දියුණු වෙන්න කැමති නම් ඊශ්වර උමාස්‌තෝත්‍රය මෙන්න

සශ්‍රීකත්වයට, ධනයට, යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ආදී ත්‍රිවිද්‍යාවට, ආයුර්වේද, ශාස්‌ත්‍රයට, ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවට හා පොළව යට ඇත්තා වූ වස්‌තුවට අධිපතිත්වය දරන්නා වූ ශිව හෙවත් ඊශ්වර දෙවිඳුන්ට ලෞකික දියුණුව උදාකරන්නා වූ දේවාත්මයකි.

ඉන්දියානු සම්භවයක්‌ ඇති දෙවි කෙනෙකු ලෙස ශිව දෙවියන් හැඳින්වූවද රාවණ යුගයේදී ලංකාපුරයත් භාරතයත් ආශ්‍රිතව ධ්‍යාන බල සම්පන්නව පීඩාවට පත් ජනතාවගේ සතුරු කරදර බාධක මර්දනය කරමින් නඩු, අවනඩු විස¹ලමින් යුක්‌තිය සාධාරණය ඉටුකරමින් එකී ජනයාගේ සෙත ශාන්තිය ආරක්‍ෂාව වෙනුවෙන් කැපවෙමින් ජීවත් වූ දෙවිකෙනෙකි.

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය තුළ බැතිමතුන්ගේ ඇදහීමට පාත්‍ර වූ පළමුවන දේවාත්මය වන ශිව දෙවියන්ගේ බලයෙන් සශ්‍රීකත්වයත්වයත් මිනිසුන්ගේ හා සතුන්ගේ බෝවීමත් සිදුවන බව තරයේ විශ්වාස කළ එම වැසියෝ "පශුපති" යන විශේෂිත වූ නාමයෙන්ද උන්වහන්සේව හැඳින්වූහ.

දිවි සමක්‌ හැඳ දිවි සමක්‌ මත හිඳ කෛලාස කූට නම් පර්වතය මත ධ්‍යානයට සමවැදී සිටින ශිවයන්ට නිල්වන් ගෙලක්‌ද ධවල වර්ණ වූ සිරුරක්‌ද ඇත්තේය. ගෙල වටා නාගාභරණයක්‌ පළඳින අතර ආයුධය ලෙස ත්‍රිශූලයත් වාද්‍ය භාණ්‌ඩය ලෙස උඩැක්‌කියත් භාවිත කරයි. තම වාහනය ලෙස වෘෂභයකු තෝරාගෙන ඇති ශිව දෙවිඳුන්ට නෙත් තුනක්‌ ඇති අතර ඉන් එක්‌ නෙතක්‌ නලල මත පිහිටා ඇත. යම් හෙයකින් නලලෙහි වූ නෙත විහිදා බැලුවහොත් එකී බැල්මට හසුවන සියලු දේ විනාශ වී අළු වන බවද කියෑවේ.

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වී ගියද ශිව ඇදහීම දිගින් දිගටම අප රටතුළ සිදුව ඇති අතර ලංකාධීෂ්වර රාවණයන් ශිව දෙවිඳුන්ට දැඩි භක්‌තිමත්ව සමීපව සිටි බවත් ශිවයන් ඔහුට යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ දැනුමද ආයුර්වේද විද්‍යාව ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාව වැනි ශාස්‌ත්‍ර හැදැරීමට අවශ්‍ය වන්නා වූ නැණ, බල, ප්‍රඥ යන ත්‍රිවිධ ශක්‌තීන් නොඅඩුව ලබාදුන් බවද කියෑවේ. අදද දුකට පත් ජනයාට සහනයත් ශක්‌තියත් ආරක්‍ෂාවත් ලෞකික දියුණුවත් නොඅඩුව ලබාදෙන සර්වශූභවාදී දේවාත්මයක්‌ ලෙස ශිව දෙවිඳුන් සකල ලෝකවාසීන්ගේ වන්දනාමානයට පාත්‍ර වන්නේය.

පිහිට අයෑද සිටින්නා වූ ඕනෑම අවස්‌ථාවක තම ආශිර්වාදය නොඅඩුව ලබාදීම ශිව දෙවියන් සතු විශේෂ ගුණාංගයකි. 

ලෞකික දියුණුව බලාපොරොත්තු වන ඔබ තම නිවසේදී හෝ ශිව දෙවියන් වැඩසිටින දෙවොලකදී උන්වහන්සේ වෙනුවෙන් අබතෙල් පහනක්‌, සුදු මල්, සුවඳ දුම්, පැන් වීදුරුවක්‌ පූජාකර වන්දනා මාන කර සුදු හඳුන්, රත් හඳුන්, දේවදාර, හල් දුම්මල, සාම්භ්‍රානි හොඳින් වියළා කුඩුකරගත් සුවඳ ධූපයෙන් දුම් දී පිං අනුමෝදන් කර පහත දැක්‌වෙන නාම ස්‌තෝත්‍රයෙන්ද වන්දනාමාන කර ඊෂ්වර උමා ස්‌තෝත්‍රය දිනපතා උදේ සවස 7 වර බැගින් ගායනා කිරීමෙන් ඔබවෙත පැමිණෙන්නා වූ සියලු දුක්‌ කරදර නිමාකර ගනිමින් නොසිතූ විරූ ධන සම්පත් මෙන්ම සකල සෞභාග්‍යය උදාකර ගනිමින් සතුටින් සහනයෙන් ජීවත් වීමේ භාග්‍යH ඔබ වෙත උදාවනු ඇත.

නාම ස්‌තෝත්‍රය

ඕං ඊශ්වරාය නමඃ
ඕං මහේෂ්වරාය නමඃ
ඕං කෘතෙශ්වරාය නමඃ
ඕං නාථෙශ්වරාය නමඃ
ඕං ශිවාය නමඃ
ඕං අග්නි දේවාය නමඃ
ඕං රුද්‍රාය නමඃ
ඕං ත්‍රිශූල ධරාය නමඃ
ඕං සුදස්‌සනාය නමඃ
ඕං ගංගාධරාය නමඃ
ඕං යන්ත්‍රාය පත්‍යයෙ නමඃ
ඕං මන්ත්‍රාය පත්‍යයෙ නමඃ
ඔං තන්ත්‍රාය පත්‍යයෙ නමඃ
ඕං විශ්වනාථාය නමඃ
ඕං නීල කණ්‌ඨාය නමඃ
ඕං භානුප්‍රියාය නමඃ
ඕං රඝූනාථාය නමඃ
ඕං නේත්‍ර ත්‍රයාය නමඃ
ඕං ගෞරි ප්‍රියාය නමඃ
ඕං වෘෂභ වාහනාය නමඃ
ඕං ගීත ප්‍රියාය නමඃ
ඕං ජටා ධරාය නමඃ
ඕං නෘත්‍ය ප්‍රියාය නමඃ
ඕං ජ්‍යෙdතිර්මයාය නමඃ
ඕං විද්වෙශ්වරාය නමඃ
ඕං පීතා ගණපතයෙ නමඃ
ඕං කෘෂ්ණ මිත්‍රාය නමඃ
ඕං කෛලාස කූඨාධිපත්‍යයෙ නමඃ
ඕං ධ්‍යානධරාය නමඃ
ඕං සුරාසුර වන්දනාය නමඃ
ඕං අධර්ම නශනාය නමඃ
ඕං විශ්ව මූර්ති ඊශ්වරාය නමඃ

ධනය ලබා දෙන ඊශ්වර උමා ස්‌තෝත්‍රය 

නමඃ සර්ව ස්‌වරූපේච - නමඃ කල්‍යාණ දායිකේ
මහා සම්පත් පුදදේවි - ධනදොයෛ නමස්‌තුතෙ
මහභෝග පුදා දේවි - මහා පුපුරිතේ
සුඛ මෝක්‌ෂ පුදේදේවි - ධනදායේ නමස්‌තුතේ
බ්‍රහ්ම රූපේ සාදා නන්දේ - සදානන්ද ස්‌වරූපිනී
ද්‍රැත සිද්ධි පුදේ දේවි - ධනදායේ නමස්‌තුතේ...
උදේත් සූර්ය ප්‍රකාශභේ - උදේ දාතදිත්‍ය මණ්‌ඩලේ 
ශිව තත්ව පුදේදේවි - ධනදායේ නමස්‌තුතේ....
විෂ්ණුරූපේ විශ්වමතේ - විශ්වපාලන කාරිනි
මහ සත්තව ගුණක්‍රාන්තෙ - ධනදායේ නමස්‌තුතේ....
ශිවරූපේ ශිවා නන්දේ - කාරණං නන්ද විග්‍රහේ 
විශ්ව සංහාර රූපේච - ධනදායේ නමස්‌තුතේ...
පංචත්ව ස්‌වරූපේච - පංචාරන සදාරතේ
සාධකා භිෂ්ටදා දේවි - ධනදායේ නමස්‌තුතේ....

ජ්‍යෙdතිෂවේදී - රංජන් සිසිර කුමාර

Post a Comment

0 Comments