හූනියම් සත්තයි

විද්‍යාවන් අතරින් ගුප්ත විද්‍යාවට අයත් මන්තර විද්‍යාවේ කම_යන් අටක්‌ ඇත. ඉන් එකක්‌ මාරක කම_යයි. මැරීම, වැනසීම, භූමිය, නිවස, ව්‍යාපාරික ස්‌ථාන පාළුවට කරන භූමි පාළු ආදිය එයට අයත් වේ.මෙම හූනියන් කොඩිවිනවලට අයත් ගුරුකම් කීපයක්‌ මෙසේය. තඹ සල්ලියේ නම ලියා මතුරා පන්නවා ගිනිකරන විට දැවිල්ල හැදෙන, තලතෙල් මතුරා දකුණු කලවට අත තැබීමෙන් කොරවීමේ කලවා බන්ධන, තඹ සල්ලියේ නම ලියා පස්‌මළුවේ හිරකර මතුරා වරා ගහේ බැඳීමෙන් බඩයැම, කැක්‌කුම හැදීම, තඹ පතේ නම ලියා මතුරා උඩින් පන්නා බට දණ්‌ඩේ හිරකර දුම්මැස්‌සේ එල්ලීමෙන් දුම් වදින, වදින වේලාවේ ලෙඩ අඩුවීම. වැඩිවීම, හොඬල අලේ රූපය කපා කුකුල් ලේ වලින් නම් ලියා මඩේ ඔබා දැමීමෙන් ලෙඩවී, අලය කුණුවනවිට මරුමුවට පත්වීම, දිවිකදුරු පොත්තේ රූපය කුකුළු ලෙයින් ඇඳ මිනී කටුවේ තබා පුළුටු පහෙන් බැද උඩින් පන්නා සොහොන් වැලලූ මලමිනියේ හිසට උඩින් වැලලීමෙන් තුංදොස්‌. පිස්‌සු, හැදී සීසීකඩ රෙදි නැතුව දුවයි. 

කන්‍යා නූල් නවපට ගෙන නම් ගැටළුවලට හිර කිරීමෙන් ලෙඩ සුව නොවීමටද, මැටි එරඬු ඇට තුන ගෙන සොහොනේ මතුරා එකක්‌ සොහොනේද, අනිත් දෙක ගෙදර සහ තුන්මංසලේද වල දැමීමෙන් ගහ පැලවී කොල ඉදෙනවිට ලෙඩවීමෙන් කොල වැටී ගහ මැරුණ විට ලෙඩා මැරෙන බවත්, සොහොන්ගල් තුනට මතුරා නිවසට උඩින් විසිකර නිරුවතින් හූ තුනක්‌ කියා රෑ 12 ට දෙහි ගෙඩියේ නම ලියා ගෙට උඩින් විසිකළොත් එම නිවසේ ගැටිස්‌සියක්‌ හෝ තරුණයන්ගේ විවාහද ප්‍රමාදවී ගෙටම නාකිවෙයි. මේ ආදී මහා භයානක පාපීගත හූනියන් රැසක්‌ ඇත.

මේ සියල්ලන්ගෙන් කොඩිවින වදින්නේ එයට බන්ධනය කර ඇති පුද්ගලයාටයි. එහෙත් එම ස්‌ථානයේ හීන ග්‍රහ බල ඇති අය සිටීනම් ඔවුනටද වදී. සූනියමේ දුර්විපාකයන් ස්‌වල්ප වශයෙන් වදී. ඒ නිසා සූනියන් කැප්පවීම හා කැපීම බලවත් ශාන්තිකම_යකි.

භූමි පාළුවට අයත් කොඩිවිනයක්‌ යම් දෘෂ්ඨියක්‌ අනුව අදාළ මාරණ තන්ත්‍රීය මන්තරයකින් ජපකර යම් ස්‌ථානයකට දැමීම, වැළලීම නැතිනම් ඒ භූමියේ වැලි, පස්‌, ගල්කැට ගස්‌වල පොතු රැගෙන මතුරා පාළුවලවල්වල, ලිං, සොහොන්වලට දැමීම, වැළලීම හූනියමකි. මේ බන්ධනයක්‌ ස්‌ථානයක පැය 37 ක්‌ තිබුණහොත් එය වදී. මේවා මුහුදට දැම්මත්, ගඟේ, ඔයේ දැමුවත් සැතපුම් ගාණක්‌ ඈතට දැමුවත් එහි නාශක ශක්‌තිය මේ ස්‌ථානයටත්, ව්‍යාපාරික හෝ කඩ සාප්පුවක්‌ නම් එහිද දිෂ්ඨිය බන්ධන වී එහි ර¹ පවතින බවත් ඒ ස්‌ථානයට පැමිණෙන කොයි කාටත් එහි විශ අංශුවක්‌වත් බලපාති. ඒ විනයට අසුවී හිරවේ. කොඩිවිනයකින් ඇතිවන විනාශදායක තත්ත්වය හා ශක්‌තිය ඒ විනයේ වර්ගය හාජනය අනුව පස්‌ අවුරුද්දේ සිට තුන්සිය විසි අවුරුද්දක්‌ දක්‌වාම පවතී. සමහර කොඩිවින පරම්පරා හතකටමත් ඉන් දීර්ඝවත් බලපායි. එපමණක්‌ම නොව කොඩිවිනය වැදුණු ඉඩමට දකුණු පසද, වම් පසද, ඉදිරිපිටද පසු දිශාවන්වල පිහිටි ගෙවල් හතටද එහි වසන අයටත් එහි අනිෂ්ඨ විපාක හිරිහැර කරදර බාධක පූර්ණ වශයෙන්ම නොවූවත් මද වශයෙන් හෝ බලපායි. සමහරවිට කරවන අයටත් ඔහුගේ සිය පවුලටම වැදී විනාශ වේ.

"ධර්මසිරි ධනවතෙකි. ඉඩම් හිමි ව්‍යපාරිකයෙකි. ඔහුට විශාල තට්‌ටු ගෙයක්‌ හදා ගැනීමට සිත්වී ගෙය ඉදිකිරීමට බලාපොරොත්තු කොටසේ ටකරන් හා දිරාගිය බිත්තිවලින් යුත් පැරණි ගෙයක ඔහුගේ වත්ත හැම දෙයක්‌ම බලා කියා ගන්නා මුරකරු හා ඔහුගේ අඹුවත්, දරුවන් 11 දෙනාත් ජීවත් වුණේ මේ නිවසේය. ධර්මසිරි තමා හදන නිවසට මේ ගෙදර ඉදිරියෙන් ඇති නිසා අවලක්‌ෂණයක්‌ ඇතිවේ යයි හිතා ඔහුත් ඔහුගේ භාර්යාවත් ඔවුනට ඒ ගෙදරින් ඉවත්ව යන්න කියා ඇවටිලි හා කරදර කළේය. ඉතාම දුගීව සිටි ඔහුට යැමට තැනක්‌ නැති නිසා දුකින් එහිම පදිංචිවී සිටියේය. ධර්මසිරිත් ඇගේ නෝනත් දෙන්නා කථා වී මොවුන් පළවා හැරීමට බලගතු කොඩිවිනයක්‌ කර ගෙට උඩින් විසිකර ඒ ගෙදර ඉදිරිපස වලලා දැම්මේය. එසේ දමා, ඇදුරා තුන්මසකින් ඔවුන් යන බව පැවසූ නිසා ධම_සිරි ඔහුගේ නිවසහි වැඩ පටන් ගැනීමට මුල්ගල තබා බිත්තිද නංවා දැමුවා පමණි. ඔහු පුටුව පල්ලේ ඇද වැටී අංශභාග රෝගය වැළඳී කකුළක්‌ කොරවී ඔත්පල විය. ඔහුගේ අඹුවට මල් පෝච්චිය කකුල මත වැටී කැපීමෙන් වූ තුවාලය දියවැඩියාව නිසා කුණුවී සුව නොවී කලවෙන් පහල කොටස කපා ඉවත්කර දැමීය. පවුලේ ලස්‌සනම වැඩිමල් දුව තම කුලයට ගනයට නොහොබිනා සල්ලාලයකු සමඟ පැන ගියේය.

තිබුණු වාහන ව්‍යාපාර දිනෙන් දිනම පහතට වැටී බංකොලොත් වීය. නිවසේ වැඩ වසර 20 ක්‌ ගතව ඇතත් එය දැන් පාළුවට ගොස්‌ය. ඔහු පලවා හරින්ට හූනියම් කළ අප්පුවා අයියාත් ඔහුගේ භාර්යාවත් දෙදෙනාම ඔවුන්ගේ අත්වැල්, කැන්වැල් දණ්‌ඩ අල්ලා කැඳ බත් උයාදී උපකාර කරන්නේ මතු භවේදී පිං තකා වෙන්නැති. ඒ පිං බලයෙන් මෙලොවදීම ඔහුට ධම_සිරි මහතා ඔහුගේ තම නිරවුල් අක්‌කර භාගයක ප්‍රමාණයක්‌ ඔප්පුවකින් අත්සන්කොට භාරදුන්නේය. ව්‍යාපාරික ධම_සිරිත් ඔහුගේ නෝනාත් මිය ගියාය. අප්පුවා අයියාට අද ටකරන් වැසූ දිරාගිය බිත්ති ඇති නිවසක්‌ නැත. ඔහු දෙමහල් ගෙයක උඩ තට්‌ට්‌ටුවේ හැමදා බුදුන් වඳිමින් ධම_සිරි මුදලාලිටත් ඔහුගේ නොන්නාටත් පිං දෙමින් යහතින් ජීවත් වෙයි. මේ නිසා හූනියම් කිරීම හි පලවිපාක වැරැදුනොත් වරිගෙම නසයි යන්න සිහි තබා ගැනීම මෙයින් අප උගත යුතුයි.

එනිසා කොඩිවින කරන්ට අනුබල දෙන, කරන අය මේ භයානක විස්‌තර නොදැන කරවයි. කරයි. එය තමාටත් වදින බව කිසිසේත්ම නොදනී. කොඩිවිනයක්‌ කරවන හෝ කරන කිසිම අයකුට දෙවියන් පිට පිටම ආත්ම තුනක්‌ දඬුවම් පමුණුවයි. කම_ශක්‌තිය අනුව මේ ආත්මයේදී දෙවියන්ට දඬුවම්දීමට නොහැකි වුවද ඊළඟ ආත්මයේදී දෙවියෝ ඔහුට දඬුවම් කරනවාමයි. එයින් මුදවා ගැනීමට වැළැක්‌වීමට කිසිම පුන්‍යකර්මයක්‌ හෝ ශාන්ති කර්මයක්‌ ලොවෙහි නැත. එවන් ලොකුම කොඩිවිනයක්‌ කිරීමේ පාපය වන්නේ ඔහු ආනන්තර්ය පාප කම_යකට ලක්‌වීමයි.


මිනී මරණ්‌ඩ උපත කියන්නේ
දැන කළහොත් තම දිවි ගැලවෙන්නේ
නොදැන කළොත් වරිගෙත් නැතිවන්නේ
කළෙන් අපායේ වැටෙයි කියන්නේ


එවන් කොඩිවිනයකින් ආරක්‌ෂා වන්න පෙර ඉසිවරු මන්ත්‍රවේදීට මේ ආරක්‌ෂා විදි දක්‌වා ඇත.

ඉන් එකක්‌ මෙසේ නැකත පාඨක ඔබට තිළිණ කරමි.

මෙහිදී ඔබ තදින් දැනගත යුතුයි. මරණ තන්ත්‍ර වලට අයත් මන්ත්‍රවලින් නිකරුණේ හෝ තරහට අන්‍යයන්ට හූනියන් අපරාධ සහගතව කළොත් තමාට මෙලොවත්, පරලොවත් ඉතාම මහා පාපයක්‌ අත්වන බවත්, සමහරවිට ආපස්‌සට ආපිට තමාටත් තම අඹුදරුවන්ටත් මතු හත්මුතු පරම්පරාවටම වදින බව ද තරයේ සිත් තබා ගත යුතුයි.

එමෙන්ම අප සම්මා සම්බුදු රජාණන් වහන්සේටත්, වසවත්තියා, දෙව්දත්, සුන්දරී වැනි අය සතුරුකම් හා හිරිහැර කළා නම් මටද ඔබටද නැතුවා නොවේ. අපි එයින් මිදීමට සතුරාට මෛත්‍රිය වඩමු, එවැනි කොඩිවින හූනියන්, යක්‌ෂ, ප්‍රේත භූත අමුනුෂ්‍යයන් පලවා හැරීමට හා නොවදින්න මේ දේව බන්ධනයෙන් පාසානම් පස්‌වගය, ත්‍රෙයිලෝක්‍ය විජයාත්‍රං හා බේදුරු කම්මල් වතුරෙන් අඹරා යංත්‍රයද ලියා 3024 වර ජපකර ගේ හතර කොන, යටලීයේ, උළුවස්‌ස උඩ හෝ සුරයක බහා පැළඳීමෙන් පරම්පරා හතකටම කොඩිවින නොවැදී ආරක්‌ෂා වේ.

මන්තරය(- ඕං නමෝ එංති ජාරේ පෝaරුම් තී කට්‌ටුවත්ත ප්‍රතීස්‌වර තට්‌ටු ලොකු නාථ කට්‌ටු ක්‍රෙම සූනියන් කට්‌ටු බන්ද පූට්‌ටු විෂ්ණු කදිර ප්‍රලෝක කට්‌ටු රාජ ස්‌ත්‍රී කට්‌ටු භෛරවානේ ත්‍රී යක්‌ෂ රාක්‌ෂ කට්‌ටු හනුමා අංජදේවි භෛරවා කට්‌ටු සූයH_ චන්ද්‍ර මණ්‌ඩලා කට්‌ටු ත්‍රී කට්‌ටු ශක්‍ර බ්‍රහ්ම මණ්‌ඩලා ත්‍රීස්‌ කට්‌ටු, ඊශ්වර ප්‍රතිස්‌වර මණ්‌ඩලන් කට්‌ටු භූමි භූෂණ කදිර පුර වල්ලි අම්මා ත්‍රීස්‌ කට්‌ටු සව_ යක්‌ෂ, රාක්‌ෂ ශාස්‌ත්‍ර තී පව_ත හත කට්‌ටු නාරා ප්‍රතිරාජං ත්‍රී දිවමිං කට්‌ටු සව_, යක්‌ෂ රාක්‌ෂණී කට්‌ටු පූට්‌ටු නමඃ

මෙවන් බලගතු ආරක්‌ෂාවකින් ඔබේ නිවසේ භූමියේ මස්‌ ඉවීමෙන් කෑමෙන්, හා මාංශයෙන් වැළකී සිටියහොත් මෙහි ඇති සත්‍යතාවය වැටහී ඔබ මවිත වෙයි. පැරණි රජවාසල, රජගෙදර, ඇමැති නිවාස හා ප්‍රභූවරු පෙර දවසේ ඔවුන්ගේ ආරක්‌ෂාවට යහපතට සකසා භාවිතා කල ප්‍රබල දුර්ලභ ගුරුකමක්‌ය.

රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ

No comments:

Post a Comment

Pages