ප්‍රේමනීය සිතුවිලි සමග නිතැතින්ම රාගය උපදී.නමුත් රාගික සිතුවිලි තුලින් ප්‍රේමයක් බොහෝවිට බලාපොරොත්තු විය නොහැක.රාගය හෝ ලිංගිකත්වය යනු අයහපත් සිතුවිල්ලක් ලෙස හැදින්විය නොහැක.විවාහ දිවියේ යහපත් රදාපැවත්මක් සදහා ලිංගිකත්වයද ප්‍රධාන සාධකයක්වේ.නමුත් රාගය අයුතු ලෙස භාවිතා කිරීම විවාහ දිවියේ මෙන්ම සමස්ත ජීවිත කතාවේම කැළැල් ඇති කිරීමට සමත් සාධකයකි.ජම්ම කේන්ද්‍රයක් පරීක්ෂාකිරීමේදී මෙම කරුණු කාරනා දැන උගත් ජ්‍යෙතිෂ වේදියෙකුට හදුනාගත හැකිය.මෙම ලිපිය මගින් රාගයට ලිංගිකත්වයට පුද්ගල සිතුවිලි මෙහෙයවන ග්‍රහ පිහිටීම් කිහිපයක් හදුන්වා දීමටත් එම සිතුවිලි පාලනය කරවන ග්‍රහ පිහිටීම් පිලිබදව පැහැදිලි කිරීමක් සිදුකිරීමටත් බලාපොරොත්තු වෙමි.
රවි ග්‍රහයා සමග සිකුරු ග්‍රහයා යෝගව සිටීම කාම යෝගයක් ලෙසින් හැදින්වේ.එමෙන්ම කුජ සිකුරු යෝගයත් කාම යෝගයක් ලෙස හදුන්වයි.රාහු සහ සිකුරු යන ග්‍රහයන් යෝගව සිටීමත් කාම යෝගයක් ලෙසින් හදුන්වනු ලබයි.මෙම යෝගයන් ත්‍රිත්වයට අමතරව රාගයට සිත ගෙනයන තවත් ග්‍රහ පිහිටීම් කිහිපයක් හදුන්වා දිය හැකිය.
ලග්න භාවයෙන් පස්වැන්නේ හෝ සදු තැම්පත්ව සිටින ස්තානයෙන් පස්වැන්නේ සදු රාහු හෝ සිකුරු යන ග්‍රහයන් තැම්පත්ව සිටීනම් , සිතෙහි රාගික සිතුවිලි වර්ධනය කරයි.එම රාහු සදු සහ සිකුරු ග්‍රහයන් ලග්නයෙන් හත්වැන්නේ හෝ සදු ග්‍රහයාගෙන් හත්වැන්නේ පිහිටීමත් රාගික සිතුවිලි වර්ධනය කිරීමට හේතුවක් වේ.
මේෂ රාශිය වී එහි සිකුරු ග්‍රහයා තැම්පත්ව සිටීමත් වෘශ්චික රාශිය වී සිකුරු ග්‍රහයා තැම්පත්ව සිටීමත් රාගික සිතුවිලි වර්ධනය කරවීමට හේතුවක් වනු ඇත.එමෙන්ම සිකුරු ග්‍රහයා හිමිකාරිත්වය දරන වෘෂභ රාශියේ හෝ තුළා රාශියේ මංගල හෙවත් කුජ ග්‍රහයා තැම්පත්ව සිටින්නේ නම් එම ග්‍රහ තත්වයද පුද්ගල මනසතුල රාගික සිතුවිලි වර්ධනය කිරීමට සාදක සපයනු ඇත.
රාහු ග්‍රහයා ලග්නයෙන් හත්වැන්නේ හෝ අටවැන්නේ පිහිටා ඇතිනම් රාගය පිලිබදව වැඩි ආශාවන් සිතුවිලි තුල ඇතිකරනු ඇත.එමෙන්ම සදුගෙන් හත්වැන්නේ හෝ අටවැන්නෙ එම රාහු ග්‍රහයා තැම්පත්ව සිටින්නේ නම් ඉහත ප්‍රතිපලයම ඇතිකරනු ඇත.කුජ ග්‍රහයා ද ලග්නයෙන් හෝ සදුගෙන් හත්වැන්නේ හෝ අටවැන්නේ පිහිටයි නම් රාගික බව වර්ධනය කරනවා ඇත.
ජම්ම ලග්නය මේෂ ලග්නය වී හත්වැන්නේ රාහු කුජ තැම්පත්ව සිටීමත්,ලග්නය වෘශ්චික වී හත්වැන්නේ රාහු හෝ කුජ තැම්පත්වීමත්,ලග්න රාශිය මීනය වී අටවැන්නේ රාහු හෝ කුජ ග්‍රහයන් තැම්පත්ව සිටීමත් ලග්න රාශිය තුලාව වී අටවැන්නේ රාහු හෝ කුජ යන ග්‍රහයන් තැම්පත්ව සිටීමත් රාගික සිතුවිලි වර්ධනය කිරීමට හේතු වනවා ඇත.ලග්නය මිතුනය වී ලග්නයෙන් හතරවැන්නේ සිකුරු බුධ සහ කුජ ග්‍රහයන් තිදෙනා තැම්පත්ව සිටීනම් රාගික සිතුවිලි වර්ධනය කරනවා ඇත.
ඕනෑම ලග්නයකින් උපත ලබා සිකුරු ග්‍රහයා මීන රාශියේ තැම්පත්ව උච්ච බලය ලබමින් සිටින්නේ නම් රාගයට ප්‍රේමයට සිත පහසුවෙන් යොමුවීමට ඉඩ ඇත.ඕනෑම ලග්නයකින් උපතලබා කුජ ග්‍රහයා තැම්පත්ව සිටින ස්තානයෙන් හතරවැන්නේ හෝ අටවැන්නේ සිකුරු තැම්පත්ව ඇතිනම් රාගික සිතුවිලි වර්ධනය වනවා ඇත.
මීට අමතරව උපතේදී සිකුරු ග්‍රහයා රවිට කුජට හෝ රාහු ග්‍රහයාට අයත් නැකතක ගමන් කරමින් සිටියේ නම් බලවත්ව නැතත් යම් ප්‍රමාණයකට ලිංගිකත්වය පිලිබදව සිත යොමුවීමට අවස්තා පවතී.එමෙන්ම සිකුරු ග්‍රහයා විසිදෙවන දෙර්කාණය අධිපතියා වී කුජගේ රාහුගේ හෝ රවිගේ නැකතක උපතේදී පිහිටා සිටියේ නම් ලිංගික ආශාවන් වර්ධනය වනවා පමණක් නොව එම කටයුතු වලදී රැවටීම් වලට මෙන්ම බලාපොරොත්තු නොවූ ප්‍රතිපලයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.
ඉහත සදහන් කරනු ලැබූවේ රාගික සිතුවිලි සම්මතයෙන් එපිටට ගමන් කරවීමට පුද්ගල කය මනස මෙහෙයවන්නට උපකාරවන ග්‍රහ පිහිටීම් කිහිපයක් පමණි.ජම්ම කේන්ද්‍රයක් නිවැරදිව පරීක්ෂාකිරීම මගින් තවත් කොතෙකුත් ග්‍රහ සාධකයන් හදුනාගත හැකිය.
එමෙන්ම මෙම ග්‍රහ සාධකයන් ජම්ම කේන්ද්‍රයක පිහිටා තිබූ පමණින්ම එම කේන්ද්‍රය හිමි කාන්තාව හෝ පුරුෂයා අසම්මතයේ හැසිරෙන හෝ අසම්මත සම්බන්දතාවයන්ට යොමුවූ අයෙකු ලෙස හැදින්විය නොහැක.රාගික යෝගයන් පාලනය කරන අනෙකුත් ග්‍රහ පිහිටීම්ද එම කේන්ද්‍රයේම පිහිටා තිබිය හැකිය.සමස්තයක් ලෙස ගත්විට ඉහත සදහන් කල සරාගී යෝගයන් පිහිටා ඇති ජම්මපත්‍ර වැඩි ප්‍රමාණයක එම යෝගයන් පාලනය කරනු ලබන ග්‍රහ පිහිටීම්ද පිහිටා ඇති බව හදුනාගත හැකිවනු ඇත.එවැනි ග්‍රහ පිහිටීම් කිහිපයක් පහත දැක්වේ.
සිකුරු ග්‍රහයා ගුරු ග්‍රහයාගේ නැකතක උපතේදී ගමන් කරමින් සිටියේ නම් රාගික සිතුවිලි යටපත් කරමින් තම ආත්ම ගෞරවය පිලිබද සිතා කටයුතු කිරීමට එම කේන්ද්‍ර හිමියා යොමුකරනු ලබයි.එමෙන්ම උප්පත්ති කේන්ද්‍රයේ ලග්න නැකත හෝ ජම්ම නැකත ගුරු ග්‍රහයාට අයත් නම් අයහපත් රාගික සිතුවිලි යටපත් කරමින් තම ගෞරවය පිලිබදව සිතුවිලි ඉදිරියට පැමිණෙනු ඇත.
කිසියම් කේන්ද්‍රයක සරාගී යෝගයක් පිහිටා තිබියදී බලවත්වූ ගුරු ග්‍රහයාගේ සුභ දෘෂ්ටියක් එම යෝගයට කාරක වන ග්‍රහයන් වෙත හෝ ලග්න භාවයට යෙදෙන්නේ නම් එම සරාගික යෝගයේ අයහපත් බලපෑම දුර්වලවී යනු ඇත.
සෙනසුරු ග්‍රහයා උච්ච බලය ලබමින් කේන්ද්‍රයේ පිහිටීමත්,එම සෙනසුරුගේ සුභ බලපෑමක් සරාගී යෝගය වෙත එල්ල වන්නේ නම් එම යෝගයන්ගේ අසුභ බලය දුර්වල වනු ඇත.