විශ්ව ශක්‌තිය කැන්දන වාස්‌තු රහස්‌

මිනිසුන් සතු හැකියාවන් ඉතා පුදුම සහගත අයුරින් වරින් වර ලෝකයා හමුවේ ප්‍රදර්ශනය වන අවස්‌ථා බොහෝමයක්‌ අප දැක තිබෙනවා. කායික ශක්‌තිය හා මානසික ශක්‌තිය තුලින් මෙම හැකියාවන් ඉදිරිපත් වීම දක්‌නට පුළුවන්. නමුත් කායික ශක්‌තිය අභිබවා මානසික ශක්‌තිය ඉදිරියෙන් ගමන් ගන්නා අවස්‌ථා අප විසින් දැක තිබෙනවා. එසේම කායික ශක්‌තිය සීමාවන් සහිත වූවාට මානසික ශක්‌තියේ සීමාවන් අපට වටහා ගැනීමට පවා දුෂ්කර වනු ඇත. සමහර මිනිසුන් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් දුටු විට ඒවා අප මවිත කරන අතර සිතා ගැනීමට පවා අපහසු වෙනවා. ක්‍ෂණිකව යකඩ සිදුරු කරනු ලබන විදුම් කටුවකට මිනිස්‌ සිරුර පාසාරු කිරීමට නොහැකි ලෙස මානසික ශක්‌තිය හා කායික ශක්‌තිය දියුණු කළ චීන භික්‍ෂූන්ගේ හැකියාව අප දැක තිබෙනවා. එසේම සාමාන්‍ය මිනිසුන්ට සිදු කළ නොහැකි දේවල් සමහර මිනිසුන් ඉතා සරලව සිදුකිරීම පුදුම සහගත බව පෙනීයනවා. 

මැතකදී එක්‌ රූපවාහිනීS නාලිකාවක්‌ තුලින් එවැනි ක්‍රියාවන් සිදුකළ ටැලන්ට්‌ ශ්‍රී ලංකා වැනි වැඩසටහන් ඔබ විසින් දැක තිබෙන්නට පුළුවන්. මේ සෑම සිදුවීමක්‌ම අපට කියා පාන්නේ මිනිසුන්ගේ සමහර හැකියාවන් පුදුම සහගත බවයි. ඇත්තටම මෙම හැකියාවන් ඔවුන්ට ලැබෙන්නේ කොහොමද? කායික ශක්‌තිය කොතෙක්‌ තිබුණත් ඒවා සීමා සහිත බව කිය යුතුයි. කායික ශක්‌තිය අභිබවා මානසික ශක්‌තිය ඉදිරියට ඒම තුළ මිනිසුන්ට විවිධ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ දුර්ලභ අවස්‌ථාවන් ලැබී තිබෙනවා. කායික හා මානසික ශක්‌ති එක්‌තැන් කළ හැකි ප්‍රබල ඵල බීජයක්‌ පවතින බව මීට වර්ෂ දෙදහසකට වඩා පෙර විසූ සෘෂිවරු පෙන්වා දී තිබෙනවා. එම ශක්‌තිය විශ්ව ශක්‌තිය ලෙස හඳුන්වා දුන්නා. මෙම විශ්ව ශක්‌තිය මිනිසාගේ සෑම ක්‍රියාවකටම බලපානු ලබන ආධ්‍යාත්මික ශක්‌තියක්‌ ලෙස හඳුන්වා දිය හැකියි. එම ආධ්‍යාත්මික ශක්‌තිය මිනිසා වෙත සමීප කිරීම සඳහා අවශ්‍ය ඡාමිතික හැඩතල සකස්‌කර ගැනීමේ කලාව වාස්‌තු විද්‍යාව ලෙස ලොවට කියා දුන්නේ භාරත දේශයේ පහළ වූ විශ්ම කර්මය, විශ්වජිත්, අභිජිත්, නභීජිත් වැනි මහා සෘෂි උතුමන් විසිනි. මෙම ලිපියෙන් උත්සහ ගන්නේ විශ්ව ශක්‌තිය ඔබගේ නිවසට කැන්දා ගැනීමට ඔබගේ නිවස සකස්‌කර ගත යුතු පිළිවෙළ කුමක්‌ද යන්න පිළිබඳව පහදා දීමටයි. 

වාස්‌තු ශිල්පය තුළ වාස්‌තු පූරුෂ සංකල්පය තුළින් පෙන්වා දුන්නේ විශ්ව ශක්‌තිය ගමන් කරන මාර්ගය සහ එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මිනිසුන්ට පැහැදිලි කර දීමටයි. වාස්‌තු පුරුෂ හිස ඊශාන දිශාවටත් කකුල නිරිත දිශාවටත් වන සේ වාස්‌තු පුරුෂෝත්තමයා භූමිය මත වැතිර සිටින බව වාස්‌තු ශිල්පයේ සඳහන් වෙනවා. මෙහිදී ඊශාන දිශාව පිළිබඳව අප විසින් වැඩි අවධානයක්‌ යොමු කළ යුතු වෙනවා. 

ඊශාන දිශාව

විශ්ව ශක්‌තිය ලෝකයට ප්‍රවේශ වන දිශාව වන්නේ ඊශාන දිශාවයි. සතියේ දින හතේම මරු නැති දිශාව වන්නේ එබැවිනි. මරුට එම දිශාවේ සිටීමට නොහැකි වන්නේ විශ්ව ශක්‌තිය එම දිශාවෙන් නිවසට එන බැවිනි. බෞද්ධ දර්ශනය තුළද විශ්ව ශක්‌තිය එන ඊශාන දිශාව පිළිබඳව පෙන්වා දී තිබෙනවා. ධඡග්ග සූත්‍රයේ සඳහන් පරිදි ඊශාන දෙවියන් ලෙස හඳුන්වා දී ඇත්තේ විශ්ව ශක්‌තියයි. එසේම දිව්‍ය ලෝක සහ බ්‍රහ්ම ලෝක අතර පෘථිවිය හා සම්බන්ධ වන මාර්ගය වැටී ඇත්තේ මෙම ඊශාන දිශාවෙනි. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයාට දහම් දෙසා නැවත මනුෂයH ලෝකයට වැඩියේ ඊශාන දිශාවෙන් වීම හා ඒ අවස්‌ථාවේදී මිනිසුන් දෙවිවරු දැකීමත් දෙවිවරු මිනිසුන් දැකීමත් ලෝක ඉතිහාසයේ අසිරිමත් සිදුවීමක්‌ ලෙස බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. 

ඊශාන දිශාවෙන් එන විශ්ව ශක්‌තිය තමන්ගේ නිවසට ඇද ගැනීමට හැකිවන ලෙස තමන්ගේ ගෘහය සකස්‌ කර ගත යුතු වෙනවා. මේ සඳහා ඔබගේ ගෘහය සකස්‌ කර ගත යුතු පිළිවෙළ පහත පරිදි සඳහන් කළ හැකි. 

1. ඊශාන දිශාව ඉතාමත් පිරිසිදුව හා බාධා රහිතව පවත්වා ගන්න.

2. නිවසේ ඊශාන දිශාව වඩාත් උස්‌ නොවිය යුතුයි. 

3. වැසිකිළි, මුළුතැන්ගෙවල් ප්‍රධාන නිදන කාමරය, ගරාජ වැනි දෑ ඊශාන දිශාවේ නොවිය යුතුයි.

4. නිවසේ වහලය සකස්‌ කිරීමේදී ඊශාන සංකීර්ණ හැඩතල සහිත වහල යොදා නොගත යුතුයි. පල 2, 4, 5, 7 යන වහල ඉතා සාර්ථකයි.

5. ඊශාන දිශාවේ උස්‌ව වැඩුණු වෘක්‍ෂයන් නොවිය යුතු අතර කොහොඹ ශාකය ඊශාන දිශාවට ඉතාමත් යහපත් වේ.

6. කටු සහිත ශාක සහ රතු පැහැති මල් පිපෙන ශාක, මැරුණු ගස්‌, බෙන සහිත ගස්‌ සහ වැල් එතුනු ගස්‌ ඊශාන දිශාවේ ඉතාමත් අයහපත් වේ. 

7. ඔබගේ නිවසට කොටස්‌ එකතු කිරීමේදී ඊශාන දිශාවට කොටස්‌ එකතු නොකිරීමට වගබලා ගත යුතුයි.

8.එසේම ඔබගේ නිවාස සැලැස්‌ම සකස්‌ කිරීමේදී ඊශාන දිශාවට කොටස්‌ පන්නා සකස්‌ නොකළ යුතුයි.

9. ප්‍රවේශ මාර්ග හා ගේට්‌ටු ඊශාන දිශාවට නොයෙදීමට වග බලා ගන්න.

ඉහත ආකාරයට ඔබගේ නිවසේ ඊශාන දිශාව ආරක්‍ෂා කර ගැනීම තුළින් විශ්ව ශක්‌තිය නිවස තුළට කාන්දු කර ගැනීමේ හැකියාව ඉහළ යනු ඇත. 

බ්‍රහ්ම පාදය

ඊශාන දිශාවෙන් නිවස තුළට කාන්දු වන විශ්ව ශක්‌තිය නිවස තුළ සංකේන්ද්‍රනය වන ස්‌ථානය බ්‍රහ්ම පාදය නැතිනම් Ceබඑeර ඡදසබඑ ලෙස අප හඳුන්වනු ලැබේ. එම නිසා ඔබගේ නිවසේ බ්‍රහ්ම පාදය නිසි ලෙස සක්‍රීයව පවත්වා ගැනීම කළ යුතු වෙනවා. 

1.බ්‍රහ්ම පාදය නිදහස්‌ව හා පිරිසිදුව පවත්වා තබා ගන්න.

2.බිත්තියකට යට නොවිය යුතුයි.

3.ඒ මත වැසිකිළි, පඩිපෙල් වැනි දෑ නොවිය යුතුයි.

4.ඒ මත බර භාණ්‌ඩ නොවිය යුතුයි.

ඊශාන දිශාවෙන් නිවසට ඇතුළු වන විශ්ව ශක්‌තිය නිදහසේ බ්‍රහ්ම පාදයෙන් ගමන් කිරීමට හැකිවන ලෙස එම ස්‌ථානය නිදහස්‌ව හා පිරිසිදුව තබා ගැනීම කළ යුතු වෙනවා. එසේම බ්‍රහ්ම පාදය නිසි ලෙස හඳුනාගෙන වාස්‌තු උපාය මාර්ගයන් මගින් වඩාත් සක්‍රීය කිරීම වඩාත් වැදගත් වෙනවා. පොදුවේ ඔබගේ නිවසේ බ්‍රහ්ම පාදය සක්‍රීය කිරීම සඳහා කළ හැකි සුදුසු ම දෙය වන්නේ බ්‍රහ්ම පාදය මත කොහොඹ ලීයෙන් සාදන ලද කනප්පුවක්‌ තබා ඒ මත පූජනීය පාත්‍රය වඩා හිඳුවීමයි. 

නිරිත දිශාව

ඔබගේ නිවසේ ඊශාන දිශාව ලෙසම බලවත්ව ආරක්‍ෂා කළ යුතු දිශාවක්‌ ලෙස නිරිත දිශාව හැඳින්විය හැකියි. ඊශාන දිශාවෙන් ඇතුළු වන විශ්ව ශක්‌තිය බ්‍රහ්ම පාදය මත කේන්ද්‍රගතවී නිවසින් පිටව යන්නේ නිරිත දිශාවෙනි. මේ නිසා මෙම දිශාව ගෘහ හිමියාගේ දිශාව ලෙස හඳුන්වා දී තිබෙනවා. ඔබගේ නිවසේ නිරිත දිශාව සෑම විටම මනුෂ්‍ය වාසයෙන් යුක්‌තවීම වැදගත් වාස්‌තු සිද්ධාන්තයකි. කිසිම විටක නිරිත දිශාව හිස්‌ව තැබීම නොකළ යුතු දෙයකි. ප්‍රධාන නිදන කාමරය සඳහා ඉතාමත් සුදුසු වන්නේ නිරිත දිශාව වන අතර මුළුතැන්ගෙය සඳහා ඉතාමත් අයහපත් දිශාව වන්නේ නිරිත දිශාවයි. නිරිත දිශාවේ මුළුතැන්ගෙවල් යොදන නිවාස ඉතාමත් අසාර්ථක බව මා විසින් සිදුකළ නිවාස පරීක්‍ෂාවේදී විශේෂයෙන් තහවුරු වී ඇති වාස්‌තු සිද්ධාන්තයකි. එසේම නිරිත දිශාවේ නිරිත මධ්‍ය රේඛාවට හසුවන ලෙස මංගල ද්වාරය යෙදීම කිසිම විටක නොකළ යුතු බව පෙන්වා දෙමි. එසේම ඔබගේ නිවසේ නිරිත දිශාවේ වැසිකිළි වල යෙදීම නොකළ යුතු වේ.

නිරිත දිශාව නිසි ලෙස ආරක්‍ෂා කිරීම තුළින් විශ්ව ශක්‌තියේ සම්ප්‍රෙAෂණ ක්‍රියාවලියේ යහපත් ප්‍රතිඵල නිsවස තුළට වර්ධනය වේ. එසේම නිරිත දිශාව වඩාත් සක්‍රීය කිරීම සඳහා ශ්‍රියා ඵල බෙලි ශාකය නිරිත දිශාවේ සිටුවීම ඉතාමත් යහපත් වේ. 

ඔබගේ නිවසටත් විශ්ව ශක්‌තිය කැන්දා ගැනීම සඳහා අවශ්‍ය වාස්‌තු ශිල්පය තුළ පෙන්වා දී ඇති කරුණු අතරින් වඩාත් වැදගත් කොටස්‌ කිහිපයක්‌ සැකවින් පෙන්වා දීමටයි මා උත්සාහ කළේ. විශේෂයෙන් ඔබ මතක තබා ගත යුතු මූලිකම කාරණය වන්නේ නිවසේ ඊශාන දිශාව හා නිරිත දිශාව පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කොට ඔබගේ ගෘහ පරිශ්‍රය සකස්‌ කර ගැනීම සිදු කළ යුතු බවයි. 

ඔබගේ දැනට සාදා ඇති නිවසේ එම දිශා වඩාත් බලවත් කිරීම සඳහා වාස්‌තු පූජා ක්‍රම හා වාස්‌තු කෙම් ක්‍රම යොදා ගත හැකි අතර ඔබ දැනටමත් නිවසක සිහින දකින්නෙකු නම් ඔබගේ නිවස සකස්‌ කිරීමේදී මෙම දිශා දෙක පිළිබඳව අවධානය යොමු කොට විශ්ව ශක්‌තිය බලවත් වන ලෙස සැලැස්‌ම සකස්‌ කිරීමට ඔබට මූලික දැනුම ලබා දීම මෙම ලිපියේ මූලික අරමුණ වේ. ඔබගේ ගෘහය විශ්ව ශක්‌තිය සහිත සම්පත් නිවසක්‌ බවට පත්කර ගැනීමට කුසල් බලවත් වේවා යෑයි මෙත සිතින් ප්‍රාර්ථනා කරමි!

වාස්‌තුවිද්‍යා විශාරද ඩි.යු. සෙනරත්

Post a Comment

0 Comments