් බිමන් වලදී හදිසි අනතුරු ඇතිවිය හැකිය.සහොදර සහෝදරියන්ගේ ශක්තීන් දුබල වීමක් ඇතිවේ.ලගම හිතවතුන් අමනාප වන අතරම නව ශක්තිමත් මිතුර මිතුරියන් ඇතිවේ.දරුවන්ට අසුබ කාලයකි.ඉගෙනීම් සහ තරග විභාගයන්ගෙන් ලැබිය යුතු ප්‍රතිඵල නොලැබී යයි.සතුරන් නිසා පීඩාවට පත්වීමක් සිදුවේ.දරු ප්‍රසූතියට සූදානම් කන්‍යා ලග්න හිමි කාන්තාවන්ද ඉතා සැලකිලිමත්විය යුතු කාලයකි.

තුලා ලග්නයේ ඔබට 2015.02.13 දක්වා කාලය කිසිසේත්ම යහපත් නැත.නිතර නිතර ශාරීරික දුබලතා ඇතිවේ.වියදම් අධික වේ.නින්දා අපහාස ඇතිවේ.වචන භාවිතයේ පවතින දුබලතා හේතුවෙන්ද සතුරු කරදර හේතුවෙන්ද පීඩා කරදර ඇතිවනු ඇත.2015.01.06 න් පසුව තම වාසස්තානය , නිවසේ ජිවත්වන විට පවතින මානසික තත්වය ආදියටත් තම මවටත් අසුබ තත්වයන් ඇතිවනු ඇත.පැවති සමාජ තත්වයන්ද ගෞරවයද බිදවැටීමක් ඇතිවන අතර තම මිත්‍ර ඇසුර යහපත් වන කාලයක් නොවේ.ඉතා ප්‍රවේසමෙන් කටයුතු කලයුතු ලග්නයක් ලෙස තුලා ලග්නය හැදින්විය හැකිය.

වෘශ්චික ලග්න හිමියාටද කුජ සහ සෙනසුරු අතර සිදුවන මෙම පරිවර්තන යෝගය අයහපත් තත්වයන් ඇතිකරවයි.සහෝදර සහෝදරියන්ට අපල සහිත කාලයකි.ප්‍රේම සබදතා සදහා බාදා ඇතිවේ.වියදම් ඉහලයයි.අයහපත් සමාජ ඇසුර ඇතිවේ.නිතර කලබලයෙන් කටයුතු කරන කෝපයෙන් කටයුතු කරන තත්වයක් ඇතිවේ.විවාහ ජීවිතය සම්බන්දවද ඇතිවන්නේ එතරම් යහපත් තත්වයක් නොවේ.හදිසි අනතුරු , ලේ ගලන දරුණු තුවාට ආදිය ඇතිවේ.කලකෝලාහල වලට සම්බන්ද වීමට සිදුවිය හැකිය.ලග්න ඒරාශ්ටක අපලයද පවතින අවස්තාවක් හෙයින් ප්‍රවේසමෙන් කටයුතු කිරීම වැදගත්වේ.

ධනු ලග්න හිමියාට 2015.02.13 දක්වා නොව සිංහල අලුත් අවුරුද්ද දක්වාම එතරම් යහපත් තත්වයක් ඇතිවීමට තිබෙන අවස්තාව අඩුය.රැකියාව , රැකියාවේ තත්වයන් , වියදම්වීම් , යහලු මිතුරු සබදතා , ප්‍රේම සබදතා අදී බොහෝ දේ සදහා අයහපත් තත්වයක් යෙදී ඇත.විවාහය සම්බන්දව ගැටලු ඇතිවේ.ස්වාමියාට හෝ බිරිදට රෝගී තත්වයන් ශාරීරික දුබලතා ඇතිකරවයි.පවුලේ ආර්තික තත්වයටත් දරුවන්ටත් යහපත් බවක් ඇතිවන්නේ ඉතා අඩුවෙනි.බලාපොරොත්තු කඩවීමක් සිදුවිය හැකිය.මුත්‍ර රෝග ඇතිවිය හැකියි.ගර්භණීය මව්වරුන් ප්‍රවේසම් විය යුතුය.

මකර ලග්න හිමියාට 2015.02.13 වනදා දක්වා තම රැකියාව සම්බන්දව ගැටලුකාරී තත්වයක් ඇතිවිය හැකිය.වියදම් ප්‍රමාණයන් ඉහල ගියද ලැබීම් අඩු කාලයකි.මේ දක්වා කාලය තුල නව විවාහ බලාපොරොත්තු ඉටුවීමට තිබෙන අවස්තාවන් ඉතා අඩුවේ.ප්‍රේම සබදතා මෙන්ම සුලු හිතවත්කමක් උවත් බිදීයා හැකි කාලයකි.පවුලේ වැඩිහිටියන්ටත් වැඩිමහල් සහොදර සහෝදරියන්ටත් අසුබදායකවේ.දේපල සම්බන්ද ගැටලුවක් හෝ තම වටිනා දෙයක් අස්තානගත වීමක් සිදුවිය හැකිය.තම පිය පාර්ශවය සමග පැවති හිතවත්කම් පලුදුවේ.

කුම්භ ලග්න හිමියාට තම රැකියාව සමබන්දව ගැටලු ඇතිවේ.ස්තානමාරු යෙදිය හැකිය.මානසික පීඩාකාරී බවක් ඇතිවේ.බිරිද හෝ ස්වාමියා හේතුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුවනු ඇත.ලැබීමේ වාසනාව දුර්වලවේ.මිතුරා සතුරු විය හැකිය.පියා සම්බන්දවද අයහපත් තත්වයන් ඇතිවේ.පපුව සම්බන්ද දුර්වලතා සහ උශ්ණ රෝග හිසරදය වැනි තත්වයන් ඇතිවන කාලයකි.ගමන් බිමන් වලදී ප්‍රවේසම් විය යුතුය.

මීන ලග්න හිමියාට විවාහය සම්බන්දවත් ප්‍රේම සබදතා සම්බන්දවත් සමාජ සම්බන්දතා සහ තම තත්වය ගෞරවය පිලිබ්දවත් ගැටලු ඇතිවිය හැකිය.ඉගෙනීම් කටයුතු වලට බාදා ඇතිවේ.දරුවන් සම්බන්දව අයහපත් තත්වයක් ඇතිකරවයි.අනුන්ගේ ප්‍රශ්ණ තමන්ගේ ප්‍රශ්ණ බවට පත්වේ.වියදම් වැඩිවේ.හිසරදය , උණ රෝගය සහ කැපීල් සීරීම් ඇතිවිය හැකිය.ආහාර විසවීමක් හෝ බඩේ දුර්වලතාවයක් ඇතිවිය හැකි කාලයකි.කාන්තාවන්ට විශේෂයි.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments