අසුර යුද්ධය නිමකරන්නට පහළවූ කතරගම දෙවියෝ

කතරගම දෙවියන් තරම් අප රටේ බැතිමතුන්ගේ ඇදහීමට ගෞරවයට පාත්‍ර වූ වෙනත් දෙවි කෙනෙක්‌ නොමැත. ඒ තමන්ගේ පිහිට පතා එතුමන්ගේ පුද බිමට එන ඕනෑම අයෙකුට සිය ආශීර්වාදය නිරතුරුවම ලබාදෙන බැවිනි. ජාති ආගම් කුලභේද වත්පොහොසත්කම් නොසලකා තමන් වෙත එන බැතිමතුන්ගේ හොඳ නරක නොවිමසා සියල්ලන්ට එකසේ පිහිට වන බව මහජනයාගේ විශ්වාසයයි.

කතරගම දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳ මහජනයා තුළ නොයෙක්‌ මති මතාන්තර ඇති අතර හින්දු දේව පුරාණයට අනුව උන්වහන්සේගේ පියා ශිව දෙවියන් බවත් මව පාර්වතී දේවිය බවටත් කියෑවේ.

නම් දහසක්‌ ඇත්තා සේ හැඳින්වෙන කතරගම දෙවිඳුන් සිංහල ජනතාව අතර zzස්‌කන්ධ කුමාරZZ ලෙසත් ද්‍රවිඩ ජනයා අතර zzමුරුගන්ZZ ලෙසත් ඉතාමත් ජනප්‍රියත්වයට හා භක්‌ත්‍යාදරයට පත් දෙවි කෙනෙකි.

ස්‌කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන් පිළිබඳව නොයෙක්‌ ජනශ්‍රැති ජනප්‍රවාද ඓතිහාසික තොරතුරු ඇති අතර එතුමන් කතරගම් පුරවරයේ විසූ ජනනායකයකු බවත් මරණින් පසු දේවත්වයට පත්වූ ශ්‍රී ලාංකික දෙවියකු බවත් දකුණු ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක්‌ සහිත දෙවියකුව සිට පසු කාලීනව ලංකාවට පැමිණ ඇති බවත් කියෑවේ.

ශිව දෙවියන් හෙවත් ඊෂ්වර දෙවිඳුන්ගේ හා පාර්වතී දේවියගේ පුත්‍රයා ලෙස සැලකෙන කඳ කුමරුවන්ගේ සොහොයුරා ගණ දෙවිඳුන් වේ. එතුමන්ට භාර්යාවන් දෙදෙනකු සිටි බව කියෑවෙන අතර එක්‌ බිරිඳක්‌ දමිළ සම්භවයක්‌ ඇති තේවානි අම්මා නමැති දෙවඟන ලෙසත් අනෙක්‌ බිරිඳ ලාංකීය සම්භවයක්‌ ඇති වල්ලි මාතා නම් දෙවඟන ලෙසත් හැඳින්වේ.

මයුර වාහනාරූඪව සිටින ස්‌කන්ධ කුමරුන්ට මුහුණු සයක්‌ හා අත් දොළසක්‌ පිහිටා ඇති බැව් දැක්‌වෙන අතර එම අත් දොළොසෙහි දුන්නක්‌, හීයක්‌, පළිහක්‌, පොතක්‌, කෙටේරියක්‌, අංකුසයක්‌, ත්‍රිශුලයක්‌, කඩුවක්‌, මුගුරක්‌, සංඛයක්‌, තෝමරයක්‌ හා සැවුලෙකුගේ රුව සහිත කොඩියක්‌ දරා සිටින බව කතරගම දෙවිඳු වෙනුවෙන් කෙරෙන කන්නලව්වලදී කියෑවේ.

කඳ කුමරුන් මුහුණු හයක්‌ හා අත් දොළසක්‌ සමග උපත ලැබීමේ හේතුව ෙඓතිහාසික තොරතුරුවල මෙසේ සඳහන් වේ.

ධර්මයත් අධර්මයත් සංකේතවත් වන සුර අසුර යුද්ධය පැවති එකල අධර්මයෙන් අයුක්‌තියෙන් බලය පෙන්වන අසුරයන්ගෙන් සුරයන්ට නිතර මහත් කරදර ගැටලු ඇතිවිය. සුරයින් හෙවත් දෙවියෝ එක්‌ව ඒ සඳහා වහා පියවරක්‌ ගන්නා මෙන් අග්නිට සැළකර සිටියහ. ශිව දෙවියන්ට දාව පුත් කුමරෙක්‌ මෙලොව එළිය දුටුවහොත් ඔහු ලවා අසුරයන් මර්දනය කළ හැකි බව අග්නි දැනසිටියත් දැඩි ව්‍රeත අනුගමනය කරමින් ධ්‍යානගතව තවුස්‌ දම් පුරන ශිව දෙවියන්ව කාමශාපයෙහි බඳවා ගැනීම ඉතාමත් අසීරු කාරණයක්‌ වූයෙන් එය උදාකර ගත හැකි අවස්‌ථාවක්‌ යෙදෙන අයුරු අග්නි විමසිල්ලෙන් පසුවිය.

ශිව දෙවිඳුන්ගේ බිරිඳ වූ පාර්වතී දේවියට සිය ස්‌වාමියා වූ ශිව සමග මොහොතක්‌ හෝ කෙළි දෙළෙන් ගත කිරීමට අවස්‌ථාවක්‌ හිමි නොවූයෙන් දරුඵල අහිමිව පාර්වතිය දැඩි කණස්‌සල්ලෙන් පසුවූවාය. එසේ සිටින අතරතුර අහඹු ලෙස කිසියම් අවස්‌ථාවක සිය ව්‍රeතයන් ගෙන් මිදී ශිව පාර්වතී දේවිය සමග කෙළිදෙලෙන් පසුවන අයුරු අග්නිට දක්‌නට ලැබිණි. ප්‍රේමාලිංගනයෙන් පසුවන ශිව පාර්වතී යුවළට නොපෙනෙන සේ සැඟව බලා සිටි අග්නි පාර්වතී දේවිය ශිව දෙවිඳුන්ගේ ඇකයෙන් මිදීයත්ම පරවියෙකුගේ වෙස්‌ගෙන ශිව වෙත අවුත් ශිවගෙන් ගිලිහුණු ජීව බීජයක්‌ රැගෙන ගංගා නදියට ඉහළින් පියාසර කර එම ජීව බීජය ගංගා නදියට හෙළීමෙන් එකී බීජයෙන් රූමත් කුමරකු මැවී ඇත. එම අවස්‌ථාවේ නදියේ දිය කෙළිමින් සිටි කන්‍යා කුමරියන් සය දෙනෙකු මෙම කුමරුන් දැක ඔහුට අයිතිය පවසමින් කලහකර ඇත. කන්‍යාවන් සය දෙනා තුළම මෙකී කුමරුන් පිළිබඳ ඇති වූ දැඩි ආදරය හේතුවෙන් ඔවුන්ගේ පියයුරු කිරි බරින් පිරී ඇත. සය දෙනකුම කුමරුන්හට කිරි පොවන්නට උත්සාහ කළෙන් එකවර කිරි බීම සඳහා කඳ කුමරුන්ට මුහුණු සයක්‌ හා කිරි මවුවරුන් වැළඳගැනීමට අත් දොළොසක්‌ මැවුන බවත් කියෑවේ.

මේ ආකාරයේ විවිධ මතිමතාන්තර රාශියක්‌ ගෙතී ඇති කතරගම දෙවිඳුන් වර්තමානයේ බොහෝ බැතිමතුන්ගේ වන්දනා මානයට පත්ව ඇත්තේ අසරණ ලෝවැසියන්ගේ දුක්‌ කරදරවලට උන්වහන්සේගේ සුවිශේෂ වූ පිහිට නිරතුරුවම ලැබීම හේතුවෙනි.

එබැවින් තමන් හමුවේ පැන නගින යක්‍ෂ, භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්‌ඩ යන අමනුෂ්‍යයන්ගෙන් වන්නා වූ උවදුරුද පෙර අකුසල් නිසා විඳින්නට වන උවදුරු හා කර්ම රෝග ග්‍රහ දොස්‌ ආදිය සමනය කර ගැනීම සඳහා බුද්ධ භක්‌තිය හා දේව ගෞරවය පෙරදැරිව කටයුතු කිරීමෙන් කතරගම දෙවිඳුන්ගේ පිහිට ආරක්‍ෂාව සැමට හිමිවනු ඇත.

උන්වහන්සේගේ පිහිට අයෑදින ඔබ පිsරිසිදු සිත් ඇත්තෙකු වීම හා පිහිට යදින දිනයේ පමණක්‌වත් නිර්මාංශ වීම ඉතා වැදගත්ය. නිවසේ, පන්සලේ කෝවිලේ හෝ ස්‌කන්ධ කුමාරයාණන් යෑදීමට සැරසෙන ඔබ උන්වහන්සේ උදෙසා රතුමල් සුවඳදුම් තලතෙල් හා අබතෙල් පහන් පූජා කර කරණීය මෙත්ත සූත්‍රය හා දේව ස්‌තෝත්‍ර ගායනා කොට පිංදීමේ ගාථා කියා පිං අනුමෝදන් කිරීමෙන් පසු පහත දැක්‌වෙන කන්නලව් තුළින් දෙවියන් වෙත සමීපවී පිහිට ආරක්‍ෂාව ලබාගත හැක. ස්‌කන්ධ කුමාරයාණන් බැල්ම හෙළන වේලාවන් ලෙස දැක්‌වෙන පෙ. ව. 10.28 - 11-12 හා පෙ. ව. 11.15 - 13.00 දක්‌වා කාලයත් රාත්‍රී 10.48 - 11.12 හා 11.15-11.30 අතර කාලය මේ සඳහා ඉතා සුබය.


කන්නලව්වට පෙර 
ආරාධනා ස්‌තෝත්‍රය

කාච රාග්‍ර ගාමන්තර වාසභවන නිත්‍යං

ශ්‍රී ඝන ශාසන සං රක්‍ෂණ ලංකාදීපං

මයුර වාහනාරූඪ කන්ද දේව රාජං

ශ්‍රී විරාජ මාන පුෂ්ප ආසනං ප්‍රවිශ්ඨං



දීප දූප ගන්ධපුෂ්ප - තාම්බුලාදි වන්දනම්

ධ්‍යාන හෝම දාන යාච - නාදිකර්ම සේවිතං

පූජයාමි වාර වාර - සෞඛ්‍ය ලාභ හේතුජං

ස්‌කන්ධ දේව රාජ පාද පද්මකං නමෝ තදා



ද්වාදශෛර්ය ගුණෝපලක්‌ ෂිතත් ගෘහිත මායුධං

ස්‌වර්ණ වර්ණ කෝ මයුර වාහනාහි රූඪපං

තුංග දේහ ස්‌වර්ණතාමු මිශ්‍රවර්ණ කොජවලං

තං කුමාර දේව රාජ පාද පත්ම තංනමෝ





පිහිට අයදින සෙත් කවි

කදිර පුරවරෙහිය

වෙසෙන දෙවි කඳ කුමරුය

මෙලකට බල වැඩිය

උමා මෙහෙසුරු දෙවිගෙ

පුතණුය



දුක්‌ විපත් විඳිනා

හැම සත දුකින් මුද නා

රෝ දුක්‌ දුරලනා

කතරගම දෙව් වඳිමි බැතිනා



අත් දොළසකින් නේ

කොන්තායුධ දරන්නේ

මුහුණු සයකින්නේ

කදිර සුරිඳුගෙ තෙද පෙනෙන්නේ



දිවා රෑ නොහැරා

කරන පුද කෙළි පත රා

දනගෙ දුක දුරැරා

හරින දෙවියෙකි ඔබ නොවිතරා



උපන් පින් බලයෙන්

හපන්කම් ඇති බෙහෙවින්

මෙවන් කඳසුරිඳුනි

ඔබෙන් පිහිටක්‌ පතමි බැතියෙනි



කතරගම දෙවියන්ට කරන කන්නලව්ව

කුඩා කතරගමට මහා කතරගමට, සෙල්ලන්දූවට, මඩංදූවට, මැණික්‌ ගංගාවට, කිරිවෙහෙරට, වැඩසිටිකන්දට මුහුද මැද්දේ ත්‍රිත්ව කෝවිලට, කළුවවිල කොට්‌ටියාරාමයට මුන්නේශ්වරම් දේවාලයට, රුහුණු පස්‌පත්තුවට රණමයුර වාහනයට ලේනදූවට මුතු පංතියට වලවේ ගංගාවට සෙල්ල කතරගමට මහා දේවාලයට යහතින් බැල්ම හෙලන්නා වූ 

ශ්‍රී බලධාරි වූ රුහුණු පුරයට අරක්‌ගත්තා වූ මුහුණු සයක්‌ අත්දොළොසක්‌ ඇති රණ මයුර වාහනය කොට සිටින්නා වූ නා නා ප්‍රකාර ආයුධ දොළොසක්‌ දරා රක්‌ත වර්ණ ශ්‍රී දේහයකින් බබළන්නා වූ තෙදබල ඇති ඔබ වහන්සේට මා විසින් කියා සිටින දුක්‌බර කාරණය ඔබවහන්සේගේ දිව්‍ය කන්වලට ඇසී දිව්‍ය නෙත්වලට පෙනී මා ගැන අනුකම්පා කොට සහනය උදා කරදෙන සේක්‌වා·



පිං දෙන ගාථා

කාචරේ දේව ගෝවින්දං 

පාලෙන්තු ලෝක ශාසනං

ඒතේ දේවානුභාවේන

කන්දස්‌වාමි නමෝ නමඃ



ද්ව දස නයන හස්‌තං 

බ්‍රාජිතෝ රක්‌ත වස්‌ත්‍රං 

ග්‍රහ අර්ථ යසස්‌ ධී

ශංඛ කුන්තා යුධං තං



උදිත මයුර වාහනං

තේජනා දික්‌ෂ තුල්‍යං 

පුවර කදිර නීතං

දේව රාජං නමාමී



කඳ කුමර සුරින්දා

ජීවයෙ පිහිට රන්දා

සතට සුව බන්දා

දුන් සෙනේහය නිබන්දා

සිහිකර මන නන්දා

අත් නළල් හිම බන්දා

වැතිර තුති පළන්දා

පිං පුරමි වන්ද වන්දා



සළානනෝ මහා දේවා

බලෝ මයුර වාහනෝ

දේවින්දෝ කාචර ගාමේ

ඉමං පුඤ්ඤානු මෝදතු

දේශමාන්‍ය - දේශබන්ධු 
රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments