පසුගිය කාලයක ඉතාම ජනප්‍රිය වූ මෙම ගීතය අද ද ආදරය කරන්නන් අතර තුඩ තුඩ රැව් දුන් බව ඔබට මතක ඇති. ආදරය ගැනත් ආදරය කරන්නන් ගැනත් මනමෝහනීය ගීතයකින් ජ්‍යෙdතිෂ ලිපියක් ආරම්භ කළේ ඇයිද? ඔබ සිතාවි. එක් අතකින් ජ්‍යෙdතිෂය හා ආදරය වෙනස් කථාන්දර දෙකක් නොවේ. ආදරවන්තයන් එක් කරන්නටත්, වෙන්වූ අඹු සැමියන් එක් කරන්නටත් මෙම ජ්‍යෙdතිෂය ඉතාම උපකාරී වී ඇත. එහෙත් මේ ලිපියේ හරය මෙම ආදර කථා පැවසීම නොව තවත් එක් "ආදරවන්තයකු" ගැන පැහැදිලි කිරීමයි. ආදරයට අධිපති මල්සරා නොහොත් අනංගයා ගැන මෙන්ම "කළු කුමාරයා" ගැනද බොහෝ දෙනා අසා ඇත. මල්සරාට ආදරවන්තයන් ආදරය කරති. අනංගයා මල්හීයෙන් විදිනතුරු යෞවනයේ තරුණ තරුණියන් බලා සිටිති. අනංගයා මල්හීසර රැගෙන එද්දී ඊට බාධා කරන කළු කුමාරයා ආදරවන්තයකු ලෙස මා හැඳින්වුවත් බොහෝ අය ඔහු හඳුන්වන්නේ "කාමුකයකු" ලෙස හෝ විවාහයට බාධා කරන නරුමයකු ලෙසය. පැරැණි පොතපත හා වෙනත් හේතු සාධක මත කළු කුමාරයා එසේ හැඳින් වුවද ඔහු දෙස සානුකම්පිතව බැලීම යුතුකමකි. "කළුකුමාරයා" හඳුනා ගැනීම වැදගත්ය.
අප දන්නා හඳුනන( විෂ්ණු, කතරගම, සමන්, විභිෂණ ආදී දෙවිවරුන් මෙන්ම පත්තිsනි, ලක්‍ෂ්මි, සරස්‌වතී වැනි දෙවඟණන් ගැන ද නොයෙක් දේව කතා හා දේව විශ්වාස ගොඩනැඟී ඇත. අප මෙම දෙවිවරුන්ගෙන් සහ දෙවඟණන්ගෙන් ආධාර උපකාර පතා පුද පඬුරු - මල් පහන් පුදා වතාවත් ඉටු කරමු. එසේම ඊරියකා- මහසෝනා- අලව් වැනි යක්‍ෂයන්ට බිය වී උන්ට බිලිපූජා දොළ පිදේනි දී උන්ගෙන් ගැලවෙන්නට නොයෙක් වතාවත්a පවත්වමු. එසේම දෙබිඩි චරිත ඇත. කාලි - ගැනද (කාලි දෙවඟණ විටෙක කාලියක්‍ෂණි) මෙන්ම කඩවර යක්‍ෂයා හෝ කඩවර අප්පච්චි හෝ කඩවර දෙවියන් ගැන ඇත්තේ දේවත්වයක් සහ අමනුෂ්‍ය (යක්‍ෂ) බියක්. දෙවියන්ට ගෞරවයක්, යක්‍ෂ යක්‍ෂණියන්ට බියක් අප තුළ ර¹ පවතී. එහෙත් මේ චරිතවලට වඩා "කළු කුමාරයා" වෙනස් චරිතයකි. කළු කුමාරයාට දේවත්වයක් නැත. ඉතාම කලාතුරකින් "කළු කුමාර යක්‍ෂයා" ලෙස හැඳින් වුවද සෑමවිටම වාගේ හඳුන්වන්නේ "කළු කුමාරයා" කියාය. (මිනිස් ලොවේද බස් නැවතුම්පල ආදියේ කළු කුමාරයන් දැක්‌මට ඇත.) මේ නිසාම කළු කුමාරයා ගැන අනෙක් අය දකින ලෙසින් නොව ඔහු ගැන සුභවාදීව දක්‌නට මේ ලිපිය උපකාරී වේ යෑයි සිතමි. දෙවියන්ගෙන් උපකාර පතා අප පුද පූජා පැවැත්වුවද ඒ පුද පූජා වරදවා ගතහොත් "කට වරදවා ගතහොත්" දෙවියන්ගෙන් පවා ශාපයක් ඇති වේ. "දෙවියන්ගේ ලෙඩ" ලෙස හැඳින්වෙන්නේ ද දෙවියන් කෝප වූ අවස්‌ථාවල බව දනිමු. එහෙත් මා දකින්නේ කළු කුමාරයා සුන්දර පෙම්වතෙකු ලෙසිනි.
කරඬුමාන දේවියට හා විජිත රජුට දාව මහා සාගරය මැද රන් මාළිගාවක උපත ලද කළු කුමාරයා වෘෂභ රාජයකු පිටනැගී ගමනේ යති. ඔහුගේ හිසේ දිලිසෙන රන් ඔටුන්නක් ඇත. සුදු ඇඳුමක් හැඳ දිගු වරලස මුදා දමා යගදාවක් අත දරා ජීවත් වේ. මේ කළු කුමාරයා පාලු සොහොන්, ළිංතොට, ගංතොට, හුදකලා තැන්වල ජීවත් වී තනිවූ කළු කෙල්ලන්ට බැල්ම හෙලන බව පොතපතේ සඳහන් වේ. මොහුගේ විශේෂත්වය නම් ආදරය සඳහා තෝරා ගන්නේ "කළු කෙල්ලක්" පමණි. ඒ නිසා කළු කුමාරයා "සුදු" කෙල්ලන්ට අපල නොකරත්. පිරිමින්ටද ඔහුගෙන් කරදරයක් නැත. සෑම කළු කෙල්ලකටම නොව "තෝරාගත් කළු කෙල්ලන්ට" ඔහුගේ බැල්ම වැටේ. එසේ නම් මේ "තෝරාගත් කළු කෙල්ල" ඔබ විය හැකිද? කළු කුමාරයා කළු කෙල්ල තෝර ගන්නේ මා ඉහත කී පාළු තැන්වලදීය. ඒ පොතපතේ සඳහන් පරිදිය. එහෙත් සමාජය ඊට වඩා වෙනස්‌ය. ඔහුට අවශ්‍ය නම් මේ කළු කෙල්ල කොළඹ හතේ කුරුඳුවත්ත පැත්තෙන් වුවද තෝරාගත හැක. පාළු අඳුරු තැන්වලදී පමණක් නොව ඔහුව "තනි වූ" ඕනෑම යුවතියක ඕනෑම ප්‍රදේශයකදී තෝරාගෙන "විවාහ කරගත හැක". සත් සාගරය තරණය කර පැමිණ ඇති නිසා ඔහුට පාළුව මකා ගන්නට "ඕනෑම ප්‍රදේශයක" ජීවත් වන යුවතියක පාවාගත හැක. මෙතැනදී බොහෝ විට කියෑවෙන්නේ කළු කුමාරයා බැල්ම හෙලනුයේ දැරියක මල්වර වන අවස්‌ථාව තෝරාගෙනය. දැරියක මල්වර වන අවස්‌ථාවේ ඇය තනි වූ විට ඇතිවන "තනිකම් දෝෂය" ලෙස හඳුන්වන්නේ කළු කුමාරයාගේ බැල්ම වැටීමය. එය එසේ නම් කළු කුමාර බැල්මෙන් දැරියන් බේරා ගැනීම දෙමාපියන්ගේ වගකීමයි. තමාගේ දරුවාට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්නට නිරෝගී දරුවකු කරන්නට හා නොයෙක් වගකීම්, යුතුකම් ඉටු කරන්නට දෙමාපියන් ඇප කැප වී කටයුතු කරන බව සත්‍යයකි. දරුවා "ලොකු මිනිසකු" හෝ "හොඳ මිනිසකු" කිරීම දෙමාපිය බැඳීමේ තරමටම සිදුවේ. එසේම තම දියණිය විවාහයක් කර දෙනතුරු ඇගේ ආරක්‍ෂාවට නොයෙක් තහංචි දැමීමටත් වැටකඩොළු බඳින්නටත් අද සිදුවේ. එහෙත් "කළු කුමාරයාගෙන්" බේරා ගැනීමට මල්වර වන දියණියගේ දෙමාපියන් වග බලා ගත්තේ නම් ඒ දෝෂය නැති කර ගත හැක. දියණිය වැඩිවිය පත්වන අවස්‌ථාවේ "තනි වූ" නිසා කළු කුමාර දෝෂය ඇති වූයේ නම් ඇයව "තනි" නොකිරීම දෙමාපියන්ගේ වගකීමයි. මල්වරවන අවස්‌ථාව හෝ දිනය දෙමාපියනට කීමට නොහැකි වුවත් "මල්වරවන වයස" හඳුනාගත හැක. දැරියකගේ ශාරීරික වෙනස්‌වීම් ගතිගුණවල වෙනස්‌වීම් මෙන්ම පොදුවේ වැඩිවිය පත්වන කාලය "අම්මලා" හොඳ හැටි දනී. එසේනම් ඒ කාලය තුළදී තමාගේ දියණිය තනි නොකිරීමට දෙමාපියන් වග බලා ගත යුතුය. ඇයගේ තනියට අම්මා හෝ වැඩිමහල් සොයුරියක හෝ යෙහෙළියක නිරන්තරව ළඟ ඉන්නේ නම් ඇය තනි නොවේ. එවිට කළු කුමාර බැල්මද ඇති නොවේ.
මේ කළු කුමාරයාගේ බැල්ම නිසා සිදුවන ප්‍රධානම දෝෂයන් දෙකකි. එකක්‌ම නම් තරුණියකට විවාහ වීමට ඉඩ නොදීමයි. දෙවැන්න දරුවන් ලබා නොදීමයි. මේ අවස්‌ථා දෙකම එකසේ පීඩාකාරීවේ. දැරියකු මනාලියකු වී නිවසට සතුට උදාකරන දවස දෙමාපියනට මෙන්ම යෞවනියගේ ද පැතුමයි. එහෙත් යෞවනියට විවාහ වීමට නොදේ නම් අවුරුදු ගණන් විවාහය පමා කරන්නේ නම් කොතරම් ගැටලුවක් ද? කළු කුමාරයාගේ බැල්මට ලක් වූ කළු කෙල්ලන්ට කළු කුමාරයා උපරිමයෙන් ආදරය කරති. "රොමියෝ ජුලියට්" මෙන් මැරෙන තුරාවට පෙම්කරති. ඇයට ඇති උපරිම වින්දනය ලබාදෙයි.
අනෙක් අය මෙන් නොව මා දකින වෙනස නම් කළු කුමාරයා තමා පෙම්බැඳි තරුණියට "උපරිමයෙන්" පෙම් බැඳීමයි. ඇය වෙනත් අයෙකුගේ අත ගන්නවාට අකැමැතියි. ඒ නිසා ඇයට නින්දේදී ලබාදිය හැකි උපරිම වින්දනය ඔහු ලබාදෙයි. දිගු හිසකෙස් ඇතිව නළ දත් සහිත රූපයකින් කළු කුමාරයා පෙන්වා දුන්නද ඔහු කිsසිදු විටෙක තරුණියක් වෙත එම ස්‌වරූපයෙන් පැමිණි බව සඳහන් නොවේ. අවිවාහක කාන්තාවන් වෙත ඇගේ පෙම්වතා ලෙසිනුත් විවාහක ස්‌ත්‍රියක වෙත ඇගේ සැමියාගේ වේෂයෙනුත් පැමිණෙන බව පැවැසේ. ඒ නිසා කළු කුමාරයාගේ "යහන්ගත වීම" ස්‌ත්‍රීය දකින්නේ ඇගේ පෙම්වතා හෝ සැමියා සමඟ යහන්ගත වීමක් ලෙසය. එහිදි කළු කුමාරයා ඇයට ලිංගික වින්දනය මෙන් රසභෝජන සංග්‍රහයක් ද ලබා දෙයි. ඒ නිසා පසුදින එම ස්‌ත්‍රිය "බඩේ අමාරු යෑයි" පවසා ආහාර පාන ගැනීම පවා ප්‍රතික්‍ෂේප කරයි. ඒ සිහිනෙන් ඇය ඇති තරම් ආහාර අනුභව කළ නිසාත් එක්‌වරක් නොව කිහිපවරක්‌ම ලිංගික ක්‍රියාවලියේ යෙදී වෙහෙස වී ඇති නිසාත්ය. මේ සිදුවීම ස්‌ත්‍රිය කිසිවිටෙක දෙමාපියනට හෝ සැමියාට පවසන්නේ නැත. ඇතැම් විට එය ඇයගේ නොදන්නාකම හෝ ලැඡ්ජාව නිසා විය හැක. මේ "රහස" නිසාම ඇය දිනෙන් දින රෝගී වීමෙන් වෛද්‍යවරුන් සොයා යැමටත්, එහෙත් වෛද්‍ය ප්‍රතිකාරවලින් රෝගය සුවනොවීමත් නිසා අසහනයටත් ඇතැම්විට "මානසික රෝගී" බවටත් පත්වීමට ඉඩ ඇත. මේ රහස සඟවා ගැනීම කාන්තාවන් ගන්නා උත්සාහය වෙනස් කොට "රහස" කාට හෝ පවසන්නේ නම් ඊට පිළියම් සොයාගත හැක. දක්‍ෂ ජ්‍යෙdතිෂ මහතෙකුට මෙවන් ස්‌ත්‍රීය සමග සාකච්ඡා කිරීමේදී රෝගී නිධානය සොයාගෙන ඊට පිළියම් යෙදිය හැක.
කළු කුමාර බැල්මෙන් බේරෙන්නට අවශ්‍යනම් එය එතරම් අපහසු නැත. මුලින් කිව්වාක්a මෙන් "මල්වර වියේදී" ආරක්‍ෂා කිරීම එක් කරුණකි. දෙවැන්න වැඩිවිය පත් වූ දැරියන් සහ කාන්තාවන් "රතු" "කළු" ඇඳුම්වලින් හැකිතාක් ඉවත්වීම සුදුසුය. එසේම නින්දට පෙර ආගමානුකූලව වතාවත්වල යෙදීම වැදගත්ය. නිදන්නට පෙර ගීතයක් ඇසීම හොඳ නින්දකට බෙහෙතක් වුවත්. නින්දට පෙර පන්සිල් ගෙන තෙරුවන් නැමද පිරිත් තුන් සූත්‍රය පමණක් වත් කියා නින්දට යැමෙන් මේ දෝෂ අඩු කර ගත හැක. නිදන කාමරයේ දේවරූප බුද්ධරූප තැබීම නුසුදුසු වුවත් බැති සිතින් නිදන්නට යන්න. හැකි සෑම විටකම අම්මා හෝ තවත් හොඳ කාන්තාවක් සමග නිදන්නට යන්න. කාමරයේ සුදු ලූනු ගෙඩි කිහිපයක් එල්ලා තබන්න. කළු කුමාර දෝෂය ඇති වූ විට විවාහ ප්‍රමාද වීම්, දරුඵල පමාවීම් පමණක් නොව ඇතැම් විට උන්මාදය වැනි රෝග වැළඳීමත්, අවසානයේ මරණය පවා සිදුවීමටත් ඉඩ ඇත. ඒ නිසා කළුකුමාර දෝෂ ඇති වීම වළක්‌වා ගැනීමටත්, ඇතිවූ කාන්තාවන් එය හැකි ඉක්‌මනින් සුවකර ගැනීමත් වැදගත්ය. විවාහක ස්‌ත්‍රියකට තම ස්‌වාමියාගෙන් ලැබෙන සුවයට වඩා සුවයක් නින්දේදී ලැබෙන නිසා විවාහයන් බිඳ වැටීමටත් ඉඩ ඇත. ඒ නිසා "කල් නොමරා" ප්‍රතිකාර ලබාගැනීමත් මෙම රෝගී තත්ත්වය ඉතා ඉක්‌මනින් තමාගේ දෙමාපියනට හෝ ස්‌වාමියාට පවසා සිටීමත් වැදගත්ය. කළු කුමාර දෝෂය ඉවත් කිරීම ඉතා පහසුවේ. එය රෝගියාටත් කළු කුමාරයාටත් වේදනාවක් නොදී සිදු කිරීම වැදගත්ය. බොහෝ අය සිදු කරන්නේ මේ දෝෂ ඇති කරන කළුකුමාරයා ගැට ගසා මුහුදට දැමීම හෝ පුළුස්‌සා දැමීමය. එය සිදු කිරීම එතරම් සුබ නැත. උදාහරණයක් ලෙස මුහුදට දැමුවා යෑයි සිතන කළුකුමාරයා නැවත පැමිණියහොත් සිදුවන හානිය ඉතා බිහිසුණුය. ඒ නිසා සිදු කළ යුත්තේ කළු කුමරාට ඉහළින් සළකා ඔහුගේ ප්‍රියමනාප ආහාරපාන ඇඳුම් පැළඳුම් ලබාදී සතුටුකොට "හොඳ හිතින්" වෙන්වීමයි. පහත සඳහන් මන්ත්‍රය මගින් කළු කුමාර දෝෂය ඉවත් කිරීම පහසුය. දක්‍ෂ ගුප්ත විද්‍යා උගතෙකු ළවා එය කරවාගත හැක. ඕං නමෝ අෂ්ඨ බන්ධ බහිරවා ඊශ්වර ඊශ්වර බහිරවා විෂ්ණු විෂ්ණු බහිරවා කන්ද කුමාර බහිරවා නාග නාග කුමාරයා කන්ද කළුකුමාර දේවතාවා නාග පාසාවෙන්බන්ද බන්ද ඒස්‌වාහඃ
කළු කුමාරයාට අවශ්‍ය පුද පූජා අවසානයේ මෙම මන්ත්‍රයෙන් හත්වරක් නූල්පොට හතකට ගැටහතක් ගසා කාන්තාවගේ ඉණ ප්‍රදේශයේ ගැට ගසන්න. කළු කුමාර දෝෂ සුවවේවා.
එස්. වීරරත්න
කොළඹ පාර, පේaරාදෙණිය.
0 Comments