සදු සිටි ස්තානයට රවි බුධ සහ කුජගේ පැමිණීම

සදු ග්‍රහයා සිටි ස්තානයට රවිගේ පැමිණීම.

සදු සිටි ස්තානයට රවි ග්‍රහයා පැමිණෙන විට එම ස්තානය රවි ග්‍රහයාට සුබ බලවත් ස්තානයක් නම් යහපත් ප්‍රතිඵ්ල ඇතිකරවයි.වාසනාවන්ත කාලයකි.කාලයක් පවත්නා වැඩ කටයුතු වලට අතගැසීමට යහපත්වේ.එම කටයුතු පහසුවෙන් දියුණුව කරා මෙහෙයවිය හැකිය.උසස් අයගේ උදව් උපකාර ලැබේ.ධන ලාබ ප්‍රයෝජන ලැබෙනා කාලයකි.වැඩිහිටියන් සමග යහපත් සබදතා ඇතිවේ.එම සබදතා මගින් අනාගත දියුණුව සදහා කටයුතු සැලසේ.සිතට සැනසීමත් ශරීරය නිරෝගී වීමත් ඇතිවේ.නව උසස් මිතුර මිතුරියන්ගේ යහපත් ඇසුර ඇතිවන කාලයක්වේ.

සදු සිටින ස්තානයට රවි ග්‍රහයා පැමිණෙන විට රවි ග්‍රහයාට එම ස්තානය දුර්වල ස්තානයක් නම් උසස් අය තමා කෙරෙහි පවත්වාගෙන ආ යහපත් ආකල්ප බිදවැටීමක් සිදුවිය හැකිය.ආරවුල් ඇතිවේ.ශරීර සෞඛ්‍යට බාධා මතුවේ.උණ සෙම්ප්‍රතිෂ්‍යාව වැනි රෝග තත්වයන් ඇතිවේ.සිතෙහි කලකිරීමක් ඇතිවේ.ආර්තික දුෂ්කරතාවයන් ඇතිවන කාලයකි.කාන්තාවන්ට විශේෂයෙන් අසුබ කාලයකි.පවුලේ සමගියට බාදා කරදර ඇතිවනවා ඇත.

සදු ග්‍රහයා සිටින ස්තානයට බුධගේ පැමිණීම.

මෙම කාලයේදී බුධ ග්‍රහයා බලවත් නම් : සුබඵල ලැබෙනා කාලයකි.සිතට සතුට සහනය ඇතිවේ.තම කටයුතු උනන්දුවෙන් යුතුව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.ලේඛන කලාවට යහපත් කාලයකි.පොත් පුවත්පත් ආදී කටයුතු වල රැකීයාවල නියුතු අයට විශේෂ යහපත් කාලයකි.නව ඉගනීම් කටයුතු සදහා යහපත් කාලයක්වේ.ඉගනීම් කටයුතු සදහා උනන්දුව ඇතිවේ.තරග විභාගයන්ගෙන් ජය ලැබේ.කාර්‍යබහුල කාලයකි.තරුණ තරුණියන් සහ තමාට වඩා අඩු වයසේ අය සමග යහපත් සබදතා ඇතිවේ.නෑයන්ගෙන් අසල් වැසියන්ගෙන් උදව් උපකාර ලැබෙනා කාලයකි.විනොද ගමන් වන්දනා ගමන් යෙදේ.

සදු සිටින ස්තානයට බුධ ග්‍රහයා පැමිණෙන අවස්තාව බුධ ග්‍රහයා දුබල වීමක් සිදුවන්නේ නම් : සොර සතුරු කරදර ඇතිවේ.වංචාවන්ට හසුවිය හැකි කාලයකි.ආර්ථික දුර්වලතා ඇතිවේ.වා පිත් සෙම් තුන් දෝෂයන්ගෙන් ශරීර දුබලතා ඇතිවේ.අලස ගති ඇතිවේ.උනන්දුව අඩුවේ.තමාට වඩා අඩු වයසේ අයගෙන් පීඩා කරදර ඇතිකරවයි.නිශ්ඵල වියදම් යෙදේ.තම වචන භාවිතයේ දුබලතා හේතුවෙන් බොහෝ පාඩු සිදුවිය හැකිය.

සදු සිටින ස්තානයට කුජ ග්‍රහයාගේ පැමිණීම.

මෙම කාලය යහපත් නැත.සිතට කරදර ඇතිවේ.මවට අසුබ තත්වයන් ඇතිකරවයි.හදිසි අනතුරු රන්ඩු සරුවල් ඇතිවන කාලයයි.තම කටයුතු අපරික්ෂාකාරීව සිදුකිරීමට යාම නිස බොහොමයක් ගැටලු ඇතිවේ.තම තත්වයට ගෞරවයට කැලැල් ඇතිවේ.අනුන්ගේ රැවටිලි වංචාවන්ට හසුවිය හැකි කාලයකි.අවකල් ක්‍රියාවන්ට සිත යොමුවේ.රාගාධික වේ.කේලම් ඕපාදුප ඇසීමටත් කීමටත් සිදුවන කාලයකි.උශ්ණ රෝග තත්වයන් මතුවිය හැකිය.සර්ප දෂ්ටයන් ඇතිවේ.

සදු සිටින ස්තානය හරහා කුජ ගමන් කිරීමේදි කුජ ග්‍රහයා බලවත් වන්නේ නම් ඉහත සදහන් කල බලවත්ම අසුබ තත්වයන් ඇති නොකලත් සමස්තයක් ලෙස තමාට මෙම කාලයේදී බලවත්ම යහපතක් ඇතිනොකරයි.

ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments