මේ මහා භද්‍ර කල්පය තුළ සතරවන අන්තඃකල්පයේදී අශ්වත්ථ බෝධි මූලයේදී පස්‌මරුන් පරදවා ලොවුතුරා බුදු බවට පැමිණ වදාලා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන්, අසු අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන්, කේතුමාලාවෙන්, ව්‍යාමප්‍රභාවෙන්, ෂට්‌වර්ණ රශ්මි මාලාවෙන්, බබලන්නා වූ, අටළොස් රියෙන් ශ්‍රී දේහය ඇත්තා වූ වන්දනියාතී. වන්දනීය වූ, පූජනීයාතී. පූජනීය වූ අප ගෞතම සර්වඥරාජයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත ඥන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ ගෞතම සර්වඥයන් වහන්සේ ගුණානුභාවයෙන් ඒ නව ලෝකෝත්තර ධර්මානුqභාවයෙන් අෂ්ටාර්ය පුග්ගල මහා සංඝ රත්නයේ ආනුභාවයෙන් මා විසින් බුද්ධ පූජා බෝධි පූජා පැවැත්වීමේ කුශලානුභාවයෙන් හා ඒ පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේවානුභාවයෙන්....
මා හට රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නව ග්‍රහයන් නීච වීමෙන්, අස්‌ත වීමෙන්, වක්‍ර වීමෙන්, අනුවක්‍ර වීමෙන්, දුෂ්ටස්‌ථානයට පැමිණීමෙන් සිදු වූ හා සිදු වන මාරක, බාධක, රෝග කාරක, තත්වනාශක, ධන නාශක, අපකීර්තිදායක අපලයක් ඇත්තේ නම් ඒ අපල සියල්ල හිරු උදාවන කල්හි අඳුරු දුරු වන්නාක් මෙන් වහා දූරීභූත වේවා....
එසේම මගේ ශරීරයෙහි වා, පිත්, සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සප්ත ධාතූන් අඩු වැඩි වීමෙන් හෝ සෘතු විපර්යාශයකින් හෝ වස විසකින් හෝ අපථ්‍යාහාරයකින් හෝ අවලාද, ඇස්‌වහ, කටවහ, හෝවහ, හදි හූනියම් දොaෂයකින් හෝ යක්‍ෂ ප්‍රේතාදී භූත දොaෂයකින් හෝ හට ගත්තා වූ යම්කිසි රෝගයක් ඇත්තේ නම් ඒ සියළු රෝගයෝද මගේ ශරීරයෙන් වහා දුරු වෙත්වා. මට වහා සුවය ලැබේවා....
එසේම ඒ අනන්ත බුදුගුණ මහිමයෙන් මගේ ආයු වර්ධනය වේවා. ශත වර්ෂාධික කාලයක් මම ජීවත් වේවා. ධන වර්ධනය, බල වර්ධනය, සුඛ වර්ධනය, වේවා. මගේ සියලු යහපත් අදහස් මුදුන් පත් වේවා....."
උදේ සවස, මල් පහන් සුවඳ දුම් ගිලන්පස පුදා තෙරුවන් නැමද,
දෙවියන්ට පිං අනුමෝදන් කරවා, මේ බුදුගුණ ශාන්තිය නිතර කියවීමෙන් මහත්පල ලැබේ. අපල දුරු වේ. සැනසීම ඇති වේ.
ජ්‍යෙතිර්වේදී වසන්ත කුරුප්පු
0 Comments