සිරිපා ලකුණ රකින සුමන සමන් දෙවියෝ

සබරගමුවට අධිගෘහිත දෙවියන් හෙවත් සබරගමු දේවතාවා ලෙසත් සමනොළ ගිර හෙවත් ශ්‍රී පාදය නමැති පුණ්‍ය තීර්ථයෙහි ආරක්‍ෂකයා ලෙසත් ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ ගෞරවයටත් භක්‌තියටත් වන්දනාමානයටත් පාත්‍රව ඇති සුමන සමන් දිව්‍යරාජයා ලංකා රක්‍ෂක දේව මණ්‌ඩලයෙහිද ප්‍රධානත්වය දරන ශ්‍රී ලාංකික සම්භවයක්‌ ඇති දෙවි කෙනෙකි.සමන් බොක්‌සැල්, මහාසුමන, යක්‌ඛ සුමන යනාදී නම්වලින්ද සුමන සමන් දෙවියන් හැඳින්වෙන අතර සිය වාසභවනය වූ සමන්ත කූඨ පර්වතයට අධිගෘහිතව වැඩවාසය කරන බැවින්ද සෝවාන් ඵලයට පිවිස මතු බුදුවීමේ අදහසින් පෙරුම්දම් පුරන බෝධිසත්ව වරයකු බැවින්ද සුමන සමන් දෙවියන් සමන්ත භද්‍ර යන නාමයෙන්ද හැඳින්වේ.

එදා බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා මාර්ගඵල අවබෝධ කරගත් යක්‍ෂ ගෝත්‍රිකයන් අතර ඔවුන්ගේ ජන නායකයකුව සිටියේ යෑයි සැළකෙන සුමන සමන් දෙවිඳුන්ද සෝවාන් ඵලයට පත්ව චිත්ත ප්‍රීතියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේ පිදීමට යම් වස්‌තුවක්‌ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට අනුව බුදුන් වහන්සේ තම හිස පිරිමැද කේෂ ධාතු අත්ලක්‌ සමන් දෙවිඳු වෙත ප්‍රදානය කොට ඇති අතර මහත් හරසරින් ගෞරවාභිමානයෙන් රත්‍රන් කරඬුවකට කේශධාතු තැන්පත් කොට පුද පෙරහැරින් රැගෙන ගොස්‌ ලොව්තුරා අමා මෑණි බුදු පියාණන් වහන්සේ ජීවමානව සිටියදීම උන්වහන්සේගේ කේෂ ධාතු නිදන් කොට මියු ගුණ සෑය හෙවත් මහියංගණ චෛත්‍ය රාජයා ගොඩනගා වන්දනා මාන කිරීමට සැලැස්‌වීම සුමන සමන් දෙවිඳු අතින් අප සම්මා සම්බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්ම චිරස්‌තිය උදෙසා තබන ලද අත්තිවාරමෙහි මුල්ගල ලෙස ගෞරව පූර්වකව සිහිපත් කළ හැකි මංගල කාරණයකි.

බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩි දිනයෙහි උන්වහන්සේගෙන් දහම් අසා පැහැදුණු මණිඅක්‌ත නම් නා රජ විසින් යම් දිනෙක කැලණියට වඩින ලෙස කළ ආරාධනය පිළිගෙන උන්වහන්සේගේ තෙවත ලංකාගමනය වන කැලණි පුරවරයට වැඩම කළ අවස්‌ථාවේදී ඒ බව දැනගත් සුමන සමන් දිව්‍යරාජයා බුදුරදුන් වෙත ගොස්‌ උන්වහන්සේ බැහැදැක දහම් අසා පැහැදී තම රාජධානියා වන සමන්තකූඨ පර්වතය වෙත වැඩම කොට ඒ මත සිරිපා ලාංඡනය පිහිටුවන ලෙස කළ ඉල්ලීම මහා කරුණාවෙන් ඉවසා වදාළ ගෞතමයාණන් වහන්සේ සමන්තකූඨ පව්වට වැඩම කර එහි සිරිපා ලාංඡනය පිහිටුවූ බව ජනප්‍රවාදයේ දැක්‌වේ.

සමන් දෙවිඳු වෙනුවෙන් දොවොල ඉදිවීම හා සුමන සමන් දෙවිඳු ඇදහීමට මූලාශ්‍ර ලෙස දඹදෙණියේ රජ කළ දෙවන පැරකුම්බා රජුගේ අමාත්‍යවරයකු වූ ආර්ය කාමදේව නමැති බ්‍රාහ්මණයා භාරතයේ සිට පැමිණ සබරගමුවෙහි මැණික්‌ කර්මාන්තයේ යෙදී ඇතත් බලාපොරොත්තු වූ ආකාරයට එම කාර්යය සපල නොවූ තැනේදී කනස්‌සල්ලට පත් බ්‍රාහ්මණයා බාරයක්‌ වෙමින් තම බලාපොරොත්තුව ඉෂ්ඨ කර දුනහොත් දේව මන්දිරයක්‌ තනවා සමන් දෙවිඳුන් වෙනුවෙන් කැපකර පූජා කරන බවට පොරොන්දුවී ඇති අතර එකෙනෙහිම නොසිතූ ලෙස ඉතා වටිනා මැණික්‌ කැට මතුවන්නට පටන් ගෙන ඇත. ප්‍රීතියට පත් ආර්ය දේව කාමයෝ පැරකුම්බා රජු බැහැදැක මේ බව පවසා සමන් දෙවිඳු කෙරේ ගෞරව භක්‌තියෙන් සමන් දෙවොල ඉදිකර පූජාකර තිබේ.

එදා ආර්යදේව කාමයන්ගේ සිතැඟි ඉටුකරවා දුන්නාසේම ඇද සමන් දෙවිඳු වෙත ගොස්‌ බැතිමතුන් කියා සිටින්නා වූ කරදර ප්‍රශ්නවලට නිරතුරුවම සමන් දෙවිඳුන් ගේ පිහිට ආරක්‍ෂාව ලැබෙන අතර දුනු ඊතල ආදී කිසිදු ආයුධයක්‌ සිය හස්‌තයන්හි නොදරන සමන් දෙවියෝ සිය පිහිට පතා එන්නවුන්ට කරුණාව අනුකම්පාව පෙරදැරිව සෙත සලසන දෙවි කෙනෙක්‌ බැවින් සෑම අයෙකුටම දින පතා බුදුන් වැදීමෙන් අනතුරුව එතුමාණන්ට පිං අනුමෝදන් කර අදාළ ගාථා හා ස්‌තෝත්‍ර ගායනා කර පිහිට ඉල්ලා සිටිය හැක.



ශ්‍රීමත් ගෞතම ශාක්‍ය බුධ පුවරස්‍ය රාධයින්ව සදා

ලංකාදීප සමන්ත කූඨ පුවරේ පාදාහිධර පාලයි

තස්‌මිං නිත්‍යහි පාලෙනහිම රතං

පුණ්‍යර්ජනෙ තත්පරං

ශ්‍රීමත් සුමන සුරෙන්ද්‍ර දේව පුවරා කුපන්තු

මේ මංගලම්

සබරගමුවෙ දෙවොලේ වැඩ ඉන්ටයි

සමනොළ සිරිපා නිති රැක දෙන්ටයි

සුමන සමන් දෙවියෝ බුදු වන්ටයි

කරුණාවෙන් අප හැම රැක දෙන්ටයි



පිං දෙන ගාථා

සම්බුද්ධ පාද වරලකූජන සොභිතම්හි

වාරසා සමන්ත ගිරි බුද්ධනී දේව රාජා

පුCඳ්Cඳනුමෝදිය ඉධං සුමනාභිධානෝ

පාලේතු මං සතත සාත හිතා වහන්තෝ



සම්මා සම්බුදුගෙ - සිරිපා ලකුණ රකිමින්

සිටින දෙව් සමිඳුන් සිහිකරමි සෙත දෙනුව නිතියෙන්



ශ්‍රී සමන් දේව ශාන්තිය



ගන්ධ පුෂ්ප ඵුල්ලිතං විශාල ගාල මල්ලිකා

චම්පකා අශෝක නාග පූග වෘක්‍ෂ රCඳ්ජිතා

නීල පීත ශ්වේත වර්ණ පක්‍ෂි රාගි සංගතා

ශ්‍රී සමන්ත කූඨ වාස දේව දානතෙ සුඛං



ශීත ලාම්බු පූර්ණකං තඩාග නික්‌ධරං

වාත මේඝ ධරණිපාත රම්‍ය භූමි වාලුකා

ශ්‍රී සමන්ත කූඨ සෞම්‍ය නිත්‍ය වාස සම්භවං

ශ්‍රී සමන්ත දේව රාජ සෞඛ්‍ය දානතෙ සුඛං



ශ්‍රී සමන්ත භද්‍ර ලෝක නාථ පාද ලාංඥනං

සුපුතිෂ්ඨ නාරධීක පුණ්‍ය ශ්‍රද්ධ චින්තනං

ශ්‍රොත්‍ර පත්ති මාර්ග ප්‍රාප්ත බුද්ධ රාජ වන්දනං

ශාන්ති දාන කෘත්වතෙ සමන්ත දේව රාජනං



දක්‍ෂ පක්‍ෂ යක්‍ෂ රාක්‍ෂ දර්පනෂ්ඨ නිර්භයං

රාග ද්වේශ මෝහනාස නත්ථි සුමන දේවතා

තීක්‍ෂනාස්‍ය ප්‍රඥ සාගරෛයH වීර කායිකං

කාය මාන සCඳ්Cඳ රෝග පීඩ භෂ්මතා විරංඃ



බුද්ධ ධම්ම සංඝ රත්න පූජනාය කර්මතා

චිත්ත ප්‍රීති සාගරස්‍ය ප්‍රාප්ත සුමන දේවතා

ලංක දීප පූර්ව දේශ රක්‍ෂිතාය නිර්මලං

පාද පද්ම ශ්‍රී නමස්‌තු සුමන සමන් දේවතා



සුමන සමන් දේව කන්නලව්ව



ශ්‍රී සිද්ධ බල ඇති සමන්ත කූඨ පර්වතයේ වැඩවසන සුදු ඇත් වාහනයකින් ගමන් යන ශ්‍රී පාද පද්මයට අරක්‌ ගෙන එය ආරක්‍ෂා කරන මහාධීර වීර තේජාන්විත සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස,

අප තිලෝගුරු අමා මෑණි බුදු රජාණන් වහන්සේ මණිඅක්‌ත නාරජුගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වැඩි ගමනේදී ඔබ වහන්සේගේ ඉල්ලීම පිළිගෙන වසර පන්දහස්‌ පන්සියයක්‌ ශ්‍රී ලංකාද්වීපයේ සම්බුද්ධ ශාසනය බැබළෙන බැව් දිව නෙතින් දැක සමන්තකූඨ පර්වත මස්‌තකට වැඩම කොට තමන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාලෙන් බුද්ධ ශාසනයට ඔබ වහන්සේගෙන් සිදු වූයේ ඉමහත් සේවයකි.

එවක්‌ පටන් ඔබ වහන්සේ ශ්‍රී පාදස්‌ථානය භාරව සිංහල දේශයත් බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කරනවා සත්‍යයයි. දොහොත් ඒ සත්‍යානුභාව බලයෙන් මුදුන්දී ඉල්ලා සිටින මෙම කන්නලව්ව ඔබ වහන්සේගේ දිවකනින් අසා දිව නෙතින් බලා අප වෙත බලපාන්නා වූ අණ විණ දෝෂාන්ධකාර යක්‍ෂ, භූත ප්‍රේත පිසාචාදීන්ගේ ඇල්ම, බැල්ම, විද්වංශනය කොට දී වාත පිත්ත සෙලෙස්‌මාදියෙන් වන දොaෂාන්ධකාර ග්‍රහ දෝෂ හිරු දුටු පිනි මෙන් දූරී භූත කරවා ඔබ වහන්සේගේ පිහිටපතා වැඳවැටී අයදින්නා වූ අපගේ ඉල්ලීම් ඒ ආකාරයෙන් ඉෂ්ඨ සිද්ධ කර දෙන සේක්‌වා.



ශ්‍රී සමන් දේව ස්‌ත්‍රොaත්‍රය

ශ්‍රී මුනින්ද්‍ර පාද පද්ම සංරක්‍ෂණ නිත්‍යං

ශ්‍රී සමන්ත කූඨ වාස ශුභ වර්ණ දේහං

ශ්‍රී ලංකා රක්‌ඛ දේව ශාසනෝපකාරං

ශ්‍රී සමන්ත දේවරාජ අසන ප්‍රවිශ්ඨං



ශුභ්‍ර වර්ණාහි දේවේන

දිව්‍යාභරණ භූෂිතම්

කCඳ්ජර වාහනං වෛව

සුමන දේවෝ නමෝ වරං



ශ්‍රී ලංකාම්භර පාතු භානු සදෘෂඃ

තේජං ප්‍රතාපාන් විතං

නා නා වෛරී ඝනාන්ධකාර ප්‍රචනඃ

ආදිත්‍ය බිම්බො පමඃ



සර්ව ස්‌තෝත්‍ර ගුණකරඃ සුරවරඃ

ශුභ්‍රාංගජො වාහනඃ

ශ්‍රීමත් සුමන සුරේන්ද්‍ර දේව රජ පුවරඃ

කුර්වන්තුතෙ මංගලම්

දේශමාන්‍ය දේශබන්දු රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments