නඩු අසන නඩු විසදන සූනියන්දේව කන්නලව්ව

පස්‌වාන් දහසකට මේ ශ්‍රී ලංකාද්වීපයේ අතුරු සිදුරු නොමැතිව ගම් කොරටු භාරව, සියලු නර සතුන්ගේ පූජාවන්ට දිවස්‌ හෙලා ඒ සියළු සත්ත්වයා හට ශාන්ති දානය සලස්‌වනෘ ශ්‍රීමත් සිද්ධ සූනියන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා වැඳගෙන කියා සිටින කන්නලව්ව නම්, සෘද්ධිමත් මහා බල ඇති සිද්ධ ඔඩ්ඩිස සූනියන් දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස, නීලවර්ණ දේහයකින් හා එසේම තුරග වාහනාරූඪව, ත්‍රිශූලය, ගිණි කබල, වඩිග කටුවක්‌ද එක්‌ අත දරා අතිභයංකර රාක්‌ෂයා අවතාරයක්‌ මවා ගෙන ලේ පොළගෙක්‌ කටින් ගෙන, සිරස, ගෙල අත්, උදරය වටා නා සර්පාභරණයන්ගෙන් ඔප් නැගී යකුන් පිරිවරා ගෙන ගමන් කරණ සිද්ධ බලකාර ගම්භාර සූනියන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, මේ අසරණ මාගේ (මොහුගේ) කන්නලව්ව දිස්‌ටි දිවස්‌ බලා වදාරා නොදැන කළ දැන කළ වරදක්‌ ඇතත් ක්‌ෂමා වී මාගේ අදහස්‌ ඉෂ්ට කරදී වැඩ වදාරණ සේක්‌වාෘ.

පහන් තැබීම - පූජා පැවැත්වීම - 

10.00 සිට 10.24 දක්‌වා මල් පස්‌ වර්ගයයි, අඳුන්, සඳුන්, පඬුරු 7 ක්‌, පොල්තෙල් පහනක්‌, කහදියරය

සූනියන් දේව ස්‌තොත්‍ර

1. ශිව මස්‌තු නමොරාමඃ කන්ද සේනා සමාගමඃ

වඩිග තන්ත්‍ර මණි කණ්‌ඨඃ ඔඩ්ඩි මංගල නමො නමඃ

2. අග්නි බන්ඛස්‌ච හස්‌තෙන - හස්‌තෙන වඩිග කර්ගතෙ මුඛෙන විෂ සර්පේන - ශිර්ෂෙ පංච කේසකේ

3. උදරේ නාග බන්දාමි - නීලොත් තුරග වාහනා 

සූනියන් දේවතා නාම - මයිහන් පාදකේ නමො

4 හේ කග්ග හස්‌ත ධෘත වහ්නි කපාලවාම

හස්‌තාශ්වයාන මණි සොහිත හෘත් ප්‍රදේශ

උඩ්ඩිස දෙව මණි දීප්ත කිරීට ධාරින්

හේනාග භූෂණ දයාං කුරුමාංච රාක්‌ෂ

ක්‍රමය-( සූනියන් දේවතාවුන් වහන්සේගේ පිළිරුවක්‌ ගෙන කිරි ගසක්‌ යට සතර මායිම් කර සුදු වැලි අතුරා පැලක්‌ සාදා පහන් තබා සුවඳ දුම් දී ඉහත සඳහන් ස්‌තොත්‍ර කියා ගුණ සිහිකර කන්නලව් කළ යුතුය.

වෙලේගම්මැද්දේ ශ්‍රී විමලජෝති නාහිමි

Post a Comment

0 Comments